Dirty Party Politics - 22.04.2018

මේ රටේ ප්‍රධාන පක්ෂ දෙක කියන්නේ එකම බලු බෙට්ටේ කොන් දෙක. එක කාලෙකට එක කොනකට යනවා මේ කොන ගඳයි කියලා. ඊලඟ පාර ඒ කොන ගඳයි කියලා කලින් හිටපු කොනට යනවා. ඕක තමයි 1977 දි ඉඳන්ම උනේ. මේ නිසා බලු බෙට්ට එන්න එන්නම කුනු වෙනවා ගඳ ගහනවා.2015 දී ගඳයි කියලා එපා කියපු කොනට ආපහු 2020 දී යන්නේ ඒකයි. දෙකොනම එක වගේ ගඳ ගහනවා කියලා කාටවත් තේරෙන්නේ නැති එකයි රටේ කරුමේ. මම ජවිපෙ කෙනෙක් නෙවෙයි. ඒ උනත් උන් කියන කතාව සහතික ඇත්ත කියලා පිලිගන්නවා. පක්ෂ කියන කණ්නාඩි ටිකකට ගලවලා තියලා විවෘත මනසකින් යුතුව ඇහුවොත් මේ ඇත්ත තේරුම් ගන්න පුලුවන් වෙයි. මම හිතන්නේ ජවිපෙ මේ පක්ෂ දෙකටම බලයට එන්න උදවු කරලා රටට පෙන්නුවා දෙගොල්ලාගේම තියන නොහැකියාව, මහා පරිමාණ හොර කම, දූෂනය, අධිකරණය බාල්දු කිරීම වගේ දේවල්. දූෂනය තියෙන්න ඕන කියලා කියන හරකුන්නේ පොහොට්ටුවේ ඉන්නේ. අර නාමලයා වගේ. ඕකට කියන්නේ මහ පාරේ ඉඳ ගෙන මලපහ කරනව කියලා කාටත් පේන්න. තාත්තා, බාප්පලා, අම්මා හැංගිලා කරපු දේවල් මූ ප්‍රසිද්ධියේ කියනවා. උන්ගේ හොරකම් අල්ලනව කියලා ආපු රනිලා භාණ්ඩාගාරයටම වැඩේ දුන්නා. ඒකෙන් වෙච්ච පාඩුව උන් දැන් අපෙන් ගන්නවා. ඉන්ධන වලින්, බදු වලින්, දඩ වලින් වගේ ඒවායින්.

NGP එකෙන් මේ රටේ 40% කටම එකෙකුට දවසකට රු 350 ට අඩු ගනනක් ලැබෙන්නේ. නියම විදියට බෙදෙනවා නම් 2400 ක් ලැබෙන්න ඕන. මේ සත්‍යය මේ රටේ දුප්පත් එවුන්ට නොපෙනෙන එක උන්ගේ කරුමේ.

මේ කියන මට නම් පුද්ගලිකව ගත්තොත් බලු බෙටි පාලනය හොඳයි.ඒ නිසා බලු බෙට්ටේ පැවැත්ම ආත්මාර්තකාමීව හිතනවා නම් මට හොඳටම හොඳයි. ඒත් මම කවදාවත්ම ආත්මාර්තකාමීව හිතලාවත් වැඩ කරලාවත් නෑ.මොකද මම කවදා හරි මැරෙණ බවත් එදාට කිසිම දෙයක් මගේ පෙට්ටියට නොවැටෙන බවත් දන්න නිසා. ඒ නිසා මට මේවා ලියන්න අයිතියක් තියනවා වගේම බයකුත් නෑ. මේ වගේ දෙයක් කියන්න වත් හුඟාක් අය බය නිසා මම ඉල්ලා සිටිනවා පුලුවන් තරම් මේක ශෙයා කරන්න කියලා.

එතකොට මට හිතේවි මම සුලුවෙන් හරි අන්ධයින්ට පෙනීම ලබා දෙන්න වෑයමක් කලා 

මම ඊයේ පෝස්ට් එකෙන් ඉල්ලාසිටි විදියට මේ වෙන කොට මගේ යාලුවෝ 77 දෙනෙක් ඒක ශෙයර් කරලා තියෙනවා. තාම එලි උනා විතරයි. තව බොහෝ දෙනෙක් මගේ ඉල්ලීම ඉටු කරයි කියලා මට හිතෙනවා. කීප දෙනෙක් මට ජේ වී පී කාරයා කියලා තිබුනා. මම පෝස්ට් එකේම කිවුවා මම ඒ පක්ෂයේ සාමාජිකයෙක් නෙවෙයි කියලා. කවුරු හරි කෙනෙක් ඇත්ත දැකලා ඒක කියන කොට ඌ ජේ වී පී කාරයා කියලා කපලා දානවා. උන් කල්පනා කරන්නේ නෑ මේ අපි වගේ අය ඇයි උන් කියන දේ හරි කියලා කියන්නේ කියලා. මම අවුරුදු 35 ක් ආණ්ඩුවේ වැඩ කරලා එයින් 25ක් ම පරිපාලනය කරලා මේ ජඩ දේශපාලනයත් ඒකට එහෙයි කියලා තමන්ටත් වාසි ගන්න කාලකන්නි නිලධාරී පැලැන්තියත් ගැන හොඳටම දන්න නිසයි. එහෙම නැතිව මොකවත් කර කියා ගන්න බැරුව ඉන්න කාලේ ජේ වී පී එකට බැඳිලා තමන් තැනකට ආවාට පස්සේ අර සේරම අමතක කරලා දාලා තමනුත් මේ මජර දේශපාලනයට බහින මිනිහෙක් නොවන නිසායි.

විශ්ව විද්‍යාලයේදීත් මට මගේම කියලා වාහනයක් තිබුනා. ඒ කාලේ දේශපාලනය ගැන මල පොතේ අකුරක් නොදැන හිටි මම දෙමාපියන් යූ එන් පී උන නිසා යූ එන් පී වෙලා 77 දී මගේ මුල්ම චන්දය රට කාපු ජේ ආර් ට දුන්නා. හැබැයි ඒ කාලේ තද ජේ වී පී පොරවල් අද කරන කියන දේ දැක්කම මට පුදුම හිතෙනවා. විශ්ව විද්‍යාලයේදී ඔය වමේ කියා ගන්න එවුන් 80%ක් ම අවස්ථාවාදියෝ. නැත්නම් ඒ හිටපු විදියටම හිටියා නම් මේ රටේ නිලධාරි පැලැන්තිය මේ තරම් දූෂිත වෙන්න බැහැ.එහෙම උනා නම් දේශපාලකයොත් මේ තරම් දූෂිත වෙන්නේ නෑ. අද ආණ්ඩුවේ ලොකු පුටු වලට වෙලා දූෂිත දේශපාලකයින්ගේ කකුල් ලෙව කන ඈයොන්ගේ ඉතිහාසයට ගිහිං බැලුවොත් යුනිවර්සිටි එකේ ඉන්න කාලේ උන්ට වඩා වාමාංශිකයෝ තවත් ඉන්න නැතුව ඇති. මම ආඩම්බර වෙනවා මම ඔය එක දේශපාලකයෙක්වත් කියපු වැරදි දෙයක් නොකරපු එක ගැන.

එක පාරක් සබරගමුවේ මහ ඇමති මහීපාල මට ඇඟිල්ල දික් කරලා තර්ජනය කලා 'පරිස්සමින්, අතර මගදී මොනවා හරි වෙන්න පුලුවන් කියලා". මම එතකොට බොහොම හොඳින් කිවුවා " මහ ඇමති තුමා පාරේ වෙඩි කාලා මැරුනාත් මට මේ වැඩේ කරන්න බෑ. මෙන්න මට උඩින් ලේකම් ඉන්නවා. එයාට කියන්න" කියලා. මෑන් ඒකට ටිකක් මෙල්ල උනා. පස්සේ මාව එලවන්න පලාත් සභාව රැස් කරලා චන්දයක් තිබ්බා මට හුඟාක් චෝදනා තියෙනවා ඒ නිසා මාව අයින් කරන්න ඕන කියලා. ඒ කාලේ පලාත් සභාවේ බලය තිබුනේ ජේ වී පී එකේ සපොර්ට් එකෙන්. උන් කිවුවා චෝදනා තියෙනවා නම් ඒවා විභාග කරලා තීරණයක් ගන්න එහෙම නැතුව නිලධාරීන් හිතු මතේට අයින් කරන්න දෙන්න බෑ කියලා. ඉතිං මම දිගටම හිටියා. හැබැයි මට වැරදි වැඩ කරන්න කියලා ඊට පස්සේ කිවුවේ නෑ. එදාත් මට මහ ඇමතිම ඔය ජේ වී පී ලේබල් එක ගැහුවා.මම ඊට පස්සෙත් හවස කලුවරේ නව නගරය පාරේ වෙනදා වගේම තනියම ජොගිං ගියා ඕන නම් වෙඩි තියපන් කියලා. ඒත් මම තවමත් ඉන්නවා. ඉස්සරහටත් එහෙම තමයි.මම ඒවා මගේ කතාවේදී විස්තර ඇතුව කියන්නම්. ඒ වෙලාවේ මට උදවු කරපු පලාත් සභා මන්ත්‍රී කෙනෙක් වුනු .....ගම්පොලව ජේ වී පී එකෙන් අයින් කෙරුවා විනය විරෝධී වැඩකට. ඒ උනත් ඔය බලු බෙටි ආණ්ඩුවල එවුන් කරන ඒවා දිහා බැලුවාම ඒක ඉතාම සුලු දෙයක්. එහෙම අයින් කරපු එකෙන් උන්ට එක ආසනයක් නැති උනා. මොකද ඒ පුරප්පාඩුවට ආවේ ශ්‍රී ලංකා පොරක්. මෙන්න මේවා තමයි මම ජේ වී පී එකේ දකින හොඳ දේවල්.

1983 දී ජේ ආර් ලා කරපු දේවල් වලට මම දොස් කියලා ඒවායින් ඉස්සරහට වෙන ප්‍රතිඵල බොහොම භයානක වෙන්න පුලුවන් කියන කොට අපේම දොස්තරලා මට කිවුවේ මම දෙමලාට පුක දෙනවා කියලයි. අන්තිමට කාගෙ කාගෙත් පුකවල් වලට කෙල උනා. එදා එහෙම කියපු උන් රට ඇරලා දැන් එහේ ඉඳන් පොර ටෝක් දෙනවා.මටත් ඕන කමක් තිබුනා නම් ඒ කාලේම ඒවායේ ගිහිං පදිංචි වෙන්න තිබුනා.හැබැයි මම එහෙම කලේ නෑ. හැබැයි අද වගේ උනා නම් අනිවාර්යයෙන්ම යනවා ආයිත් නො එන්නම.

අපේ එවුන්ට කෙල වෙන කම්ම තේරෙන්නේ නෑ කෙල උනා කියලා. සමහර ඈයෝ පාරේ තියන වතුර වලක් ලඟ උන් හිටියේ කියලා තේරුම් ගන්නේ වාහනයක් ඒක උඩින් ගිහිල්ලා උන්ව නෑවුනාට පස්සේ. ඊලඟට වාහන කාරයාට බනිනවා. ඇයි යකෝ උන් හරක් වගේ වතුර වල ලඟ හිටියාම යන යන වාහන කාරයා හෙමින් යන්නද. මම නම් පාරේ ඔය ජොගිං එහෙම යන කොට වතුර පිරිච්ච තැනකින් යනවා නම් පාරේ දෙපැත්තම බලලා දුවලා යනවා. ඒ තමන් ඉන්නේ කොහේද වෙන්නේ මොකක්ද කියලා අවධානයෙන් ඉන්න නිසයි. ඉස්සර මම එහෙම කකුල් දෙකේ හරකුන් වතුර වලවල් ලඟ ඉන්නවා දැක්කාම උවමනාවෙන්ම උන්ව නාවා ගෙන යනවා. ඊලඟ පාර වත් උන් හැදෙයි කියලා හිතා ගෙන. එහෙම නැතුව තමන් හිතලා හරි අනුන් කියන දේ අහලාවත් අපේ උන් හැදෙන්නේ නැති නිසා. හුඟාක් අපේ උන් හැදෙන්නේම කාලාම තමයි.දැන් මම බස් එකේ යන නිසා එහෙම කරන්නේ නෑ. මම හිතන්නේ උන් වැඩි දෙනෙක් තාමත් වතුර වලවල් ලඟ ඉන්නවා ඇති. මොකද පොරවල් චන්දෙ දෙන හැටියෙන් ඒක පේනවා.එක පාරක් මම කරාපිටියේ ඉන්න කාලේ බයික් කාරයෝ දෙන්නෙක් එහෙම නාලා මගේ කාර් එක පස්සේ එලව ගෙන එනවා දැකලා දැන් මූනු පොත් යාලුවෙක් වෙන ගුරුගමගේ උන් දෙන්නාව එලවලා දැම්මා. ගුරා උඹට මතකද කේස් එක.1990 දී විතර වුනු.

සමහරු අහලා තිබුනා ජේ වී පී එකේ ගඳ මට දැනුනේ නැත්ද ඒක 1971 දී ත්‍රස්තවාදී සංවිධානයක් කියලා. ඌට අමතක උනා ඒක 1988/89 දීත් ත්‍රස්තවාදී සංවිධානයක් කියන එක. ඒ කාලේ මම හිතා ගෙන හිටියා විජේවීරගේ කෑල්ලක් ගෙනත් දුන්නොත් කනවා කියලා. ඒ කාලේ කරපු වැඩ වලට ඒ තරම් තරහක් තිබුනේ. හැබැයි දැන් උන් ප්‍රජාතන්ත්‍ර වාදී දේශපාලනයට ඇවිත් ඉන්නවා. අපේ පොරවල් වලට ඕන වෙලා තියෙන්නේ උන්ව ආයිමත් අර තත්වයට ඇදලා දාන්න. එතකොට විනාශ කරලා දාන්න ලේසියිනේ. 1983 දීජේ ආර් කෙරුවෙත් ඕකමයි.

මම ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයේ ඉන්න කොට මම දන්නවා NDDCB .එකෙන් හුඟාක් මහන්සි වෙලා කුඩු වලට ඇබ්බැහි වෙච්ච එවුන් ඒකෙන් අයින් කරලා පුනරුත්ථාපනය කරලා යැවුවාම සමාජයෙන් උන්ව ප්‍රතික්ෂේප කරනවා කුඩ්ඩා කියලා. උන් දිහා බලන්නේ සැකයෙන්. ඉතිං උන්ට ආයිත් යන්න තියෙන්නේ කුඩු කාරයෝ ලඟටමයි. ඊට පස්සේ උන් ගෑනුන්ගේ මාල කඩා ගත්තාම කියනවා ගෝඨා ගේන්න ඕනලු උගෙන් බේරෙන්න අනේ මෙහෙමත් හරක්. මම මේ හිතලු කතා කියනවා නෙවෙයි. ඇස් දෙක ඇර ගෙන මේ රටේ ඉඳලා හැම ජාතියකම පොරවල් එක්ක ඉඳලා ලැබිච්චි අත් දැකීම් වලින් කියන්නේ. ඒ නිසා අපි කියන දේවල් වල බරක් තියෙනවා.

මම ගිය පාර පලාත් පාලන මැතිවරණයෙන් පස්සේ කිවුවා අපේ මිනිස්සු තමන්ට ලැබිච්චි හොඳ චාන්ස් එකක් මිස් කර ගත්තා කියලා. අපිට හොඳ අවස්ථාවක් ලැබුනා ජේ වී පී එක ටෙස්ට් කරලා බලන්න අඩුම ගණනේ ප්‍රාදේශීය සභා 5-6 ක් උන්ට දීලා බලන්න. උන්ගේ කෙරුවාව හොඳ නම් රටම දෙන්න.මගේ ටයිම් ලයින් එකේ පස්සට ගිහින් බලන්න මම කියපු දේ. මම කිවුවා අපි අලුත් බෙහෙත් ටෙස්ට් කරන්නෙත් එහෙමයි කියලා. එක පාරට මිනිස්සුන්ට දෙන්නේ නැතුව මීයන්ට වගේ සත්තුන්ට දීලා හොඳ නම් තමයි මිනිස්සුන්ට දෙන්නේ කියලා. ඒ වගේ ඒ වෙලාවේ අපිට ජේ වී පී එක මීයෙක් වගේ අර ගෙන ටෙස්ට් කරන්න තිබුනා. කෝ එහෙම කලාද රැල්ලට ගියා පොහොට්ටුවට.

මේ රැලි හරිම භයානකයි. 1977 ජේ ආර්ට තිබුනු රැල්ල රටේ ආර්ථිකය විනාශ කලා. අපේ තිබිච්ච මනුස්ස කම මුදලට යට කලා. 2004 සුනාමි රැල්ලත් ඒ වගේම ජීවිත සහ දේපල විනාශයක් කලා. ඔය දෙකටම වඩා භයානක වෙනවා මේ පොහොට්ටු රැල්ල. ඒකට අහු උනොත් මේ රට ඉතුරු වෙන්නේ නෑ. චීනාටයි, අරාබියාටයි, ඉන්දියන් කාරයාටයි යනවා. කලින් රැලි දෙකෙන්ම රට ඉතුරු උනා. හැබැයි මේකෙන් නම් රටත් ඉවර වෙනවා. හැබැයි අපේ එවුන් කෑ ගහන්නේ දෙමලාගෙන් රට බේරා ගනියවු කියලා. මට ඇහිලා නෑ එකෙක් කියනවා චීනාගෙන් රට බේරා ගනියවු , අරාබියාගෙන් බේරා ගනියවු කියලා. දැන් 83 දී වගේ මට ආයිත් කියයි මම දෙමලාට පුක දෙනවා කියලා.පොහොට්ටුවට දීලා බලමු කාගෙ කාගේත් පුකවල් වලට මොකද වෙන්නේ කියලා.

අවසානයටත් මම කියනවා මම ජේ වී පී කාරයෙක් නෙවෙයි කියලා. එහෙම උනා නම් මම ඒක කියනවා. මෙච්චර දේවල් කියන එකේ ඕක කියන එක මට කජ්ජක් නෙවෙයි. හැබැයි මම උන්ට මගේ චන්දය මේ පාර දෙනවා.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී