Ranil I know - 14.02.2018


පසුගිය පලාත් පාලන මැතිවරණයේදී ලැබූ පරාජය නිසා අගමැති තනතුරින් ඉල්ලා අස් වී කරු ජයසූරිය මහතාට එය ලබා දීමට රනිල් වික්‍රමසිංහ මහතා සැරසෙන බවට පුවත් මුහුණු පොතේ සඳහන් වී තිබුනි. එහෙත් මා දන්නා රනිල් නම් එසේ කරනු ඇතැයි කිසි සේත් සිතිය නොහැක.
නිදහසින් පසු එවැනි දේශපාලන සදාචාරයක් තිබූ නායකයෙක් ලෙස මා දන්නේ එකම එක් අයෙක් පමණි. ඒ සිව් වරක් අගමැති පදවියෙන් පුද ලද ඩඩ්ලි සේනානායක මැති තුමාය. සිය පියාණන් වූ ඩී එස් සේනානයක මහතාගේ අකල් වියොවින් පසු 1952 දී අගමැති තනතුරට පත් ඔහු සති කීපයකට පසු මහ මැතිවරණයක් පැවැත්වීය. එහිදී අති විශිෂ්ට ජයග්‍රහනයක් ලබා අගමැති වී සිටියදී 1953 සහල් මිල වැඩි වීම හේතුවෙන් පැවති හර්තාලය මැඩ පැවැත්වීමේදී මිනිසුන් හත් දෙනෙකු මිය යාමත් සමග එහි වගකීම භාර ගෙන අගමැති කමින් පමණක් නොව දේශපාලනයෙන්ද සමු ගත්තේය.(මේ අවස්ථාවේදී මට සිහියට එන්නේ කටුනායක හා රතුපස්වල සිදු වූ උද්ඝෝෂන වලදී සිදු වූ මිනිස් ඝාතන වලදී නායකයින් ක්‍රියා කල ආකාරයයි ). ඉන් පසු නැවත 1960 දී දේශපාලනයට පිවිස අගමැති තනතුරට පත් වී රාජාසන කතාවේදී පරාජයට පත්වීමෙන් පසු නැවත එම වර්ෂයේම පැවැත්වූ මැතිරණයෙන් ජය ගෙන අගමැති වී 1965 වන තුරු අවුරුදු 5 ක් රට පාලනය කොට 1970 දී ලැබූ පරාජයේ වගකීම භාර ගෙන විපක්ෂ නායක ධුරය ජේ ආර් ජයවර්දන මහතාට පැවරීය. බලයට හා නායකත්වයට කිසිදු තන්හාවක් හෝ ආශාවක් නොපැවති ඔහු දේශපාලනය කලේ ජනතා සේවය සඳහාම පමණි. 
වසර කීපයකට පෙර පක්ෂ නායකත්වයට සජිත් ප්‍රේමදාස මහතාගෙන් රනිල් වික්‍රමසිංහ මහතාටඅභියෝගයක් එල්ල වූ අවස්ථාවේදී එවකට ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ මහතා ලවා සිරිකොත ඉදිරිපිට පාර වසා තාර දැම්මවූ සැටි ඔබට මතක ඇත.එවැන්නකු මිය යන තුරු නායක්ත්වය හැර නොදමනු ඇත. නමුත් ඔහුට රට වෙනුවෙන් කල හැකි ලොකුම සේවය වන්නේ මේ ප්‍රමාද වූ අවස්ථාවේ හෝ නායකත්වයෙන් ඉවත් වීමය

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී