20.04.2018


පිස්සු බලු රෝගයයි කුඩු වසංගතයයි ගැන මම පෙරේදා දාපු පෝස්ට් එකට ලැබුණු අඩු ප්‍රතිචාර දැක්කාම මට මතක් උනේ මීරිගම කහඳව කියන ගමේ කන්ද උඩ තියෙන රජ මහා විහාරයේ විහාර ගේ.ඒක ඇතුලේ තියෙනවා බෝසතුන් එක ආත්මයක වඳුරෙක් වෙලා ඉපදිලා ඉන්න කොට තමන්ගේ එකෙක්ව බේර ගන්න මහා භයානක රකුසෙකුගේ කටට පනින පිලිමයක්. ඉතිං අපි මීරිගම ඉන්න කාලේ ඔය පන්සලට ගියාම ඒ කාලේ අවුරුදු 2ක් වෙච්ච මගේ බාල පුතා අර කට ඇරගෙන ඉන්න රකුසා නිසා විහාර ගේ පැත්තට යන කොටත් බයේ ගැහි ගැහි කෑ ගහනවා. හැබැයි ටික ටික බය ඇරිලා අපි මීරිගමෙන් එන කොට අවුරුදු 7 ක් වෙච්ච පොර අර රකුසාගේ කටටත් අත දැම්මා. මේ වෙන කොට අවුරුදු 23ක් වෙන පොරට රකුසා අහු උනොත් ඌ රකුසාව ගිලිනවා. ඌ දැන් මොන

රකුසෙකුටවත් වත් බය නැති එකෙක් වෙලා. කෝ බලන්න මම කියාපු එක තේරිච්ච කට්ටිය අත උස්සන්න අර සමන්තබද්‍ර රහතන් වහන්සේ කියනවා වගේ.

හොර කම නම් මම අද ඉඳලම පටන් ගත්තා. අද හවස මම ගියා මහරගම තරුණ සේවා සභාවේ තිබුන - ජාතික විද්වත් සංවිධානයේ - නිර්දේශ ඉදිරිපත් කරපු සමාජ කතිකාවට. මොකද සෞඛ්‍ය සේවා විද්වත් කණ්ඩායමේ මමත් සාමාජිකයෙක් නිසා. එන ගමං මහරගම ඉඳං නුගේගොඩට බස් එකේ ටිකට් නොගෙන හොරාට ආවා. කොන්දොස්තරයා තව කවුද සල්ලි දුන්නේ නැත්තේ කියලා අහන කොට මම උගේ මූන දිහා බලා ගෙනම හිටියා. ඌ මාරු උනා. රුපියල් විස්සක් ඉතුරුයි බං. මාර ආතල් එකක් බං ලැබුනේ. විස්සකට ඔහොම නම් බිලියන ගනං ගහන කොට කොහොම ආතල් එකක් ඇද්ද. අපරාදෙනේ ආණ්ඩුවේ ඉන්න කාලේ පටන් ගත්තා නම් නම් මාර ආතල් ගන්න තිබුනා. නාමලයා උනත් දැන්නේ බං කියන්නේ. ඒ උනත් මමත් දිගටම අර ආතල් එක පොඩියට හරි ගන්නවා.

ඊට පස්සේ පුලුවන් හැටියකට දූෂනයත් පටං ගන්නවා පොහොට්ටුව දිනුවාට පස්සේ.

Comments

Popular posts from this blog

AIDS 24.02.2018

1977- බහුබූත විවෘත ආර්ථිකය

Batadhallaa - 17.04.2018