Rupee devaluation - 30.05.2018

මම මුලින්ම 2015 දී මම දැන් වැඩ කරන තැනට යන කොට කෝට්ටේ ඉඳලා කොල්ලුපිටියට රු. 17 යි. එතන ඉඳං බම්බලපිටියට රු. 7 යි. එතකොට දවසකට යන්න එන්න රු. 48යි. මේ සුමානේ අර මාව එක්ක යන මහත්තයා ආයිමත් ප්‍රංසෙට ගිහිං නිසා මම අද උදේ බස් එකේ යන කොට කොන්දා කොල්ලුපිටියට රු. 25 ක් ගත්තා. එතන ඉඳන් බම්බා වලට රු 12 යි. එතකොට මුලු දවසට යන්න එන්න රු. 74 යි. මිනිස්සු අගමැති රනිල් උතුමාට බනිනවා අම්මා මෝ නැතුව බස් ගාස්තු දවසෙන් දවස වැඩි වෙනවා කියලා. බැලූ බැල්මට වැඩි වෙලා වගේ පෙනුනාට හොඳට බලන කොට වෙලා තියෙන්නේ ලාබයක් කියලා පේනවා. අපේ ඈයෝ හරියට හොයලා බලන්නේ නැතුව ගොන්නු වගේ කතා කරන්නේ. ඒත් උන් චන්දේ දෙන්න ගියාම නම් ඔලුව කල්පනා කරලා ඒක කරනවා. ඒකත් ලොකු දෙයක් නේ. හුඟ දෙනෙක් බුද්ධාගමේ එවුන් නේ. උන්ට සම්මා දිට්ඨිය පහල වෙනවා චන්දේ දවසට.

ඉතිං ඊයේ හවස වැඩ ඇරිලා යන ගමන් කොල්ලුපිටියෙන් කඩුවෙලට 177 බස් එකේදී අර රනිල් උතුමාට බනින එවුන්ට මම කියලා දුන්නා දැන් බලාපල්ලා 2015 දී ඩොලරයක් රු. 130 කට මාරු කරලා බස් එකේ ගියාම රු. 82 ක් ඉතිරි උනා. ඒත් දැන් ඩොලරයක් රු. 170 කට මාරු කරලා බස් එකේ ගියාම රු. 96 ක් ඉතිරි වෙනවා. එතකොට 2015 දීද දැන්ද වාසි කියලා ගාන හදලා පෙන්නුවාමයි උන්ට ඇත්ත තේරුණේ. උන් හුඟ දෙනෙක් හරිම සතුටට පත් උනාට කීප දෙනෙක් කිවුවා ඒ උනාට අපිට මේකේ මොකක් හරි අවුලක් දැනෙනවා ඒ මොකද කියලා. මම කිවුවා කලින් මටත් ඔය විදියටම අවුලක් තිබුනා ඒ වගේම මේ ලොකු උතුමන්ලා ගැන වැරදි හැඟීමකුත් තිබුනා, ඒත් අර මූණු පොතේ ඉන්න මගේ යාලුවෝ හරි මග පෙන්නලා දුන්නාමයි මට ඇත්ත වැටහුනේ කියලා. ඔය මතුපිටින් පේන්න තියන දේ පෙන්නලා අර ජෙප්පෝ බොලාගේ ඔලුව නරක් කරනවා උන්ට ඕන ආයිත් සැරයක් අර 1977 ට ඉස්සර එන් එම් පෙරේරලාගේ කාලෙට රට ගෙනියන්නයි, ඒ උනත් උඹලා ඔය උන්ගේ අතේ පැල වෙන බොරු වලට අහු වෙන්න එපා කියලා.

එතකොට බස් එකේ හිටපු එකෙක් මගෙන් ගේම ඉල්ල ගෙන ආවා. මම හිතන්නේ මූ ජෙප්පෙක් වෙන්න ඕන. මූනත් නිකම් ඒ වගේ. මෑන් කියනවා එන් එම් පෙරේර මහත්තයලාගේ කාලේ බස් එකේ අද රු. 12 ට යන දුර ගියේ සත පහට යි කියලා. මම කිවුවා ඒක ඇත්ත අපිත් ඉස්සර ඉස්කෝලේ යන කාලේ කෝට්ටේ ඉඳන් කොල්ලුපිටියට ගියේ සත පහලවටයි. එතන ඉඳන් බම්බලපිටියට සත පහයි. එතකොට යන්න එන්න සත හතලිහයි කිවුවාම බස් එකේ හිටපු සමහර ඈයොන්ට හුස්ම ගන්න අමතක උනා. ඇත්තට....ර් කියලා මගේ මූණ දිහා බලා ගෙනම හිටියා. උන් ඔක්කොම වගේ 1977 ට පස්සේ ඉපදිච්චි අය. විශේෂයෙන්ම අර පස්ස පැත්තේ නැමි හිටන් පේන තරමට තදට කලිසම් ඇඳ ගත්තු කෙල්ලෝ මගේ මූණ දිහා අරහෙම බලන් ඉන්න කොට මම නිකම් මෙවුවා වෙලා ගියා ඕයි. ඇයි බං වෙනදාට ඇහැක් ඇරලා බලන්නේ නැති එවුන්. වෙනදාට මම තමයි උන්ගේ නැමි දිහා බලා ගෙන ඉන්නේ. එතකොට අර ගේම ඉල්ලපු එකා කිවුවා එහෙනම් අංකල් කොහොමද කියන්නේ එන් එම් මහත්තයලාගේ කාලේ හොඳ නැහැයි කියලා. ඒ ප්‍රශ්නෙට මට අරූව කන්න හිතුනා බං. අහපු දේට නෙවෙයි අංකල් කිවුවාට. ඇයි බං අර කෙල්ලොත් බලාගෙන ඉඳිද්දි. උන් උනත් මොනවා නොහිතයිද. මම කිවුවා මල්ලි දැන් බලන්න ඒ කාලේ ඩොලර් එකක් රුපියල් හයයි පනහයි. එතකොට ඩොලර් එකක් මාරු කරලා ඔය ගමන ගිහිං ආවාම ඉතිරි වෙන්නේ රු. 6. සත 10 යි. ඒත් දැන් ඩොලර් එකක් මාරු කරලා ගියාම රු. 96 ක් ඉතිරි වෙනවා පේන්නේ නැද්ද මල්ලිට කියලා අර මල්ලි කියන වචනේ ටිකක් සද්දෙට කිවුවා. අරූ කියා ගන්න දෙයක් නැතුව කිච වෙලා හිටියා.

දැන් කවුරුත් ෆුල් හොල්මන් වෙලා මගේ දිහා බලා ගෙන ඉන්නවා. මම තව ටිකක් පොර වෙලා කිවුවා දැන් තේරෙනවානේ. 1977 න් පස්සේ මේ විදියට අපිට හැම පැත්තකින්ම ලාබ ගන්න ක්‍රමය හදලා දුන්නේ අර ජේ ආර් ජයවර්දන කියන උතුමා. හැබැයි එයාට මේ තරම්ම වාසි දෙන්න බැරි උනා. ඊට පස්සේ ආපු මහින්ද උතුමායි රනිල් උතුමායි තමයි රටේ මිනිස්සුන්ට මේ තරම් සහන අරගෙන දුන්නේ. 2005 ඉඳන් මේ උත්තමයෝ දෙන්නා හරි හරියට මේක කර ගෙන එනවා. ඒ හින්දා හොඳට හිතේ තියා ගන්න මහින්ද උතුමාගේ පක්ෂයයි රනිල් උතුමාගේ පක්ෂයයි කියන්නේ දඹ රත්තරන් පොල්ලක කොන් දෙක වගෙයි. දෙපැත්තම එක වගේ වටිනවා. කොන් දෙකෙන් කොයි එක ආවත් එකයි. මේ රත්තරන් පොල්ල රැක ගන්න තාක් කල් මේ රටට කිරි උතුරනවා. ඒත් ඔය දැන් කට පියා ගෙන ඉන්න පොර වගේ පොරවල් ඇවිත් බොරු ගනන් හදලා පෙන්නලා ඔය ගොල්ලාව රවටන්න බලයි අහු වෙන්න එපා. මේ රත්තරන් පොල්ලට ඇර වෙන කිසිම එකකට චන්දේ දෙන්න එපා මෙච්චර කල් 95% ක්ම ඒ යුතු කම හරියට කලා ඒ නිසා 2020 දීත් ඔය ගොල්ලා ඔය ගොල්ලන්ගේ යුතුකම කරන්න කියලා මම කිවුවාම තව පොරක් ඇහුවා එතකොට අර 5 % කියන්නේ බොරු නේද කියලා. මම කිවුවා ඔවු අපි පුලුවන් තරම් බලන්න ඕන දැනමුතු කම් දීලා ඒගොල්ලත් හරි මගට ගන්න කියලා. එතකොට ආයිත් අර පොර ඇහුවා එහෙම ගන්න බැරි උනොත් මොකද කරන්නේ කියලා. මම කිවුවා එතකොට උන්ට දෙන්න ඕන ලොවෙත් නැතිවෙන්න. බය වෙන්න එපා 2020 දී හිට්ලර් ආවාම ඕක දෙකෙන් එකක් වෙයි. එතකම් ඔය ගොල්ලා වැරදි මග නොගිහින් ඉන්නකෝ කියලා කෝට්ටෙන් බහින්න හදන කොට අර තට්ටම් වල නැමි පේන කෙල්ලෝ සෙට් එක "බායි අන්කල් හෙටත් එන්න අපි හරි ආසයි අන්කල්ගෙන් කරුණු ඉගෙන ගන්න" කියලා හයියෙන් කෑ ගැහුවා. මට මාර මල පැනිල්ලක් පැන්නා ඕයි.

බලං හිටපල්ලා මම නං ආයි එයි තොපිත් එක්ක ඔය බස් එකේ යන්න. අන්කල් බායි. අන්කල් නෙවෙයි ඔහොම යන කොට තොපිට පිණි බායි.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී