ලංකාවේ රසායනාගාර බොහොමයක කරන්නේ බොරු

මගේ පරිපාලන සේවා කාලයේ අන්තිම අවුරුදු හත මම හිටියේ ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ හැටියට. මගේ කරුමෙ කියන්නේ අර කරාපිටියෙදි වගේ එතනත් මම තමයි මුල්ම වෛද්‍ය පරිපාලකයා අධ්‍යක්ෂ වෙලා ගියපු. ඒක පිහිටවපු දා ඉඳන් ඒ වෙනකම් හිටියේ විශේෂඥ වෛද්‍ය වරයෙක් අධ්‍යක්ෂ හැටියට. එතනත් අර කරාපිටියෙදි දුන්න ගේම දෙන්න හැදුවත් මම එතකොට අර ප්‍රේමදාස මහත්තයා කිවුවා වගේ හොඳට තෙම්පරාදු වෙලා හිටි නිසා එතන හිටපු එවුන්ගේ ලුනු ගොරකා මදි උනා මාව තම්බන්න. ඒ විස්තර මම එතෙන්ට ආවාම කියන්නම්. ඉතිං ඒ අවුරුදු පහේදී මට පිටරට යන්න උනා හිටු කියලා. මම කොහොම හරි ඔය අවුරුදු 7 ඇතුලත 60 පාරක් විතර පිට රට ගිහිං තියනවා. සමහර ඒවා ඇමති කපලා දැම්මත් නමට ආපු ඒවා පොරට කපන්න බැරි උනා.
2010 පෙබරවාරි මාසේ මමත්, ඊට පස්සේ කාලෙක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෙච්ච මහීපාල මහත්තයාත් ගියා 22-23 වෙනකං කත්මන්ඩු වල තිබුන මීටිමකට. අපිට යන්න උනේ ඉන්දියාව හරහා. ගිහිං ආපහු එනකොට කත්මන්ඩු වලින් දිල්ලියට එන ප්ලේන් එක පැයක් විතර පරක්කු උනා. දිල්ලියට එනකොට කොලඹට එන ප්ලේන් එක ගිහිං. ඉතිං අපි පැය විසිහතරක්ම එයා පෝට් එකේ ඉඳලා ඊලඟ දවසේ ප්ලේන් එකේ ආවා. ඇවිත් ඊට පස්සෙන්දා වැඩ කර කර ඉන්න කොට හවස හරි මහන්සියි. ඇයි බං පැය 36ක් නිදා නොගෙන රැග් වෙලා පස්සෙන්දාත් වැඩ කරන කොට. හවස 5 ට විතර වම් පැත්තේ උර හිසේ පොඩි කැක්කුමක් ඇවිත් ඒක අත ගගා ඉන්න කොට එතෙන්ට ආපු මගේ හිතවත් ලේඩි ඩොක්ටර් කෙනෙක් ඇවිත් ඇහුවා ඇයි කියලා. මම කතාව කියලා කිවුවා උරහිස රිදෙනවා කියලා. මෙයා බය වෙලා බලෙන්ම වගේ මාව ඇම්බියුලන්ස් එකේ අරගෙන ගියා එතනම තියෙන ඊ ටී යූ එකට. එතනදි ඊසීජී අරගෙන ඒවා නෝමල් උනා. ඒත් චාන්ස් එකක් ගන්න බෑ කියලා පැය හතරක් වාට්ටුවේ ඉඳලා තව ටෙස්ට් එකක් කරමු කියලා මාව අරගෙන ගියා හෘද රෝග වාට්ටුවට. මට හොඳටම ශුවර් මට පපුවේ අමාරුවක් නෑ කියලා. ඒත් ඉතිං කියන හිංදා ඉඳිමු කියලා හිටියා. ඒ වාට්ටුවේ හිටියා මාත් එක්ක රත්නපුරේ හිටපු බාලසූරිය කියලා හොඳ බොක්කක්.
එදා රෑ මම ඒ සී එකේ කපලා නිදාගෙන ඉන්න කොට මගේ අර බොක්ක මාව හෙමින්ම ඇහැරවලා කිවුවා මාව මොනිටර් එකට දාන්න ඕන මගේ ට්‍රොපනිල් ටෙස්ට් එක හුඟාක්ම නරකයි කියලා. ඒකේ තිබුනු හැටියට මම ජීවත් වෙන එකත් පුදුමයි කියලා අනේ බං චූන් එකේ පස්සත් උඩ දාගෙන නිදාගන හිටපු මාව උඩුබැලි අතට හරවලා වයර් හයි කරලා අතට කැනියුලා දාලා මම නිකං තොරණක් වගේ කලා. පස්සෙන්දා උදේ ඩොක්ටර් රුවන්, නරේන්ද්‍රන්, වජිර සේනාරත්න කියන කාඩියොලොජිස්ට්ලා ඇවිත් බලලා කතා කරන්නවත් එපා කියලා මාව වහාම ඇන්ජියෝ එකක් කරන්න ගෙනියන්න කිවුවා. ඒ වෙලාවේ මම අඳුනන වෙන වෛද්‍ය වරු දෙන්නෙක් ඇවිත් කතා කරන්න හදන කොට ඩෝන්ට් ටෝක් ටු හිම් ඩු යූ නෝ හිස් කන්ඩිෂන් don’t talk to him. Do you know his condition කියලා උන් දෙන්නාව එලවා ගත්තා. ඉතිං ගිහිං ඇන්ජිඕ එක කරන ගමං උන් කියනවා මගේ පපුවේ නහර අසාමාන්‍ය විදියට පලල් ඒ නිසා මේවා ලේසියට බ්ලොක් වෙන්නේ නැහැ the coronary arteries are unusually wide they will never get blocked කියලා. ට්‍රොලියෙන් ගියපු මම ඇවිද ගෙන වාට්ටුවට ආවා. ඊට පස්සේ රුවන් තව ඉගෙන ගන්න ඩොක්ටර්ස්ලා කීප දෙනෙක් එක්ක ඇවිත් මගේ ලෙඩේ ගැන සාකච්චා කරනවා. මෙයාට පපුවේ කැක්කුම තිබුනා, ඊ සී ජී නෝමල්, ට්‍රොපනිල් ටෙස්ට් හයිලි පොසිටිවු ඇන්ජියො නෝමල් මොකක්ද උනේ කියලා
මම එතකොට කිවුවා වයි ඩෝන්ට් යූ රිපීට් ද ටෙස්ට් why don’t you repeat the test කියලා. එහෙම රිපීට් කරලා බැලුවාම ඒක නෝමල්. කලින්දා රෑ කරපු එකයි පස්සෙන්දා දවල් කරපු එකයි දෙකම කරලා තිබුනේ ආසිරි එකේ. ඔන්න බලපල්ලා කොලඹ ලොකුවට තියෙන ලැබ් වල කෙරුවාව. මුන්ගේ වරදට නිකං මම වද වින්දා. හැබැයි ඒකෙන් මම මගේ හාට් එක ගැන දැන ගත්තා. නැත්තං නිකං ඇන්ජියෝ කරන්නේ නෑ හොස්පිටල් එකේ. මම ඒ නිසා මේ රටේ තියන එක ලැබ් එකක වත් ටෙස්ට් රිසල්ට්ස් විශ්වාස කරන්නේ නෑ. මොකද උන් අර රශ් වෙලාවට ප්‍රයිවට් බස් එකට සෙනග පටවනවා වගේ එන තරමක් ටෙස්ට් බාර ගන්නවා සල්ලි හොයන්න තියන පෙරේත කමට. ඊලඟට ටෙස්ට් කරන්න ඉන්න එවුන්ට වැඩ ලෝඩ් එක හරිම වැඩියි. ලේ සාම්පල් මාරු වෙනවා. සමහරු උවමනාවෙන්ම බොරු ලියනවා ටෙස්ට් එක කරන්න කම්මැලි කමට. මගේ ක්‍රියටිනින් තියෙන්නේ නෝමල් තියෙන්න පුලුවන් ඉහලම අගයේ ඉන් උඩට ගියොත් ඇබ්නෝමල්. ඒක කොලඹ ඉස්පිරිතාලේ ඇතුලු කීප තැනකින්ම කරලා මම දැන ගත්ත දෙයක්. මම නම කියන්නේ නෑ ඒත් කොලඹ ප්‍රසිද්ධ තැනකින් ආයිමත් සැරයක් නිකමට කෙරුවාම මට ආවේ නෝමල් කියලා. මොකද එතෙන්ට යවන සාම්පල් වලින් 90% කටත් වැඩිය යන්නේ මෙඩිකල් වලට නිසා ඒව නෝමල්. ඒ නිසා මගේ එකත් ඒ එක්කම ගිය නිසා මටත් නෝමල් කියලා ලියලා එවුවා බලන්නේ නැතුව. වැරදිලාවත් ඒක බලලා මට කන්ට්‍රාස්ට් එම් ආර් අයි contrast MRI එකක් කලා නම් මම මේ වෙන කොට පොලොව යට ආයිමත් පංච මහා භූතයින් බවට හැරෙමින් තියෙන්න තිබුනා. ඊට පස්සේ දවසේ ඒකෙ ලොක්කාට කතා කරලා ටෙස්ට් එක කර ගත්තාම අර නියම එක ආවා.
ඉතිං ඇන්ජියෝ එකෙන් පස්සේ ගෙදර ගිහිං මම පස්සෙන්දා ආපහු වැඩට යන කොට සමහර පොරවල් වලට ෆුල් අප්සෙට් මොකද උන් බලාගෙන ඉඳලා තියෙන්නේ මගේ ෆියුනරල් එකට යන්න. ඒ වගේම තව කීප දෙනෙක් ඊලඟ ඩිරෙක්ටර් වෙන්නත් බලා ගෙන ඉඳලා තියෙනවා කියලා මට ආරංචි උනා. ඉතිං මම ඒකට මොනවා කරන්නද බං. අර මගේ යාලුවා දොස්තර ආරියසේන ගමගේ මහත්තයා කිවුවා වගේ ටිකට් එක එනකං ඉන්න එපැයි. ඒත් දැන් අපේ රටේ සිද්ධ වෙන සිද්ධ වෙන නෙවෙයි අපේ කාලකන්නි කරන ඒවා දැක්කාම සමහර වෙලාවට හිතෙනවා අතිං ටිකට් එකක් ලියා ගෙන යන්න අර බාබු ගියා වගේ.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී