Wana katha - 03.04.2018

ඔන්න එකමත් එක රටක කැලේ හිටියාලු නරි ජෝඩුවක්. ඉතිං මේ නරි ජෝඩුව දවසක් කෑම සොයාගෙන කැලේ ඇවිදගෙන යන කොට අර නරි දෙන දැක්කාලු ඉස්සරහින් යන ලොකු එලුවකුගේ පිටිපස්සේ කකුල් දෙක අතරින් ලොකු මස් කුට්ටි දෙකක් එහාට මෙහාට පැද්දි පැද්දී එල්ලෙමින් තියෙනවා. ඉතින් මේ නරි දෙන නරියාට කිව්වාලු අනේ මෙයා අර බලන්නකො අර මස් කුට්ටි දෙක කොයි වෙලේ බිමට කඩා වැටෙයිද දන්නේ නෑ අපි මොකටද කන්න සතුන් මරන්න කරදර වෙන්නේ. මේ එලුවා පස්සේ ගියාම අර දෙක කඩා වැටුනු ගමන් කන්න පුලුවන් කියලා. ඒ උනත් නරියා ඒකට කැමති වෙලා නෑ. ඌ කිව්වා ඕක කොයි වෙලේ කඩා වැටෙයිද දන්නේ නෑ ඒ හින්දා අපි වෙනදා වගේ මොකක් හරි දඩයමක් කර ගමු කියලා. එතකොට නරි දෙන කිව්වාලු ඇයි මනුස්සයෝ නෑ නෑ ඇයි නරියෝ තමුසෙට පේන්නේ නැද්ද අර පැද්දෙන හැටියට තව ටිකකින් ඔය දෙක කඩාගෙන වැටෙනවා. එතකොට වෙන කවුරු හරි ගන්න පුලුවන් ඒ හින්දා මම කියනවාට එනවාකෝ කියලා බලෙන් නරියාව ඇදගෙන ගියාලු. ඉතිං නරියා උනත් පිරිමි සතෙක්නේ. ගෑනිත් එක්ක සාමදානයෙන් ඉන්න ඕන හින්දා ඔහේ පස්සෙන් ගියාලු. දවසක් දෙකක් ගියත් අරදෙක වැටෙන පාටක් නැතිලු. නරියා කොච්චර කිව්වත් නරි දෙන කැමති වෙලා නෑ ඒ ගමන අත අරින්න. කොහොම හරි අතර මගදී හමු වෙන මොකක් හරි සුලු දෙයක් කකා දෙන්නාම අවුරුදු 15 ක් එලුවා පස්සේ ගියාලු අර දෙක වැටෙන කම් . නාකි උනාට පස්සේ කාටත් වෙනවා වගේ නරියාටත් ඇස් පෑදිලා නැවතිලා මෙහෙම කිව්වාලු.

අර දෙක නම් වැටුනත් නැතත්
ඔබේ එදා කියමන මහත්
නිසා ගියා පිටුපස මමත්
අවුරුදු පහකුත් දහයකුත්

කියලා.

ඉතිං මම කුඩා කාලයෙ අපේ අම්මා ගෙනත් දීල හරිම ආසාවෙන් බලපු යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම හිමියන්ගේ පංචතන්ත්‍ර කතා කියන පොතේ තියන මේ කතාව මතක් උනේ මේ රටේ මේ වන කොට බරපතල ප්‍රශ්ණයක් වෙලා තියන රනිල් වික්‍රමසිංහව අගමැති කමින් හා එ.ජා.ප නායකත්වයෙන් අයින් කර ගන්න කරන වලිය දැකලයි. දැන් අවුරුදු කීයක් බලන් හිටියාද. මම මගේ යාලුවන්ට එකක් කියන්නම් මම දන්න රනිල් නම් අර දෙක වැටුනත් අගමැති කමිනුත් නායක කමිනුත් නම් යන්නේ නෑ. ඒ වගේම මම දන්න මහින්ද රාජපක්ෂ කවදාවත් රනිල්ව එලවන්න දෙන්නෙත් නෑ. මොකද ඔය දෙන්නා අයිති වෙන පක්ෂ දෙක එකම බලු බෙට්ටේ කොන් දෙක. වැඩත් එහෙමයි.

මීට වඩා මම ලියන්න ගියොත් මගේ යාලුවෝ ආයිත් සැරයක් මට දොස් කියාවි දේශපාලන පොස්ට් දානවා කියලා. මොනවා උනත් කවදා හරි මගේ මිනිය උස්සන්න ඉන්නේ උන් නේ. ඔය බලු බෙටි එන්නේ නෑනේ ඒක කරන්න.


තව පැය 48ක් විතරනේ තියෙන්නේ. බැරි වෙලාවත් අර දෙක වැටුනොත් ඉන් එහාට මාව ඔය ගොල්ලන්ට එෆ් බී එකෙන් හම්බ වෙන්නේ නෑ. මම එෆ් බී එකෙන් අයින් වෙනවා.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී