තවත් මිත්‍යාවක්

මම කිවුවානේ අර මගේ යාලුවෙක් ඉන්නවා කියලා ඉස්ලාම් ආගම අදහන. මෑන් ඕලෙවල් ලියලා තියෙන්නේ සිංහලෙන්. ඒ වගේම සිංහල වලටයි, බුද්ධාගමටයි ඩී පාස් තියනවාලු. මම මෑන්ගෙන් ඇහුවා මට ඉස්ලාම් ගැන ටිකක් කියලා දෙන්න කියලා. මගේ ලිස්ට් එකේ ඉන්න ඉස්ලාම් ෆ්‍රෙන්ඩ්ස් ලාගෙන් මම ඉල්ලනවා මේකේ වැරදි එහෙම නැත්නම් එකතු වෙන්න තියන දේ තියනවා නම් කමෙන්ට් කරන්න කියලා. පහලින් ලියන්නේ මම දැන ගත් දේ.
ඒ ගොල්ලා විශවාස කරන විදියට සදාකල් පැවැත්මක් තියෙන්නේ දිව්‍ය ලෝකයේ පමණයි. මනුස්ස ලෝකේ ගෙවන්නේ තාවකාලික ජීවිතයක්. ඒ වගේම මරණයෙන් පස්සේ එකම එක් වරක් උපදිනවා.ඒ ස්වර්ගයේ හරි අපායේ හරි. ඒ වගේම ඉන්නේ එකම එක මැවුම් කරුවෙක් creator පමණයි. කාලයක් යනකම් පැවතිලා තියෙන්නේ දිව්‍යලෝකය පමණයි. ඒත් මේ ලෝකය, ගහ කොල, සතුන් මැවුම් කරු විසින් මවා තියෙනවා. දවසක් දිව්‍ය ලෝකයේ සිට ආදම් සහ ඒව මේ ලෝකයට යම් කටයුත්තකට මැවුම් කරු විසින් එවා තියනවා. ඒ එවන කොට උපදෙස් ඒ ගොල්ලා කියන විදියට කමාන්ඩ්ස් commands වගයක් දීලා තියනවා. නමුත් ආදම් සහ ඒව ඒ කමාන්ඩ්ස් පිලිපැදලා නෑ. තහනම් ගහේ ගෙඩි කාලා තියනවා. ඒකට දඬුවමක් ලෙස ඔවුන් නැවත්තත් දිව්‍යලෝකයට බාර ගෙන නෑ. මෙන්න මේ ආදම් සහ ඒව ගෙන් තමයි මම, බොලා ඇතුලුව මේ ලෝකයේ මෙතෙක් සිටි, සිටින හා ඉදිරියේ උපදින සියලු දෙනා පැවත එන්නේ. නමුත් ඉස්ලාම් අය පිලිගන්න විශ්වාස කරන විදියට ජජ්මන්ට් දවසක් judgment day එහෙම නැත්නම් තීරණය දෙන දවසක් එනවා. එදාට මැවුම් කරු පැමිණ අර මියගිය අය සියලු දෙනා කැඳවා ඔවුන් ජීවත්ව සිටි කාලය තුල කරපු හරි වැරදි අනුව දිව්‍ය ලෝකයට හෝ අපායට යවනවා. මේ මැවුම් කරු තමයි සියලු බලැති අල්ලා දෙවියන්. අල්ලා දැන් සිටින්නේ දිව්‍ය ලෝකයේ.

මේ කතාව ඇහුවාම මම හොල්මන් වෙලා ගියා. මට ප්‍රශ්න කීපයක්ම ආවා. එකක් අවුරුදු ලක්ශ ගනනක් තුල මියගිය මිනිසුන් දැන් සිටින්නේ කොහේද, කිනම් වේශයකින්ද, ඒ ප්‍රශ්නයට ඔහුට පිලිතුරක් තිබුනේ නෑ. // මම හිතන්නේ අධික ශ්‍රද්ධාව නිසා ඔවුන් තුල එවැනි ප්‍රශ්න පැන නගින්නේ නෑ. කියන දේ පිලි අරගෙන ඉන්නවා. බුද්ධාගම් කාරයන් වගේමයි. මම කිවුවේ අර අමෙරිකාවේ විශ්ව විද්‍යාලයේදී 1997 දී මමත් ඔය වගේ තත්වයකට පත් වුනා කියලා// මෑන් පස්සේ දවසේ කාගෙන් හරි අහගෙන ඇවිත් මට කිවුවා ඒ මියගිය ආත්මය මලකුණ සමගම සිටිනවා කියලා. කුණ දිරලා ගියත් ආත්මය වල තුල පවතිනවා කියලා. වැරදි කල අය වලේ ඉඳගෙනත් විඳවනවාලු. වැරදි නොකල අය ජජ්මන්ට් ඩේ එක වෙන තුරු දිග නින්දක සිටිනවාලු සැනසිල්ලේ. ඒ නිසාලු ඔවුන් මිණීවල පස් වලින් විතරක් වහන්නේ ජජ්මන්ට් ඩේ එක දවසට නැගිටලා එන්න පුලුවන් වෙන්න. එතකම් ඒ වල කවුරුත් නැවත හාරන්නේ නැතිලු. //මට ඒ වෙලාවේ මතක් වුනේ අර රගර් ක්‍රීඩක තජුඩීන්. ඒත් සීරියස් කතාවක් නිසා මම ඒවා ඇහුවේ නෑ// මම ඇහුවා එහෙම නම් ජජ්මන්ට් දවස වෙන කම් අපාය හිස් නේද කියලා. මෑන් ටිකක් කල්පනා කරලා කිවුවා එහෙම වෙන්න ඕන කියලා. ඒත් අපාය සේරම ලෑස්තිලු. ඒකේ තියනවාලු හරියටම ඔලුව ලඟින්ම තියන ඉරවල්. එහෙම කියලා මගෙන් අහනවා අච්චර දුරින් තියන ඉරෙන් මෙච්චර රස්නයක් තියනවා නම් ඔලුව ලඟම තියන කොට කොහොම රස්නයක් ඇත්ද කියලා.
// මට හිතුනා අහන්නට තාමත් කවුරුත් එහෙ ගිහින් නැත්නම් කොහොමද මේවා දන්නේ කියලා. ඒත් මම ඇහුවේ නෑ. මේකෙන් මට පෙනුනේ පොඩි කාලයේ ඉඳලා හිත් තුල ඇති කරලා තියන දැඩි ශ්‍රද්ධාව නිසා ඔවුන්ට ඒවා ගැන ප්‍රඥාවන්තව සිතන්න ප්‍රශ්න කරන්න බැරි කරලා තියනවා. එසේ ඇසීම ආගමට විරුද්ධ වීමක් ලෙස සැලකෙනවා. බුද්ධාමේත් මේකමයි වෙන්නේ. මම මේ වගේ ප්‍රශ්න කරලා අන්තිමට හාමුදුරුවරුන්ට උත්තර නැති උනාම මහත්තයාගේ මිත්‍යාදෘෂ්ටික බව නිසයි ඔහොම ප්‍රශ්න හිතට එන්නේ කියලා අතින් සිවුරත් හද හදා හනිකට එතනින් යනවා. ඒගොල්ලෝ කියන සේරටම එහෙයි කියන අය තමයි නියම බෞද්ධයෝ. මම දවසක් රුවන්වැලි සෑය වටේට කිලෝ මීටර ගණනක් දිග බෞද්ධ කොඩියක් ඔතන කොට එතන හිටපු හාමුදුරු කෙනෙකුගෙන් අහපු වෙලාවෙත් ඔය උත්තරේම මට ලැබුනා.//. මට තේරුනා හැම ආගමකින්ම කරලා තියෙන්නේ මිනිසුන්ගේ බුද්ධිය යටපත් කරලා ශ්‍රද්ධාව උත්සන්න කරලා තියනවා කියලා. මම ඇහුවා මිනිසුන් කවදාවත් දිව්‍යලෝකයට ගිහින් නැති නම් ඒ වගේම මැවුම් කරු වන අල්ලා දෙවියන් මෙහේට ඇවිත් නැත්නම් මිනිසුන් කල යුතු නොකල යුතු දේ දන්නේ කොහොමද කියලා. එයා කිවුවා වරින් වර මෙසෙන්ජර් කෙනෙක් මෙහාට එවනවාලු. ඒ ආපු අන්තිම මෙසෙන්ජර් තමයි ලු ක්‍රි.ව. 400 දී සවුදියේ සිටි නබි නායක තුමා. ඒ ගොල්ල විශ්වාස කරනවා ජේසු තුමාත් ඒ වගේම මෙසෙන්ජර් කෙනෙක් කියලා. ඒ වගේම බුදු හාමුදුරුවොත් ඒ වගේ ආපු මෙසෙන්ජර් කෙනෙක් කියලා අනිත් ආගම් වලට.// මෙතෙන්දි මට ප්‍රශ්න ගෝනියක් මතු වුනා. මුලු ලෝකයම පැවත එන්නේ ආදම් සහ ඒවගෙන් නම් ඒ සියල්ලෝම එකම මැවුම් කරුගේ අය. එහෙම නම් මොකටද මෙසෙන්ජර්ලා කීප දෙනෙක්. ඒ වගේම ඉස්ලාම් වලට අනුව හැමෝම විශ්වාස කරන්න ඕන සිටින්නේ එකම මැවුම් කරුවෙක් බව. ඒ වගේම මෙසෙන්ජර්ලා එන බව. ඊලඟ එක මරණින් පසු එක ඉපදීමක් වෙනවා. ඒක සදාකාලිකයි. මෙන්න මේ ප්‍රධාන දෙක විශ්වාස නොකරන අය සදහටම අපායට යනවා. ඒ කියන්නේ ඉස්ලාම් නොවන මෙතෙක් ලෝකයේ සිටි, දැනට සිටින සහ ඉදිරියේ උපදින සියලුම අය අපායට යනවා. බුද්ධාගමේත් මේකම කියනවානේ. සියලුම මිත්‍යාදෘෂ්ටිකයින් අපායේ යනවා කියලා. //හැබැයි මේක අහලා මට පොඩි ජොලියක් ගියා. මේක ඇත්තනම් මට දවසක් අපේදෙමාපියන්, ආත්තම්මා දරුවන් මුනුපුරන් අපායේදී හරි හම්බ වෙන්න පුලුවන් කියලා//
ඒ වගේම ජජ්මන්ට් ඩේ එකෙන් පස්සේ මනුස්ස ලෝකයක් නෑ. තියෙන්නේ එදා ඉඳන්ම තියන දිව්‍ය ලෝකයත්, ජජ්මන්ට් දිනයේ පටන් ගැනෙන අපායත් විතරයි. ඒ වගේම සතුන්ට නැවතත් ඉපදීමක් නෑ. ඔවුන් සිටින්නේ මිනිසාගේ පැවැත්මට උදවු කරන්න විතරයි.
මම ආරාධනා කරනවා මගේ උගත් මිතුරන්ට කිසිම සිත් රිදෙන වචන පාවිච්චි නොකර කරන සංවාදයකට. ඒකෙන් ලැබෙන අදහස් මට පුලුවන් මගේ යාලුවාට ඉදිරිපත් කරලා විමසන්න. මම කිවුවා වගේ හැම ආගමකම මිනිසුන් පිට පටවලා තියන අධික ශ්‍රද්ධාව තමයි ඔවුන්ව උන්මත්තකයින් බවට පත් කරලා තියෙන්නේ. ඒක නිසා මේ ගැන සාකච්චා කිරීමේදී අපි ඒ ගැන බොහෝ සේ සැලකිලිමත් වීම වටිනවා. මම අහපු ප්‍රශ්න කීපයෙන් මට පෙනුනා මගේ යාලුවාගේ හිතේ යම් වෙනසක් වුනු බව ඔහු කියූ එක් දෙයකින්.// අන්තිමට බැලුවාම හිත තමයි සේරටම මුල නේද ඩොක්ටර්// කියලා. මේක තේරුම් ගන්න ඔහුට පුලුවන් වුනේ ඔහුට බුද්ධියක් තිබුනු නිසයි.
මට තව ප්‍රශ්න ගොඩක් තියනවා මිනිහාගෙන් අහන්න මිනිහා කවදා වත් හිතලාවත් නැති. ඒත් ඒවා අහන්නේ ටිකින් ටික. හිතන්න ඉඩ දීලා. මම පහත දාලා තියන ලින්ක් එකෙන් මේ ගැන කතෝලික අයකු බයිබලය හා ඉස්ලාම් අයකු කුරාණය ඇසුරින් කරන සාකච්චාවක් අහන්න පුලුවන්. අපේ රටේත් කල යුත්තේ මෙවැනි විද්‍යාත්මක සංවාද කිරීමයි. අර නානසාර කහකඩයා වගේ අල්ලාගේ ලබ්බ වගේ ප්‍රකෝපකාරී වචන වචන කියා මිනිසුන් අතර වෛරය පතුරුවන එක නෙවෙයි. එවා ආගම් වහලුන්ගේ ප්‍රමෝධයට හේතු වුනත් මිනිසුන්ගේ සිත් තුල සදහටම පවතින තුවාල ඇති කරනවා.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී