Posts

බදු සල්ලියි පහසුකමුයි

පෙරේදා මම ගියා මෙහේ ඉන්න මගේ නෑයෙක් බලන්න. එය  1979  දී මෙහාට ඇවිත් මේ වෙන කොට පුරවැසි භාවයත් ලබා ගෙන ඉන්න අවුරුදු  80 ක් වෙන කෙනෙක්. ඉස්සර මැරතන් තරඟ වලට ගිහින් දිනපු ඇක්ටිවු පොරක්. එයාගේ වකු ගඩු දෙකම මේ වෙන කොට අක්‍රිය වෙලා. ඒ නිසා සෞඛ්‍ය සේවයෙන් එයාට දීලා තියනවා අර පෙරිටොනියල් ඩයලිසිස් කියන එක කරන්න ඕන කරන අඩු බඩු. වකු ගඩු නරක් වුනාම වෙන්නේ ඇඟේ හැදෙන අනවශ්‍ය දේවල් අයින් කරගන්න බැරි වෙන එක. එතකොට ඒවා ඇඟට විෂ වෙනවා. හරියට ඇඳුම් කිලිටු වෙලා අපිරිසිදු වුනාම වගේ. එතකොට නම් විෂ වෙන්නෙ අහල පහල ඉන්න උන්ටයි වැඩියෙන්ම. මේ එකතු වෙන විෂ අයින් කරන්න ක්‍රම දෙකක් තියනවා. එකක් තමයි හීමෝඩයලිසිස් නැත්නම් දවස් කීපයකට සැරයක් ලෙඩාගේ ඇඟේ තියන ලේ    යන්ත්‍රයක් හරහා යවලා පිරිසිදු කරන එක. මෙතෙන්දී ලෙඩාගේ එක නහරයකින් ලේ යන්ත්‍රයට යවලා ඒකෙන් පිරිසිදු වෙලා එන ලේ වෙනත් නහරයකින් ආපහු ඇඟට ඇතුල් කරන එක. මම දන්නා තරමට ලංකාවේ කෙරෙන්නේ ඒකයි. ඒත් අවශ්‍ය ප්‍රමාණයට නොකෙරෙන නිසා හුඟාක් අය මැරෙනවා. ඒ වගේම ලේ වලින් බෝවෙන ඒඩ්ස් ,  හෙපටයිටිස් වගේ ලෙඩ මේ යන්ත්‍රය හරහා බෝ වෙන්න පුලුවන්. ඒත් මේ පෙරිටොනියල් ඩයලිසිස් කි

Antibiotics and Resistance

අපේ පොඩි මිණිපිරී නර්සරී එකෙන් කැස්සක් අරගෙන ඇවිත් ලොකු මිණිපිරීට දුන්නා දැනට දවස් පහකට කලින්. මේකිව වඩාගෙන ඉඳලා පෙරේදා මටත් ලෙඩේ හැදුනා. මෙහේ දොස්තරලා කවුරුවත් ප්‍රතිජීක ඖෂධ  Antibiotics  ලේසියෙන් දෙන්නේ නෑ. ඒක තමයි හරි ක්‍රමය. ඒකට කියන්නේ  Rational use of antibiotics  හෙවත් යුක්තිසහගත ඖෂධ භාවිතය කියලයි. ඒ නිසා කෙල්ලගේ දෙමවුපියෝ කෙල්ලව දොස්තර කෙනෙක් ගාවට ගෙනිච්චේ නෑ. උණ තියන වෙලාවවට පැරසිටමෝල් දුන්නා. අපෙන් ඇහුවෙත් නෑ. අපි කිවුවෙත් නෑ. මෙහේ දොස්තරෙකුට වුනත් තමන්ට ප්‍රථිකාර කර ගන්න නීතියෙන් අවසර නෑ. එයා ලෙඩ වුනොත් මෙහේ ඉන්න   අනිත් හැම කෙනෙක් වගේම බෙහෙත් ගන්න එයා ලියා පදිංචි වෙලා ඉන්න දොස්තර ලඟට යන්න ඕන. හදිසි අනතුරකදී ඇරෙන්න ඕනම ලෙඩකට එයා යන්න ඕන එතනට. එතන ඉන්න දොස්තර කෙනෙකුව හම්බ වෙලා බෙහෙත් අර ගන්න ඕන. එයාට බෙහෙත් කරන්න බැරිනම් එයා ලෙඩාව යවනවා ඉස්පිරිතාලේක   විශේෂඥ වෛද්‍යවරයෙක් ලඟට ලියුමකුත් එක්ක. එහෙම නැතුව   ඉස්පිරිතාලේකට ගියාට වැඩක් නෑ.   සති අන්තයේ ජී පී සෙන්ටර් වහලා නිසා 111 එකට කෝල් එකක් දීලා හොස්පිටල් එකකදී ජී පී ඇපොයින්ට්මන්ට් එක හදා ගන්න    පුලුවන්. ඒ වගේම ලංකාවේ වගේ සල්ල

ගල් යුගයයි නව යුගයයි

බොහොම ඉස්සර කාලේ ඒ කියන්නේ උන් ගල් ගුහා වල ඉඳගෙන දඩයම් කරලා ජීවත් වන කාලේ  Pre historic hunting era  පිරිමි ගියා සතුන් දඩයම් කරන්න. ගැහැණු ගල් ගුහාව ඇතුලේ ඉඳගෙන දරුවන් බලාගෙන හිටියා. හවසට දඩයම් කරපු සතුන්ගේ මස් අරගෙන ඇවිත් ඒවා ඔක්කොම එක තැනක තියලා කාටත් සමාන වෙන්න බෙදා ගත්තා. එහෙම කලේ හැමෝටම එක වගේ දඩයම් ලැබුනේ නැති නිසා. සමහරුන්ට ඇත්තේම නෑ. සමහරුන්ට ටිකයි තවත් සමහරුන්ට හොඳට දඩයම් ලැබෙනවා. අද දඩයම් නොලැබුණු උන්ට හෙට හොඳට ලැබෙනවා. උන්ගේ වාසනාවට ඒ කාලේ කහකඩයෝ ඉඳලා නෑ. හිටියා නම් කියාවි අද උඹලාට දඩයම් නැති වුනේ කලින් ආත්ම වල කරපු පව් නිසා. ඒ නිසා ලබන ආත්මේ හොඳට දඩයම් ලැබෙන්න කියලා දැන් ඉඳන්ම පින් කරපල්ලා. හොඳම පින තමයි අපට දන් දෙන එක. ඒ නිසා ඔය සොච්චමත් අපට දීපල්ලා කියලා. එහෙම උනා නම් අරුන්ට බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ. ඒ උනත් ඒ කාලේ එහෙම වෙලා නෑ කවුරුත් සම සමව බෙදා ගත්තා. කවුරුත් සතුටින් කාලා ගැණුත් දරුවනුත් එක්ක ගුහාව ඇතුලට ගිහින් නිදා ගත්තා. ඔය විදියට බැලුවාම දල දඩමස් නිෂ්පාදනය නියම ආකාරයට බෙදිලා කාටත් තමන්ට හිමි ඒක පුද්ගල දඩමස් ප්‍රමාණය ලැබුනා. ඔය විදියට සමාන විදියට දඩමස් බෙදලා දුන්නේ

Pilip you might die today

පහුගිය දවස් ටිකේ තුන් හතර දෙනෙක්ම මගෙන් අහලා තිබුනා ඇයි මම නිතරම කූරියා ගහන එක ,  වල පයයි ගොඩ පයයි වගේ දේවල් කියන්නේ කියලා. සමහරෙක් ඇහුවා මම මැරෙන්න බයින්ද ඉන්නේ කියලා. ඉන් එක්කෙනෙකුට විතරක් මම ඒකට හේතුව පැහැදිලි කරලා අනිත් උන්ට ඕන දෙයක් හිතා ගන්න ඇරලා හිනා වෙලා ගොන් පාට් එකක් දාලා ශේප් වුනා. ඒත්   එෆ් බී එකේ ඉන්න මගේ  3500  විතර වෙන යාලුවන්     අතරේ       යමක් තේරුම් ගන්න පුලුවන් තරම් බුද්ධියක් තියන ටික දෙනෙක් ඉන්න බව දන්න නිසා මම හිතුවා වැඩි වැඩකුත් නැති එකේ ඒ ගැන කියනවා කියලා. ඇත්තටම යමෙකුගේ හිතේ තමන් මැරෙන මිනිහෙක් කියන එක තියනවා නම් එයා අතින් වැරදි දේ කෙරෙනවා අඩුයි. මේකට බුදු දහමේ කියන්නේ මරණානුස්සතිය කියලා. ඒ කියන්නේ මරණය ගැන මෙනෙහි කරන්න කියලා.   සතිය කියන්නේ සිහිය කියන එකයි. මරණානුස්සතිය කියන්නේ මරණය පිලිබඳව සිහිය කියන එකයි. මේකෙන් තේරෙන්නේ නෑ හැම තිස්සෙම මරණය ගැන හිතනවා කියලා. ඒත් යටි හිතේ ඒක තියෙන්න ඕන.   බුද්ධානුස්සතිය කියන්නේ බුදුන් ගැන සිහියෙන් ඉන්න එක වගේම ධම්මනුසතිය කියන්නේ දහම ගැන සිහියෙන් ඉන්න එක. අද බොහෝ දෙනෙකුට මරණය ගැන මතක් වෙන්නේ මොකක් හරි හොඳ කරන්න බැරි

1977- බහුබූත විවෘත ආර්ථිකය

ඉස්සර අපි පොඩි කාලේ අපේ ගම් වල තිබුනා ග්‍රාම සංවර්ධන සමිතිය කියලා එකක්. ඒකෙන් තමයි ගමේ සංවර්ධන වැඩ ගොඩක් කෙරුනේ. පොදු ලිං ,  බෝක්කු ,  කුඹුරු වලට වතුර ගෙනියන ඇනිකට් වගේ දේවල් හැදුවේ ඒකෙන්. මේකෙදි ජනතාවගේ ශ්‍රමයත් ඒ අය ගම වෙනුවෙන් වැය කලා. ඒ විදියට රු 500 කින් රු 750 ක විතර වැඩ කලා. ඒ කාලේ සිමෙන්ති කොට්ටයක් රු 8.50 යි. කෙනෙකුගේ දවසක පඩිය 2.50 යි මේසන් කෙනෙකුට රු 5.00 යි. ඉතින් රු 500 කින් පුලුවන් ලොකු දෙයක් කරන්න. රජයෙන් 500 ක් ලැබෙන කොට 750 ක වැඩ කරනවා. ඊට අමතරව අවශ්‍ය කරන ගල් වැලි සපයලා දීලා ගමේ අයට ගානකුත් හොයා ගන්න පුලුවන්. මේ නිසා අර රු. 500 ම ගමේම රැඳෙනවා. මට මතකයි 1965 චන්දෙට කලින් අපේ ගම මැදින් තිබුණු ගුරු පාරට තාර දානවා. එතකොට මම අවුරුදු දහයක පොරක්. ඒ කාලේ අපි අවුරුදු 9යි මාස හය පැන්න ගමන්ම කියන්නේ අවුරුදු දහයයි කියලා. තාමත් පොඩි එවුන් එහෙමයි. මගෙන් බෙහෙත් ගන්න එක්ක එන පොඩි එවුන්ගේ වයස ඇහුවාම අම්ම කිවුවොත් අටයි කියලා පොඩි එකා පැනලා කියනවා නෑ නවයයි කියලා. එතකොට මම පොඩි එකාගේ ඔලුව අතගාලා ඔන්න මම පුතා කියපු එක ලියා ගන්නවා කියලා කියනවා. එතකොට පොරට හරි සතුටුයි. හැබැයි වයසට යන කොට