AIDS 24.02.2018
අපේ ඒඩ්ස් මර්ධන ව්‍යාපාරය විශාල වැඩ කොටසක් කරනවා ලංකාවේ ඒඩ්ස් පැතිරීම වලක්වන්නට. රටේ සිටින ගණිකාවන් සොයාගෙන ඔවුන්ව මාස් පතා පරීක්ෂා කරල අවශ්‍ය අයට ප්‍රතිකාර ලබා දීම වගේම ඔවුන්ට සෑම විටකම කොන්ඩම් පාවිච්චි කරන්න උපදෙස් දීලා අවශ්‍ය ප්‍රමාණයට ඒවා ලබා දීම මර්ධන ක්‍රියාවලියේ එක් අංගයක්. සමහර අය මාසයකට කොන්ඩම් 1500 ඉක්මවා අරගෙන යනවා. ඒ කියන්නේ ඔවුන් මාසයකට එපමණ වාර ගණනක් ලිංගික සම්බන්ධතා පවත්වනවා. ඉතිං ඒ වගේ කෙනෙකුගේ ඇඟේ ඒඩ්ස් වෛරසය තිබුනොත් මොනවා වෙයි ද. ඉතිං මේ අය කොන්ඩම් ලඟ තියාගෙන ඉඳලා රෑට පොලිසියට අහු උනාම ඒක සාක්ෂියක් හැටියට පාවිච්චි කරනවා ගණිකා වෘත්තියේ යෙදුණු බව ඔප්පු කරන්නට. ඒ නිසා ගණිකාවන් කොන්ඩම් ලඟ තියා ගන්න බය වෙන නිසා ඒඩ්ස් මර්ධනයට විශාල බල පෑමක් එල්ල කරනවා. මේ නිසා පොලිසිය මේ පිලිබඳව දැනුම්වත් කරලා කොන්ඩමයක් යනු වෛද්‍ය උපකරණයක් බවත් එය ලඟ තබා ගැනීම හරියට පැනඩෝල් ලඟ තබා ගැනීම හා සමාන බවත් පැහැදිලි කරලා ඔවුන්ගේ සහාය ගන්නට තවත් ලොකු වැඩ සටහනක් කලා. ඉතිං අවුරුදු අටක පමණ දැඩි ආයාසයකින් පස්සේ දැන් පොලිසිය හා අධිකරණය තීරණය කරලා තියෙනවා කොන්ඩමය නඩු භාණ්ඩයක් ලෙස පිලි නොගැනීමට. ඉති...

Comments
Post a Comment