Posts

Showing posts from March, 2019
මේ වෙන කොට මම මේ අධ්‍යක්ෂ කියන මරාලෙට කර ගහලා සති තුනක් විතර වෙනවා වගේම මගේ පීපී එකට යන එකත් නවත්තලා. එකක් හවස ඉස්සර වගේ 4.30 වෙන කොට එතෙන්ට යන්න බෑ. ඊලඟට ඉස්පිරිතාලේ ඈයෝ එතෙන්ට එන්න පටන් ගත්තා උන්ගේ ප්‍රශ්න අරගෙන. ගාල්ලට ආපු දා ඉඳන් උන් එක්ක හොඳින් උන්න හින්දා. ඒ වගේම ඒ කාලේ ඉඳන්ම මගේ නෝනාත් කිය කිය හිටියා එයාටත් පීපී එකක් දාලා දෙන්න කියලා. ගෑනුන්ට පුලුවන්ද පීපී කරන්න මෙන්න මේ කෙල්ලවත් බලාගෙන ඉන්නවා කියලා ඒ හැම වෙලාවකම මම එයාව කපලා දැම්මා. ඒත් මේ පාර කොහොමත් කෙල වෙන්න තියන එක නේ කියලා මගේ පීපී එක එයාට බාර දුන්න මාසෙකින් විතර වහලාම දාන්න පුලුවන්නේ කියලා. ඒ උනත් සතියක් විතර යනකොට මේක නැගලා යන්න පටන් ගත්තා හිටු කියලා. ගිංතොට හිටපු සේරම මුස්ලිම් ගෑනු ටික සෙට් උනා නියමෙට. මම 75 ක් විතර බලපු එක නැග්ගා 125 ට විතර මාස දෙකකින්. එදා ඉඳන් අද මේ වෙනකම්ම එයා පීපී එක කලා එක එක තැන්වල. මම එදා අත ඇරිය එක අද වෙනකං ආයේ පටන් ගත්තේ නෑ. අපි අපේ ගෑනුන්ව අන්ඩර් එස්ටිමේට් කරන්න හොඳ නෑ බන්. උන්ට මාර ගටක් තියෙන්නේ. මේ වෙන කොට හැම තැනම දෙපැත්තෙන්ම මිනී මරා ගන්නවා. හැමදාම ජේවීපී එකෙන් ඕගනයිස් කරපු පෙලපාලි.
ඉස්සර අපි පුංචිකාලේ අපේ ගම් වල මිනිස්සුන් වැඩි හරියකගේ රස්සාව උනේ වී ගොවිතැන. ගමේ හැමෝම වගේ පිරිමි කුඹුරු වැඩ කරනවා. ඒ අයගේ ලොකු එකමුතු කමක් තිබුනා. එක සැරේකට කට්ටිය සේරම එකතු වෙලා එක්කෙනෙකුගේ කුඹුරේ වැඩ ඉවර කරනවා. ඊලඟ දවසේ අනිත් එක්කෙනාගෙ. කුඹුරු වපුරන කොටත් ගොයම් කපන කොටත් ගොයම් පාගන කොටත් එහෙමමයි. ඉතින් සල්ලි දීලා වැඩට මිනිස්සු ගන්න ක්‍රමයක් තිබුනේ නෑ ඒ දවස් වල. ඒ වගේම පිරිමි හැමෝගේම ඉනේ දිය ලනුවක් කියලා එකක් තිබුනා. වයස අවුරුදු 8 - 10 වෙන කොට දාන ඒක මැරෙන කම්ම තියෙනවා. ඒක තියෙන්නේ ඕනම වෙලාවකට අමුඩය ගහ ගන්න. ඒ වගේම අමුඩ ලේන්සුවක් හැම තිස්සෙම කරේ හරි ඔලුවේ බැඳ ගෙන හරි තිබුනා. ඉතිං ඕනම වෙලාවක වැඩක් කරන්න ඕන උනොත් අමුඩය ගහ ගෙන සරම ලිහලා දාලා වැඩ කරනවා. පිටි පස්සෙන් ගිහින් බැලුවාම ඇඟේ මුකුත් නෑ වගේ පේන්නේ. මම කියන්නේ බොරු කියලා බොලාට හිතෙනවා නම් බලන්න හුලවාලි කියන පිචර් එක. ඒකේ ගාමිනී ෆොන්සේකා ඉන්නව අමුඩෙ ගහ ගෙන. මිනිහා කැමරාවට පස්ස හරවලා යන කොට නියමයි. ඉතිං ඒ කාලේ මමත් හරි ආසාවෙන් හිටියා දිය ලනුවක් ඉනේ බැඳ ගන්න. ඒත් ඒකට ගෙදරින් ඉඩ ලැබුනේ නෑ. මොකද අපේ තාත්තාගේ ඉනෙත් දිය ලනුවක් තිබුනේ
සති අන්තයේ අක්මාවේ දරුණු පිලිකා රෝගයකින් පෙලෙන මාගේ ඥාතියෙකු බැලීමට ගියෙමි. ඉතා සන්සුන් තත්වයේ සිටි ඔහු මා සමග කථා කරමින්කියා සිටියේ ඔහු හට ජීවත් වීමට ඇත්තේ තවත් සති කීපයක් බවත් මරණයට ඔහු තුල කිසිදු බියක් නැතත් මරණින් පසු කොහි ඉපදේද යන්න පිලිබඳව බියක් පවතින බවය.එසේ පවසා ඇත්තෙන්ම මරණින් මතු ඉපදීමක් ඇත්දැයි මගෙන් විමසීය. මා පැවසුයේ මා එසේ විශ්වාස නොකරන බවත් මරණින් පසු සියල්ල කෙලවර වන බවත්ය. කෙසේ වෙතත් එවැන්නක් තිබුනද ඔහු තම ජීවිතය ධාර්මිකව ගෙවූ හෙයින් බිය නොවන ලෙසද පැවසීමි. එවි ට ඔහු පැවසුවේ ධර්මාශෝක රජතුමා ඉතා ධාර්මිකව බුදු සසුනට විශාල සේවයක් කලද මරණ මොහොතේ ඇති වූ තරහවක් නිසා නිරයේ උපන් බව ඔහු අසා ඇති බවය.එවිට මා ඔහුට පවසා සිටියේ එම රජ තුමාට එසේ සිදු වූ බව තවෙකෙක් දන්නේ කෙසේද මේවා විකාර කථා බවත්ය. ඔහු විසින් තම ජීවිතයේදී කරන ලද බොහෝ හොඳ දේ හා අන් අය හට කරන ලද උපකාර මතක් කොට දී ඔහු සමග බොහෝ වේලා ගත කොට ආපසු පැමිනියෙමි. බෞද්ධයින්ගේ මනස තුලට ඇතුල් වී ඇති මෙම පුනරුත්පත්ති සංකල්පය නිසා අන් ආගමිකයින්ට වඩාඔවුන් මරණාසන්න මොහොතේ බියට පත්ව අසරන වන බව මා හට මෙම සිද්ධියෙන් පැහැදිලි විය. ඇත
ඊයේ මම ගියා කොලඹ හෝටලයක තිබිච්චි කොටහලු මගුල් උත්සවයකට. මේක මගේ ටිකක් දුරින් නෑයෝ වෙන කෙනෙකුගේ මිණිපිරියක් කොටහලු වීමේ ප්‍රීතිය සැමරීම සඳහා ගත්ත එකක්. සෙනග හෝටලෙන් කපලා එකක්. අහන්න දෙයක්ද මචං මේ දුර නෑයෙක් වෙච්චි මටත් එන්න කියාපු එකේ. නිකං ඉන්න එකේ මමත් ඉතිං ගියා අපේ නෝනා දීපු ප්‍රසන්ට් එකත් අරගෙන. මචංලා විස්වාස කරන්නේ නෑ ඒකට කරලා තිබුනු වියදමක්. මගේ නෑයාත් මං වගේම වයසක පොරක් නිසා කවුරුත් වැඩිය කතාවට එන්නේත් නෑ මගේ ලඟින්ම සෙට් වෙලා පටන් ගත්තා උගේ කතාව. පුතායි ලේලියි මේකට කරපු වියදම්, හෝටලයට එන්න කලින් ගෙදර තිබුනු පාටියේදී කෙල්ලට ලැබිච්චි තෑගි ගැන එහෙම දුන්නු නයි පාර අහලා මට හිතුනා අර මුචලින්ද මොන රජෙක්ද මූනේ නාග රාජයා කියලා. මට හිතුනා අහන්න කෙල්ලට බෙන්ස් එකක් අරං දුන්නේ නැද්ද කියලා අර පහුගිය දවස් වල කුරුණෑගල පැත්තේ ඔනරබල් කෙනෙක් කරා වගේ. ඒ උනත් ආයිමත් පොරව වයින් කර ගත්තොත් අහන් ඉන්න වෙන්නේ මටම නිසා සද්ද නැතුව හිටියා. මට මතක් උනා මීට අවුරුදු විස්සකට විතර ඉස්සර මම රත්නපුරයේ වැඩ කරන කාලයේ දවසක් මගේ නෝනා මට කෝල් එකක් දීලා කිවුවා ඉස්කෝලෙන් පණිවිඩයක් එව්වා කියලා අපේ දුව ඇටේන් වෙලා කියල
nmhg
swed

පිරජාතන්තර වාදය

මම මීට කලින් ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලියපු පෝස්ට් වලදී කිවුවා  1931  දී ඩොනමෝර් ව්‍යවස්ථාව    යටතේ අපේ රටේ අයට පලමු වතාවට චන්ද අයිතිය ලැබුනා කියලා. ඒ අනුව පත් වුනු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නායකයා වුනේ ඩී බී ජයතිලක එයා  1931  ඉඳන්  1942  වෙන කම් හිටියා. ඊට පස්සේ ඩී එස් සේනානායක මහත්තයා  1947  වෙනකම් ඉඳලා    1947  දී සෝල්බරි ව්‍යවස්ථාව යටතේ පැවැති   තිබිච්චි මැතිවරණයෙන් පස්සේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නම වෙනස් වුනා පාර්ලිමේන්තුව හැටියට. ඒ අනුව ඒකේ නායකයා අගමැති හැටියට වෙනස් වුනා. ඊට පස්සේ  1948  දී නිදහස ලැබුනාට පස්සේ නිදහස්    ලංකාවේ පලවෙනි අගමැති විදියට හැඳින්වුනා. ඒත් ලංකාවේ නිදහස් චන්දයෙන් පත් වෙච්චි පලවෙනි රාජ්‍ය නායකයා ඩී. බී. ජයතිලක මහත්තයා වගේම ඊලඟ නායකයා ඩී එස් සේනානායක මහත්තයා.  1946  දී එතුමා    හදපු එක්සත් ජාතික පක්ෂය හදපු හැටිත් බණ්ඩාරනායක මහත්තයා  1951  දී කෑල්ලක් කඩා ගෙන ගිහින් එතෙක් එයා නායකයා වෙලා හිටපු සිංහල මහා සභාව වෙනුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදලා මේ රටේ ජාතිවාදයටත් ඒ වගේම අද තියෙන සේරම ප්‍රශ්න වලටත් අඩිතාලම දාපු හැටිත් ඊට පස්සේ  1956  දී බලයට පත් වෙලා රාජ්‍ය භාෂාව සිංහල

මාටින් නීමොලර්

ඉස්සර ජර්මනියේ හිටියා මාටින් නීමොලර් කියලා කෙනෙක්. මෑන් පලවෙනි ලෝක යුද්දේ කාලේ ජර්මන් නාවික හමුදාවට බැඳිලා පස්සේ කමාන්ඩර් කෙනෙක් වෙන කම් ගියා. ඊට පස්සේ හමුදාවෙන් අයින් වෙලා ආගමික පර්යේෂකයෙක් වගේම පත්‍ර කලාවේදියෙක් වුනා. ඔහු ජර්මනියට තදින්ම ආදරේ කල කෙනෙක් වුනත් පසු කාලීනව හිට්ලර්ගේ නාසි ක්‍රමයට විරුද්ධ   වුනා. ඔහු ගැන නිරතුරුවම විපරමෙන් හිටපු හිට්ලර්ගේ ගෙස්ටපෝ කියන ඔත්තු සේවය 1937 දී ඔහු සිර භාරයට අරගෙන කන්සෙන්ට්‍රේශන් කෑම්ප් කියලා හැඳින්වෙන හිර කඳවුරු වලට දැම්මා. මේවා හිර කඳවුරු කිවුවාට ඒවා අර මස් වලට කෙනියන කුකුල්ලු ඉන්න තැන් වගෙයි. මම ඒවා දැකලා තියනවා ලන්ඩන් ,  වොශින්ටන් ඒ වගේම පෝලන්තයේ තියන කෞතුකාගාර වල. ඒවාට ගිය හිතක් පපුවක් තියන ඕනම කෙනෙකුට හිට්ලර් කියන වචනය අබිං වගේ වෙනවා. ඒ නම ඇහෙන කොට මහ ජුගුප්සාජනක හැඟීමක් එනවා. මේ හිර කඳවුරු වලට ගෙනිච්ච අයගෙන් ඉතා වැඩි පිරිසක් වද දීලා මරලා දාලා තියනවා. සමහර අය පර්යේෂණ වලට අරගෙන තියනවා දොස්තරලා. ඔය දැන් මීයන් වගේ සතුන් අර ගෙන කරන පරීක්ෂණ කෙලින්ම මිනිස්සු දාලා කරලා තියනවා. කොහොම හරි නීමොලර් අවුරුදු 8 ක් ඒවායේ ඉඳලා හිට්ලර් පැරදුනාට පස්සේ එ

වට්ට ගාමිණී අභය හෙවත් වලගම්බා රජතුමා

ඉස්සර වලගම්බා  ( වට්ට ගාමිණී අභය )  රජ්ජුරුවෝ සොලීන් එක්ක අවුරුදු  14  ක් සටන් කරලා තියනවා. මේ සටන් වලින් පැරදිලා රටේ එක එක තැන් වල හැංගිලා සේනා සංවිධානය කරලා නැවත නැවත සටන් කලත් සොලීන්ව යටත් කර ගන්න බැරි වෙලා    තියනවා. එතුමා ඒ විදියට හැංගිලා හිටපු තැන් වල පසු කාලේක වෙහෙර විහාර කරවලා තියනවා. ඒවාට තමයි අද ඔය රජ මහා විහාර කියලා කියන්නේ. අපේ ගමේත් තියනවා පරගොඩ රජමහා විහාරය කියලා එතුමා කරවපු එකක්.    ඉස්සර අපි පොඩි කාලේ ඔය විහාරේ ඉස්සරහා තියන    ගහෙන් රඹුටන් කඩා ගෙන කනවා. ඒ කාලේ හිටපු හාමුදුරුවෝ ඒවාට අරක් ගෙන ඒවායින් හම්බ කෙරුවේ නෑ. ඕන කෙනෙකුට කඩා ගෙන කන්න ඉඩ දීලා තිබුනා. ඒක කියන කොට මට මතක් වුනේ තව ඒ වගේ පන්සලක් තිබුනා   අටානිකිත   පන්සල   කියලා. ඒකේ හිටිය හාමුදුරුවෝ අද ඉන්න කහකඩයෝ වගේ. අටානිකිත    හාමුදුරුවෝ කියපු එයාට අපේ තාත්තා කිවුවේ අටානිකිත ගැටයා කියලා. ඒ පන්සලේත් තිබුනා රඹුටන් ගහක්. ඒකේ ගෙඩි හැදෙන කාලේට අටානිකිත ගැටයා එතනමයි. දවසක් ගැටයා ටිකක් එහාට මෙහාට වෙන කම් ඉඳලා ඉස්කෝලේ ගිහින් ආපු බූරින්ද කියලා කොල්ලෙක් අර ගහට නැගලා ගෙඩි කඩන කොට ගැටයා ඇවිත්  “ තෝ බැහැපිය ගහෙන් අද මම තෝව මස්
1981 දී බ්‍රිතාන්‍යයේ යකඩ ගැහැනිය කියන නමින් හැඳින්වුනු අගමැතිනි මාග්‍රට් තැචර්ගේ කාලයේ උතුරු අයර්ලන්තය එක්ක තිබුනු යුද්ධය නිසා හිරේට ගත්ත අයර්ලන්ත හමුදාවේ හිටපු අවුරුදු 28 ක් වුනු බොබී සෑන්ඩ්ස් දවස් 60 ක්ම නිරාහාරව උපවාස කරලා මැරිච්ච වෙලාවේ මිනිහෙකුට එහෙම කරන්න පුලුවන්ද කියලා එතකොට අවුරුදු 28ක් වෙච්චි මම පුදුම උනා. අනික ඒ වෙන කොට බොබී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවටත් මන්ත්‍රී කෙනෙක් හැටියට පත් වෙලා තිබුනේ. ඒත් කවදාවත් පාර්ලිමේන්තුවට ගියේ නෑ. ඒ කාලයේ වේල් තුනම හොඳට සොසේජස්, පීකුදු එක්ක ඇදලා ඇරලා ඌරෙක් වගේ හිටපු මමත් ටික දවසක් කෑම නොකා ඉන්න තීරණය කරලා දවසක් ගාල්ලේ මහමෝදර ඉස්පිරිතාලේ ක්වාටර්ස් එකේ මගේ කාමරයට වෙලා හිටියා. යන්තම් හවස 2 විතර වෙන කොට ඇඟ ගැහෙන්න ගත්තා බඩ ගින්නේ. හතර විතර වෙන කොට ඉන්නම බැරි වෙලා ඉස්පිරිතාලේ ඉස්සරහා තිබුනු අබේසේකර හෝටලයට ගිහින් දුන්න ඇරියසුත් කවර් වෙන්න. ඉතින් ඊට පස්සේ මට බොබී සෑන්ඩ්ස්ව පෙනුනේ මහ පුදුම ප්‍රාතිහාර්යයක් කරපු මිනිහෙක් හැටියට. ඇයි බං දවස් හැටක් තමන්ගේ උවමනාවෙන් මැරෙන කම් නොකා ඉන්න. කෑම නැතුව මැරෙන එක වෙනයි. ඒත් කෑම තියෙද්දී. මෙතෙන්දී මට මතක් වෙනවා
අද පොසොන් පුන් පොහෝ දිනයයි. ලංකාවාසී බෞද්ධයින් වන අප හට ඉතා වැදගත් දිනයක් වන අතර සමහරු මෙදින වෙසක් දිනයටත් වඩා වැදගත් කොට සලකති. ඒ ධර්මාශෝක අධිරාජයා විසින් ඉන්දියාවේ සිට ලංකාවට අනුබුදුන් ලෙස සැලකෙන මිහිඳු මහ හිමියන් මගින් බුදු දහම එවූවේ අද වැනි දිනක වීමයි. ජනප්‍රවාදයේ පැවැසෙන්නේ මිහිඳු හිමියන් තවත් රහතන් වහන්සේලා 6 නමක් සහ එක් උපාසක කෙනෙක්ද සමග මිහින්තලයට අහසින් වැඩම කල බවත් දඩ කෙලියේ ගොස් සිටි දේවානම් පියතිස්ස රජු දැක තිස්ස තිස්ස නමින් කතා කොට ඔහු එහි ගිය පසු ප්‍රශ්ණ තුනක් අසා ඒවාට දුන් පිලිතුරු අනුව රජුට බුදු දහම තේරුම් ගැනීමට තරම් බුද්ධියක් ඇති බව දැන දහම් දෙසූ බවයි. ගාල්ලේ මහින්ද විද්‍යාලයේ අට වසරේ සිසුවකුව සිටියදී මෙම පාඩම යාපා සර් විසින් ඉගැන්වූ විට මා හට ප්‍රශ්නයක් වූයේ රහතකු නොවූ උපාසක තැන අහසින් පැමිණියේ කෙසේද යන්නයි. මෙය මා විසින් අසා සිටි විට ඉන් කිපුන ගුරු තුමා මා පාඩම අවසාන වන තුරු බිම දණ ගස්වා තබන ලදී. එබැවින් මෙම පාඩම ජීවිතය පවතින තුරු මට අමතක නොවන්නකි. ඊට අවුරුදු හතලිහකට පමන පසු එනම් මීට අවුරුදු දහයකට පමණ පෙර මහාචාර්ය නන්දසේන රත්නපාල මහතාගේ මළ ගෙදරට රාත්‍රියේ ගොස් ස
මෙල්බර්න් වලට ගිය මගේ පුතා මට උපන් දිනයට කියලා පහු ගිය දවස් වල හෙන කොලිටි සෙට් අප් එකක් එවලා තිබුණා. ඉතින් වෙලාව තිබුන එකේ ඊයේ ඒක හයි කරගෙන හා පුරා කියලා එෆ් එම් නාලිකාවක පොසොන් දිනය වෙනුවෙන් විකාශය කල කොලිටි බණක් ඇහුවා. මම හිතන්නේ මගේ කොල්ලා සාධාරණව හම්බ කරලා තාත්තාට තෑග්ගක් හැටියට උතුම් චේතනාවෙන් එවපු එක නිසා වෙන්න ඕන මට එහෙම කොලිටි බණක් මුලින්ම අහන්න ලැබුනේ. නෑ නෑ බය වෙන්න එපා මම ඒ කියපු බණ කියන්න යනවා නෙවෙයි. ඒත් වටිනා ධර්ම දේශනාවකට පස්සේ උන් වහන්සේ කිවුවා දැන් දශක කීපයකට කලින් පටන් අරගෙන එන්න එන්නම තීව්‍ර වෙන වෙසක් දවසේ අපේ මිනිස්සු කරන විකාර වැඩ දැකලා උන් වහන්සේ හරිම කම්පාවකින් හිටියේ කියලා. ඔලු බක්කන්, මහ හඬින් නලා නාද කරමින් විකාර ඇඳුම් ඇඳගෙන පාරේ යන අන් අයට කරදර කරමින් යන මෝටර් සයිකල් කරුවන්, පාරේ යන වාහන බලෙන් නවත්වන දන්සැල් කරුවන් වැනි තවත් බොහෝ දේ. බෞද්ධයින් වශයෙන් කල යුතු දාන ශීල භාවනා වෙනුවට මේ විකාරය එන්න එන්නම වැඩි වූ බවත් ඒත් පහු ගිය වෙසක් දිනය ඉතාම සාමකාමීව පැවැතුනු බවත් නියම බෞද්ධයින් පුරුදු පරිදිම විහාරස්ථාන වලට ගොස් ආගමික කටයුතු වල යෙදුණු බවත් පාරවල් වල තිබුණු
ගිය සිකුරාදා මගේ ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම හොඳ මුස්ලිම් බොක්කක් කතා කලා. පොර කිවුවා උගේ පුතාට අන්තිමට දුවෙක් ලැබුනලු පුත්තුම හතර දෙනෙකුට පස්සේ. මෑන්ට මාර හැපි මොකද පුතා හරිම ආසාවෙන් හිටියලු දුවෙකුට. එහෙම තමයි බං තාත්තලා උනාම. මට නම් පලවෙනියටම දුවෙක් ලැබුන නිසා හරි සතුටු උනා. අර කියන්නන් වාලේ කිවුවට ඇත්තටම ඒකි ලැබුනේ මගේ හොඳම යාලුවට. ඉතින් මේ පිය සෙනෙහසට ජාති ආගම් කුල භේදයක් නෑ. මම කිවුවා පුතාට කියපන් කියලා මම සුබ පැතුවා කියලා. එතකොට මෑන් කිවුවා ඕවා ඉතින් සිද්ධ වෙන්නේ දෙයියන්ගේ කැමැත්ත අනුවනේ ඒ නිසා කොයි එකත් සතුටෙන් බාර ගන්නවා කියලා. එතකොට මම ඇහුවා එතකොට උඹේ පුතා මොකවත්ම කලේ නැද්ද දෙයියොද සේරම කලේ කියලා. එතකොට මිනිහාට මල පැන්නත් පරණ බොක්ක නිසා මට මොනවත් කිවුවේ නෑ. මම ඇහුවා අනේ බං මම දැන ගන්නයි මේ අහන්නේ. මම මේ මෑතක ඉඳන් උඹලාගේ ආගම ගැන සොයනවා, ඉගෙන ගන්නවා. ඒ නිසා මට කියපන් සේරම වෙන්නේ දෙයියන්ගේ කැමැත්ත උඩ නම් බොලා ලෙඩ වනවා ඇත්තෙත් ඒ කැමැත්ත උඩම වෙන්න ඇතිනේ. ඉතින් එහෙම නම් ඇයි උඹලා ඒක සතුටින් පිලි ගන්නේ නැතුව ඒක සනීප කර ගන්න බෙහෙත් ගන්නේ, ඒක දෙවියන්ගේ කැමැත්තට විරුද්ධ වීමක් නේද කියලා. ම