පාරම්පරික සමාජ ක්‍රමයේ බිඳ වැටීම - 1978 ඛේදවාචකය

අද උදේ මට කෝට්ටේ ඉඳලා එන්න උනේ බස් එකේ. මොකද වෙනදා මාව එක්ක යන අර මගේ යාලුවා ගමනක් ගිහින්. ඉතින් පාන්දරම මගේ හොඳම යාලුවාගේ මාර කච කචේ ගෙදර වාහන තියෙද්දි ඒකක යන්නේ නැතුව උදෙන්ම බස් එකේ යන්නේ මොකොටෙයි කියලා. ඒ උනාට උදේම ට්‍රැෆික් නැති වෙලාවේ හොඳට ඉඩ තියෙන බස් එකක යන කොට තියෙන ආතල් එක දන්නේ එහෙම යන උන් විතරයි. ඇයි යකෝ දවල්ට අඩුම ගනනේ විනාඩි 45 ක් යන ගමන විනාඩි 12 කින් විතර යන එක. අනික උදේම හොට් හොට් එන සීතල හුලඟ ජනේලෙන් ඇවිත් වදින කොට. කියලා වැඩක් නෑ බං. ඒක වෙනමම ආතල් එකක් අර ජෙහාන් කියනවා වගේ. පොඩ්ඩක් අප්සෙට් එකකට තියෙන්නේ බස් එකේ දාන සිංදු අහගෙන ඉන්න එකයි. ඒකත් ඉතිං පුරුදු වුනාම ගානක් නෑ බං.
හැබැයි අද උදේ මම බස් එකේ ජනේලෙ අයිනෙන් වාඩි වෙලා ඩිපක් ගහ ගෙන යන කොට රාජගිරිය හරියෙදි ඇහුනා සුනිල් එදිරිසිංහ ගායනය කරපු නියම සිංදුවක්. ඩිප ගහලා හිටපු වෙලාවේ ඒ සිංදුව ඇහුවාම ඩිප තවත් වැඩි උනා බං. ඒකේ කියපු ඒවා අහ අහ ඇවිත් අන්තිමට මට බස් එකෙන් බහින්න උනේ ඒක කොල්ලුපිටියේ ස්ටේෂන් එක ලඟ නවත්තලා 'මහත්තයා බහින්න" කියලා කොන්දා කිවුවාමයි. හොඳ වෙලාවට එතනින් බස් එකේ ජර්නි එක ඉවරයි. හිස් බඩම මහත්තයා කියලා අහ ගත්ත නිසා අර ඩිප පොඩ්ඩක් අඩු වුනා. මම ඉතින් මැරයින් ඩ්‍රයිව් එක දිගේ පයින් එන ගමන් කල්පනා කර කර ආවා අර සිංදුව ගැන. ඒකෙන් කියන්නේ අපි පුංචි කාලේ අපේ ගම් වල තිබුනු තත්වය. ඒ කාලේ අපේ ආත්තම්මලා දවල්ට උයන්නේ අවශ්‍ය ගානට වඩා දෙගුණයකටත් වඩා. මොකද හැමදාව වගේ ගමේ කවුරු හරි එනවා.
ඒ කාලේ ඕනම කෙනෙක් දවල්ට ගෙදරකට ගියොත් කෑම කාලාමයි එන්න වෙන්නේ. ඉතින් යන උනුත් එක දන්නවා. ඒ නිසා අර දැන් වගේ කලින් කියලා එන සිස්ටම් එකක්, එහෙම නැත්තං ආපු එවුන් ගියාට පස්සේ පරක්කු වෙලා තමන් කන පුරුද්දක් ඒ කාලේ තිබුනේ නෑ. මේ සිංදුවේ " වන්නි වන පෙතේ......ගම් දනවු පුරා නිවහන වංක ගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන් ....... අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්. මේකෙන් කියන්නේ වංකගිරි කැලෑවේ හිටපු වෙස්සන්තර රජු වගේ ගම් දනවු වල හිටපු පියවරුන්ට අත් හිස මුදුනේ තියලා භක්තියෙන් යුතුව වඳිනවා කියන එකයි.මෙතන පියවරුන් කියලා කිවුවාට පියවරුන් විතක් නෙවෙයි ගෙවල් වල ඉන්න අම්මලා ආත්තම්මලා තමයි ඒවා කලේ.
"කන්ට බෑ කියා තනිවම එන්ට යයි කියා ගමටම බත් බුලත් නිතර දන් දුන් පියවරුන් වෙතින්. .ජාත වී ඇතත් පූරුවෙ කරන ලද පවක් පල දී... බින්න බැස තිබේ නගරය අසල දූ පුතුන්. මම හිතන්නේ මේක කාටත් තේරෙනවා. මට හොඳට මතකයි ඒ කාලේ අපේ තාත්තා කොලඹ ගිහින් එන කොට ඒ වගේම අපි කතරගම වගේ ගමනක් ගිහින් එනකොට ඒ පැති වල තියන කෑම ගේනවා අහල පහල ගෙවල් අයටත් එක්ක. මට මතකයි ආත්තම්මා පාර අයිනේ වාහනය නවත්තන්න කියලා රනවරා මල් කඩනවා ගමේ ඉන්න මුත්‍රා අමාරු ලෙඩ්ඩුන්ට දෙන්න කියලා. ඒ වගේම ආපහු ගියාම ගමේ අයට එන්න කියලා ඒවා දෙනවා.
ඒ වගේම අහල පහල ගෙවල් වලින් අපටත් මුදවපු කිරි, වැවු මාලු වගේ තව නොයෙක් දේ ලැබෙනවා. ඉතින් මේකෙන් කියන්නෙ ඒ කාලේ හිටපු මිනිස්සු අද කාලේ වගේ තනියම තියා ගෙන කෑවේ නෑ කියලා. ඒ වගේම ඒ ගොල්ලා හැම දෙයක්ම වගේ බෙදා හදා ගත්තා. කොස් ගෙඩියක් කැඩුවත් අහල පහල ගෙවල් වලට ඒකේ මදුලු බෙදනවා. වරකා ගෙඩියක් බෑවහ්ට් හැමෝටම බෙදනවා. අපේ නැන්දම්මාගේ ගෙදර වත්තේ තිබුනා හරිම රස පැණි වරකා ගහක්. ඒකේ ගෙඩි ඉදුනාම හැම ගෙදරකටම යවනවා. පොඩි ළමයි ඉන්න තැන් වලට ලොකු කෑලි. ඉතින් එවැනි දෙමවුපියන්ගේ දූ දරුවන් පරණ කරපු පවක් නිසා නගරයට ඇවිත් පදිංචි වෙලා ඉන්නවා කියලා. මට නම් ඒක නිතරම වගේ හිතෙන දෙයක් බව බොලාට මීට කලිනුත් කියලා ඇති. අර ගාල්ලේ අවේලාවේ ප්‍රයිවට් ලෙඩ්ඩු බලාපු මස් වැද්දා අල්ල ගත්තා කියලා අර ජෝ ෆනැන්ඩු කාරයා මාව ගාල්ලේ ඉස්පිරිතාලෙන් කොලඹට න් එලෙවුවේ නැත්නම් මම කවදාවත් ගාල්ල දාල එන්න හිටපු එකෙක් නෙවෙයි. එහෙම උනා නම් ඉතින් පදිංචිය තවමත් ගමේ තමයි.
"කල්ප කාලයක් පරපුර දුන්නු දන් ඇතත් හිත තුල....මාසෙකට වරක් ලැබෙනුයෙ සොච්චමක් හෙයින්..කන්ට ගත් ගමන් බත් පත...කවුරුවත් එතැයි බිය වැද..දොර ජනෙල් වසා තනියම බුදිති බෝ දුකින්". මේකෙන් කියන්නේ නගරයේ පදිංචි වීම නිසා ආදායමකට තියෙන්නේ මාසික පඩිය විතරක් හින්දා පරපුරේ අය ගමේ අයත් එක්ක බෙදා හදා ගෙන කෑව වගේ කරන්න හිතුනත් තමන්ට එහෙම දෙන්න බැරි නිසා තනියම කනවා කියන එකයි.
මේ සිංදුවෙන් කියන්නේ වර්තමානයේ නාගරීකරණය නිසා සිදුවෙලා තියන අපේ පාරම්පරික සමාජ ක්‍රමයේ බිඳ වැටිමයි. මේ බිඳ වැටීම මිනිසුන්ගේ ජීවිත වලට කරලා තියන හානිය හුඟාක් වැඩියි ඔවුන්ට නොතේරුනාට. විශේෂයෙන්ම මානසික බලපෑම හා මානසික රෝග. ඒවා මේ වගේ පෝස්ට් එකකින් කියන්න බෑ. ඒත් මගේ සමහර පෝස්ට් වල මම ඒවා කියලා තියෙනවා.අර විස්තෘත චිත්ත පවුල් ක්‍රමය, සිංහලෙන් කියනවා නම් එක්ස්ටෙන්ඩඩ් ෆැමිලි සිස්ටම් එක බිඳ වැටීම ගැන කියද්දී. මේ සිංදුවේ අනිත් පැත්ත තමයි ඒ. තමන්ගේ දූ දරුවන් ගමින් පිට වීම නිසා ඔවුන් නැති පාලුවෙන් ඉන්න වයසක දෙමවුපියන්ගේ කතාව.
මේ මට වෙලා තියනවා වගේ.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී