Bandaranayaka - 21.05.2018

මහ උජාරුවෙන් බණ්ඩා ගැන කියන අයටයි මේ.බණ්ඩා කරපු මේ වැඩ නිසයි ගමෙන් ආපු මම ඇතුලු සෑහෙන ගානකට කඩ්ඩ දන්නේ නැතිව මාර කෑමක් කන්න උනේ මෙඩිකල් කොලේජ් එකේදී. ඉස්සර ගාල්ලේ මහින්දේ ඉංග්‍රීසියෙන් උගන්නපු එක අපි යන කොට නැවතිලා තිබුනා. මේ යකා කරපු සිංහල විතරයි, කාර් වල නොම්මර ශ්‍රී කරපු නිසා දෙමල මිනිස්සුන්ට ලොකු බයක් ඇති වුනා උන්ගේ අනාගතය ගැන. අන්තිමට ඒකෙන් ප්‍රයෝජන ගත්තේ කොටි. දැන් ශ්‍රී එක ඉස්සර වගේම ඉංග්‍රීසි අකුරු වුනා. දෙමලත් රාජ්‍ය භාෂාවක් උනා. ඒ වගේම යූඑන්පී එක කඩලා තව හොරුන්ගේ පක්ෂයක් හැදුවා. එහෙම නැති උනා නම් ඒ කාලේ යූ එන් පී එපා වෙච්ච මිනිස්සු යන්නේ වාමාංශික පක්ෂ වලට. 

අපි ඕන නම් මේක ගැන වාද කරමු හැබැයි හැඟීම් වලට යට නොවී ශිෂ්ට සම්පන්න විදියට.

Comments

Popular posts from this blog

ගල් යුගයයි නව යුගයයි

Wana katha - 03.04.2018

1977- බහුබූත විවෘත ආර්ථිකය