Drug addiction 18.04.2018

ඊයේ හවස මම ගියා ජොගිං පාරකට පාර්ලිමන්ට් ග්‍රවුන්ඩ් එකට. ඉතිං ගෙදර ඉඳංම ෆුල් ස්පීඩ් එකේ ගිහිල්ලා පාර්ලිමන්ට් ග්‍රවුන්ඩ් එකේ රවුමක් දාල එනකොට ග්‍රවුන්ඩ් එකට ඇතුල් වෙන තැන හෙන කචල් එකක්. පොඩ්ඩක් හති වැටිලත් තිබුනු නිසා මමත් පොඩ්ඩක් නැවතිලා හොටේ දාලා බැලුවා මොකක්ද සීන් එක කියලා. බලන කොට පොරක් එතන හිටපු බඩ්ඩකගේ මාලයක් කඩා ගෙන අහු වෙලා අනිත් ඈයෝ ඌට නෙලනවා ගමකට. නෙලන නෙලිල්ල බලන් ඉන්න බැරුව මම එතන ඉන්න ආමි පොරට කිවුවා මෙහෙම කලොත් අරූ මැරෙයි ඒ නිසා නවත්තන්න කියලා. මම හැමදාම යන කොට උන්ට ගුඩ් ඊවිනින් පාර දාලා උන් මාව දන්නවා උනත් මගේ ටයිටල් දන්නේ නෑ.ඒ පාර එකෙක් ගිහින් අරූව අරං ආවා උන් ඉන්න තැනට. බලන කොට මූ කුඩු කාරයෙක්. බැලුවාම කියන්න පුලුවන් මූණෙන් මොකද මම උන්ව ලඟින්ම ආශ්‍රය කරලා තියෙනවා ඒඩ්ස් මර්ධන එකේ ඉඳිද්දී. ෆුල් ඩිප්‍රෙස්ඩ් ඇස් බාගෙට වැහිච්චි හැඟීම් fully depressed face without expressions පෙන්නුම් කිරීමක් නැති මූණ. තලංගම පොලිසියෙන් ඌව ගෙනියන්න ආවාම මම උන් ඉස්සරහා ඇහුවාම අර පොර පිලිගත්තා ඌ කුඩ්ඩෙක් කියලා. දවස් ගානක්ම කුඩු ගන්න සල්ලි නැතුව ඉඳලාලු ඕක කෙරුවේ. දවසට කුඩු වලට රුපියල් 1500 ක් යනවාලු. ඒක විශ්වාස කරන්න පුලුවන්. මොකද ටිකක් හරි සිහිය කල්පනාවක් තියෙන එකෙක් කවදාවත්ම පාර්ලිමේන්තු ග්‍රවුන්ඩ් එක වගේ තැනක ඔය වගේ වැඩක් කරන්නේ නෑ. මම උනත් කොච්චර අඩුපාඩු කම් තිබුනත් ඔතනදී ගේමක් දෙන්න හිතන්නේවත් නෑ. මොකද මහා විශාල ඔපන් ස්පේස් එකක්. හැංගෙන්න පැනලා යන්න තැනක් නෑ. ඒ කියන්නේ මූ ප්‍රොෆෙෂනල් හොරෙක් නෙවෙයි අර බැංකු සුද්ද කරන එවුන් වගේ. කර ගන්න දෙයක් නැතුව කරපු එකක්. හරියට බඩගින්නේ හිටපු බල්ලෙක් මොනවා හරි අරගෙන දුවනවා වගේ.

මම කිවුවා පොලිසියට රාජගිරියේ තියන අන්තරාදායක ඖෂධ පාලන අධිකාරියටත් national dangerous drug control board මූ ගැන දන්නන්න කියලා ඒ වගේම උසාවියෙන් ඉල්ලලා අංගොඩ මානසික රෝහලට දාන්න කියලා. මම මුලදීම මම කවුද කියලා නොකිවුවා නම් උන් මාවත් පොලිසියට ගෙනියනවා. මම කොහේ ගියත් අර ඒ කාලේ මට මිනිස්ට්‍රියෙන් දීලා තිබුනු ඒඩ්ස් කන්ට්‍රෝල් ප්‍රොග්‍රම් අධ්‍යක්ෂ කියන අයිඩෙන්ටි එක අරං යනවා මොකද ඒකේ ගැම්මක් තියෙන නිසා. ඔන්න උඹලා කාටවත් එහෙම කියනවා නෙවෙයි මේ ගැන මොකද මට ඒක අරං යන්න නීතියෙන් අයිතියක් නැති නිසා. මොකද තව දුරටත් මම එතන අධ්‍යක්ෂ නෙවෙයිනේ. ඒත් බං මහින්දට තාමත් ජනාධිපති කියනවා නම් ඇයි මට බැරි කියලාත් සමහර වෙලාවට හිතෙන්නේ මගෙ ගොන් කමට වෙන්න ඇති.

ඉතිං අරූ අරං ගියාට පස්සේ එතන හිටපු පොරවල් ජොගිං යාම පැත්තක තියලා වෙච්ච එක ගැන පෝස්ට් මෝටම් තියනවා. සමහරු කියනවා අරූව මරන්නලු තිබුනේ. ඕකුන් තමයිලු බැංකු කඩන්නේ. අහිංසක ගෑනු ලමයෙකුට රත්තරං බඩුවක් දාගෙන පාරේ යන්න බැරිලු. මුංට රජ කාලේ දඬුවම් දෙන්න ඕනලු. ගෝටාභය හිටියා නම් ඕකුන් මෙලහකට ඉවරයක් කරලාලු. ඒක අහං ඉඳලා තව පොරක් කිවුවා ඔවු ඔවු ඉස්සර මේ රටේ කොහේද ඉඳං තව කොහේටද කෙල්ලෝ යනවාලු රත්තරං බැඳ ගෙන කාගෙන් වත් කරදරයක් නැතුව මොකද ඒ කාලේ කවුරු හරි කරදරයක් කරා නං කෙලින්ම උල තියනවාලු අර කරපු එකාව. ඒ නිසා මේවා නවත්තන්න නම් ගෝටාභය මහත්තයාම එන්න ඕනලු. අරූව බේරලා පොලිසියට යවපු එක වැරදිලු. ඔය වගේ එක එක විදියට පෝස්ට් මෝටම් තියනවා. ඕවා ඔක්කොම අහගෙන ඉන්න අතරේ මගේ වෝම් අප් එකත් බැහැලා තිබුන නිසා මම ජොගිං කිරිල්ල නවත්තලා එතන තිබුනු ආමි රෙස්ටොරන්ට් එකෙන් රුපියල් හතලිහකට නෙස්කැෆේ එකකුත් බීලා ගෙදර ගියා ආවා වගේ පයින්ම. ඉතින් මම හිතුවා මගේ අර ඉන්දියාවේ පම්පෝරිය කියවාට වඩා මේක බොලාට කියලා බොලාගේ අදහස් දැන ගන්න එක හොඳයි කියලා.

ඉතින් මොකද බොලා කියන්නේ මේක ගැන. අර පොරවල් පෝස්ට් මෝටම් කර කර කියපු ඒවා හරිද. මම පෝස්ට් මෝටම් කියලා කිවුවේ දැන් කවුරු හරි මැරුණාම මරණයට හේතුව දන්නේ නැත්තම් දොස්තරලා මිනිය කපලා හේතුව හොයා ගන්න බලන එකටයි. ඒ වගේ අර කුඩු කාරයාගේ කේස් එකෙන් පස්සේ අනිත් පොරවල් කරපු කියපු දේ මම දැක්කේ පෝස්ට් මොර්ටම් එකක් කරනවා වගෙයි. ඒකයි මම අරහෙම කිවුවේ. කුඩු කාරයෝ ඔක්කොම මරලා දාල මේ ප්‍රශ්නය ඉවර කරන්න පුලුවන්ද. අරූව මරන්න නොදී ජාතික අන්තරාදායක ඖෂධ පාලන මණ්ඩලයට ඒකාව යොමු කරපු එක වැරදිද.

ගෝටා ආවොත් මේවා ඉවර වෙයිද. මම හෙට බලාපොරොත්තු වෙනවා හොඳ අර්ථවත් කොමෙන්ට්ස් ටිකක්.
ඉඩ තියෙන හිංදා මම හිතුවා බොලාට ලෝකයේ තියන මාරාන්තික රෝගයක් ගැන කියලා දෙන්න. ඒක තමයි ජල භීතිකා කියන එහෙම නැත්නම් කවුරුත් දන්න පිස්සු බලු රෝගය Rabies . මේ රෝගය හැදෙන්නේ ලිසාවයිරස් Lyssavirus කියන වයිරස් කාණ්ඩයට අයිති රේබීස් Rabies කියන වයිරස් එකෙන්. මේ ලෙඩේ ඕනම කිරි බීලා හැදෙන සතෙකුට හැදෙන්න පුලුවන්. ඒත් හුඟාක් වෙලාවට මිනිස්සුන්ට මේක හැදෙන්නේ මේ රෝගය හැදිච්චි බල්ලෙක් හපා කෑම හින්දයි. නිරෝගී බල්ලෙකුට ඒක හැදෙන්නේ රෝගය තියෙන බල්ලෙකුගෙන්, නරියකුගෙන් හරි මුගටියෙකුගෙන් වගේ සතෙකුගෙන්. බල්ලෙකුගේ ඇඟට අර පිස්සු බලු වයිරස් එක ඇතුල් වෙලා ඌට ලෙඩේ හැදෙන්න මාස ගානක් යනවා. එතකම් උන් ෆුල් නෝමල් විදියට ඉන්නවා.මේ කාලයේදී උගෙන් කරදරයක් නැති උනත් උගේ ඇඟ ඇතුලේ වයිරස් එක වැඩෙනවා.මේ කාලයට කියන්නේ ආසාදිත කාලය incubation period කියලා. හරියට හෙම්බිරිස්සාව තියෙන ගොනෙක් අපේ මූණට හචිමක් ඇරලා අපේ ඇඟට ඒ වයිරස් එක ඇතුල් වෙලා අපිට හචිං යන්න පටන් ගන්න යන කාලය වගේ.

99% ක් ම මිනිසුන්ට මේ ලෙඩේ හැදෙන්නේ ලෙඩේ හැදිච්චි බල්ලන්ගෙන් නිසා තමයි මේකට පිස්සු බලු රෝගය කියලා නම වැටිලා තියෙන්නේ. එහෙම බල්ලෙක් මිනිහෙක්ව හැපුවොත් උගේ කෙල වල තියෙන අර වයිරස් එක අර මිනිහාගේ ඇඟට ඇතුල් වෙනවා. ඊට පස්සේ මාසයත් මාස තුනත් අතර කාලයකදී (ආසාදිත කාලය) මිනිහාට ලෙඩේ හැදෙනවා. තුවාලයේ ඉඳලා වයිරස් එක මොලයට ගියාම තමයි රෝග ලක්ෂණ ඇතිවෙන්නේ. සමහර විට ඔලුව මූණ වගේ මොලයට කිට්ටු තැනක් හැපුවොත් දවස් පහකදී උනත් මේක හැදෙන්න පුලුවන්. මේකට ජලභීතිකාව water phobia කියන්නේ ලෙඩේ අන්තිම කාලයේ වතුර දැක්කාම බය වෙන නිසායි. රෝග ලක්ෂණ ආවාට පස්සේ එයාව බේර ගන්න බෑ. හැබැයි සපා කෑම වෙච්ච ගමන්ම ඉන්ජෙක්ෂන් ගහ ගත්තොත් ෆුල් ශේප්. ඉස්සර කාලේ නම් බුරිය වටේට ඉන්ජෙක්ෂන් 21 ක් ගැහුවා. ඒත් දැන් තුනෙන් ශේප්. මේ සේරම තියෙද්දිත් අපේ රටේ අවුරුද්දකට 25 ක් විතර තාමත් මේකෙන් මැරෙනවා. 2000 දී 100ක් විතර මැරුණා. අප්‍රිකානු රට වල අවුරුද්දකට 50000 ක් විතර මේකෙන් මැරෙනවා.

පිස්සු බලු රෝගය හැදුන බල්ලෙක් සාමාන්‍යයෙන් සතියක් ඇතුලත මැරෙනවා. එතකං ඌ අර එස් බී කියන විදියට පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ පාර දිගේ දුව දුව අහුවෙන කෙනාව හපා කනවා.ඒ හපා කාපු හැම එකාගෙම ඇඟට අර වයිරස් එක ඇතුල් වෙනවා. ඒ නිසා පිස්සු වැටුනු බල්ලෝ මරා දානවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. හැබැයි කවුරු හරි හිතනවා නම් පිස්සු වැටුනු බල්ලෝ මරලා දාලා විතරක් පිස්සු බලු රෝගය හැදෙන එක නවත්තන්න පුලුවන් කියලා ඌ මහ හද්ද ගොනෙක්. ගොනෙක් නෙවෙයි ගොන් තඩියෙක්. දැන් මට කියාපල්ලා බොලාට තේරෙන හැටියට පිස්සු බලු රෝගය නැති කරන්න නම් වෙන මොනවද කරන්න ඕන කියලා. මම හෙට ඒකටත් හොඳ යෝජනා ටිකක් බලාපොරොත්තු වෙනවා. හොඳම යෝජනාව ගෙනාපු එකාට මම තෑග්ගක් හැටියට වෙන යෝජනාවක් ගේනවා ප්‍රයිවට් එකේ.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී