1977- බහුබූත විවෘත ආර්ථිකය

ඉස්සර අපි පොඩි කාලේ අපේ ගම් වල තිබුනා ග්‍රාම සංවර්ධන සමිතිය කියලා එකක්. ඒකෙන් තමයි ගමේ සංවර්ධන වැඩ ගොඩක් කෙරුනේ. පොදු ලිංබෝක්කුකුඹුරු වලට වතුර ගෙනියන ඇනිකට් වගේ දේවල් හැදුවේ ඒකෙන්. මේකෙදි ජනතාවගේ ශ්‍රමයත් ඒ අය ගම වෙනුවෙන් වැය කලා. ඒ විදියට රු 500 කින් රු 750 ක විතර වැඩ කලා. ඒ කාලේ සිමෙන්ති කොට්ටයක් රු 8.50 යි. කෙනෙකුගේ දවසක පඩිය 2.50 යි මේසන් කෙනෙකුට රු 5.00 යි. ඉතින් රු 500 කින් පුලුවන් ලොකු දෙයක් කරන්න. රජයෙන් 500 ක් ලැබෙන කොට 750 ක වැඩ කරනවා. ඊට අමතරව අවශ්‍ය කරන ගල් වැලි සපයලා දීලා ගමේ අයට ගානකුත් හොයා ගන්න පුලුවන්. මේ නිසා අර රු. 500 ම ගමේම රැඳෙනවා. මට මතකයි 1965 චන්දෙට කලින් අපේ ගම මැදින් තිබුණු ගුරු පාරට තාර දානවා. එතකොට මම අවුරුදු දහයක පොරක්. ඒ කාලේ අපි අවුරුදු 9යි මාස හය පැන්න ගමන්ම කියන්නේ අවුරුදු දහයයි කියලා. තාමත් පොඩි එවුන් එහෙමයි. මගෙන් බෙහෙත් ගන්න එක්ක එන පොඩි එවුන්ගේ වයස ඇහුවාම අම්ම කිවුවොත් අටයි කියලා පොඩි එකා පැනලා කියනවා නෑ නවයයි කියලා. එතකොට මම පොඩි එකාගේ ඔලුව අතගාලා ඔන්න මම පුතා කියපු එක ලියා ගන්නවා කියලා කියනවා. එතකොට පොරට හරි සතුටුයි. හැබැයි වයසට යන කොට ඒක වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ගැහැණු අයගේ වයස අවුරුදු 29 ඉඳලා තිහ වෙන්න සාමාන්‍යයෙන් අවුරුදු දහයක් දොලහක් යනවා. ඉතින් ඒ ගොල්ලා වයස කිවුවාම මම අහනවා ඩිස්කවුන්ට් එක්කද නැතුවද කිවුවේ කියලා. මේක කිවුවා කියලා මගේ ගැහැණු යාලුවෝ තරහා වෙන්න එපා. දන්නවානේ මම සොමිබර පොරක් කියලා. ආතල් ගන්න පුලුවන් හැම තැනකදීම ආතල් ගන්නවා හැබැයි මරණානුස්සතියෙන් යුක්තව.

ඔන්න බලපල්ලාකෝ මේ තාර කේස් එක ගිය දුර. මම කියාගෙන ආවේ ඒ තාර දාන වෙලාවේ ඒකට අවශ්‍ය කරන ගල් කඩලා දුන්නේ ගමේ අය. මට මතකයි ගල් වලට බෝර ගහනවා. ගල් කටුවෙන් ගල විදිනවා පැය ගාණක්. ඊලඟට වෙඩි බෙහෙත් එහෙම දාලා පුරවලා දෙන්නෙක් දෙපැත්තේ ඉඳන් කෑ ගහනවා බෝරේ කියලා හතර පස් වතාවක්. ඊට පස්සේ වෙඩි නූලට ගිනි තියලා දුවනවා. වෙඩිල්ල පත්තු වුනාම ඒ කෑලි එක එක සයිස් වලට කඩලා පාර අයිනේ ගොඩ ගහලා ගානක් හොයා ගන්නවා. වැඩ කරන්නෙත් ගමේ අයමයි. මේ නිසා මාස කීපයක්ම ගමේ සෑහෙන පිරිසක් ඒ ව්‍යාපෘතියෙන් යැපෙනවා. ගල් තලන රෝලයි ඒකේ ඩ්‍රයිවරුයි තව කීප දෙනෙක් විතරයි පිටින් එන්නේ. ඒ අයටත් ගමේ අය ඉන්නකන්න බොන්න දෙනවා. හැන්දෑවට හොඳ කිතුල් රා ටිකක් සප්පායම් වෙලා සොමියක් දානවා. බෝර ගහනවා බලන්න බොහොම අමාරුවෙන් ගියත් අනිත් ඒවා බලන්න මට ගෙදරින් ඉඩ දුන්නේ නෑ අවුරුදු දහයක කොල්ලෙක් වෙලත්.

තාර දාලා ඉවර වුනාට පස්සේ ඒ පාර අපට පෙනුනේ ටයිල් අල්ලපු පොලොවක් වගේ. ඇයි බං කලින් පාරේ මතු වෙච්ච ගලින් ගලට බ්‍රේක් ගහ ගහ  පැන පැන ගියපු බයිසිකල් කාරයෝ දැන් බ්‍රේක් එක අත ඇරලා හිටු කියලා යන කොට එහෙම හිතෙන එක වරදක්ද. අනික ඒ කාලේ අපි ටයිල් පොලොවවල් දැකලාවත් තිබුනේ නානේ. පහු කාලේක මෙඩ්ඩා වෙලා වෙසක් භක්ති ගී කියන්න ඒ කාලේ කොලඹ හිටපු ලොක්කන්ගේ ගෙවල් වලට ගියාම මම දැක්කේ රතු සිමෙන්ති දාපු පොලොවවල් තමයි. නවලෝක මුදලාලිදොස්තර ඇන්තනීස්ජේ ආර්ගේ ගෙදරඩඩ්ලිගේ වුඩ්ලන්ඩ්ස් එක වගේ හැම තැනම එහෙමයි. ඔය ටයිල්ටෙරාසෝපාකේ වගේ ඒවා ඒ කාලේ තිබුනේ නෑ.
ඉතින් මේ පාරේ බයිසිකල් යන හැටි දැකලා මමත් හදා ගත්තා ලී රෝද හතරක් හයි කරලා කරත්තයක් වගේ එකක්. ඒකේ ඉස්සරහා රෝද දෙක හරවන්න අර හරකාගේ නාහෙට දානවා වගේ  ලණු කෑලි දෙකක් දාලා බැඳලා කන්ද උඩට ගිහින් වාඩි වෙලා පහලට යනවා අර ලණු දෙකෙන් දෙපැත්තට ඇදලා හරවනවා කාර් එකක් වගේ. මේක දැකපු ගමේ කොල්ලෝ වට උනා ඒකේ යන්න. ඉතින් මම උන්ට කියලා කරත්තේ කන්ද උඩට ගෙනිහින් ආයිත් පහලට එනවා. එක පාරක් මම ගිහින් ඊලඟ පාර උන් එකෙකුට දෙනවා. ඔය විදියට සිය පාරක් ගියොත් පනස් පාරක් මම. ඉතුරු පනස් පාර අරුන් දහ දෙනෙකුට විතර. හැබැයි සිය පාරම කරත්තේ කන්ද උඩට ගේන්න ඕන උන්. දැන් කවුරු හරි කියන්න පුලුවන් මූ මේ දැන් බණ කිවුවට පොඩි කලේ ඉඳලම කරලා තියෙන්න සූරා කන එකයි. කරත්තේ දල ජාතික වාර ගණන වෙච්ච සීයෙන් ඒක පුද්ගල වාර ගණන දහයක් වුනත් මූ දීලා තියෙන්නේ පහයි ඌට පනහක් තියාගෙන  කියලා. ඒ වගේ කට කැඩිච්ච කතා කියන උන්ට මම කියන්නේ එතන සම්පූර්ණ ආයෝජනය මගේ ඒ නිසා එතන දල නිෂ්පාදනයක් නෑ. ඒ වගේම අර ලී රෝද කැඩුනාම අලුත් රෝද දාලා නඩත්තු කරන්නෙත් මම. පිටින් මම ගත්තේ ඔපරේෂනල් සපෝර්ට් එක විතරයි. ඒකට මම උවමනාවටත් වඩා ගෙවලා තියනවා. ඒ උනත් දැන් ඉන්න එවුන් කරන්නේ උන් කිසිම දෙයක් නොකර අනුන්ගේ ආයෝජන වලින් 75%ක් විතර උන් ගන්න එකනේ.

ඉතින් මේ විදියට ඒ කාලේ කිසිම කොමිස් එකක් කවුරුවත් ගන්නේ නැතුව හොර කම් කරන්නේ නැතුව ගමට ලැබුණු සල්ලි සේරම ගමේ ප්‍රයෝජනයට යෙදුනා. 1965 දී දාපු තාර පොඩ්ඩක් වත් කැඩෙන්නේ නැතුව 2010 දී කාපට් කරන කම් හොඳට තිබුනා. ඒක එහෙම වුනේ ගමේ අය ඒක තමන්ගේ වැඩක් හැටියට කරපු නිසාත් ඒ කාලේ ගසාගෙන කන ආර්ථික ක්‍රමයක් නොතිබුණු නිසාත්. ඒත් මේ වෙන කොට අර කාපට් එක හුඟාක් තැන් වලින් කැඩිලා 1965 දී දාපු තාර මතු වෙලා හරියට අර පුරා විද්‍යා එකෙන් කැණීම් කරලා පරණ දේවල් මතු කර ගන්නවා වගේ. අනික ඒ කාලේ අද වගේ පඳුරකට පයින් ගැහුවාම එකෙක් දෙන්නෙක් හැලෙන තරම් දේශපාලුවෝ හිටියෙත් නෑ. හිටියේ ආසනයේ මන්ත්‍රී වරයා විතරයි. මිනිහා කරන්නේ අධීක්ෂණය විතරයි. ඒත් අද ඉන්න උන් කරන්නේ වෙන කාගේ හරි නමින් කොන්ත්‍රාත් එක අරගෙන බාගයක් ඌ තියාගෙන අනිත් බාගෙන් වැඩේ කරනවා. බාල ප්‍රමිතිය නිසා මාස හයෙන් කැඩෙනවා. ආයෙත් ටික කලකින් ඒක රිපෙයාර් කරන්න කොන්ත්‍රාත් එක ගන්නෙත් ඌමයි. අද ගමවල් වලට ගිහින් බැලුවාම මේක හැම තැනකම දකින්න පුලුවන්. මොන තරම් මහජන මුදල් නාස්තියක් වෙනවාද. මේවා මුකුත් නොතිබුණු නිසා 1965 මම කොල්ලා කාලේ ගමේ පාරට දාපු තාර 2010 දී නාකියා වෙන කොටත් ඒ විදියටම තිබුනා. 2010 දී දාපු කාපට් අවුරුදු පහක් තිබුනේ නෑ. අද වගේ දේශපාලුවෝ හිටියා නම් 1965 ඉඳන් මේ වෙන කොට අඩුම ගනනේ දහ පාරක් වත් රිපෙයාර් කරලා.

ඔහොම ගිහිල්ලා 1977 දී මේ විවෘත ආර්ථික ක්‍රමයත් එක්ක විදේශ ණය ආවා. හිටු කියලා සංවර්ධන වැඩ කෙරුනා. මුල් කාලේ ඒ තරම්ම ගැහිලි නැති වුනත් 2005 න් පස්සේ ඒක තනිකරම ගැහිලි ආර්ථිකයක් වුනා. 77- 94 කාලේත් මහවැලි එකෙන් ඕස්ට්‍රේලියාවේ ගත්ත ඇපල් වතුඇල්ෆ්‍රඩ් ප්ලේස් එකේ එපාර්ට්මන්ට්නැවු ගිලපු ඒවා ගැන ආරංචි වුනත් ඒ කාලේ කරපු ආයෝජන වලින් රටට ලොකු ප්‍රයෝජනයක් වුනා. විශේෂයෙන්ම මහවැලි සංවර්ධන ව්‍යාපාරයෙන්. ඒකෙත් කොත්මලේ ජලාශයේ ලොකු වතුර ලීක් එකක් ආපු වෙලාවේ ඒක බාරව හිටපු ගාමිණී දිසානායක මහත්තයා කිවුවා මම සම්පූර්ණයෙන්ම ඒකේ වගකීම ගන්නවා කියලා. සාමාන්‍යයෙන් වෙන රට වල අය කරන්නේ වග කීම භාර අරගෙන තනතුරින් ඉල්ලා අස් වෙන එක නිසා මම හිතුවා ගාමිණීත් අස් වෙයි කියලා. ඒත් එයා කෙරුවේ තනතුරේ ඉන්න ගමන්ම තව වියදම් කරලා අරක හදපු එකයි. ඔන්න ඔය විදියට ආපු ගැහිලි ආර්ථිකය නවත්වන්න 1994 දී ආපු චන්ද්‍රිකා චන්දෙට කලින් කිවුවා එයා බලයට ආපු ගමන්ම හොර කම් කරපු සේරම අය ගෝල්ෆේස් එකට ගෙනත් කස පාර දෙනවා කියලා. අපිත් ඉතින් ඒ බලාපොරොත්තුවෙන් එයාට චන්දය දීලා 62% ක් අරගෙන දුන්නා. මට මතකයි මට ඒ වෙන කොට කොලඹ දෙපලකත් ගාල්ලේත් චන්ද තුනක් තිබුනා. මම කොලඹ දෙක උදේ දාලා හවස ගාලු ගිහින් ගමේ එකත් දැම්මා අතින් පෙට්‍රල් ගහ ගෙන. මොකද ගෝල් ෆේස් එකේදී කස පාරවල් දෙන එක බලන්න මට හරි ආසාවක් තිබුනා. මම මගේ කෙල්ලටත් කිවුවා දෝනි මම ඔයාට පෙන්නන්නම් කස පාර දෙන හැටි කියලා. ඒත් ගහපු කස පාරක් නෑ. ඒවා කන්න හිටපු අය කලින්ම බෝම්බ වලට සෙට් උනා. මම පොලිස් මෝචරියෙදී ඒ ගොල්ලන්ගේ මල කුණු දිහා බලා ගෙන අනිත්‍යය මෙනෙහි කලා. කොහොමද හිටියේමොනවද කලේ, කොහොමද දැන් බිම දාලා ඉන්නේ කියලා. කොහොම වුනත් බිම දාලා තිබුණු සමහර අයගේ මල කුණ අරගෙන මේසයක් උඩින් තියන්න කියලා මම වැඩ කරපු උන්ට කිවුවා. මම ඒ විස්තර මගේ කලින් පෝස්ට් වල කියලා තියනවා. ඒත් බොහොමයක් අය කරන්නේ මල කුණටත් ගරහන එකනේ. ඒක මිනිස් කම නෙවෙයි කියලයි මම නම් හිතන්නේ.
මගේ කෙල්ල සෑහෙන කාලයක් යන කම් නාහෙන් ඇඬුවා කස පාරවල් ගහනවා බලන්න එක්ක යන්නේ නෑ කියලා. බැරිම තැන මම අර ටෙන් කමාන්ඩ්මන්ට්ස් කියන ෆිල්ම් එක ගෙනත් මූසස්ට කස පාර ගහන එක පෙන්නලා ශේප් උනා. ඒත් මෙහේ මූසලයන්ට කස පාර ගහන එක මටවත් බලන්න බැරි උනා.
මේ ගැහිල්ල හොඳට ඇහැට වදින උදාහරණයක් තමයි තිස්සමහාරාමයේ හදලා තියන රන්මිණිතැන්න ටෙලි ගම්මානය. මේක අද තියන තත්වය දැක්කාම මොන තරම් අපරාධයක්ද මහජන මුදල් වලට කරලා තියෙන්නේ කියන එක පේනවා. හදපු ගොනැගිලි වල වහලවල්ජනෙල් දොරවල් දිරලා ගිහින් ඒවායේ බාල ප්‍රමිතිය නිසා. කොමිස් ගන්න වැඩ කලාම ප්‍රමිතියට වැඩක් කරන්න බෑ. පහල දාලා තියන ලින්ක් දෙකෙන් උඩ එකෙන් පේනවා ඒක හදපු අලුත් තිබුන හැටිත් යට එකෙන් ඊට අවුරුදු පහකට පස්සේ තියන හැටිත්. මේවාට නාස්ති කරලා තියෙන්නේ අපේ සල්ලි. මේ එක උදාහරණයක් විතරයි. මිනිස්සුන්ට වී වේලන්න හදලා තියන ලේන් තුන හතරේ පාරවල්ක්‍රීඩාගාර වගේ දේවල් තව කොච්චරද. මේවා ගැන හොයලා වැරදි කරපු අයට දඬුවම් දෙනවා කියලා ආපු රනිල්ගේ ආණ්ඩුව දවස් පනහක් යන්න කලින් ඉතිහාසයේ සිදු කල තව අවුරුදු තිහකින්වත් හදා ගන්න බැරි මහා බැංකු හොරකම කරා. ඒ වෙනුවෙන්ම සිංගප්පූරු ජාතිකයෙක්ව ගෙන්න ගැන මහ බැංකු අධිපති කරා. හැබැයි ගෝඨාබයගේ පුරවැසි කම ගැන මහ ලොකුවට කතා කරනවා. අර මහා හොර කම් වංචා කරපු සේරම මේ වෙන කොට ශුද්ධවන්තයින් වෙලා තියනවා. දැන් කියනවා සජිත් දිනුවාම ගෝඨාට පස්සෙන්දාම ජම්පර් අන්දනවාලු. ඒත් රනිල්ට අන්දන්නේ මොනවාද කියලා කියන්නේ නෑ. සමහර විට මිනිහාට මොනවත් අන්දන්නේ නැතුව තියනවා වෙන්න ඇති. අනික ඕකේ වහන්න දේකුත් නැතුව ඇති මයෙ හිතේ.
මේකේ ඉතුරු ටික මම හෙට දාන්නම්. මම දැන් යනවා ටිකක්  මරණානුස්සතිය කරන්න. එහෙම හොඳයිනේ.



මම කියාගෙන ආවේ 1977 ඉඳන් මේ දක්වා ආපු ගමන ගැනයි. මේ වෙන කොට භෞතික වශයෙන් සමහර ක්ෂේත්‍ර වල දියුණුවක් පේන්න තිබුනත් සමස්ථයක් හැටියට ගත්තාම අපි ඉන්නේ විශාල ආර්ථික  අර්බූදයක. අර භෞතික ප්‍රගතිය විතරක් දකින උන්ට මේවා තේරෙන්නේ නෑ. 1977 දී වෙනස් වෙච්ච ක්‍රමය නිසා මේ රටට නොයෙක් අරුමෝසම් බඩු එන කොට අපි ඒවා පැන පැන ගන්න කොට මමත් එක්ක හිටපු යාලු දොස්තර කෙනෙක් ඇහුවා සිරිමාගේ කාලේ කොහෙද බං මේ සල්ලි තියාගෙන හිටියේ. බලපන් අපි කොච්චර දුකක්ද ඒ කාලේ විඳලා තියෙන්නේ කියලා. ඒ කාලේ මටත්  ඒවාට උත්තර දෙන්න හැකියාවක් තිබුනේ නැතත්  දවසක් එන් එම් පෙරේරා මහත්තයා අපට කියාපු දෙයක් අනුව මට හිතුනා මෙතන මොකක් හරි අපිට නොපෙනෙන දෙයක් ඇති කියන එක. පස්සේ 1977 දී 8.50 ට තිබිච්චි ඩොලර් එක 1980 වෙන කොට 20 වෙන කොට මට තේරුණා ගේම් එක. මොකද අපි ඩියුටි ෆ්‍රී එකෙන් ගත්ත බඩු වල මිල අවුරුද්දෙන් අවුරුද්ද ඉහල ගිය නිසා. ඒ කාලේ හිටියා පොරවල් කොල්ලුපිටියේ තිබුණු ඩියුටි ෆ්‍රී ශොප් එකෙන් බඩු අරගෙන ගාණක් තියාගෙන විකුණන. මමත් ඉතින් ඒවා ගෙනත් කරාපිටියේ මම හිටපු ක්වාටස් එක ඒවායින් පිරෙවුවා. ඒ කාලේ මමත් අර තණ්හා ආශා කියන ඔලගු දෙක කරේ දාගෙන මයි හිටියේ. කොටින්ම ටොයිලට් යන කොට වත් ගැලෙවුවේ නෑ.

අපි ඉස්කෝලේ යන කාලේ රෙදි මදින එක එහෙම නැත්නම් සිංහලෙන් කියනවා නම් අයන් කරන එක වෙනමම ව්‍යාපෘතියක්. මිදුලේ ටකරමක් තියලා ඒක උඩින් පොල් කටු දහයක් විතර තියලා ඒවා පත්තු කරනවා. පොල් කටු අඟුරු වුනාම යකඩ ඉස්තිරික්කයේ ඇතුලට අර අඟුරු දාලා වහලා ඒක රත් උනාම තමයි අයන් කරන්නේ. ඒ ඉස්තිරික්කය  හරියට ඒ කාලේ තිබුණු ගල් අඟුරු කෝච්චි එන්ජිමක් වගෙයි. පිටි පස්සේ යටින් තියනවා පොඩි වර්ග අඟලක විතර හිලක් හුලං පිඹින්න. ඒ පිඹින හුලං නිසා ඇතුලේ තියන අඟුරු පත්තු වෙනවා. ඉස්සරහා උඩින් තියනවා ලොකු රවුම් කටක් අර දුම පිට වෙන්න. සමහර වෙලාවට හයියෙන් පිම්බොත් ගිණි පුපුරුත් එනවා. ඉස්තිරික්කය නිවෙන කොට අර පස්ස පැත්තේ හිලෙන් ඔක්සිජන් ඇතුල් කරන්න  පිඹින්න ඕන. එතකොට අඟුරු ගිණි අරගෙන රත් වෙලා ඉස්සරහින් කාබන්ඩයොක්සයිඩ් එක්ක පිට වෙනවා. හුඟක් වෙලා ගියොත් අර අඟුරු අලු වෙනවා. එතකොට ඒවා අයින් කරලා අලුත් අඟුරු දාලා ආයිත් වැඩේ පටන් ගන්නවා. අපි ඉරිදා වහස 3 ට විතර ව්‍යාපෘතිය පටන් ගත්තාම 6 විතර වෙන කොට ඉවර කරනවා. ඒ කාලේ ඇන්දේ සේරම කපු ඇඳුම් නිසා ගොඩක් වෙලා යනවා එකක් අයන් කරන්න. ඒ කාලේ අයන් කරනවා කියන වචනේ අපි දන්නේ නෑ. අපි කිවුවේ මදිනවා කියලා. ඒ කාලේ මම හද්ද ගොඩයෙක් බං දැන් මේ එංගලන්තෙට ආවාට. ඒ කාලේ ගමේ ඉඳන් කොලඹට එන එක අද මෙහාට එනවා වගේ තමයි.

බලපං අදත් පිට ගියානේ. //ඕකනේ කියන්නේ කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නෑ කියලා. ඒ උනාට අපේ රටේ උන් වැඩි දෙනෙක් හිතන්නේ පුල්ලිත් මාරු වෙයි කියලා. ඒ නිසානේ හැම පාරම චන්දෙදි ඉල්ලගෙන කන්නේ//1973දී මෙඩ්ඩෙක් වෙලා මම මුලු කොලඹම ඇවිද්දත් ඉලෙක්ට්‍රික් අයන් එකක් ගන්න බැරි උනා හොයා ගන්න. ඒ වෙන කොට මම දැන හිටියා අයන් කියන වචනේ. ඒ දවස් වල අපේ කාමර සීයක, මෙඩ්ඩෝ දෙසීයක් හිටපු හොස්ටල් එකේ දෙන්නෙක් ලඟ විතරයි අයන් එකක් තිබුනේ. ඉන් එකෙක් අපි හිටපු තුන්වෙනි තට්ටුවේ හිටපු පෙරේරා කියන හිත හොඳ මෙඩ්ඩෙක්. ඌ ඕන කෙනෙකුට උගේ අයන් එක ගෙනියන්න දුන්න. අන්තිමට ඌට ඕන වුනාම හොයා ගන්න විදියක් නෑ ඒක අතින් අතට ගිහිල්ලා. මෙහෙම තියෙද්දිත් අපි අපේ වැඩ පල කරගෙන ගියා. ඇඳුනුත් ඇන්දා. බඩුත් සෙට් උනා. දොස්තරලාත් උනා. කිසිම ආතතියක් තිබුනේ නෑ. තණ්හා ආශා කියන ඔලගු එකෙකුගේ වත් කරේ තිබුනේ නෑ. ඒත් අද සමහර දොස්තරලා කර ගහ ගෙන යන ඔලගු දෙක දක්කාම පවු කියලා හිතෙනවා බං. පිටි පස්සෙන් බලන කොට ඔලගු දෙක විතරයි පේන්නේ. දොස්තර පේන්නේ නෑ. නලාව නම් පේන්නෙම නෑ. ඉස්සර දොස්තර එන කොට ඉස්සෙල්ලාම පෙනුනේ නලාව.

ඉතින් ඔහොම තියෙද්දි තමයි විවෘත ආර්තිකය ආවේ. හැම දේම ආවා. ඕන එකයි එපා එකයි. හෙරොයින් ආවාකැසිනෝ  ආවාපිට රටින් කිරි කිරි ගණිකාවෝ ආවාබ්ලූ ෆිල්ම්ස් ආවා තව මොනවාද නැත්තේ. එනි තිං ඇන්ඩ් එව්‍රි තිං. මිනිස්සු   පිස්සෝ උනා. කොහොම හරි සල්ලි හොයන්න පිස්සෝ වගේ මැරුණා. මනුස්ස කම්නෑකම්සහෝදර කම්සාර ධර්ම  සේරම යට ගිහින් සල්ලි නොම්මර එක වුනා. ජේ ආර් ආණ්ඩුවේ දොස්තරලාට රාජකාරි වෙලාවෙන් පිටදී පුද්ගලික සේවයේ යෙදෙන්න අවසර දුන්න නිසා දොස්තරලාට සල්ලි හොයන එක ප්‍රශ්නයක් වුනේ නෑ. ඒත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඒක හරියට කළමණාකරනය නොකරපු නිසා සමහරු ඒකෙන් වැරදි ප්‍රයෝජන ගත්තා. එහෙම වරප්‍රසාද නොලැබුණු අය නොයෙක් අයථා ක්‍රම වලින් සල්ලි හම්බ කරන්න පටන් ගත්තා. ඒ එක්කම ජේ ආර් ගෙනාපු සමානුපාතික චන්ද ක්‍රමය නිසා නිසා උගත් කමලැජ්ජා බය තියන වැදගත් අය වෙනුවට පාදඩයින් දේශපාලනයට ටික ටික ඇතුල් වුනා. ඒකට හේතුව මැතිවරණ කොට්ටාශයක් වෙනුවට දිස්ත්‍රික්කයක් පුරා ප්‍රචාරක කටයුතු කරන එක හරිම අමාරු දෙයක් වීම. ඒක කරන්න අවශ්‍ය මිනිස්සුමුදල්වෙලාව අර මම මුලින් කියපු අයට තිබුනේ නෑ. හෙරොයින්කසිප්පුතැබෑරුම්ගණිකා නිවාස වලින් ඉක්මන් සල්ලි හොයපු උන්කෝච්චි වල මාල කඩා කඩා ගත්තපික් පොකට් ගහපුගංජා බිස්නස් කරපු උන් දේශපාලනයට ටිකෙන් ටික ආවා. උන්ට දිස්ත්‍රික්කයක් පුරා මැතිවරණ කටයුතු කරන්න මැරවරමුදල්පිරිස් බලය තියනවා. බලයට ආවාට පස්සේ වයින් ස්ටෝර්ස්පෙට්‍රල් ශෙඩ්කොන්ත්‍රාත් වගේම වගේ ඒවා ගන්නවා අර නීති විරෝධී ඒවාට අමතරව. පලාතෙ ඉන්න ලොකුම බලවත්තු වෙනවා. ඕක ටිකින් ටික ඇවිත් අද වෙන උච්චම තැනට ඇවිත් තියනවා. 1988/89 කාලයේ ජවිපෙ නුත් ජවිපෙ පිටින් යන්න වෙනත් සංවිධානත් මේ රටේ හිටපු හොඳ වැදගත් දේශපාලකයින් විශාල ගණනක් මරලා දම්මා. මේක මුලින්ම  පටන් ගත්තේ ජවිපෙ නිසා ඒ ගොල්ලන් මේකට වැඩියෙන් වග කිව යුතුයි. මම හිතන්නේ ජවිපෙ ස්වයං විවේචනයක් හැටියට මේ බව පිලිගෙන ඉදිරියට එනවා නම්  ඔවුන්ට ගහන මඩ වලින් ගැලවෙන්න පුලුවන්. මට පේන විදියට 1990 න් පස්සේ ඔවුන් ක්‍රියාවෙන් ඔප්පු කරලා තියනවා ඔවුන් යහ මගට ඇවිත් කියන එක. 2005 න් පස්සේ මේ පරිහානිය ඉතාම සීග්‍රයෙන් සිදු වුනා.  මම හිතන්නේ යුද්ධයෙන් පස්සේ ඇති කරපු රජ මානසිකත්වය මේකට හුඟක් ඉවහල් වුනා කියලා. මිනිස්සුන්ට යුද ජයග්‍රහණය නිසා මේවා තෙරුම් ගන්න බැරි උනාපාදඩ දේශපාලකයෝ නීතිය අතට අරගෙන මිනිස්සු ගස් බඳින්නවිදුහල්පති වරුන්ට පහර දෙන්නපොලිසි වලට ගිහින් තර්ජනය කරන්න පවා පෙලඹුනා. ඒත් රූපවාහිණියේ යකා නටන්න ගිහිං හොඳට කෑවා. මටත් සිද්ධ වුනා ඉස්පිරිතාලෙදි උන්ව බලන්න යන්න.
2015 දී පාදඩ සංස්කෘතිය ටිකක් පස්සට ගියත් ඒක ඉවර කරන්න රනිල් ඉඩ දුන්නේ නෑ. ගෝනවල සුනිල්බටලන්ද වගේ දේවල් ගොඩ නගලා පවත්වා ගෙන ආපු රනිල් වගේ කෙනෙකුට ඒවා අත අරින්න බැරුව ඇති.
හිටපු සෞඛ්‍ය ඇමති වරයා වුනු වර්තමාන ජනාධිපති සිරිසේන මහතා සාපේක්ෂ වශයෙන් පිරිසිදු දේශපාලකයෙක්. එයා සෞඛ්‍ය අමාත්‍යාංශයට අරක් ගෙන හිටපු හොරු වෙනත් තැන් වලට මාරු කලා. බෙහෙත් වලිනුත් අනිකුත් දේවලිනුත් හොරකම් නොකරපු එකම සෞඛ්‍ය ඇමති වරයා ඔහු බව මම අදත් කියනවා. මම හිතන්නේ 2015 දී ඔහු ආවේ රට හදන හොරුන්ට දඬුවම් දෙන හොඳ චේතනාවෙන්. ඒත් මුල් දවස් පනහ ඇතුලතදීම විශාලම බැංකු මංකොල්ලය කරපු රනිල් ප්‍රමුඛ එජාප කට්ටිය ඒකට ඉඩ දුන්නේ නෑ. නමට ජනාධිපති වුනාට ඔහුට පිරිස් බලයක් තිබුනේ නෑ රනිල්ට විරුද්ධව යමක් කරන්න. එලියෙත් නීල හොරුඇතුලෙත් නීල හොරු මම හිතන්නේ කර ගන්න දෙයක් නැතිම තැන තමයි ආයිමත් පරණ හොරුන්ටම බලය දෙන්න ගිහින් නා ගත්තේ ලොවෙත් නැති වෙන්නම. මේක හොඳ පාඩමක් පිරිස් බලයක් නැතුව රට හදන්න කතා කරන අයට. තමන්ගේ චේතනාව හොඳ වුනාට ඒ වේවු ලෙන්ත් එකේම ඉන්න පිරිසක් නැත්නම් මොනවත් කර ගන්න බෑ. ඒකට හොඳම උදාහරණය තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා.
ඒ නිසා අවංකවම රටේ වෙනසක් බලාපොරොත්තු වෙන අය මේ බලු බෙටි පක්ෂ දෙකෙන් එකකට වත් ඒක කරන්න බැරි බව තේරුම් ගන්න ඕන. කවුරු ආවත් යන්නේ මේ ක්‍රමයේමයි. ඇත්තටම නායකයෙක් හිටියත් මේ ක්‍රමය යනවා හරියට ගඟේ පහලට ගහ ගෙන යන ඔරුවක් වගේ. ඒකට තොටියෙක් හිටියත් නැතත් එකයි අන්තිමට මූදට වැටිලා විනාශ වෙනකම් යනවා. තොටියෙක් අවශ්‍ය වෙන්නේ පහලට ගහ ගෙන යන එක මුලින්ම නවත්තගෙන ඊලඟට හෙමි හෙමිහිට ඔරුව හරවා ගෙන උඩට ගෙනියන්නයි. මේක අමාරු දෙයක්. මේක කරන්න ලොකු කැප කිරීමක් කරන්න වෙනවා. පහලට ගහ ගෙන යන කොට වගේ නෙවෙයි එක තැන නවත්ත ගන්න කොට ගඟ දිගේ පහලට එන අනිත් දේවල් ඒකේ වදිනවා. ඒවායින් බේරෙන්න ඕන. ඊලඟට උඩට යනකොට අරවා තවත් වේගයෙන් වදිනවා. ඒ නිසා මේ බාදක වලින් බේරිලා යන්න තවත් අමාරුයි. පහලට ගහ ගෙන යනකොට අලි කුණක් ඇවිත් වැදුනත් දෙකම යන්නේ එකම දිසාවට නිසා හානියක් නෑ. ඒත් ඉහලට යන කොට හිවල් කුණක් වුනත් බල පෑමක් ඇති කරනවා.

ඉතින්  මේ බලු බෙටි පක්ෂ දෙකෙන් එන කිසි කෙනෙකුට ඒක කරන්න උවමනාවක් වත් පුලුවන් කමක් වත් නෑ. පුලුවන්ද බලන්න ඉස්සෙල්ලා උවමනාවක් තියෙන්න එපැයි. මේ ක්‍රමයේම පහලට ගිහිල්ලා මූදට වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දී ඔරුවෙන් පැනලා ආරක්ෂාකාරී තැනකට යන එක ලේසියි. උන්ට ඔරුව ගැන කැක්කුමක් නෑ. මම හිතනවා මම මේ තටම තටම කියන දේ බොලාට තෙරෙනවා ඇති කියලා. එහෙම නැතුව ඔරුවෙන් පැන්නාම කොහොමද තොටියා බේරෙන්නේ වගේ වහල් ප්‍රශ්න ඔලුවට එන්නේ නැති වෙයි කියලා. මොකද අපේ හුඟක් එවුන් කරන්නේ හඳ පෙන්නුවාම හඳ දිහා නොබලා ඒක පෙන්නන ඇඟිල්ලේ දාලා තියන මුද්දේ කැරට් ගාන හොයන එකනේ. ඉතින් මේ විනාශය කියන මූදට වේගයෙන් ගහ ගෙන යන මේ ආර්ථික ක්‍රමය එක්ක තදින්ම බැඳුණු එකක් නැතිව අනිකට පවතින්න බැරි  දේවල් තමයි හොරකමදූෂණය කියන දේවල්. ඒවායේ ප්‍රථිපල හැටියට ඇතිවන ජනතා විරෝධතා වලදී  සිදුවන මර්ධනයඅතුරුදන් කිරීම්ඝාතන. මේ ප්‍රධාන පක්ෂ කියන බලු බෙට්ටේ කොයි කොනෙන් නායකයෙක් ආවත් ඔය කියපු දේවල් නවත්වන්න බෑ. වැරදිලාවත් නවත්වන්න ගියොත් වෙන්නේ මෛත්‍රීපාල මහත්තයාට වෙච්ච එකමයි. අර අලි කුණුවහු කුණුබලු කුණු සේරම ඇවිත් එයාව යට කරලා දානවා. ඒකනේ පහු ගිය දවසක නාමල් පුතා ප්‍රසිද්ධියේම කිවුවේ දූෂණය නතර කලොත් සංවර්ධනය ඇන හිටින්න පුලුවන් කියලා. ඒක ඇත්ත. නාමල් පුතා තමන් දකින දේ ඒ විදියටම කිවුවා හංගන්නේ නැතිව.
මේ කතාව ඇහුවාම මට මතක් වුනේ දවසක් මම ලෙඩ්ඩු බලද්දි වුන සිද්ධියක්. මම සාමාන්‍යයෙන් පොඩි එවුන් ආවාම උන් එක්ක විහිලු කරලා මොකක් හරි සෙල්ලම් බඩුවක් දීලා උන් එක්ක යාලු වෙනවා. මොකද උන්ගේ හිත් හරිම පිරිසිදුයි. අවුරුදු හයක් හතක් පහු වෙන කොට වැඩිහිටියන්ගේ බලපෑම නිසා උන්ගේ ඒ පිරිසිදු සිත් ටික ටික අපවිත්‍ර වෙනවා. ලොකු ඉස්කෝල වලට දාගන්න බොරු කියවන්න දෙමවුපියන්ම පුරුදු කරනවා. ඉතින් දවසක් එක අම්මා කෙනෙක් එයාගේ අවුරුදු 18 ක් විතර වෙච්ච දුවත් අවුරුදු හතරක් වෙච්ච පොඩි පුතාත් එක්ක ආවා අර දුවට බෙහෙත් ගන්න. මම ඉතින් වෙනදා වගේම අර කොල්ලා එක්ක විහිලු කරලාහෙමිහිට බඩට එකක් ඇනලා යාලු වෙලා ඊට පස්සේ ඇහුවා ලෙඩාගේ විස්තර. ඔය අතරේ අර පොඩි එකා හයියෙන් කිවුවා ඊයේ රෑ අක්කා බාත් රූම් එකේ ඉඳලා හෙලුවෙන් කාමරයට ගියා කියලා සාලේ මැදින්. මචං මේක ඇහුනාම අර කෙල්ලගේ මූණ රතු උනා. අම්මා බොරු කියන්න එපා කියලා අර කොල්ලාගේ කන මිරිකුවා. කොල්ලා කන අල්ලාගෙන අඬ අඬා මම බොරු නෙවෙයි කිවුවේ අක්කාගෙන් අහලා බලන්න කියන කොට එලියේ හිටපු පිරිමි කෙනෙක් කොල්ල එලියට අරගෙන ගියා. මට හරි දුක හිතුනා. අර කෙල්ල පොඩි කාලේ ඉඳලාම කරපු දේ තමන්ගේ ගෙදර නිසා ලොකු උනාට පස්සෙත් කරන්න ඇති. වැරැද්ද දෙමවුපියන්ගේ පොඩි කාලේම ගෑණු දරුවෙකුට එහෙම කරන්න දීපු එක. කොහොම වුනත් අර පොඩි එකා අපරාදේ කණ මිරිකවා ගත්තා.

අන්න ඒ වගේ තමයි මම හිතන්නේ නාමල් පුතාත් එදා අරහෙම කිවුවේ. තාම පොඩි එකා නිසා හරිම අවංකයි. අර පොඩි එකාගේ වගේම මම හිතන්නේ කවුරු හරි වැඩිහිටියෙක් නාමල් පුතාගේත් කණ මිරිකලා කියන්න ඇති මීට පස්සේ හැම දේටම කට නොදා හිටපන් මේ චන්දෙ ඉවර වෙන කම්. ඊට පස්සේ ඉස්සර කලා වගේ බොට ඕන දෙයක් කරපන් කියලා.

ඒකයි මම හිතන්නේ මේ දවස් වල එයා මීක් සද්දයක් නැතුව ඉන්නේ.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී