Posts

Showing posts from November, 2018

ජීවන රටා - Life styles

Image
ජීවන රටා පහුගිය අවුරුදු 40 දී අපේ මිනිස්සුන්ගේ ජීවන රටාව ආහාර රටාව සම්පූර්ණයෙන්ම වගේ වෙනස් උනා. 1978 වෙන කම් තිබුනේ ජීවන හා ආහාර රටාව විසින්ම ශරීරය නිරෝගීමත් වන ක්‍රමයක්. අපි හොඳට ඇවිද්දා. සෙල්ලම් කලා. ගහ ගත්තා. එදා ඒ ක්‍රියාකාර කම් වලින් නිකන්ම ව්‍යායාම ලැබුනා. උදාහරනයකට කියනවා නම් ඒ දවස් වල වැසිකිලි වල තිබුනේ ඇන තියාගෙන වාඩි වෙලා ඒ කටයුත්ත කරන්න ස්කොටින් පෑන්. ඒවා දවසට එක් වතාවක් පාවිච්චි කලත් විලුඹ , දනහිස , උකුල යන තුන් තැනම සම්පූර්ණයෙන්ම නැවෙනවා. මිනිස්සු බස් එක එනකම් කඩපිල් වල සමහර විට පැය ගනන් වාඩි වෙලා හිටියේත් ඒ විදියටම ඇන තියාගෙන පත්තරත් බල බල.(අපි මේව කියන කොට දැන් ඉන්න අය අහනවා යකඩ ඇණ තියාගෙනද හිටියේ කියලා). ගෑනු කුස්සියේ වැඩ කරන කොට බිම ඉඳ ගත්තේත් මේ විදියට. ඒ කාලේ දැන් වගේ හිටගෙන උයන සිරිතක් තිබුනේ නෑ. පොල් ගෑවෙත් හිරමනය උඩ වාඩි වෙලා. ඒ වගේම ඒ කාලේ අපේ ආත්තම්මලා අම්මලා පොල් මිරිකුවේ ඇඟිලි වලින් නිසා ඒ අයට කවදාවත් අත් වල ආත්‍රයිටිස් හැදුනේ නෑ. අද එහෙම නෙවෙයි නගර වල  වැඩි හරියකට අවුරුදු 45 වෙන කොට ආත්‍රයිටිස්. ලංකාව ගැන රොබර්ට් නොක්ස් ලියලා තියන පොතේ තියෙනවා "

රටට ජනතාවට ආදරය කල ඇන් ඇම් සහ සීනි

අද උදේ මම රාජගිරියේ ගෝල්ඩන් කී රෝහලේදී අක්ෂි විශේෂඥ වෛද්‍ය සාලිය පතිරන මහතා හමුවී පසුව ගියා පහල තට්ටුවේ තියන කැන්ටීන් එකට මොනවා හරි බොන්න කියලා. ඒ ගිහින් වාඩි වෙලා ඉන්නකොට මගේ ඉස්සරහා හිටපු මහත්තයෙක් එයාගේ නෝනාට කැත විදියට බනිනවා කැන්ටිමේදී දීපු නෙස්කැෆේ එකට සීනි මදි කියලා. මම මහත්තයෙක් කියලා කිවුවේ මිනිහා කලිසමක් ඇඳලා හිටි නිසායි . “ මම තමුසෙට කිව්වා මෙතනට එන්න බෑ කියලා අර පහල කඩයට ගියා නම් රසට තේ එකක් බොන්න තිබුනා. තමුසෙට හැම එකම ලොකුවට ඕනනේ ” කියලා මිනිහා තනියම යන්න ගියා. අර අහිංසක නෝනාත් තමන් බිබී හිටපු නෙස්කැෆේ එක තියලා මෑන් පිටිපස්සෙන් ගියා. මේක දැකපු මට මතක් උනේ මීට අවුරුදු 44 කට පෙර උන සිද්ධියක්. 1974 දී ලෝකයේ සීනි මිල ඉහල යාම නිසා අපේ රටේ ලොකු සීනි හිඟයක් ආවා. කොලඹ කොහේවත් සීනි ටිකක් ගන්න තිබුනේ නැහැ. ඒ කාලයේ අපි වෛද්‍ය විද්‍යාලයේ පලමුවෙනි විභාගයට පාඩම් කරන කාලේ රෑට නිදි වරනවා. ඉතිං තේ කෝප්ප දෙකක් විතර බොනවා නැගිටලා ඉන්න. මේ සීනි හිඟය නිසා අපේ පාඩමත් හරියට කර ගන්න බැරි වෙලා  අපි  හිතා ගත්තා ඒ කාලේ මුදල් ඇමති එන් එම් පෙරේරා මහත්තයා හම්බ වෙලා දැනට දෙන මාසෙකට දෙන  ස

අසාධාරණ ආදායම බෙදී යාම - Social & Economic Injustice

Image
මා විසින් පසුගියදා ඉදිරිපත් කල සටහනින් පෙන්වීමට අවශ්‍ය වූයේ මෙරට වැසියන් අතර ආදායම බෙදී යාමේදී ඇතිවී ඇති ඉතා කණගාටුදායක විෂමතාවයත්, එමෙන්ම වක්‍ර බදු අය කිරීමේදී ඇති සමානතාවයත්ය. මෙහිදී උදාහරණ ලෙස මා ගෙන හැර පෑයේ මා වර්තමානයේ සේවය කරනු ලබන ආයතනයේ පිරිසිදු කිරීමේ කාර්යයන් ඉටු කරණු ලබන අබාන්ස් ආයතනයට අනුබද්ධිතව සේවයේ නියුතුව සිටින එක්තරා කාන්තාවක් හා අප ආයතනයේම ප්‍රධානියාය. මා මුලින් සඳහන් කල අයුරින් ඔහුගේ මාසික වැටුප රු. මිලියනයක් නොව මිලියන එක හමාරක් බව පසුව දැන ගතිමි. ඒ අනුව අර කාන්තාවට මාසිකව අතට ලැබෙන වැටුප වන රු 16000 ත් සමග සසඳා බලන විට එය 95 ගුණයකි.වැටුපට අමතරව ඔහුට නොමිලේ ලැබෙන ප්‍රවාහන පහසුකම්ද සලකා බැලුව විට මෙම අගය 100 ඉක්මවා යයි.නමුත් අනිත් අතින් ගත් කල ඔවුන් යම් වෙලෙඳ සැලකින් සීනි කිලෝවක් මිලදී ගන්නේ නම් දෙදෙනාම ඒ සඳහා ගෙවිය යුතු වන්නේ රජය මගින් අය කරණු ලබන බදු මුදල්ද ඇතුලුව එකම මුදලකි. එක් එක් අයිතමය සඳහා අය කරණු ලබන බදු ප්‍රමාණයන් වෙනස් වන අතර මා අසා ඇති පරිදි අල, ලූණු වැනි ආහාර වර්ග සඳහා ඒවා මෙරටට ගෙන්වන විට ඇති වටිනා කමට වඩා කිහිප ගුණයක් බදු ලෙස අය කරණු ලබයි. එමෙන්ම ම