Political Fools 12.02.2018


මේ දවස් වල මගේ බිරිඳ අසනීප වෙලා ඩර්ඩන්ස් රෝහලේ නතර වෙලා ඉන්න නිසා ඇයගේ පුද්ගලික බෙහෙත් ශාලාවේ රෝගීන් බලන්න ගියේ මම. අද උදේ හොඳටම හතිය හැදුනු ගෑනු කෙනෙක් ආව බෙහෙත් ගන්න. ඇය රජයේ රෝහලින් තුන් වතාවක් බෙහෙත් අරගෙනත් සුව වුනේ නැති තැන තමයි ආවේ. ආපු ගමන්ම කිවුවේ අනේ මහත්තයෝ සල්ලි දෙන්න වෙන්නේ පඩි ගත්තාම තමයි එතකන් මට බෙහෙත් දෙන්න කියලා. හොඳටම හති තිබුන නිසා මම නර්ස්ට කියලා නෙබියුලයිස් කරවලා ටිකක් හොඳ උනාට පස්සේ අනිත් විස්තර අහන කොට දැන ගත්තා ඇය බදුල්ලේ ඉඳලා ඇවිත් බියගම මැහුම් සේවිකාවක් හැටියට වැඩ කරන බව.මේ දවස් වල අපේ ගෙදර වැඩට කෙනෙක් නැති නිසා මම කිවුවා බදුල්ල පැත්තෙන් හොඳට වැඩ කරන්න පුලුවන් කෙනෙක් හොයා දුන්නොත් හැමදාම නොමිලේ බෙහෙත් දෙන්නම් කියලා. ඇය කිවිවා පඩිය අරගෙන ගෙදර ගියාම හොයලා බලන්නම් කියලා. මම ඇහුවා ඇයි පෙරේදා චන්දෙ දාන්න ගමේ ගියෙ නැද්ද කියලා. ඇය කිවුවා අසනීප නිසා ගියේ නැහැ කියලා මම ඇහුවා ගියා නම් කාටද චන්දෙ දාන්නෙ කියලා. මෙයා කිවුවා පොහොට්ටුවට කියලා. මම ඉතුරු බෙහෙත් ටිකත් දීලා ඇයව පිටත් කලා.
ඔන්න ඔහොමයි රටේ තත්වේ.බෙහෙත් ටික ගන්න සල්ලි නෑ. හැබැයි චන්දෙ පොහොට්ටුවට නැත්නම් අලියට. මේ පොහොට්ටු අලි කාරයෝ රජයේ රෝහලට අවශ්‍ය බෙහෙත් ටික දීලා තිබුනා නම් බෙහෙත් ගන්න ණය වෙන්න ඕනෑ නෑනේ.මම උන්ගෙන්ම හම්බ කරන සල්ලි වලින් ගත්ත ජීප් එකේ පන්සලට ගිහිල්ලා සීනුවට චන්දේ දාලා පින් පව් පල දෙන අසාධාරන ක්‍රමය ගැන කථා කරන්න ගිහිල්ලා හාමුදුරුවන්ගෙන් ගුටි නොකා බේරිලා ආවා.මම සීනුවෙන් ඉල්ලපු එකෙක්වත් කවුද කියලාවත් දන්නේ නෑ.නමුත් අර හොරු රංචු තුනේ ඉන්න එවුන්ට දෙන්න බැරි නිසා දීලා ආවා. හරි නම් වෙන්න තිබුනේ ඕකේ අනිත් පැත්ත.

Comments

Popular posts from this blog

ගල් යුගයයි නව යුගයයි

Wana katha - 03.04.2018

1977- බහුබූත විවෘත ආර්ථිකය