අපේ නෑයෙකුට කුලුඳුලේ ලැබිච්චි දරුවා බලන්න පෙරේදා මම ගියා ඩි සොයිසා හොස්පිටල් එකට. ගිහින් බලන කොට ඉන්නවා සුදුපාට කෙලි පැටික්කියක් අර කොට් එක ඇතුලේ තියලා. මට මතක් උනේ මීට අවුරුදු 30 කට ඉස්සර මගේ නෝනාට ලැබිච්චි කෙලි පැටික්කි බලන්න කාසල් හොස්පිටල් එකට ගිය දවස. එදා මට දැනුනේ මම රජ උනා කියලායි. ඒත් ඒකි අපිව දාලා ගියාට පස්සේ මට දැනෙන්නේ බලු උනා කියලයි.
ඔය බලාපල්ලා තාමත් පිට යනවනේ. ඉතින් මම ඔහොම ඉන්නකොට අර කෙලි පැටික්කි බලන්න ආපු කෙනෙක් කිවුවා ඒ වාට්ටුවේ ඉපදිලා ඉන්න ලමයින්ගෙන් සීයට අසූවක් විතර මුස්ලිම් ලමයි කියලා. මම ඒ පාර කොට් පහක හයක බැලුවත් මට අපේ කෙලි පැටික්කිගෙයි අර පොඩි එවුන්ගෙයි කිසිම වෙනසක් පෙනුනේ නෑ. උන් ඔක්කොම පැත්තකට හරවලා නිදි කරවලා ඉන්නවා. සමහරු අපේ කෙල්ල වගේ උඩු තොල උල් කරගෙන ඉන්නවා. සමහරු තොල් දෙක තදට වහ ගෙන ඉන්නවා. පොඩි වෙනසකට මම දැක්කේ සමහරු අනිත් අයට වඩා කලු පාටට හුරුයි. ඒත් එහෙම උන් හිටියේ ටික දෙනයි.
මම කොයි එකටත් කියලා වාට්ටුව වටේ ගිහින් බලලා එන කොට අර කතාව කියපු එක්කෙනා ගිහින්. මට අපරාදේ කියලා හිතුනා අර ලමයි මුස්ලිම්ද සිංහලද කියලා අඳුර ගන්න ක්‍රමය අහ ගන්න බැරි උන එකට. අනේ බොලාගෙන් කවුරු හරි ඒ ක්‍රමය දන්නවා නම් මට කියා දීපල්ලා. මේක මට හරි ප්‍රශ්නයක් බං.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී