Posts

Showing posts from September, 2019
Image
කාලෝ ෆොන්සේකා යන නම අපේ රටේ ප්‍රචලිත වුනේ මිත්‍යාවට එරෙහි චරිතයක් විදියටයි. මිත්‍යා විශ්වාස වලට නොබියව විරුද්ධ වූ එතුමා එකල නොයෙක් තර්ජන වලටද මුහුණ පෑවා. විශේෂයෙන්ම එකල කතරගම දේවාලයේ පැවැත්වුනු ගිණිපෑගීම දේවබලයක් නිසා කරන හාස් කමක් බවට වූ විශ්වාසයට කෙලින්ම අභියෝග කොට එහි ගොස් ගිණි පෑගීමට සූදානම් වූ එතුමාට පහර දීමට කපුවන් විසින් කටයුතු කර තිබුණු අයුරු මට මතකයි. එකල මෙරට සිටි හේතුවාදියකු වූ ආචාර්ය ඒබ්‍රහම් ටී කොවූර් මහතා සමග එකතු වී මෙරට හේතුවාදී සංගමයක් පිහිටුවීමටද එතුමා එකල කටයුතු කලා. එමෙන්ම තමා විසින් දෙනු ලබන හඳහන් දහයක් ඇතුරෙන් කීයක් ජීවතුන් අතර සිටින අයගේද යන්න පැවැසුවහොත් රු. ලක්ෂ දහයක් දෙන බවට එකල තැබූ ඔට්ටුව ඊයේ එතුමා මිය යන තුරුම විවෘතව තිබුණි. කිසිවකු හෝ එම අභියෝගය භාර ගැනීමට ඉදිරිපත් නොවුනි. මෙන්න මේ වගේ කාලේක තමයි 1973 පෙබරවාරි 14 දවසේ මම කොලඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වුනේ. එදා අපි ශාලාවක ඉන්න අතරේ අපට ඉගැන්වීමට නියමිත මහාචාර්ය ආචාර්ය වරුන්ව හැඳින්වීමක් කලා. ඔය අතරේ කාලෝ ෆොන්සේකා කියන නමත් කියවුනාම අපි කවුරුත් බැලුවා එයා කොහේද කියා. එතකොට ශාලාවේ පිටිපස්සේම හිටපු එතුමා