මම මේ පෝස්ට් එක ලියනවද නැද්ද කියලා හිතා ගන්න බැරුවයි හිටියේ . ඒත් අන්තිමට ඕන රෙද්දක් උනාවේ කියලා ලියලා දාන්න හිතුවා. මට මෙහෙම ලියන්න හිතුනේ අද මේ වෙන කොට අපේ රටේ ලොකු සද්දයක් යන නිසා සිංහල ජාතිය සහ ආගම බේර ගන්න ඕන කියලා. මාත් එක්ක කීප දෙනෙක්ම ඕක කිවුවාම මම ඇහුවා කාගෙන්ද බේර ගන්න ඕන චීනාගෙන් වත්ද කියලා. එතකොට සමහර පොරවල් වලට මල පැනලා කිවුවා නෑ තම්බියාගෙන් කියලා. (මාර වැඩේ කියන්නේ බං දැන් අපේ සමහර පොරවල් ඉන්නවා චීනාට මොනවා හරි කියන කොටම මල පන්නවා ගන්න. ඇයි බං උන්ට එහෙම වෙනවා ඇත්තේ). එතකොට මම ඇහුවාම ඒකට අපි මොකක්ද කරන්න ඕන කියලා පොරවල් කිවුවා සිංහල බෞද්ධයා එකමුතු වෙන්න ඕන කියලා. මට ඒ වෙලාවේ ලොකු ප්‍රශ්නයක් ඇති වුනා එතකොට සිංහල ක්‍රිස්තියානි අය එකතු වෙන්න ඕන නැද්ද කියලා. ඒත් මම ඒ ප්‍රශ්නය උන්ගෙන් ඇහුවේ නෑ කන්න වෙයි කියන බයට. ඉස්සර වගේ නෙවෙයිනේ බං දැන්. ඉස්සර නම් දෙතුන් දෙනෙකුගෙන් උනත් කාලා නොවැටී කෙලින් ඉන්න පුලුවන්. දැන් එහෙම නෑ බං. නකුටු බල්ලෙක් ඇවිත් ඇඟේ හැපුනත් මීටර් දෙක තුනක් විසි වෙලා ගිහින් වැටෙනවා බං. අනාත්ම ස්වභාවය බං.ඒ කාලේ ඉස්කෝලේ බුද්ධාගම පාඩමේදී යාපා සර් කියලා දීපු එක දැන් අත් විඳිනවා. බලපංකෝ ඒකෙත් හැටි. සර් කියපු ඒවායින් තව දෙක තුනයි අත් විඳින්න තියෙන්නේ. අර මගේ යාලුවා ආරියසේන ගමගේ මහත්තයා ඒ කාලේ කලා වගේ ඒවාත් කියන්නම්. ඒත් ඉතින් අන්තිමම එක අත් විඳින කොට තියන ආතල් එක නම් මට බොලාට කියන්න බැරි වෙනවා. ඒක බොලාටම විඳලා තමයි දැන ගන්න වෙන්නේ හොට් හොට්ම. නැවුම් අත් දැකීමක්නේ බං.
(නොදකිං අදත් පිට ගියා). ඉතින් ඒ නිසා මම අර ප්‍රශ්නය අරුන්ගෙන් අහන්න ගියේ නෑ. ඒත් ඒක මගේ හිතේ පැසව පැසව තියෙනවා බං. හරි අමාරුයි පැසවන කොට. තුවාලයක් උනත් පැසෙවුවාම හරි අමාරුයිනේ. ඒ නිසා මම හිතුවා අර පැසවන ඒවා එලියට දාන්න තුවාලයේ සැරව එලියට දානවා වගේ. මට දැන ගන්න ඕන කරන්නේ ජාතිය රැක ගන්න සිංහල අපි මොකක් කරන්න ඕන ද කියලා. මට ඒකට උත්තරයක් දීපල්ලා ප්ලීස්. ඊට පස්සේ මට තියන ප්‍රශ්නේ බුද්ධාගම බේර ගන්නේ කාගෙන්ද කියලා. හින්දු එවුන්ගෙන්ද, ඉස්ලාම් එවුන්ගෙන්ද එහෙමත් නැත්තං ක්‍රිස්තියානි හා කතෝලික එවුන්ගෙන්ද. මොකද මීට අවුරුදු පහලොවකට විස්සකට විතර ඉස්සර ලොකු කතාවක් තිබුනා ක්‍රිස්තියානි පල්ලියෙන් එක එක දේවල් දීලා බුද්ධාගම් කාරයන්ව ඒ ආගමට බඳවා ගන්නවා කියලා. ඒ කියපු හැටියට නම් මේ වෙන කොට රටේ වැඩි හරියක් ක්‍රිස්තියානි කතෝලික වෙන්න ඕන. ඔය මිනුවන්ගොඩ දිවුලපිටිය පැත්තේ අපේ ලඟම නෑයන් ඉන්නවා කතෝලික අය. අපි පොඩි කාලේ බුරුල්ලපිටියේ පල්ලියේ උත්සවය කාලේට එහේ ගිහින් දවස් දෙක තුනක් ඉන්නවා. ඒත් කවුරුවත් බල කලේ නෑ ඒ ආගමට යන්න. අපේ අම්මලා ඒ ගොල්ලන්ට කිවුවෙත් නෑ බුද්ධාගමට එන්න. අපි පොඩි ඈයෝ පල්ලියේ ගීතිකා කියන ඒවා අහන්නත් ගිහින් තියනවා.
මට ඒක කියන කොට ඒ කාලේ අත් විඳපු මාරම සීන් එකක් මතක් වුනා. අපි ගමේ ඉන්න කොට ඩවුන්ලෝඩ් කරන්න තිබුනේ වලකට. ඒක හෙන ගැඹුරයි. ඒ කාලේ එහෙම ගැඹුරට හදලා තියෙන්නේ මැස්සන්ට ගිහින් අර ඩවුන්ලෝඩ් මැටීරියල් අප්ලෝඩ් කරන්න බැරිවෙන්න. ඒ නිසා ඒ කාලයේ අපේ ගෙවල් වල මැසි කරදර තිබුනේ නෑ. ඊට පස්සේ කාලෙක තමයි අර වෝටර් සීල් ඒවා ආවේ. ඉතින් අර වතුරෙන් සීල් වෙලා තියන නිසා මැස්සන්ගෙන් ඩවුන්ලෝඩ් මැටීරියල් ආරක්ෂා වුනා. ඊට පස්සේ මාව ගෙනිහින් නැවැත්තුවා මාතර රාහුල විද්‍යාලයේ හොස්ටල් එකේ. මට එතකොට අවුරුදු අටයි බං. එතන ඩවුන්ලෝඩ් කලාප තිබුනා. ඒවා හරිම වෙනස්. ඩවුන් ලෝඩ් මැටීරියල් එකතු වුනේ බාල්දියකට. හැමදාම උදේට මා.න.ස කියලා ගහපු කරත්තයක මිනිස්සු දෙන්නෙක් .ඇවිත් අරවා අරගෙන යනවා. උන් අරවා එකතු කරන්නේ අතින්. උන්ට කිවුවේ සක්කිලි කියලා ඒ කාලේ ඒවා මාතර ටවුම පුරාම උදේට ටක ටක ගාලා තල්ලු කරගෙන යනවා.
අර මිනුවන්ගොඩ තිබුනෙත් අර වගේ ඩවුන්ලෝඩ් සිස්ටම් එකක් උනත් යටින් බාල්දියක් තිබුනේ නෑ. මුලින්ම දවසේ මම එහේ හිටපු අපේ මාමාට කිවුවා බාල්දියක් නෑ කියලා. එය කිවුවා කමක් නෑ පුතේ ඩවුන්ලෝඩ් කරලා ඉවර වෙලා අර එතන තියන ලී කුඩු බාල්දියෙන් කුඩු ටිකක් අරගෙන අරවා උඩට දාලා එන්න කියලා. මමත් ඉතින් එහෙම කරලා ඩවුන්ලෝඩ් කරපු පොර්ට් එක හෝදන කොට යටින් ඇහුනා බ්ලෝග් බ්ලෝග් කියලා සද්දයක්. මම බය උනා යම රජ්ජුරුවෝ වත්ද කියලා. නැගිටලා බලන කොට තඩි ඌරෝ දෙන්නෙක් අර මැටීරිඅල් අප්ලෝඩ් කරනවා තරඟෙට. එදා තමයි මම දැන ගත්තේ ඒ පැත්තේ අර මාතර සක්කිලි කරන වැඩේ කරන්නේ ඌරෝ කියලා. හැබැයි වෙනසක් තියනවා. නත්තල් කාලේට උන් ටික ඉවර වෙනවා. ඊට පස්සේ උන්ගේ පොඩි ඈයෝ තමයි සක්කිලි වැඩේ කරන්නේ. ඊට හුඟාක් පස්සේ කාලේක තමයි මම දැන ගත්තේ අර රීසයිකල් කරන ක්‍රමය මිනිස්සු ඉගෙන ගත්තේ මේකෙන් කියලා.
මම මෙතනින් නවතිනවා. ආයිත් ලියන්නේ අර මම අහපු ප්‍රශ්න වලට ලැබෙන උත්තර අනුවයි. සංවාදයකට සුදුසු උත්තර ලැබුනොත් කතාව ඉස්සරහට අරගෙන යමු. නැත්තං ලී කුඩු ටිකක් යහමින් දාලා වහලා දාමු මැස්සන්ට මොනවත් ගෙනියන්න බැරි වෙන්න..

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී