ලෝකල් ශාරූක් ඛාන්

ඊයේ මගේ යාලුවෙක් බොහොම හිතේ අමාරුවෙන් කිවුවා ශාරුක් ඛාන්ට පිලිකාවක් හැදිලා කියලා. තව එක්කෙනෙක් කිවුවා මිනිහා හරියට බිවුවා, ඒ වගේම චේන්ජ් ස්මෝකර් කෙනෙක් කියලා. එතකොට තව පොරක් කිවුවාම ශාරුක්ට තාම අවුරුදු 55 ක් විතරයි වෙන්නේ කියලා අර කලින් පොර කිවුවා ඔක්කොම ආතල් අරගෙන ජීවිතේ විඳලා අවුරුදු 55න් යන එක හොඳයිලු කිසිම ආතල් එකක් නොගෙන අවුරුදු 75 ඉන්නවට වඩා. එතකොට අර මුලින්ම කතාව ඇදලා ගත්ත යාලුවා කියනවා බොලිවුඩ් වල වැඩියෙන්ම සල්ලි හම්බ කරලා තියෙන්නේ ශාරුක්, එයාට ඩොලර් මිලියන් 750 ක් තියෙනවා වගේම ඉන්දියාවේ පුද්ගලික බැංකුවකුත් තියනවා, අමිතාබ් බච්චන්ට තියෙන්නෙත් ඩොලර් මිලියන 450 යි කියලා.
මේ සේරම අහගෙන ඉඳලා බැරිම තැන මම කිවුවා ඔය ශාරුක් ඛාන් ඩොලර් මිලියන 750ක් හොයලා බැංකුවක් දැම්මේ අවුරුදු තිහක් විතර පිචර් සිය ගානක රඟ පාලා ඒත් අපේ රටේ ඉන්න ඛාන් කෙනෙක් එකම එක චිත්‍රපටියක රඟ පාලා මේ වෙන කොට සියර ලියොන් වල බැංකුවක් දාලා තියනවා කියලා. ඒ විතරක් නෙවෙයි ඒ බැංකුවෙන් අපේ රටටම ණයත් දෙනවා කියලා.
එතකොට ඒ ගොල්ලා ඇහුවාම කවුද ඒ ඛාන් කියලා මම කිවුවා බොලාට වෙන රටවල් වල ඉන්න ඛාන්ලා, බච්චන්ලා ගැන විස්තර හොයා ගන්න පුලුවන් ඒත් අපේ රටේ ඉන්න දක්ෂයින් ගැන දන්නේ නෑ.ඒ නිසා බොලාම ගිහිල්ලා හොයා ගනිල්ලා කියලා.
පරගැති හැත්ත. දේශීය දේවල් වල අගය දන්නේ නැති.

Comments

Popular posts from this blog

AIDS 24.02.2018

1977- බහුබූත විවෘත ආර්ථිකය

Batadhallaa - 17.04.2018