කොසොල් රජු දුටු සිහිනයක් මේ වන විට සැබෑ වෙමින් තිබෙන අයුරු.

මේ බුදුන් වහන්සේ විසින් කොසොල් රජු විසින් දක්නා ලදැයි කියන සිහින දහසය අරුත් ගන්වමින් කරන ලද පැහැදිලි කිරීමකි. වර්ථමානයේ මේ දේ මේ ලෙසින්ම කෙරෙන බව මා මීට පෙර කරන ලද පෝස්ට් එකකින් පැවැසුවා. ඒ පිලිබඳව සිත් පෑරුම් ලද උගත් බුද්ධිමත් බෞද්ධයෙකු හට මාගේ දේශපාලන පක්ෂයද ඔහුගේ තෙවෙනි ඇස මගින් දර්ශණය වූවත් ඔහුගේ තෙවෙනි ඇස නිවැරැදි නොවන බව මට එකහෙලා පැවැසිය හැකිය. මා එසේ පවසන්නේ උගත් බුද්ධිමත් එතුමා සිතන ආකාරයට කිසිදු පූජකයකුගෙන් හෝ ලෙබ්බේ කෙනෙකුගෙන් විමසා නොව මා හට දේශපාලන පක්ෂයක් නොමැති බැවිනි. මා දේශපාලන හෝ ආගමික වහලකු හෝ නොවන බැවිනි. මා විසින් මෙයට පෙර අවස්ථා කීපයකම දක්වා ඇති පරිදි කෙතරම් උගත් වූවත් දේශපාලන හා ආගම් වහලුන්ට නිදහස් චින්තකයින් සිටින බව තේරුම් ගැනීමට නොව සිතීමටවත් නොහැක. මේ බවද බුදුන් වහන්සේ විසින් කොසොල් රජුට තවත් සිහිනයක් පහදා දෙමින් පවසා ඇත.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී