ගල් යුගයයි නව යුගයයි
බොහොම ඉස්සර කාලේ ඒ කියන්නේ උන් ගල් ගුහා වල ඉඳගෙන දඩයම් කරලා ජීවත් වන කාලේ Pre historic hunting era පිරිමි ගියා සතුන් දඩයම් කරන්න. ගැහැණු ගල් ගුහාව ඇතුලේ ඉඳගෙන දරුවන් බලාගෙන හිටියා. හවසට දඩයම් කරපු සතුන්ගේ මස් අරගෙන ඇවිත් ඒවා ඔක්කොම එක තැනක තියලා කාටත් සමාන වෙන්න බෙදා ගත්තා. එහෙම කලේ හැමෝටම එක වගේ දඩයම් ලැබුනේ නැති නිසා. සමහරුන්ට ඇත්තේම නෑ. සමහරුන්ට ටිකයි තවත් සමහරුන්ට හොඳට දඩයම් ලැබෙනවා. අද දඩයම් නොලැබුණු උන්ට හෙට හොඳට ලැබෙනවා. උන්ගේ වාසනාවට ඒ කාලේ කහකඩයෝ ඉඳලා නෑ. හිටියා නම් කියාවි අද උඹලාට දඩයම් නැති වුනේ කලින් ආත්ම වල කරපු පව් නිසා. ඒ නිසා ලබන ආත්මේ හොඳට දඩයම් ලැබෙන්න කියලා දැන් ඉඳන්ම පින් කරපල්ලා. හොඳම පින තමයි අපට දන් දෙන එක. ඒ නිසා ඔය සොච්චමත් අපට දීපල්ලා කියලා. එහෙම උනා නම් අරුන්ට බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ. ඒ උනත් ඒ කාලේ එහෙම වෙලා නෑ කවුරුත් සම සමව බෙදා ගත්තා. කවුරුත් සතුටින් කාලා ගැණුත් දරුවනුත් එක්ක ගුහාව ඇතුලට ගිහින් නිදා ගත්තා. ඔය විදියට බැලුවාම දල දඩමස් නිෂ්පාදනය නියම ආකාරයට බෙදිලා කාටත් තමන්ට හිමි ඒක පුද්ගල දඩමස් ප්රමාණය ලැබුනා. ඔය විදියට සමාන විදියට දඩමස් බෙද...
Comments
Post a Comment