23.034.2018

මගේ පහුගිය දවස් දෙකේ පෝස්ට් වලට නොයෙක් විදියේ කමෙන්ට්ස් ලැබිලා තිබුනා. ඒ සියල්ලටම මම ස්තුතිවන්ත වෙනවා. මෙම පෝස්ට් වලින් මම බලාපොරොතු වුනේ මගේ රාජකාරි කාලය තුලදී හා ඉන් පසු කාලයේ දී මා ලැබූ රාජ්‍ය සේවාව හා දේශපාලනය ගැන මා ලැබූ අත් දැකීම් බෙදා ගැනීමටත් දේශප්‍රේමය හා ජාත්‍යාලය පෙන්වමින් ජනතාව මුලා කර තමන්ගේ වාසිය සඳහා රට විකුනමින් සිටින තක්කඩි දේශපාලකයින් එලිදරවු කිරීමයි.

මට ලැබුණු කමෙන්ට්ස් අතරින් මා සිත් ගිය එකක් ගැනයි මේ. එක්තරා වෛද්‍යවරයෙක් පවසා තිබුනා ලබන ජනාධිපතිවරණයට ගෝඨා ඉදිරිපත් වන්නේ නම් ඔහු ඒ සඳහා පූර්ණ සහයෝගය දෙන බවත් ඔහු වෙනුවෙන් දේශපාලන වේදිකාවේ කතා කිරීම වූවද සූදානම් බවයි. එමෙන්ම ඔහු පවසා තිබුනා මේ අවස්ථාවේ සියලුම සිංහලයින් ගෝඨා වටා එකතු වී ඔහුව ජයග්‍රහණය කර විය යුතු බවයි. මෙහිදී මා සිතෙහි ප්‍රශ්න කීපයක් පැන නැගුනා. සිංහලයින් සියල්ල ගෝඨා වටා එක් වන්නේ නම් මෙරට වසන අනිත් ජාතීන් එක් විය යුතු වන්නේ කා වටාද. සියලුම සිංහලුන්ගේ චන්දයෙන් පත් වන ගෝඨාගෙන් ඔහු බලාපොරොත්තු වන්නේ කුමක්ද. අනිකුත් සියලු ජාතීන් විනාශ කිරීමද. එසේ කලායයි කියමු. ප්‍රශ්නය අවසාන වෙයිද ඉන් පසු හට ගන්නේ සිංහලයින් අතරම බෙදීමයි. ආගම වශයෙන්, උඩ රට පහත රට වශයෙන්, කුලය වශයෙන්, පලාත් වශයෙන්, ගම් ආදී වශයෙන්. ඔවුන් සියලු දෙනා සිතන්නේ අන් අය අපට අයත් නොවන බවයි. අවසාන විග්‍රහයේදී තමන් හැර අන් සියල්ලන්ම පිට අය වේ.

මෙම කමෙන්ට් අක දැක මම අතිශය කම්පාවට පත් වීමි. මන්ද ඔහු පවසන දෙයිත් විජයකලා පවසන දෙයිත් කිසිදු වෙනසක් නොමැති බැවිනි. බොහෝ අය ගෝඨාගෙන් බලාපොරොත්තු වන්නේ මෙය නම් ජාතියේ අවසානයද එයම වනු ඇත. මේ හොඳටම ප්‍රමාද වූ අවස්ථාවේ අවශ්‍ය වන්නේ සියලු ජාතීන්ගේ බුද්ධිමතුන් එක්ව අප රට ගමන් කරමින් තිබෙන අතිශය විනාශකාරී මාර්ගයෙන් එය මුදවා ගැනීමයි.ඉන් පසු තම තමන්ට ඇති ගැටලුද එලෙසින්ම විසඳා ගැනීමයි. අනේ මන්දා මේ මට හිතෙන විදියයි. හෙට සිට නැවතත් මගේ පුරුදු කතාවට.

එදා අර පාර්ලිමන්ට් ග්‍රවුන්ඩ් එකේ කුඩු කාරයා නිසානේ මාතෘකාවෙන් පිට යන්න උනේ.මීට පස්සේ මම එතෙන්ට යන්නේ නෑ. මම හවසට බම්බලපිටියේ ඉඳන් කෝට්ටෙට පයින් යනවා. ඊයේ මම ඒක පටන් ගත්තා. හැබැයි පාරේ යන කොට ඊට වඩා දේවල් පේනවා. පේනවා නෙවෙයි දකිනවා බං. පාර අයිනේ හැම තැනම පොඩි එවුන්ගේ රූප තියෙනවා "අනේ අය්යේ පා පුවරුවේ යන්න එපා" කියලා බෝර්ඩ් අල්ල ගෙන. ඒත් ඒවා නොදැක්කා වගේ පොරවල් පාපුවරුවේ විතරක් නෙවෙයි බස් එකේ එල්ලිලත් යනවා. ඇයි බං මම විතරක් මේවා දකින්නේ. මගේම කරුමේ.ඒ උනාට මම ඒවා ගැන ලියන්න යන්නේ නෑ. ගෝඨා ආවාම පොරවල් එහෙම එල්ලිලා යන එක නවත්තයිනේ.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී