කැදැල්ල හිස් වෙලා. - Empty nest syndrome

පහුගිය දවස් දෙක තුනේ මගේ පපුවේ මැදයි, වම් උරහිසේ කැක්කුමයි, ටිකක් ඇඟට පණ නැති ගතියකුයි තිබුනා. ඒ ලකුණු හාට් ප්‍රොබ්ලම් එකක ඒවා නිසා මම ඇත්තටම සතුටු වුනා මගේ ටිකට් එක එයි කියලා. ඇයි බං තවත් මොනවට කියලා ඉන්නවාද. ඉස්සරනම් විභාග පාස් වෙන්න, රස්සාව කරන්න, කසාද බඳින්න,දරුවෝ ලැබුනාම උන්ගේ වැඩ කරන්න කියලා ටාගට් එකක් තිබුනා. දැන් ඒවා සේරම බලාපොරොත්තු වුනු විදියටම සම්පූර්ණයි. ඉස්සර මම ගෙදර එනකම් දරුවෝ තුන් දෙනා බලා ගෙන ඉන්නවා. ඉතින් මම කොලඹ ඉඳන් හැමදාම ගාලු ගියා. ඒ වගේම රත්නපුරේ ඉන්න කාලේ හැමදාම අප් ඇන්ඩ් ඩවුං කිමී 180ක් ජීප් එක එලව ගෙන මීරිගම ඉඳන් රත්නපුරයට යනවා ආපහු එනවා. මම එනකම් උන් බලාගෙන ඉන්නවා. එක දවසක් මම එන කොට මගේ යාලුවා කිවුවා 'අන්න තාත්තා ආවා. මෙන්න මම කිවුවාට අහන්නේ නෑ. මඩ අනනවා. ඔන්න දැන් තාත්තා බලා ගනියි" කියලා. මම යන කොට මීරිගම ක්වාටර්ස් ඉස්සරහා පෝටිකෝ එක යට කොල්ලෝ දෙන්නා මඩ අනනවා. මම කිවුවා "හරි ශෝක් පුතේ මමත් ඒ කාලේ ඕවා කරා ගමේදී. තව අනලා එක එක රූප හදන්න" කියලා මම ඒක රෙකෝඩ් කලා. බයේ හිටපු උන් දෙන්නාගේ මූණ හිනාවෙන් පිරිලා ගියා. මට තාමත් මැවිලා පේනවා. මට මතකයි ලොකු එකා මඩ අනන අතරේ උගේ ඔලුව මට කියලා කසවා ගන්නවා.
ඒත් මචං මේ වෙන කොට මම ගෙදර එන කොට මම එන කම් බලාගෙන ඉන්න බල්ලෙක් වත් නෑ. බල්ලෝ හදන්න බෑනේ බං පර්චස් විස්සේ ඉඩම් වල. අනික උන්ගේ ඩවුන් ලෝඩ් මැටීරියල් අරන් දාන්න කෙනෙකුත් නෑනේ. අපට ගෙදර වැඩට උදවුවට ඉන්න ලෙච්චමී කැමති නෑ බල්ලන්ට. ඒ වගේම උන් ඇවිද්දවන්න ඕන නැත්නම් උන් ලෙඩ වෙනවා. ඔක්කොටම වැඩිය උන් ඇඟට පැන්නාම මම බිම පත බෑ වෙන්න පුලුවන්. මගේ යාලුවා එන්නෙත් රෑ දහයට විතර ලෙඩ්ඩු බලලා. ටීවී එක බලන්නත් බෑ ඒවායේ යන පඩංගු දැක්කාම එපා වෙනවා. ප්‍රේම දඩයම, නාග කන්‍යා, ශිවන්‍යා වගේ ඒවා එක චැනල් එකක, තව එකක අප්පච්චිට කඩේ යනවා, තව එකක බැංකු හොරුන්ට කඩේ යනවා, තව එකක ගමරාලලාගේ කතා. ඉතින් බං මොකට ගෙදර යනවාද කලින්. ඕන නම් ටාගට් එකක් හදා ගන්න පුලුවන් කෝටි සීයක් විතර හම්බ කරන්න, ලැම්බෝගිනි එකක් ගන්න වගේ. ඊ ලඟට ලෙඩ්ඩු මරා ගෙන කන්න. ඒත් මොකටද බං මේ පයින් යන, දවල්ට ඤානකතා එකක් කාලා ප්ලේන්ටියක් ගහන මට.
ඉතින් මම කල්පනා කලා ඇඳට වැටිලා දුක් විඳලා යනවාට වඩා ස්විච් එකක් ඕෆ් කලා වගේ සුටුස් ගාලා යන්න ඇත්නම් කොච්චර එකක්ද කියලා. ඔක්කොටම හපන් ඇඳට වැටිලා ඉන්න කොට යාලුවා චීවර පොරක් ගෙන්නලා පිරිත් කියවලා නූල් බන්දන එක. යාලුවාගේ හිත නරක් කරන්න බැරි නිසා එපා කියන්නත් බෑ ඒ වගේම හැම පාදඩ ජූතකයාටම බඳින පිරිත් නූල කියන එක බැඳ ගන්නත් බෑ.
ඉතින් මම කාටවත්ම නොකියා ටිකට් එක ඉක්මන් කරගමු කියලා වෙනදාටත් වඩා මහන්සි උනා. මගේ මෙඩිකල් කවුන්සිල් එකෙන් දීපු අයිඩෙන්ටිටි කාඩ් එකත් සාක්කුවේ දාගෙන වෙනදා ඇවිදින හරිය දිවුවා. වෙනදා විනාඩි 65න් යන දුර විනාඩි 50න් ගියා. මොනවත් උනේ නෑ බං. අයිඩෙන්ටිය අරන් ගියේ මම කලින් මිණී 2500 ක් විතර කපාපු, මම ජීවිතයේ අනියත ඇතුලු බොහෝ දේවල් ඉගෙන ගත්ත කොලඹ මෝචරියේ එවුන්ට මාව අඳුන ගන්න. නැත්තං නොහඳුනන මිණියක් වෙනවානේ. අඳුර ගත්තාම එදිරිසිංහ මහත්තයාගේ මිණිය වෙනවානේ. මොන ටයිටල් තිබුනත් අන්තිමට මිණියනේ. දරුවෝ උනත් ඊට පස්සේ තාත්තා කියන්නේ නෑනෙ. තාත්තාගේ මිණියනේ. නැත්තං සිංහලෙන් කියනවා නම් බොඩි එක. යාලුවෝ උනත් එදිරියා මැරිලා කිවුවාම අනිකා අහන්නේ කොහෙද බොඩි එක තියෙන්නේ කියලානේ. කොහේද එදිරියා ඉන්නේ කියලා නෙවෙයිනේ.
ඉතින් පිට පිට දවස් තුනක් මේක කරලාත් මිණියක් උනේ නෑ. ඒ නිසා තමයි ආයිත් මූණු පොතට එන්ටර් වෙන්න හිතුවේ.
බොලා හිතන්න එපා මට විශාදිය එහෙම නැත්තම් ඩිප්‍රෙෂන් කියලා. මට එහෙම එකක් නෑ. මම බොහොම සතුටින් ඉන්නවා. ඒත් ඉක්මනින්ම මේ චැප්ටර් එක ක්ලෝස් වෙනවා නම් මම කැමතියි. දේශපාලන වගේම ආගමික වහල්ලු නිසා රටට වෙලා තියන ඒ වගේම ඉස්සරහට වෙන්න තියන දේවල් පේන කොට මොකට ඉන්නවද කියලා හිතෙනවා බං. ඒ වගේම ආයිත් ඉපදීමක් නෑ කියලා ශුවර් එකටම දන්න නිසා කිසිම බයක් නෑ. මට මතකයි මගේ යාලුවා දොස්තර ආරියසේන ගමගේ මැරෙන්න දවස් දෙකකට ඉස්සෙල්ලාත් මාත් එක්ක ෆුල් ජොලියෙන් විහිලු කලා. කිසිම බයක් තිබුනේ නෑ. මොකද ඒ වෙන කොට එයා මරණෙට ලෑස්ති වෙලා හිටියේ. ඒ වගේම නැවත ඉපදීමක් විශ්වාස නොකල නිසා ඒ බය තිබුනෙත් නෑ. අපේ හුඟ දෙනෙකුට තියෙන්නේ ඔය බය නේ. කොහේ ඉපදෙයිද කියන බය. මොකද කොච්චර හොඳ දේ කරලා තිබුනත් අර ආසන්න කර්මය චුති සිතේදී පහල උනොත් කියලා බයයි නේ. අර කොසොල් රජ්ජුරුවන්ගේ මල්ලිකා දේවිය දෙවුරම් වෙහෙරේ වැඩ වාසය කල බුදුන් වහන්සේට මුලු කාලයම ඇප උපස්ථාන කලත් මැරෙණ වෙලාවේ පෙර එක් දවසක බල්ලෙක් එක්ක සංවාසය කරපු කේස් එකක් මතක් වෙලා නිරයට ගියා කියලා ප්‍රාඩෝ එකෙන් ඇවිත් රුපියල් විසිපන්දාහකුත් අරගෙන චීවරයෙක් දවසක් බණකට කිවුවා අපේ හයි ෆයි නෑයෙකුගේ ගෙදරදී.
එදා මට මාර දුකක් ඇති වුනේ බං. මල්ලිකා දේවියගැන නෙවෙයි කොසොල් රජ්ජුරුවෝ ගැන.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී