16.02.2018

පහුගිය දවස් ටිකේම මගේ හුඟාක් යාලුවෝ අහපු දෙයක් තමයි මොකක්ද උඹට වෙලා තියෙන්නේ. මොනවාද මේ දාන පෝස්ට්. ෆේස් බූක් තියෙන්නේ මේවා දාන්න නෙවෙයි. 1978 ඉඳන් මේ වෙනකම් මොකක්ද අපට වෙලා තියෙන අඩුපාඩුව. උඹට මතක නැද්ද ඒ කාලේ ටේබල් ෆෑන් එකක් ගන්න තිබුනාද. අපි දාඩිය දාගෙන පාඩම් කලා උඹට අමතක වෙලාද. මේ පක්ෂ දෙකෙන් කොයි එක ආවත් අපට වැරදිලා තියනවාද. උඹ 78 ඉඳන් මේ වෙන කොට කාර් කීයක් මාරු කරලා තියෙනවාද. දැනට උඹටයි උඹේ ලමයින්ටයි වාහන කීයක් තියෙනවාද. උඹට ඕනවෙලා තියෙන්නේ මේවා නැති කර ගන්නද. උඹට මතක නැද්ද 88/89 කාලේ අපේ වාහන වලට පාරේ යන්න දුන්නේ නැති හැටි. උඹ දාන මේ පෝස්ට් වලින් උඹම සවුත්තු වෙනවා මිසක් උඹ කියන දේශපාලන ක්‍රමය මේ රටේ හැදෙන්නේ නෑ. ඒක තේරුම් ගනිං.
මෙන්න මේ වගේ දේවල් හුඟාක් මගේ කාලීන මිතුරන් මට කිවුවා. ඔය අතරේ කීප දෙනෙක් හොඳ කියලාත් තිබුනා. මේවා ගැන හුඟාක් කල්පනා කරලා මම තීරණය කලා මගේ මිතුරන් කියන දේ අහන්න. ඒ නිසා මීට පස්සේ මම මගේ හිතට එන දේ ලියලා පස්සේ ඩිලීට් කරලා දානවා. පෝස්ට් කරන්නේ නැතුව.
වෙලාව තිබුනොත් පස්සේ අපි දන්න මේ රටේ දේශපාලන ඉතිහාසය ගැන පොතක් ලියනවා. ඒත් මිනිස්සු ඒක කියවයිද මන්දා.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී