Dr. N.M. Perera - 16.05.2018

මම මෙයට පෙර කිහිප වතාවක් කියා ඇති පරිදි මගේ ජීවිතයේ මා දැක ඇති නියම මුදල් ඇමැති වරයා ආචාර්ය ඇන් ඇම් පෙරේරාය. විදේශ වලින් ණය නොගෙන ආදායම හා වියදම සමතුලිත කල මගේ කාලයේ සිටි එකම මුදල් ඇමැති වරයා ඔහු විය. එකල ලෝක බැංකු අධිපතිව සිටි රොබර්ට් මැක්නමාරා රට දියුණු කිරීමට ලෝක බැංකු ණය දීමට යෝජනා කල විට ඇන් ඇම් පැවැසුවේ ඔවුන්ගේ කොන්දේසි වලට අනුව නොව තමාගේ කොන්දේසි වලට අනුව දෙන්නේ නම් ණය ලබා ගන්නා බවය. එබැවින් 1970 සිට 1975 දක්වා කිසිදු විදේශ ණය ගැනීමකින් තොරව හෙතෙම මුදල් ඇමැති ලෙස තම වග කීම මැනැවින් ඉටු කිරීම නිසා 75 හා 76 අය වැය හිඟය ශුන්‍ය විය. ඩොලරය රු 6 සිට අවුරුදු පහටම වැඩි වූයේ ශත විස්සකිනි. 1975 දී මුදල් ඇමැති කමින් ඔහු ඉතා අකෘතඥ ලෙස සිරිමා විසින් ඉවත් කල පසු 1977 දී ජේ ආර් එන විට ඩොලරය රු 2.30 න් ඉහල ගියේය. අද එය රු 168 ක් වී ඇත.ඇමරිකාවේ සිටි ඉතා කීර්තිමත් පුර වැසියකු හා 1968 සිට 1980 දක්වා ලෝක බැංකු සභාපති වරයා වූ රොබෙර්ට් මැක්නමාරා තනතුරින් සමු ගන්නා විටදී පැවැසුවේ තමාට මෙල්ල කර ගැනීමට නොහැකි වූ ලෝකයේ සිටි එකම මුදල් ඇමැති වරයා එන් එම් බවයි. මෙය ඇසීමට එන් එම් ජීවතුන් අතර නොසිටියද එදා ඒ ඇසූ දෙයින් මගේ දෑසින් කඳුලු වැටෙන්නට විය . ඒ සතුටු කඳුලුද නො එසේ නම් දුක් කඳුලුදැයි මා අදටත් නොදමිනි. 1980 වන විට මා දේශපාලනය තේරුම් ගනිමින් සිටි කාලයයි. 1974 දී ඔහු හමු වීමට ඔහුගේ නිවසට ගිය අප හට ඔහු තම ප්‍රතිපත්ති ගැන කී දේ එදා මෙඩ්ඩන් පමණක් වූ අපේ බුද්ධියට ගෝචර වූයේ නැත.
එන් එම් ගෙන් පසු මෙරට සිටියේ මුදල් ඇමැති වරුන් නොව මුදල් ලිපි කරුවන්ය. ආදායමට වඩා වියදම වැඩි වූ විට එය පිරවීමට ණය ගැනීම ඕනෑම බූරුවකුට කල හැක.තව දුරටත් ණය දීමට ඇපයට තබා ගැනීමට දෙයක් ඉතුරු නොවූ කල මහන්ද අප්පච්චිලා කලේ රටේ වටිනා ඉඩම් පිට රට වලට විකිනීමය. ඊට අමතරව අද සිටින රනිල් හා රවි යන කාලකන්නින් විසින් කරනුයේ බැංකු වලින් බිලියන ගනනින් හොර කම් කිරීමය. ඩොලරය ස්ථාවරව පවත්වා ගැනීමේ වටිනා කම මා විසින් මෙයට පෙර සඳහන් කල විට තමා සියල්ල දන්නේ යැයි සිතූ නූතන මැනේජ්මන්ට් උපාධියක් ඇති අයෙකු පැවැසුයේ ඩොලරය ස්ථාවරව පැවැතීම අනවශ්‍ය බවත් එසේ වීම අවශ්‍ය නම් මේ වන විට පේසෝව හා ඩොලරය එක මට්ටමේ පවතින කියුබාව ලෝකයේ දියුණුම රට විය යුතු බවය. මා විසින් විශ්වාස කරණු ලබන නිර්ණායක අනුව නම් ලෝකයේ ඉතා දියුණු රටක් වනුයේ කියුබාවයි. එන් එම් හට තව අවුරුදු 5ක් වැඩ කිරීමට සිරිමා නම් මෝඩ ගැහැනිය ඉඩ දුන්නේ නම් පසු ගිය ශත වර්ෂය තුලදීම අපටද කියුබාවක් විය හැකිව තිබුනි. එන් එම් ට කරන ලද උපහාරයක් ලෙස මම අර මැනේජ්මන්ට් කාරයා වහාම බ්ලොක් කර දැමූවෙමි.
මේ සමග ශෙයාර් කර ඇති වීඩියෝව දුටු මා වට මතක් වූයේ 1980 දී රොබර්ට් මැcනමා කීදෙයමය. එබැවින් එය පාට කණ්නාඩි වලින් තොරව අසා බලන්න. මදකට වහල් බවින් ඈත් විය හැකි නම් එයද මහත් වූ දෙයක් බව මම එවැනි වූ වහලුන් හට මතක් කරමි. මන්ද එවැනි වහලුන් මා මිතුරු පොතේ සිටින බව මා හොඳින් දන්නා බැවිනි. ඒ සමගම එන් එම් ගැන සඳහන් අනිත් වීඩියෝවද නරබන්න. එහි සඳහන් කර ඇති අවසාන වාක්‍යය වහල් හඬක් බැවින් එය නොසලකා හරින්න.
ඊයේ මා විසින් පල කල දේ මා ලියුවේ මා දන්නා පමණින් හීබෲ බසින් වන අතර එය බලා මා හට බැන වැදීමට කිසිවකුත් මෙරට නොසිටින බවද දන්නා හෙයිනි.එහෙත් හීබෲ රජා මරමින් මා විසින් ලියා ඇති දේ මුහුණු පොතේ සිටින කවුරුන් හෝ යුදෙවුවකු විසින් දකිනු ඇත යන්න මගේ විශ්වාසයයි.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී