Posts

Showing posts from October, 2018

බෞද්ධයෙක්ද නැතිනම් බෞද්ධාගමිකයෙක්ද.

මා බෞද්ධයකු වූයේ මා සිංහලයෙක් වූ ආකාරයටමය. මා බුද්ධාගම විෂයයට සම්මාන සාමාර්ථයක් ලබා ගත්තේ සිංහල විෂයයට සම්මාන සාමාර්ථයක් ගත් ආකාරයෙන්මය. වෛද්‍ය විද්‍යලයේදී මෙන් ම රෝහල් තුලදීත් නිරතුරුව සතර පෙර නිමිති වලින් පෙරනිමිති තුනක් දුටිමි.අධිකරණ වෛද්‍ය නිලධාරී වරයෙකු ලෙස මෘත ශරීර 1500 කට අධික ප්‍රමාණයක් කපා පරීක්ෂා කිරීමේදී කිසි විටෙක මා තුල අසුභය නොවැඩුනි. එහෙත් පසු කාලීනව හොඳින් බුද්ධ ධර්මය අධ්‍යයනය කිරීමට පටන් ගත් විට මා හට නොයෙක් ගැටලු වලට මුහුණ දීමට සිදු වුනි. විශේෂයෙන්ම පටිච්ච සමුප්පාදයේ භව තුනට අයත් වන ලෝක 13න් ලෝක 11 පවතින්නේ කොහිද යන්න තවමත් මා හට ගැටලුවකි. එමෙන්ම නැවත උපදින්නේ මිනිසුන් පමණක් නම් එය පටිච්ච සමුප්පාදයට ගැලපේ.එහෙත් කුහුඹුවන් ගැඩවිලුන් පනුවන් මදුරුවන් ආදී මෙලොව වෙසෙන සිය ගනන් වූ සත්ව විශේෂද නැවත උපදින්නේ නම් ඔවුන් පටිච්ච සමුප්පාදයට ඇතුල් වන්නේ කොතැනින්ද යන්නද ප්‍රශ්ණයකි. ධර්මධර භික්ෂූන් වහන්සේලා කිහිප දෙනෙකුගෙන් අසා සිටියද තවමත් මා හට පිලිතුරක් ලැබුනේ නැත.ඔවුන් පවසා සිටියේ මා තුල මෙම මිත්‍යාදෘෂ්ඨික හැඟීම් ඇත්තේ මා තුල ශ්‍රද්ධාව නොමැති නිසා බවය. එහෙත් මා විශ්වාස කරන ආක