Posts

Showing posts from February, 2019

කැදැල්ල හිස් වෙලා. - Empty nest syndrome

පහුගිය දවස් දෙක තුනේ මගේ පපුවේ මැදයි, වම් උරහිසේ කැක්කුමයි, ටිකක් ඇඟට පණ නැති ගතියකුයි තිබුනා. ඒ ලකුණු හාට් ප්‍රොබ්ලම් එකක ඒවා නිසා මම ඇත්තටම සතුටු වුනා මගේ ටිකට් එක එයි කියලා. ඇයි බං තවත් මොනවට කියලා ඉන්නවාද. ඉස්සරනම් විභාග පාස් වෙන්න, රස්සාව කරන්න, කසාද බඳින්න,දරුවෝ ලැබුනාම උන්ගේ වැඩ කරන්න කියලා ටාගට් එකක් තිබුනා. දැන් ඒවා සේරම බලාපොරොත්තු වුනු විදියටම සම්පූර්ණයි. ඉස්සර මම ගෙදර එනකම් දරුවෝ තුන් දෙනා බලා ගෙන ඉන්නවා. ඉතින් මම කොලඹ ඉඳන් හැමදාම ගාලු ගියා. ඒ වගේම රත්නපුරේ ඉන්න කාලේ හැමදාම අප් ඇන්ඩ් ඩවුං කිමී 180ක් ජීප් එක එලව ගෙන මීරිගම ඉඳන් රත්නපුරයට යනවා ආපහු එනවා. මම එනකම් උන් බලාගෙන ඉන්නවා. එක දවසක් මම එන කොට මගේ යාලුවා කිවුවා 'අන්න තාත්තා ආවා. මෙන්න මම කිවුවාට අහන්නේ නෑ. මඩ අනනවා. ඔන්න දැන් තාත්තා බලා ගනියි" කියලා. මම යන කොට මීරිගම ක්වාටර්ස් ඉස්සරහා පෝටිකෝ එක යට කොල්ලෝ දෙන්නා මඩ අනනවා. මම කිවුවා "හරි ශෝක් පුතේ මමත් ඒ කාලේ ඕවා කරා ගමේදී. තව අනලා එක එක රූප හදන්න" කියලා මම ඒක රෙකෝඩ් කලා. බයේ හිටපු උන් දෙන්නාගේ මූණ හිනාවෙන් පිරිලා ගියා. මට තාමත් මැවිලා පේනවා. මට මතකය

ලංකාවේ රසායනාගාර බොහොමයක කරන්නේ බොරු

මගේ පරිපාලන සේවා කාලයේ අන්තිම අවුරුදු හත මම හිටියේ ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ හැටියට. මගේ කරුමෙ කියන්නේ අර කරාපිටියෙදි වගේ එතනත් මම තමයි මුල්ම වෛද්‍ය පරිපාලකයා අධ්‍යක්ෂ වෙලා ගියපු. ඒක පිහිටවපු දා ඉඳන් ඒ වෙනකම් හිටියේ විශේෂඥ වෛද්‍ය වරයෙක් අධ්‍යක්ෂ හැටියට. එතනත් අර කරාපිටියෙදි දුන්න ගේම දෙන්න හැදුවත් මම එතකොට අර ප්‍රේමදාස මහත්තයා කිවුවා වගේ හොඳට තෙම්පරාදු වෙලා හිටි නිසා එතන හිටපු එවුන්ගේ ලුනු ගොරකා මදි උනා මාව තම්බන්න. ඒ විස්තර මම එතෙන්ට ආවාම කියන්නම්. ඉතිං ඒ අවුරුදු පහේදී මට පිටරට යන්න උනා හිටු කියලා. මම කොහොම හරි ඔය අවුරුදු 7 ඇතුලත 60 පාරක් විතර පිට රට ගිහිං තියනවා. සමහර ඒවා ඇමති කපලා දැම්මත් නමට ආපු ඒවා පොරට කපන්න බැරි උනා. 2010 පෙබරවාරි මාසේ මමත්, ඊට පස්සේ කාලෙක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෙච්ච මහීපාල මහත්තයාත් ගියා 22-23 වෙනකං කත්මන්ඩු වල තිබුන මීටිමකට. අපිට යන්න උනේ ඉන්දියාව හරහා. ගිහිං ආපහු එනකොට කත්මන්ඩු වලින් දිල්ලියට එන ප්ලේන් එක පැයක් විතර පරක්කු උනා. දිල්ලියට එනකොට කොලඹට එන ප්ලේන් එක ගිහිං. ඉතිං අපි පැය විසිහතරක්ම එයා පෝට් එකේ ඉඳලා ඊලඟ දවසේ ප්ලේන් එකේ ආවා. ඇවිත් ඊට පස්සෙන්

සිංහල බෞද්ධ කුඩ්ඩෝ සහ කුඩු නායකයෝ.

ඊයේ මගේ හොඳම යාලුවාට පන්සලට යන්න ඕන වෙලා "අනේ අද ඩ්‍රයිවරුත් නිවාඩු චූටි පුතාත් මෙඩිකල් එක්ෂිබිශන් එකට බී එම් අයි සී එච් එකට ගිහින් ඒ හින්දා මාත් එක්ක පන්සලට යන්න එන්න" කියලා ඥං පචං ගාපු නිසා එයාත් එක්ක ගියා පන්සලට. මාව දැකපු ගමන් ලොකු හාමුදුරුවෝ "ආ අද දොස්තර මහත්තයා පන්සල් ඇවිත් තියෙන්නේ මොකද පාර වැරදිලා වත්ද" කියලා කිච වැදෑරිල්ලක් වැදෑරුවා. මම කිවුවා අනේ අපේ හාමුදුරුවනේ හරියට වැඩ කියලා. හාමුදුරුවෝ කියනවා බෞද්ධයෙක් වෙලත් මහත්තයලා පන්සල් එන්නෙ නෑ. මහත්තයලාගේ ආගම තියෙන්නේ උප්පැන්න සහතිකයේ විතරයි,අද කාලේ සිංහල බෞද්ධ ගෑනු දරුවෝ හදන්නෙත් නෑ ශරීරය කැත වෙනවාට බයේ, මෙහෙම ගියොත් සිංල බෞද්ධයින් නැති වෙනවා මේ රටේ කියලා. මට මල පැන්නා ඕයි ඒක අහලා. මම කිවුවා අපේ හාමුදුරුවනේ මම අවුරුදු 35 ක් විතර වෙන කම් උපතින් බෞද්ධයෙක් තමයි. ඒත් ඊට පස්සේ මම පැවැත්මෙන් බෞද්ධයෙක් උනා. මම පන්සිල් රකිනවා. හැමෝටම එක වගේ සලකනවා. රස්සාව හරියට කරනවා හැම තිස්සෙම නිරාමිස සතුටකින් ඉන්නවා, මම හිතන්නේ ඒක තමයි පින කියන්නේ කියලා. ඔය හැමදාම පන්සල් එන අය ගැන ටිකක් හොයලා බලන්න ඒ ගොල්ලන්ගේ කෙරුවාව කොහොමද කියල

පාරම්පරික සමාජ ක්‍රමයේ බිඳ වැටීම - 1978 ඛේදවාචකය

Image
අද උදේ මට කෝට්ටේ ඉඳලා එන්න උනේ බස් එකේ. මොකද වෙනදා මාව එක්ක යන අර මගේ යාලුවා ගමනක් ගිහින්. ඉතින් පාන්දරම මගේ හොඳම යාලුවාගේ මාර කච කචේ ගෙදර වාහන තියෙද්දි ඒකක යන්නේ නැතුව උදෙන්ම බස් එකේ යන්නේ මොකොටෙයි කියලා. ඒ උනාට උදේම ට්‍රැෆික් නැති වෙලාවේ හොඳට ඉඩ තියෙන බස් එකක යන කොට තියෙන ආතල් එක දන්නේ එහෙම යන උන් විතරයි. ඇයි යකෝ දවල්ට අඩුම ගනනේ විනාඩි 45 ක් යන ගමන විනාඩි 12 කින් විතර යන එක. අනික උදේම හොට් හොට් එන සීතල හුලඟ ජනේලෙන් ඇවිත් වදින කොට. කියලා වැඩක් නෑ බං. ඒක වෙනමම ආතල් එකක් අර ජෙහාන් කියනවා වගේ. පොඩ්ඩක් අප්සෙට් එකකට තියෙන්නේ බස් එකේ දාන සිංදු අහගෙන ඉන්න එකයි. ඒකත් ඉතිං පුරුදු වුනාම ගානක් නෑ බං. හැබැයි අද උදේ මම බස් එකේ ජනේලෙ අයිනෙන් වාඩි වෙලා ඩිපක් ගහ ගෙන යන කොට රාජගිරිය හරියෙදි ඇහුනා සුනිල් එදිරිසිංහ ගායනය කරපු නියම සිංදුවක්. ඩිප ගහලා හිටපු වෙලාවේ ඒ සිංදුව ඇහුවාම ඩිප තවත් වැඩි උනා බං. ඒකේ කියපු ඒවා අහ අහ ඇවිත් අන්තිමට මට බස් එකෙන් බහින්න උනේ ඒක කොල්ලුපිටියේ ස්ටේෂන් එක ලඟ නවත්තලා 'මහත්තයා බහින්න" කියලා කොන්දා කිවුවාමයි. හොඳ වෙලාවට එතනින් බස් එකේ ජර්නි එක ඉවරයි. හිස් බඩම මහත්තය

නීරෝගීව සිටිමුද?

Image
ගිය සිකුරාදා මට ටිකක් වැඩ වැඩි දවසක් වුනා. දිගටම දවස් හතරක් නිවාඩු නිසා හදිසියේ නැවු වල වැඩට යන අයට බදාදා වෙනකම් ඉන්න බැරි නිසා සේරමලා එදා මෙඩිකල් වලට ආවා. ඔය අස්සේ පොරක් ඇවිත් “අනේ ඩොක්ටර් මගේ වැඩේ හරි ගිහින් නෑ නේද. මම දැන් මොකද කරන්නේ” කියලා එක විලාපයයි. මම කිවුවා මට කරන්න පුලුවන් හැම දෙයක්ම කලා. අන්තිමට පැරිස් වල තියන හෙඩ් ඔෆිස් එකටත් මම නිකම් සවුත්තු උනා ඔයා ගැන කියන්න ගිහින් කියලා. මේ මෑන් දැනට සති දෙකකට විතර ඉස්සර මෙඩිකල් වලට ආවාම මම ෆුල් චෙක් කරන කොට මූට ඩයබිටීස්, ප්‍රෙශර්, කොලෙස්ටෙරොල් හොඳටම වැඩි වෙලා විතරක් නෙවෙයි ලිවර් එකේ ලෙඩත් තියනවා. වයස අවුරුදු 35 ක පොරක්. මිනිහා කිවුවා දැන් මේ අවුරුද්දකට පස්සේ තමයි යන්න හදන්නේ අතේ සතයක් නැති ගානට වැටිලා. ගෙදර අයට කන්නත් නැති වෙනවා යන්න බැරි උනොත් කියලා. ලෝකේ තියන හොඳම, හොඳට ගෙවන, නැවු කොම්පැනියක නැවු වල තමයි පොර යන්නේ. මේ වගේ කොම්පැනි හොඳට ගෙවනවා වගේම යන උන්ගේ සෞඛ්‍ය තත්වය ගැන හොඳට හොයනවා. ඒ නිසා උන් 40000 ක් විතර වියදම් කරනවා මෙඩිකල් එකට. සේරම ටෙස්ට් කරන්න ඕන. ට්‍රෙඩ් මිල් ටෙස්ට්, ස්කෑන් සේරම. ෆුල් බොඩි චෙක් අප්. ඉතින් මොනවා තිබුනත