මම මේ පෝස්ට් එක ලියනවද නැද්ද කියලා හිතා ගන්න බැරුවයි හිටියේ . ඒත් අන්තිමට ඕන රෙද්දක් උනාවේ කියලා ලියලා දාන්න හිතුවා. මට මෙහෙම ලියන්න හිතුනේ අද මේ වෙන කොට අපේ රටේ ලොකු සද්දයක් යන නිසා සිංහල ජාතිය සහ ආගම බේර ගන්න ඕන කියලා. මාත් එක්ක කීප දෙනෙක්ම ඕක කිවුවාම මම ඇහුවා කාගෙන්ද බේර ගන්න ඕන චීනාගෙන් වත්ද කියලා. එතකොට සමහර පොරවල් වලට මල පැනලා කිවුවා නෑ තම්බියාගෙන් කියලා. (මාර වැඩේ කියන්නේ බං දැන් අපේ සමහර පොරවල් ඉන්නවා චීනාට මොනවා හරි කියන කොටම මල පන්නවා ගන්න. ඇයි බං උන්ට එහෙම වෙනවා ඇත්තේ). එතකොට මම ඇහුවාම ඒකට අපි මොකක්ද කරන්න ඕන කියලා පොරවල් කිවුවා සිංහල බෞද්ධයා එකමුතු වෙන්න ඕන කියලා. මට ඒ වෙලාවේ ලොකු ප්‍රශ්නයක් ඇති වුනා එතකොට සිංහල ක්‍රිස්තියානි අය එකතු වෙන්න ඕන නැද්ද කියලා. ඒත් මම ඒ ප්රශ්නය උන්ගෙන් ඇහුවේ නෑ කන්න වෙයි කියන බයට. ඉස්සර වගේ නෙවෙයිනේ බං දැන්. ඉස්සර නම් දෙතුන් දෙනෙකුගෙන් උනත් කාලා නොවැටී කෙලින් ඉන්න පුලුවන්. දැන් එහෙම නෑ බං. නකුටු බල්ලෙක් ඇවිත් ඇඟේ හැපුනත් මීටර් දෙක තුනක් විසි වෙලා ගිහින් වැටෙනවා බං. අනාත්ම ස්වභාවය බං.ඒ කාලේ ඉස්කෝලේ බුද්ධාගම පාඩමේදී යාපා සර් කියලා දීපු එක දැන් අ...
Popular posts from this blog
තවත් මිත්‍යාවක්
මම කිවුවානේ අර මගේ යාලුවෙක් ඉන්නවා කියලා ඉස්ලාම් ආගම අදහන. මෑන් ඕලෙවල් ලියලා තියෙන්නේ සිංහලෙන්. ඒ වගේම සිංහල වලටයි, බුද්ධාගමටයි ඩී පාස් තියනවාලු. මම මෑන්ගෙන් ඇහුවා මට ඉස්ලාම් ගැන ටිකක් කියලා දෙන්න කියලා. මගේ ලිස්ට් එකේ ඉන්න ඉස්ලාම් ෆ්‍රෙන්ඩ්ස් ලාගෙන් මම ඉල්ලනවා මේකේ වැරදි එහෙම නැත්නම් එකතු වෙන්න තියන දේ තියනවා නම් කමෙන්ට් කරන්න කියලා. පහලින් ලියන්නේ මම දැන ගත් දේ. ඒ ගොල්ලා විශවාස කරන විදියට සදාකල් පැවැත්මක් තියෙන්නේ දිව්‍ය ලෝකයේ පමණයි. මනුස්ස ලෝකේ ගෙවන්නේ තාවකාලික ජීවිතයක්. ඒ වගේම මරණයෙන් පස්සේ එකම එක් වරක් උපදිනවා.ඒ ස්වර්ගයේ හරි අපායේ හරි. ඒ වගේම ඉන්නේ එකම එක මැවුම් කරුවෙක් creator පමණයි. කාලයක් යනකම් පැවතිලා තියෙන්නේ දිව්‍යලෝකය පමණයි. ඒත් මේ ලෝකය, ගහ කොල, සතුන් මැවුම් කරු විසින් මවා තියෙනවා. දවසක් දිව්‍ය ලෝකයේ සිට ආදම් සහ ඒව මේ ලෝකයට යම් කටයුත්තකට මැවුම් කරු විසින් එවා තියනවා. ඒ එවන කොට උපදෙස් ඒ ගොල්ලා කියන විදියට කමාන්ඩ්ස් commands වගයක් දීලා තියනවා. නමුත් ආදම් සහ ඒව ඒ කමාන්ඩ්ස් පිලිපැදලා නෑ. තහනම් ගහේ ගෙඩි කාලා තියනවා. ඒකට දඬුවමක් ලෙස ඔවුන් නැවත්තත් දිව්‍යලෝකයට බාර ගෙන නෑ. මෙ...
පිළිම වන්දනාව
2006 දී බුදුන්ගේ දේශයේ සංචාරය කරද්දී බෞද්ධ සාහිත්‍යයේ සිදුහත් කුමරා අවුරුදු හයක් දුෂ්කර ක්‍රියා යැයි කියැවෙන දුන්ගේශ්වරී නම් ස්ථානයේ මගේ දියණිය එහි පිහිටුවා ඇති පිළිමයට ගෞරව කරන අයුරු. ගල් කුහරයක් තුල පිහිටා ඇති මෙම ස්ථානය මුලුමනින්ම කලුවරය. එහෙත් මගේ වාසනාවට ජපානයේ සිට පැමිණි අයෙක් විදිලි ආලෝකය යොදාගෙන වීඩියෝ කරන අවස්ථාවේදී මම මෙම ජායාරූපය ගතිමි. පිළිම වන්දනාව බුදුන් වහන්සේ විසින් අනුමත කොට නැතත් බුදුන්ගේ පිරිණිවනින් වසර 1300 කට පසුව මුල්ම පිළිමය බුද්ධ ගයාවේදී ඉදි වූ පසු මෙම පිළිම වන්දනාව පටන් ගෙන ඇති අතර අද වෙන විට බුදුන් වහන්සේ විසින් පෙන්වා දුන් ධර්ම මගේ යනවා වෙනුවට මිත්‍යාදෘෂ්ටික බෞද්ධයින් පිළිම වන්දනාව, චෛත්‍ය හා බෝධි වන්දනාව මහත් සේ අගය කරමින් සිටිනු පෙනේ. බොහෝ කහකඩයින්ද මෙම මිත්‍යාව උලුප්පමින් සිටිති. සිදුහත් කුමරු දුෂ්කර ක්‍රියා කල බුද්ධගයාවේ දුන්ගේෂ්වරී නම් ස්ථානය. ·
Comments
Post a Comment