නීරෝගීව සිටිමුද?

ගිය සිකුරාදා මට ටිකක් වැඩ වැඩි දවසක් වුනා. දිගටම දවස් හතරක් නිවාඩු නිසා හදිසියේ නැවු වල වැඩට යන අයට බදාදා වෙනකම් ඉන්න බැරි නිසා සේරමලා එදා මෙඩිකල් වලට ආවා. ඔය අස්සේ පොරක් ඇවිත් “අනේ ඩොක්ටර් මගේ වැඩේ හරි ගිහින් නෑ නේද. මම දැන් මොකද කරන්නේ” කියලා එක විලාපයයි. මම කිවුවා මට කරන්න පුලුවන් හැම දෙයක්ම කලා. අන්තිමට පැරිස් වල තියන හෙඩ් ඔෆිස් එකටත් මම නිකම් සවුත්තු උනා ඔයා ගැන කියන්න ගිහින් කියලා.
මේ මෑන් දැනට සති දෙකකට විතර ඉස්සර මෙඩිකල් වලට ආවාම මම ෆුල් චෙක් කරන කොට මූට ඩයබිටීස්, ප්‍රෙශර්, කොලෙස්ටෙරොල් හොඳටම වැඩි වෙලා විතරක් නෙවෙයි ලිවර් එකේ ලෙඩත් තියනවා. වයස අවුරුදු 35 ක පොරක්. මිනිහා කිවුවා දැන් මේ අවුරුද්දකට පස්සේ තමයි යන්න හදන්නේ අතේ සතයක් නැති ගානට වැටිලා. ගෙදර අයට කන්නත් නැති වෙනවා යන්න බැරි උනොත් කියලා. ලෝකේ තියන හොඳම, හොඳට ගෙවන, නැවු කොම්පැනියක නැවු වල තමයි පොර යන්නේ. මේ වගේ කොම්පැනි හොඳට ගෙවනවා වගේම යන උන්ගේ සෞඛ්‍ය තත්වය ගැන හොඳට හොයනවා. ඒ නිසා උන් 40000 ක් විතර වියදම් කරනවා මෙඩිකල් එකට. සේරම ටෙස්ට් කරන්න ඕන. ට්‍රෙඩ් මිල් ටෙස්ට්, ස්කෑන් සේරම. ෆුල් බොඩි චෙක් අප්. ඉතින් මොනවා තිබුනත් අහු වෙනවා. ඒ ගොල්ලා කිසිම කෙනෙක් අලුතින් බඳව ගන්නේ නෑ ඩයබිටිස් හරි ප්‍රෙෂර් තියන අය. ඒ වගේම ඉන්න අයට පස්සේ ඒවා හැදුනත් ඒවාට දිගටම බෙහෙත් ගන්නවා කියලා අරූගෙන් ලියුමක් අරගෙන මම ඒ විස්තර සේරම ස්කෑන් කරලා පැරිස් වල තියන හෙඩ් ඔෆිස් එකට යවලා අනුමැතිය ගන්න වෙනවා. අනුමැතිය දුන්නොත් විතරයි පොරවල් වලට නැවට යන්න පුලුවන්. ඒ වගේම ප්‍රෙෂර් ඩයබිටීස් දෙකම හැදුනොත් කොහොමවත් ගන්නේ නෑ. එතකොට ඉතින් සොරි ඩොට් කොම් තමයි. එතකොට උන්ට යන්න වෙන්නේ අර බොරැල්ල - පිටකොටුව - බොරැල්ල යන ප්‍රයිවට් බස් වගේ චාටර් නැව් වල තමයි. උන් යන්තම් නාඩි වැටෙන එවුන් උනත් ගන්නවා. හිඟන පඩි. යන්නේ රට වටේ විතරයි. ලෙඩක් හැදුනොත් ටක් ගාලා ගෙදර එවන්න පුලුවන්.
ඉතින් මේ මෑන් ඇවිත් දුක කියන කොට මගේ බොක්ක උණු වෙලා මම ලියලා ඇරියා මූට තියන ලෙඩ කියලා ඒවාට දෙන බෙහෙත් පොර දිගටම ගන්නවා කියලා අත්සන් කරපු ලියුමත්, සේරම ටෙස්ට් රිපෝට් එක්ක ප්‍රංසෙට . උන් මට කිච මේල් එකක් එවුවා උන්ගේ මෙඩිකල් කරන රෙගියුලේෂන් වල කොපියකුත් එක්ක. ඒක හරියට ඒ ලෙවල් ඉන්න එකෙකුට අකුරු ඉගෙන ගනිං කියලා හෝඩි පොතක් එවුවා වගේ වැඩක් . උන්ගේ නීති එහෙමයි.
මේ සීමන් පොරවල් හුඟකට වෙන්නේ මාස නවයක් නැවේ ඉඳලා හොඳ ගානක් අර ගෙන ඇවිත් අර සල්ලි සේරම ඉවර වෙකම් යාලුවෝ එහෙම එක්ක ආතල් අරගෙන හිඳුනාම තමයි ආයිත් එන්නේ නැවට යන්න. යාලුවෝත් බලා ගෙන ඉන්නවා උන් එනකම් සුද්ද කරන්න. අවුරුද්ද පුරාවට උන් යාලුවෝ එක්ක සිල් සමාදම් වෙන්නේ නෑනේ. කන්න තියන සේරම අගුණ කෑම කාලා, බීලා, මල් එහෙම ඇදලා ඇඟ ෆුල් චොර කරගන්න එකයි කරන්නේ. උන් හිතනවා උන්ට අසනීප ගතියක් දැනෙන්නේ නැති නිසා උන්ට ලෙඩක් නෑ කියලා. බලන කොට තමයි බඩු අහු වෙන්නේ. සමහරු මල් ඇදලා මෙඩිකල් එකට එනවා. මුත්‍රා බලපු ගමන් බඩු අහුවෙනවා. උන් දන්නේ නෑ මරිජුවානා එහෙම නැත්තං ගංජා ගහපු දවසේ ඉඳලා දවස් 120 යනකම් මුත්‍ර වල තියනවා කියලා. මොනවා හරි මත් ද්‍රව්‍යයක් තිබුනොත් සොරිම තමයි. නැවු කොම්පැනි වල තියනවා සීරෝ ඩ්‍රග් පොලිසි කියලා එකක් එක පාරක් අහු වෙච්චි එකෙක් මුලු ජීවිතේටම බ්ලැක් ලිස්ට් වෙනවා. ආයිත් සොරි ඩොට් කොම්ම තමයි. මම ඉතින් මගේ ලඟට එන හැම එකාටම මේවා ගැන කියලා දෙනවා. විශේෂයෙන්ම තරුණ එවුන්ට. මම උන්ට අන්තිමට කියනවා කට පරිස්සම් කර ගත්තොත් හුඟාක් දේවල් වලින් බේරෙන්න පුලුවන් කියලා. ඇඟට හැදෙන ලෙඩ විතරක් නෙවෙයි හිතට හැදෙන ලෙඩ. ඇයි බං කට නිසානේ මිනිස්සු තරහා වෙන්නේ, හතුරෝ හැදෙන්නේ.
ඒ වගේම ඉන්නවා මාස නවයක් නැවේ ඉඳලා ගෙදර ඇවිත් ආයිත් මාසෙන් යන උන්. මට ලඟදී හම්බ උනා අවුරුදු 22 ක කොල්ලෙක් වයස 19 ඉඳන් නැවු වල වැඩ. ගෙදර ඉන්නේ මාසෙටත් අඩු කාලයක්. මේ ටික කාලේට ඇඹිලිපිටියෙන් ඉඩමකුයි කුඹුරකුයි අරගෙන අයියාට දීලා බලා ගන්න. එලවලු කෙසෙල් වී වලින් හොඳ ආදායමක් ගන්නවා කිවුවා. නංගිලා දෙන්නෙකුට උගන්නනවා. ගිය පාර ඇවිත් පොඩියට කඩයකුත් දාලා දුන්නලු ඉඩමේම පාර අයිනට වෙන්න. ආපහු එන්න කිට්ටු වෙලා යාලුවෝ සේරටම පොඩි පාටියක් දෙනවාලු. ඉතින් මට හරිම සතුටක් ආවා මම කිවුවා පුතා මට හරිම සතුටුයි ඔයා ගැන. ඔහොමම කරන්න. මට මැවිලා පේනවා ඔයා වයස 30 ක් වෙන කොට ඉන්න තැන කියලා. මෑන්ව ටෙස්ට් කරලා බැලුවාම සේරම ෆුල් නෝමල්. මොකද බොන්නේ නෑ, සිගරට් බොන්නේ නෑ. නැවේදී ජිම් එකට ගිහින් ව්‍යායාම කරනවා කිවුවා. උසට හරියන බර. ගෙයක් හදලා කසාදයක් කර ගන්නේ 30 දී කියලා කිවුවා. ඊට පස්සේ නැවු රස්සාව අත අරිනවා කිවුවා. මම කිවුවා බඳින දවසට මම ඉන්නවාද කියලා හොයලා මටත් කියපන් මම අනිවාර්යයෙන් එනවා කියලා මොබයිල් නොම්මරේත් දුන්නා. මම මේ පෙන්නුවේ එකම ජොබ් කරන එවුන්ගේ අන්ත දෙකක්. අර මුලින් කියපු එකා තමන්ගේ සල්ලිත් නැති කරගෙන ඒ මදිවාට නිරෝගී කමත් නැති කරගෙන තමා විහින්ම. සල්ලි ආයිත් හොයා ගත්තත් කලින් තිබුණු නිරෝගී කම කවදාවත් ආයේ ගන්න බෑ. කොච්චර හොඳට ඉන්න පුලුවන්ද තමන් අමාරුවෙන් මූද මැද ඉඳලා හම්බ කරන සල්ලි හරි විදියට ආයෝජනය කරා නම් අර කොල්ලා වගේ. මට ඒ කොල්ලා දැක්කාම මතක් වුනේ මැලිබන්, දාස, නවලෝක වගේ ඉතාම සුලුවෙන් පටන් අරගෙන රටේ ඉහලටම නැගපු මිනිසුන්. ඒත් මට හම්බ වෙන උන්ගෙන් සීයට විසිපහක් විතර තමයි අර කොල්ලා වගේ එවුන් ඉන්නේ.
බොලා හිතනවා ඇති ඇයි මම මේ නිරෝගී කමයි, කෑමයි, ව්‍යායාමයි ගැන හැමදාම වගේ කියන්නේ මූ වෙන ආතල් ගැන දන්නෙම නැත්ද කියලා. නෑ බං මම ඔය ආතල් හැම එකක් ගැනම දන්නවා අරගෙනත් තියනවා. ඒ උනත් ඒවා ගැන කියලා දෙන්න ඕන තරම් අය ඉන්නවානේ ටී වී එක ඇතුලුව. මට ඕන කරන්නේ නිරෝගී මිනිස්සු ඉන්න ශක්තිමත් රටක් ඇති වෙනවා දකින්න. අර සිවුරු කාරයෝ කියනවා වගේ මොකටද බං හුලඟකටත් ගහ ගෙන යන ඔලු විතරක් හදලා. අපේ දේශපාලුවන්ටත් ඕන ඒකනේ. උන්ගේ නම ඉස්සරහින් කතිරේ ගහන්න තරමට ශක්තිය තියන උන් හිටියොත් දේශපාලුවන්ට ඒ ඇති. ඇත්ත තේරුම් ගන්න බුද්ධියක් තියන, නිරෝගී ශක්තිමත් ශරීරයක් තියන එවුන් රටේ ඉන්න එක උන්ගේ පැවැත්මට බාධාවක්. අරක්කු, කුඩු ගහලා වැටිලා ඉන්න පරම්පරාවක් තමයි උන්ට ඕන. ඒක තමයි කුඩු, කසිප්පු බිස්නස් කාරයොන්ට උන් සපෝට්. ඒත් රටකට ඒ වගේ උන් දහයකට වඩා වටිනවා හොඳ නිරෝගී ශක්තිය, බුද්ධිය තියන දෙන්නෙක්.
මට මතක් වෙනවා ටෙන් කමාන්ඩ්මන්ට්ස් පිචර් එකේ මූසස් පූජකයින්ගේ ආහාර ගබඩාවල් කඩලා වහලුන්ට කන්න දුන්නාම, ඒ ගැන තමන්ගේ පුතා රැම්සීස් කියපු කේලාම් අහපු අධිරාජයා, ඒ ගැන ප්‍රශ්න කලාම මූසස් කියපු දේ. ඔහු කිවුවා “Rome made of bricks and strong make many, starving make few and dead make none” රෝම නගරය ගොඩ නගන්නේ වහල්ලු හදපු ගඩොල් වලින්. ශක්තිමත් අය ගොඩක් ගඩොල් හදනවා, දුර්වල අය හදන්නේ ටිකයි, මැරුණු අය මොනවත් හදන්නේ නෑ ඒකයි මම උන්ට කන්න දුන්නේ කියලා. ඒ නිසා බලන්න මම හදපු නගරය කියලා නගරය පෙන්නුවා. අධිරාජයාට චූන් වෙච්ච පාර තමන්ගේ පුතා රැම්සීස්ට බැනලා කිවුවා නගරයේ හැම ගොඩනැගිල්ලකම තමන්ගේ නම ලඟින් මූසස්ගේ නමත් ගහන්න ඒත් පුතාගේ නම කොතනකවත් ගහන්න එපා කියලා.
අන්න ඒ වගේ රට හදන්න නම් හොඳ නිරෝගී ශක්තිමත් ජනතාවක් ඉන්න ඕන. ඒ නිසා මට යුතු කමක් තියනවා පුලුවන් හැම විදියකටම ඒ ගැන මිනිසුන්ට කියලා දෙන්න. මට පුලුවන් හැම තැනකදීම මම ඒක කරනවා. අහන එක උන්ගේ වැඩක්.
මේක පුලුවන් තරම් ශෙයා කරපල්ලා. එහෙම කරලා පොරවල් වල කායික නිරෝගී කමවත් හදන්න ට්‍රයි එකක් දෙමු. මානසික නැත්නම් ඔලු නිරෝගී කරන්න බැරි විත්තිය මට දැන් තේරෙනවා.
මේකේම දිගුවක් හෙට බලමු. ඒ වගේම අර ටෙන් කමාඩ්මන්ට්ස් කියන පිචර් එකත් බලන්න, කොලඹ තියනවා. අර පූජකයින්ගේ ගබඩා ඇරලා හාල් දෙන එකයි අනිත් කතාවයි තියන ක්ලිප් දෙක මෙතන තියනවා.


හුඟ දෙනෙක් හිතාගෙන ඉන්නේ තමන්ට දැනෙන රෝග ලක්ෂණයක් නැත්නම් තමන් නිරෝගීයි කියලායි. මේක ඇත්තෙන්ම මිත්‍යාවක්. තමන්ට නොදැනුනාට ශරීරය ඇතුලේ බොහෝ රෝග වර්ධනය වෙමින් පවතින්නට පුලුවන්. මේක නොදන්නා හුඟාක් දෙනා තමන්ට උපතේදී ලැබුණු නිරෝගී ශරීරය වැරදි ජීවන ක්‍රම නිසා රෝගී කර ගන්නවා. හොඳින් ඉන්න කාලේ නිරෝගී කම රැක ගන්න කරන්න ඕන දේවල් නොකර සේරම සෞඛ්යයට අහිතකර දේවල් කරලා අන්තිමට ..... බිම ඇනුනාම තමයි මතක් වෙන්නේ නිරෝගී කමේ වටිනා කම. මම කියන්නේ බෝවන රෝග ගැන නෙවෙයි. බෝ නොවන රෝග ගැනයි. සම්පූර්ණයෙන්ම නිරෝගී කෙනෙකුට උනත් බෝවන රෝගයක් හැදුනාම ඌ රෝගියෙක් වෙනවා. ඒ රෝගයට ප්රතිකාර අර ගෙන සනීප උනාම බොහෝ වෙලාවට ආයිමත් සම්පූර්ණයෙන්ම නිරෝගී තත්වයට පත් වෙනවා. මම බොහෝ වෙලාවට කිවුවේ හෙපටයිටිස්, හර්පීස්, ඒඩ්ස් වගේ සමහර වයිරස් රෝග තියනවා සම්පූර්ණයෙන්ම සුව කරන්න බැරි. ඒවා හැදුනාම ඉතින් කසාදයක් බැඳ ගත්තා වගේ හිත හදාගෙන ඒකත් එක්කම ශේප් එකේ ජීවත් වෙන්න ඕන.
ඒත් බෝ නොවන දියවැඩියාව, අධි රුධිර පීඩණය, අක්මා රෝග, හෘද රෝග, වකුගඩු රෝග, පිලිකා, කොලෙස්ටෙරොල් වැඩි වීම, ස්ථුලතාවය වගේ ඒවා හැදුනාම (හරියටම කියනවා නම් හදා ගත්තාම ) ආයිත් මුල හිටපු තත්වයට එන්න බෑ. මම මුල තිබුනු තත්වය කිවුවේ බෙහෙත් නැතිව හිටපු තත්වය. අර ඉස්සර හිටිය තත්වයට කිට්ටු තත්වයකට එන්න බෙහෙත් බොන්න වෙනවා. ඒ වගේම අර එතෙක් ගත්ත ආතල් නවත්තලා යහපත් ජීවන රටාවකට පුරුදු වෙන්න වෙනවා. මෙතෙන්දි ආහාර රටාව වගේම නිති පතා ව්යායාම කිරීම අත්යවශ්යයි.
ඒත් අද අපි ඉස්සර පොඩි කාලේ වගේ නෙවෙයි අපි සල්ලි වලට ගන්න හැම දේකම වගේ වස විස තියනවා. ඉස්සර මුං ඇට කඩල කව්පී වගේ ඒවා උයන්න කලින් වතුරේ දැම්මාම පණුවෝ කාපු ඒවා උඩ පාවෙනවා. ඒත් අද තියන ඒවා ඊයම් බරු වගේ දැම්ම ගමන් යට යනවා. ඉස්කෝලෙ යන ළමයෙකුට පෙන්නන්නවත් පණුවෙක් හොයා ගන්න නෑ. මොකද ඒවාට කෘමි නාශක ගහනවා. ඒ වගෙම කොල ජාති. මම නම් කියලා තියෙන්නේ පණුවෝ කාලා තියන කොල ජාති ඇරෙන්න අර එලියට හොඳට පේන්න තියෙන ඒවා ගේන්න එපා කියලා. ඊලඟට ඉස්සර මාලු කඩේට කරවල කඩේට ගියාම පිරෙන්න හිටපු හිටපු මැස්සෝ අද දකින්නවත් නෑ. මොකද මැස්සෝ දන්නවා ෆෝමලින් උන්ගේ ඇඟට අගුණයි කියලා. ඉතින් ඔය වගේ දේවල් අපට පාලනය කරන්න අමාරුයි. හැමෝටම බෑනේ ගෙදර යමක් වවා ගන්න. අලු කෙහෙල් පඳුරක් වවා ගත්තොත් කෙසෙල් මුව, කෙසෙල් ගෙඩි ඒ වගේම ඕන නම් කෙසෙල් බඩේත් කන්න පුලුවන්. කෙසෙල් බඩේ තන්තු තියනවා ඇති වෙන්න. වෙන අලවලු වවනවා වගේ නෙවෙයි කෙසෙල් ගස් වලට අමුතුවෙන් වතුර දාන්න ඕන නැති නිසා වතුර බිලේ ප්රශ්නෙකුත් නෑ.
ඒ වගේම කෑම කන කොට ඉස්මුරුතාවට එන කම් කන්න හොඳ නෑ. ඉස්සර අපේ අම්මා කියනවා මෙහෙම. කෑවට පස්සේ තව ටිකක් බෙදා ගන්න ඕන කියලා හිතෙන්නේ වැඩි ටිකලු. ඒ ටික නොගෙන ඉන්නලු. ඒ හුඟාක් අම්මලා කියන්නේ කාපන් පුතේ බඩ පිරෙන්නම කියලානේ. උන්දලා එහෙම කියන්නේ ආදරේට. මගේ නෑයෙක් ඉන්නවා මිනිහායි, පවුලයි දෙන්නාම නිතරම කියනවා උගේ පුතාගේ බඩ ලොකු වැඩියි කියලා. දවසක් මමත් එක්කම ගියා නෑයෙකුගේ ගෙදර ඩිනර් එකට. කෑම රසට තිබ්බා. අර කට්ටිය සේරම හිටියේ මම ඉස්සරහා වාඩි වෙලා. කොල්ලා එක පිඟානක් කාලා දෙකට දෙමාන්දමේ ඉන්න කොට අම්මයි තාත්තයි දෙන්නාම කිවුවා තව ඕන නම් ගිහින් කන්න, කන්න කියලා. ඔන්න බලාපල්ලා අපේ එවුන්ගේ තියන ගොන් කම. මම කිවුවා ඔයාට කෙට්ටු වෙන්න ඕන නම් ඔය කාපු ටිකත් වැඩියි කියලා. එහෙම කිවුවා කියලා මට සමහරු දොස් කිවුවා බං. මම කවුද කියලා කියන්නේ නෑ මොකද මගේ ෆ්රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න සමහර ......යෝ මම ලියන ඒවා මගේ ඥාතීන්ට පෙන්නලා උන්ව කිච කරනවා. ඒවා මහ ජරා වැඩ බං. මම ඔය ඉඳලා හිටලා විහිලුවක් කලාට මම බලාපොරොත්තු වෙන්නේ රටට හොඳ දෙයක් කරන්නයි.
මගේ මීට කලින් පෝස්ට් එකක මම කිවුවා කොහොමද හෘදය නිරෝගීව තියා ගන්න ව්‍යායාම කරන්නේ කියලා අපට බ්‍රිගේඩියර් තුරේරාජා කියලා දීපු ක්‍රමය. මීට අමතරව ශරීරය ක්‍රියාශීලීව තියා ගන්න, වැඩිපුර තියන කැලරි පුච්චලා දාන්න වගේම හෘදයටත් යම් පමණක ව්‍යායාමයක් දෙන්න කරන්න පුලුව න්හොඳම දෙයක් තමයි වේගයෙන් ඇවිදින එක. මේකට සිංහලෙන් කියනවා “බ්‍රිස්ක් වෝකිං” කියලා. මුලින් මී 500ක් විතර සාමාන්‍ය වේගයෙන් ගිහින් ඊට පස්සේ පුලුවන් තරම් වේගයෙන් ඇවිදින එක තමයි බ්‍රිස්ක් වෝකිං කියන්නේ. හොඳ නිරෝගී කෙනෙකුට පුලුවන් වෙන්න ඕන අඩුම ගනනේ කිමී 5ක් වත් නොකඩවා මේ විදියට කරන්න. මේක කරන කොට තමන් තනිවමයි කරන්න ඕන. මොකද එක එක්කෙනාගේ ස්පීඩ් එක වෙනස් නිසා.
මම දැකලා තියනවා සමහරු ගෙදර ඉඳන් කාර් එකේ එනවා පාර්ලිමන්ට් ග්‍රවුන්ඩ් එකට ඇවිත් රවුම් බාගයක් විතර ගිහින් ලඟ තිය රෙස්ටෝරන්ට් එකෙන් ගොඳට කාලා ගෙදර එනවා. යන කොට ඇඳන් යන කිට් එක විතරක් 50000 විතර වෙනවා. ඒත් සත පහක වැඩක් නෑ. තවත් සමහරු කාර් එකේ වහලය උඩ බෝතලය තියා ගෙන බීලා රවුම් බගයක් විතර ඇවිදලා කාලා යනවා. ඌ යන්නේ ගෙදර ගෑණිගේ ඥං පචං අහන්නේ නැතුව යාලුවෝ එක්ක සෙට් වෙන්න. නෝනා ගෙදරට එන යාලුවන්ට කියනවා “හබී ජොජිං වලට ගියානේ. එයා හැමදාම අඩුම ගණනේ පැය දෙකක් වත් ජොගිං කරනවා “ කියලා. එතකොට අනිකා කියනවා “අපේ හබී අනේ හරි කම්මැලියි ඕවාට, කියන්න ඕන එයාටත් ඔයාගේ හබී එකක එකතු වෙලා ජොගිං කරන්න” කියලා. අරූ ගෙදරට වෙලා නිකං ඉන්න එකා දැන් ඩ්‍රින්ක් එකටත් සෙට් වෙනවා.
ඔන්න ඔය වගේ මේ ජොගිං කරන එකත් අපේ සමහරු ස්ටයිල් එකක් කර ගෙන තියනවා. තව කොටසක් ඉන්නවා බොහොම උවමනාවෙන් කරන. ඒත් උන්ට හයියෙන් ඇවිද ගන්න බෑ. බඩ ලොකුයි, එහෙම නැත්තං දණහිස් අමාරුව. උන් තමයි අර සෝෂල් ජොගිං කරලා පස්සේ කෙලව ගත්ත උන්. සමහර වෙලාවට මම ඒ ගොල්ලා පස්සේ යන කොට ඇහෙනවා කියනවා, “මගේ ඊලඟ ඇන්ජියො එකට කලින් කොහොම හරි කිමි ඇවිද ගන්න ඕන”,........ “ඉතින් ස්ටෙන්ට් එකක් දැම්මනන් ඉවරයිනේ මෙයා”, ...........“ගිය සුමානේ ඉඳන් මගේ ඉන්සුලින් ඩෝස් එකත් වැඩි කලා අනේ”,........... “ඔක්කොටොම හපන් මේ දණහිස් කැක්කුම” ........ඔන්න ඔය වගේ දේවල් තමයි කතා කර කර යන්නේ. හරිම කණගාටුදායක වැඩේ මේවා දැක දැකත් සමහර තරුණ පොරවල් අර කාර් එක උඩ තියා ගෙන හරි ඩිකිය ඇරගෙන හරි බෝතලයට සෙට් වෙනවා.
ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කරපු හොඳම වැඩක් තමයි රට පුරා ජොගිං ට්‍රැක්ට් හදපු එක. ඒත් සමහර කාලකණ්නි ඉන්නවා අර මිනිස්සුන්ට ඇවිදින්න හදලා තියන ට්‍රැක්ට් එකේ මැද හිට ගෙන රංචු පිටින් කතා කර ඉන්නවා.එහෙම නැත්තං පවුල් පිටින් හරහට ගාටනවා. හයියෙන් යන එකෙක්කුට යන්න නෑ. උන්ට අනිත් එවුන් ගැන කිසිම හැඟීමක් නෑ. මම ඉන්නේ ආයිත් ගෝඨා ආවොත් මේ ගැන කියන්න.
ඔය පාර්ලිමන්ට් ග්‍රවුන්ඩ් එක පැත්තේ ගියොත් මේවා දකින්න පුලුවන් දැක්මක් තියන ඕන කෙනෙකුට. මොකද මම එහෙම කිවුවේ සමහරුන්ට පේන්නේ අර ඩිකි ඇරගෙන සොමිය දාන වගේ ඒවා විතරයි. අනිත් පැත්ත දකින්නේ නෑ. ඒකට තමයි බුද්ධිය තියෙන්න ඕන. එහෙම එවුන් අනුන්ට වෙලා තියන දේ දැකලා තමන් හැදෙනවා. ඒ අතින් ගත්තාම අපේ සමහර දොස්තරලාටත් බුද්ධිය නෑ. දැනුම විතරයි.


මම කියාගෙන ආවේ තන්තු එහෙම නැත්නම් කෙඳි තියන ආහාර ගත්තාම අපට තියන වාසිමම කිවුවා  කෙඳි දිරවන්නේ නැති නිසා ඒවා මළ හැටියට පිට වෙනවා කියලා වගේම ඒවාට වතුර උරාගෙන පිම්බිලා ලොකු බල්ක් එකක් හැදිලා බඩ වැල් වල බිත්ති පිහ දාගෙන වගේ යනකොට  බිත්ති වල රැඳිලා තියන විෂ ද්රව්පිලිකා කාරක වගේ දේවලුත් ගහ ගෙන යනවා කියලා වගේම මුලු බඩවැල් බිත්ති වලට එක සමාන පීඩනයක් එහෙම නැත්තම් ප්රෙශර් එකක් යෙදවෙන නිසා අර නෙරා යාම් ඇති වෙලා ලෙඩ හැදෙන්නේ නෑ කියලාවාහන වල උනත් දුම එක්ක තෙල් ටිකක් එන ඒවායේ සයිලන්සර් එක දිරන්නේ නෑනේ ලෙසියෙන්ඒත් දුම විතරක් එන ඒවායේ ඒක ඉක්මනට දිරනවා කාලේ මගේ තිබුනු හැම නිසාන් කාර් එකකම ඔය සයිලන්සර් ප්රශ්නේ තිබුනාඒත් මිට්සුබිෂි කාර් තිබිච්ච එවුන්ට  ප්රශ්නේ තිබුනේ නෑඋන්ට තිබුනේ ඇන්ජිමට තෙල් ටිකක් දාන්න එකයි අඩු වෙන කොටනිසාන් එකට තෙල් දාන්න ඕන නෑ හැබැයි සයිලන්සරේ දාන්න ඕන . ඒක පාඩුයි.

කෙඳි තියන ආහාර ගැන්න එකේ තව ලොකු වාසියක් තමයි ඒවා ගොඩක් වෙලා හපන්න ඕන නිසා වෙලාව ගත වෙනවා කන්නමේ නිසා ටිකක් කැවෙන කොටම ආහාර තෘප්තිය එන නිසා අඩුවෙන් කැවෙන්නේහුඟාක් එවුන්ගේ තඩි බඩවල් තියෙන්නේ ඔය හේතුව නිසායිඋන් ෆ්රයිඩ් රයිස් වගේ ඒවා කනවා නෙවෙයි බොනවාමොකද  හාල් වල නිවුඩ්ඩ නැතිසා බොන ගානට කන්න පුලුවන් නිසා තමයි විශේෂයෙන්ම දියවැඩියා රෝගීන්ට දොස්තරලා උපදෙස් දෙන්නේ කෙඳි තියන ආහාර ගන්නනිවුඩු හාල් කන්න කියලාඒකෙන් කන ප්රමානය අඩු වෙනවා වගේම කෑම වල තියන පිෂ්ටය සීනි බවට හැරිලා ඇඟට උරා ගන්න එකත් ස්ලෝ වෙනවාඑතකොට ලේ වල සීනි ඉක්මනට නගින්නේ නෑ වගේම ඇඟට කොලෙස්ටෙරොල් උරා ගන්න එකත් මේ කෙඳි තියන ආහාර නිසා අඩු වෙනවානමුත් දියවැඩියාව හැදෙන කම් ඉන්න ඕන නෑ ඊට කලින්ම මේවාට පුරුදු උනාම ඔය ලෙඩ හැදෙන්නේ නෑඅද අපි වගේ රට වලට ලොකු ප්රශ්නයක් වෙලා තියන තරබාරු කමට මේක හොඳ විසඳුමක්ඒත් කරුමේ කියන්නේ අපේ සල්ලි තියන එවුන්ට කනවා ඇරෙන්න වෙන දෙයක් නෑනේහොඳට අහගෙන හිටියොත් උන් කතා කරන්නේ අහවල් හෝටලේ කෑම වල රස ගැනඅපේ එකෙක් ඉන්නවා මගේ වයසේ හම්බ උනොත් කතා කරන්නේ ගිය සතියේ ගිහින් කාපු තැන විස්තර. "මචං එතන අපි තුන් දෙනෙකුට කන්න ගියේ දහාට දාහයිබ්ලඩි චීප් කියලාබලපල්ලා එකාට හයදාහ ගානේ අරගෙනත් ඌට බ්ලඩි චීප්මට නම් තිස් පහට තිබිච්ච ඤානකතා එක හතලිහක් කරාම මුදලාලියාව කන්න හිතෙනවා.  කන කෑම බ්ලඩි චීප් උනාට උගේ බඩ නම් බ්ලඩි බිග්මම හිතන්නේ  අවුරුදු විසි පහකින්වත් උගේ ජුන්ඩාව දැකලා නැතුව ඇති කණ්නාඩියකින් මිසක්දියවැඩියාවපපුවේ අමාරුකොලෙස්ටෙරෝල් සේරටම බෙහෙත් බොනවාමම මේ බොලාට කියන කිසිම දෙයක් ඌට කියන්න යන්නේ නෑඌට කියනවාට වඩා හොඳයි මගේ කට කකුස්සි කටක අතුල්ල ගන්න එකඅම්මපානැද්ද හා.
ගමේ අවුරුදු දහ අටක් විතර ජීවත් වුනු මම පුරුදු වෙලා තිබුනේම අපේම කුඹුරු වලින් ලැබුනු තනි රතු කැකුලු හාල් බත් වලටයි වගේම දකුණු පලාතේ කිරි බතුත් දුඹුරු පාටයිමම මුලින්ම කොලඹ ඇවිත් තමයි සුදු කිරබත් දැක්කේ වෙලාවේ ඇතිවුනු අප්රිඅය් කම තාම තියනවා කාලේ අපේ ආත්තම්මලා කවදාවත් එලවලු සල්ලි ව්ලට ගත්තේ නෑඋදේ දහයට විතර මල්ලකුත් අරන් වත්ත වටේ ගිහින් පැය බාගයක් යන කොට පලාගහල හරි ඉන්නල හරි අලඅලු කෙසෙල්දෙහිඅමු මිරිස්පොලොස් වගේ ඒවා අරගෙන ඇවිත් උයනවාඒවා කන මිනිස්සු ගෑනු මහත් උනේ නෑඅපේ ආත්තම්මාට දරුවන් හය දෙනෙක් ඉඳලාත් බඩ නෙරලා තිබුනේ නෑඅවුරුදු අනූඅටක් ජීවත් උනා කිසිම ලෙඩක් තිබුනේ නෑකෑමත්  වගේම ගෙදර වැඩ කරන කොට ලැබෙන ව්යායාම නිසා  අය මහත් උනේ නෑ.හාල්පිටි කොටන කොටඒවා කුල්ලේ දාලා පොලන කොටමිරිස් ගලේ අඹරන කොටබිම වාඩි වෙලා පොල් ගාන කොට ඒවා මිරිකන කොටකුරක්කන් ගලේ අඹරන කොටරෙදි හෝදන කොටඒවා ගලේ ගහන කොට මිරිකන කොට,  කොටින්ම ඇන තියාගෙන ඩවුන්ලෝඩ් කරනකොට පවා ව්යායාමමම හිතන්නේ  නිසා වෙන්න ඕන  කාලේ ගෑනුන්ට දරුවෝ ගොඩක් හිටියේමොකද කොච්චර දරුවෝ ලැබුනත් ඇඟ ලස්සනයිනේඉතින් මහත්තයාට උනත් ...... එක්කෝ ඒවා ඕන නෑමම අර දවසක් කිවුවේ  කාලේ දොස්තර ඇන්තනීස් මහත්තයා ඇඟේ තෙල් පොඩ්ඩක් වත් නැති ගෑනු කෙනෙක්ව ඔපරේෂන් කරන කොට කියපු කතාවක්අර කොලඹ නෝනලා ලුංජිය අඳින එකට හේතුව. 1977 න් පස්සේ ආපු රට විනාස කරපු ආර්ථික ක්රමය නිසා අද වෙන කොට ගමවල් වල ගෑනුත් පීප්ප වගේබර ඔරොත්තු දෙන්නේ නැති නිසා යන්නේ අර ශොකැබ්සෝබර් ගියපු ලොරි වගේ දෙපැත්තට පැද්දි පද්දීගම් වලට ලයිට් ආපු නිසා අර ඉස්සර අතින් කරපු වැඩ සේරටම දැන් මැෂින්තාම ගම් වල ගිම් නැති නිසා උන් බතල වගේ ඉන්නවාමිනිහා පැත්ත පලාත බලන්නේ නෑ අඩියක් ගහලා නැත්තම් මලක් ඇදලා බුදියනවාටවුමේ අයට නම් ජිම් තියන නිසා සමහරු ඒවාට යනවාසමහරු සුම්බා වලට යනවාඒවාට නොයන උන්ට සුම්මාඋන් ආරනවාඉතින් අඩුම ගනනේ තම්න් ගන්න ආහාර වලින් වත් පරිස්සම් වෙනවා නම් ඔය ආරන ගතිය අඩු කර ගන්න පුලුවන්ඇත්තටම අපි කෑම කන්න ඕන ජීවත් වෙන්නයිඒත් සමහරු ජීවත් වෙන්නේ කන්නයිඅර මම කලින් කියපු ජුන්ඩා දකලා නැති එකා වගේඅපි කියනවා


අපි කියාගෙන ආවේ අපේ හුඟාක් මිනිස්සු මේ මාධ්යවලින් කියන දේවල් ඉස් මුදුනින් පිලි අරගෙන ගොනාට අඳින එක ගැනයිමීට අවුරුදු හතලිහකට පනහකට විතර ඉස්සර නම් ඒවා ප්රශ්නයක් වුනේ නෑ කාලේ තිබුන ප්රධානම මාධ්යය තමයි දිනපතා ලැබෙන පත්තරේඒකෙනුත් ප්රධාන වුනේ ලේක් හවුස් පත්තරඒකෙනුත් දිනමිණයි සිලුමිණයි කාලේ මේ පත්තර අදට වඩා හරිම ස්වාධීනයි වගේම වගකිවයුතු විදියට ප්රවෘත්ති වාර්තා කලානියම මාධ්යවේදීන් හිටියාඅපට ඉස්කෝලෙදි කිවුවේ නිවැරදි ඉංග්රීසි සිංහල ව්යාකරන ඉගෙන ගන්න නම් පත්තර වල කතෘවාක්යය කියවන්න කියලාඅන්න  කාලේ තමයි යමක් පත්තරේ තිබුනා නම් ඒක සීයට සීයක් හරි කියලා මිනිසුන් අතර විශ්වාසයක් තිබුනේමොකක් හරි ගැන කිවුවාම 'උඹ කොහොමද හරියටම දන්නේකියලා ඇහුවාම ඇයි පත්තරේ තිබුනේ කිවුවාම ආයිත්  ගැන වාදයක් නෑ තරමටම විශ්වාසයිමම හිතන්නේ අන්න  විශ්වාසය තමයි තවම මාධ් ගැන  මිනිසුන් තුල තියෙන්නේ කියලයි මම හිතන්නේඔය අද ඉන්න චීවර ධාරීන් කියන දේවලුත් තාම  විදියටම බොහෝ දෙනෙක් පිලිගන්නේ  ඉස්සර කාලයේ හිටපු සිල්වත් භික්ෂූන් වහන්සේලා කිවුවේ ඇත්ත නිසායිනමුත් අද වෙන කොට මේ දෙගොල්ලාම දූෂිත වෙලා මිත්යාව වපුරනවා තමන්ගේ පැවැත්ම වෙනුවෙන්.  මේ ගොල්ලා කියන දේ පිලිගන්න අය අමාරුවේ වැටෙනවාමම මේ කණ්ඩායම් දෙක ගැන කිවුවේ මිනිසුන් තුල මේ දෙගොල්ලා ගැන තවමත් විශ්වාසයක් තියන නිසායිඑහෙම නැතුව සමාජයේ අනිත් කණ්ඩායම් හොඳ නිසා නෙවෙයිනමුත් අදටත් මේ රටේ ඉතාම සුපේෂල ශික්ෂාසම්පන්න භික්ෂූන් වහන්සේලා අප්රකටව වැඩ  ඉන්නවාමිත්යා දෘෂ්ටික බෞද්ධයින් අතරේ උන්වහන්සේලා ඉන්නේ කොන් වෙලා.

අදත් මාතෘකාවෙන් පිට ගියානේමේක මහ කරුමයක් බංඉතින් මේ ආහාර රටාව වෙනස් වීම නිසා අපේ අයගේ සෞඛ් තත්වය පිරිහෙනවා විතරක් නෙවෙයි ඒක රටේ ආර්ථිකයටත් බලපානවාවිශේෂයෙන්ම මම දැනට කරන රස්සාවෙදි මට පෙනී ගියපු එකක් තමයි අපෙ රටින් යන මුහුදු නාවිකයින් සිංහලෙන් කියනවා නම් සී ෆෙයරර්ස්ලා අනිත් රටවල් වලින් එන අයට වඩා නැවු වලදී ලෙඩ වෙලා ආපහු එවන්න වෙන එක.එහෙම උනාම අරූ වෙනුවට වෙන එකෙක්ව ලඟ තියන රටකින් ගෙන්න ගන්න වෙනවාලෙඩ පොරට අමාරු නම් බෙහෙත් අරන් දෙන්න ලඟ තියන රටකට නැව ගෙනියන්න වෙනවාකචල්ම ලෙඩක් නම් හෙලිකොප්ටරයක් නැවට ගෙන්න ගෙන අරූව ගෙනියන්න වෙනවාඋන්ට හෙන වියදමක්මේ නිසා මේ ලඟකදීත් නැවු සමාගම්  ගැන  ගොල්ලන්ගේ කනස්සල්ල පල කරලා තිබුනාදිගටම මේ දේ වුනොත් උන් කනස්සල්ල පැත්තකට දාලා කියන්න ඉඩ තියෙනවා අපි උඹලාගේ මිනිස්සු වැඩට ගන්නේ නෑ කියලාඑහෙම වුනොත් ඒක මහ ලෙඩක් වෙනවාලංකාවේ ඉන්නේ ලෙඩ්ඩු කියලා ප්රචාරයක් ජාත්යාන්තර නැවු කොම්පැනි අතර පැතිරිනොත් ආපහු ඒකෙන් ගොඩ එන්න ලේසි නෑහරියට අර මානව අයිතීන් උල්ලංඝනය ගැන පැතිරුනා වගේඑහෙම වුනොත් ඒක විදේශ විනිමය ගේන එකටත් බලපානවා මාධ්යවලින් කියන දේවල් ඉස් මුදුනින් පිලි අරගෙන ගොනාට අඳින එක ගැනයිමීට අවුරුදු හතලිහකට පනහකට විතර ඉස්සර නම් ඒවා ප්රශ්නයක් වුනේ නෑ කාලේ තිබුන ප්රධානම මාධ්යය තමයි දිනපතා ලැබෙන පත්තරේඒකෙනුත් ප්රධාන වුනේ ලේක් හවුස් පත්තරඒකෙනුත් දිනමිණයි සිලුමිණයි කාලේ මේ පත්තර අදට වඩා හරිම ස්වාධීනයි වගේම වගකිවයුතු විදියට ප්රවෘත්ති වාර්තා කලානියම මාධ්යවේදීන් හිටියාඅපට ඉස්කෝලෙදි කිවුවේ නිවැරදි ඉංග්රීසි සිංහල ව්යාකරන ඉගෙන ගන්න නම් පත්තර වල කතෘවාක්යය කියවන්න කියලාඅන්න  කාලේ තමයි යමක් පත්තරේ තිබුනා නම් ඒක සීයට සීයක් හරි කියලා මිනිසුන් අතර විශ්වාසයක් තිබුනේමොකක් හරි ගැන කිවුවාම 'උඹ කොහොමද හරියටම දන්නේකියලා ඇහුවාම ඇයි පත්තරේ තිබුනේ කිවුවාම ආයිත්  ගැන වාදයක් නෑ තරමටම විශ්වාසයිමම හිතන්නේ අන්න  විශ්වාසය තමයි තවම මාධ් ගැන  මිනිසුන් තුල තියෙන්නේ කියලයි මම හිතන්නේඔය අද ඉන්න චීවර ධාරීන් කියන දේවලුත් තාම  විදියටම බොහෝ දෙනෙක් පිලිගන්නේ  ඉස්සර කාලයේ හිටපු සිල්වත් භික්ෂූන් වහන්සේලා කිවුවේ ඇත්ත නිසායිනමුත් අද වෙන කොට මේ දෙගොල්ලාම දූෂිත වෙලා මිත්යාව වපුරනවා තමන්ගේ පැවැත්ම වෙනුවෙන්.  මේ ගොල්ලා කියන දේ පිලිගන්න අය අමාරුවේ වැටෙනවාමම මේ කණ්ඩායම් දෙක ගැන කිවුවේ මිනිසුන් තුල මේ දෙගොල්ලා ගැන තවමත් විශ්වාසයක් තියන නිසායිඑහෙම නැතුව සමාජයේ අනිත් කණ්ඩායම් හොඳ නිසා නෙවෙයිනමුත් අදටත් මේ රටේ ඉතාම සුපේෂල ශික්ෂාසම්පන්න භික්ෂූන් වහන්සේලා අප්රකටව වැඩ  ඉන්නවාමිත්යා දෘෂ්ටික බෞද්ධයින් අතරේ උන්වහන්සේලා ඉන්නේ කොන් වෙලා.

අදත් මාතෘකාවෙන් පිට ගියානේමේක මහ කරුමයක් බංඉතින් මේ ආහාර රටාව වෙනස් වීම නිසා අපේ අයගේ සෞඛ් තත්වය පිරිහෙනවා විතරක් නෙවෙයි ඒක රටේ ආර්ථිකයටත් බලපානවාවිශේෂයෙන්ම මම දැනට කරන රස්සාවෙදි මට පෙනී ගියපු එකක් තමයි අපෙ රටින් යන මුහුදු නාවිකයින් සිංහලෙන් කියනවා නම් සී ෆෙයරර්ස්ලා අනිත් රටවල් වලින් එන අයට වඩා නැවු වලදී ලෙඩ වෙලා ආපහු එවන්න වෙන එක.එහෙම උනාම අරූ වෙනුවට වෙන එකෙක්ව ලඟ තියන රටකින් ගෙන්න ගන්න වෙනවාලෙඩ පොරට අමාරු නම් බෙහෙත් අරන් දෙන්න ලඟ තියන රටකට නැව ගෙනියන්න වෙනවාකචල්ම ලෙඩක් නම් හෙලිකොප්ටරයක් නැවට ගෙන්න ගෙන අරූව ගෙනියන්න වෙනවාඋන්ට හෙන වියදමක්මේ නිසා මේ ලඟකදීත් නැවු සමාගම්  ගැන  ගොල්ලන්ගේ කනස්සල්ල පල කරලා තිබුනාදිගටම මේ දේ වුනොත් උන් කනස්සල්ල පැත්තකට දාලා කියන්න ඉඩ තියෙනවා අපි උඹලාගේ මිනිස්සු වැඩට ගන්නේ නෑ කියලාඑහෙම වුනොත් ඒක මහ ලෙඩක් වෙනවාලංකාවේ ඉන්නේ ලෙඩ්ඩු කියලා ප්රචාරයක් ජාත්යාන්තර නැවු කොම්පැනි අතර පැතිරිනොත් ආපහු ඒකෙන් ගොඩ එන්න ලේසි නෑහරියට අර මානව අයිතීන් උල්ලංඝනය ගැන පැතිරුනා වගේඑහෙම වුනොත් ඒක විදේශ විනිමය ගේන එකටත් බලපානවා.


*****************************************************************

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී