Horror - 17.05.2018

ඉස්සර අපි මෙඩ්ඩො කාලේ ටී වී කියලා දෙයක් තිබුනේ නෑ නේ. ඉතිං අපි ආතල් ගන්න කරන්නේ පිචැර් බලන එක තමයි. මගෙත් එක්ක සෙට් එකක් හිටියා කොහොමත් සතියකට පිචර් එකක් බලනවාමයි. සමහරු හිටියා හරි ආසයි හොරර් ෆිල්ම්ස් වලට ඔය ඩ්‍රැකියුලා. ඕමන් වගේ. අපි බලන්නේ ඔය සූර චෞරයා, හුලවාලි වගේ ගාමිණී ෆොන්සේකා සන්ධ්‍යා කුමාරි, ෆරීනා ලායි වගේ අය ඉන්න පිචැර්. අපි ඉතිං රෑ 9.30 ශෝ එක බලලා ඒවායේ තියන සින්දු එහෙම කිය කිය ෆුල් ආතල් එකේ පයින් ආපහු හොස්ටල් එකට එනවා. අර හොරර් ඒවා බලපු එවුන් බයේ ගැහි ගැහී පාලු පාරවල් දිගේ ඇවිල්ලා හොඳට කාමර වල දොරත් වහ ගෙන නිදා ගන්නවා. එදාට උගේ කාමරේ අනිත් එකා නැත්තං අපි කාගේ හරි කාමරයට ඇවිත් බිම නිදා ගන්නවා. අපි පුංචි බොරැල්ලේ පැරිසීන් එකට ගිහිං සත පහකට ප්ලේන්ටියකුත් ගහලා ඇවිත් සොමියේ නිදා ගන්නවා. අරුන්ට රෑට චූ පාරක් දාන්න ඕන උනොත් අපි කවුරු හරි නැගිටින්න ඕන ඌත් එක්ක ටොයිලට් යන්න. හැබැයි එහෙම ගියාම ඉතිං අපිත් නිකං ඉන්න එකේ චූ පාරක් දානවා. ඉතින් අපි උන්ගෙන් අහනවා ඇයි යකෝ සල්ලි දීලා බයවෙන්න යන්නේ තොපිට පිස්සුද කියලා. ඒ වෙලාවට සද්ද නැතුව ඉඳලා උන් ආයිත් යන්නේ අර වගේ ෆිල්ම්ස් වලටමයි. උන්ට බයේ ඉන්න එකේ මාර ආතල් එකක් තිබුනා.

මට ඔය පරණ කතාව මතක් උනේ මේ අද ඉන්න එවුන්ගෙනුත් සමහරු ඉස්සරහට බයේ ඉන්න සෙට් වෙන්න දඟලන දැඟලිල්ල දැකලායි. හැබැයි උන්ගේ දැඟලිල්ල හරි ගියොත් අර පිචැර් බලන කාලේ වගේ නෙවෙයි මේ අහක ඉන්න අපටත් බයේ ඉන්න වෙනවා. ඒකයි මට තියන බය.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී