11.05.2018

අර ඊයේ මගේ පෝස්ට් එකේ කියාපු ජනතා පරමාධිපත්‍යයත් ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදයේ කුලුණු තුනත් ඒවා අපේ රටේ එකින් එක කඩාගෙන වැටෙන්න පටන් ගත්ත හැටිත් මම ලාවට කිවුවා. ඒ වගේම ඊට පස්සේ පොස්ට් එකකින් ආසියාවේ දකුණු නැගෙනහිර කලාපයේ රටක් වෙච්චි තායිලන්තයේ මේ කුලුණු තුන වෙන වෙනම ස්වාධීනව පවතින විදියත් ඒ හේතුව නිසාම ජනතාවගේ අයිතීන් රැකිලා තියන බවත්, දේශපාලකයින්ට හිතුමතේ ගොබ්බ තීරණ අරගෙන රට විනාස කරන්න බැරි වීමත් යම් කිසි නායකයෙක් මොන තරම් හොඳ කරලා තිබුනත් ඒක ඔහුට හොර කම් කරන්න ඉඩ දෙන ලයිසමක් විදියට පාවිච්චි කරන්න රටේ සැබෑ අයිති කරුවන් තමන් බව හොඳින් වටහා ගෙන සිටින ජනතාව ඉඩ නොතබන හැටිත් අර තක්සින් ශිනවාත්‍රාටත් පස්සේ එයාගේ නංගී වුනු යින්ග්ලැක්ත් වුනු දේවල් උදාහරණ හැටියට අරගෙන මම පෙන්නුවා.ඒ වගේම රජය හෝ එහි නායකයා ජනතා විරෝධී වැඩ කරන වෙලා වල ජනතාව ඒවාට විරුද්ධව ක්‍රියා කරන කොට ආරක්ෂක අංශ ජනතාවගේ පැත්තෙ සිටින නිසා අධිකරණයත් තීරණ ලබා දීමේදී ඉතාම පරිස්සම් වන බවත් ඉහත උදාහරණය මගින්ම මම පෙන්නලා දුන්නා. මේ සියල්ල මේ විදියට සිද්ද වෙන්නේ ඒ රටේ දේශපාලන වහල්ලු නැති නිසා බවත් ඉහත දක්වපු හේතු නිසා එරට ආර්තිකය ඉතාම ශක්තිමත්ව තියෙන බවත් ඒක ඒ රටේ මුදල් ඒකකය වන බාත් ස්ථාවරව තිබීමට හේතුව බවත් මම බොලාට පෙන්නලා දුන්නා. ඒ වගේම මම ආයිත් උපදිනවා නම් තායිලන්තය උනත් කමක් නැහැයි කියලා කිවුවාම එක දේශපාලන වහලෙක් ඒක අල්ලා ගෙන මගෙන් අහලා තිබුනා එක තැනක යලි ඉපදීමක් නැහැයි කියන මම මේ මොකද වෙන එකක් කියන්නේ කියලා. ඇයි යකෝ මම කිවුවේ යලි ඉපදෙනවා නම් ..... කියලා මිසක් ඉපදෙන්න ඕන කියන එක නෙවෙයි කියන එකවත් නොතේරෙන වහල්ලුන්ට අනිත් ඒවා තේරෙයිද.

1975 වෙනකම් අපේ රටෙත් මේ වගේම තත්වයක් තිබුන බව පස්සට හැරිලා බැලුවාම මට පේනවා. 1980 විතර වෙන කම් දේශපාලනයේ බෝලයක් වත් නොතේරිච්ච් මට මේවා එකින් එක තේරෙන්න ගත්තේ පස්සෙයි. ඊට පස්සේ අතීතයේ දැකපු දේවල් එක්ක සසඳලා බලන කොටයි මට ඒක තේරෙන්න ගත්තේ. 1970 දී සමගි පෙරමුණ බලයට එන කොට ඩොලර් එක තිබුනේ රුපියල් 6 යි. ඒක මට මතක මගේ නෑයෙක් ඒ කාලේ රස්සාව කරන්න ජපානයට යන කොට මම කිවුවා එහෙන් මෝටර් සයිකලයක් අරං එවන්න කියලා. එයා පස්සේ ලියලා එවලා තිබුනා ඩොලර් වලින් ගාන. අන්න එතකොටයි ඔය ඩොලර් හුට පටේ මගේ ඔලුවට ආවේ. මම එයාට කිවුවේ මෝබයික් එකක් එවන්න මිසක් ගාන එවන්න නෙවෙයි. මගේ ලඟ ඒ කාලේ ඩොලර් එකක් ගන්න රුපියල් 6ක් වත් තිබුනේ නෑ. 1975 වෙන කොට ඩොලර් එක තිබුනේ 6.20 යි. ඒ කාලේ මට ස්කූටර් එකක් අම්මා අරං දීලා තිබුනත් කාර් එකක් ගන්න ඩොලර් වල ගනන් බල බල හිටියා. 1972 දී ඩඩ්ලි සේනානායක මහත්තයා හම්බ වුනු වෙලාවේ එතුමා කියපු දේවලුත් 1974 දී සීනි හුටපටයකට එන් එම් පෙරරා මහත්තයා හම්බ වෙන්න ගිය වෙලාවේ එදා එතුමා අපිට කියපු දේ වලුත් මම මීට කලින් පෝස්ට් එකක කිවුවා. ඒ කියපු දේ වල තේරුම වැටහුනෙත් 1980 දී තමයි.

1974/75 දීත් 75/76 දීත් අයවැය පරතරය බිංදුවට ගේන්න එන් එම් පෙරේරා මහතාට පුලුවන් උනා. ඒ පිට රටින් ණය නොගෙන මේ රටේම ආදායම කලමණාකරනය කරලායි. 1975 දී පෙට්‍රල් ගනං ගිය වෙලාවේ සෙනසුරාදා ඉරිදා දවස් වල පුද්ගලික වාහන දුවන එක තහනම් කලා පෙට්‍රල් ඉතුරු කර ගන්න. මේ වගේ අමාරු කම් තව අවුරුදු 5ක් දරා ගෙන හිටියා නම් අපේ රට මීට වඩා වෙනස්. මේ ලඟදී එකෙක් කමෙන්ට් එකක් දාලා තිබුනා ඌ උගේ තාත්තටත් දොස් කියනවලු ඒ කාලේ ටිකක් කල්පනා නොකර චන්දය දීලා අද උන්ට මෙහෙම වෙලා කියලා. මම උගෙනුත් දැන් ඉන්න අනිත් උන්ගෙනුත් අහනවා අද මේ සේරම ජොලි නවත්තලා, අනවශ්‍ය විදියට ඇඳුම්, කෑම, උත්සව වලට වියදම් කරන එක නතර කරලා, සෙනසුරාදා ඉරිදාට පුද්ගලික වාහන දුවන එක නතර කරලා, උදේ නවය වෙනකම් එක්කෙනා දෙන්නා විතරක් එන වාහන ප්‍රධාන නගර වලට ඇතුල් වෙන කොට දඩයක් ගහන ක්‍රමයක් ආවොත් සපෝට් කරනවද කියලා.

1975 දී ජේ ආර් ගේ ගැටයක් කාපු අනුර පුතාත් සිරිමාත් සමගි පෙරමුන කඩලා දාලා එන් එම් පෙරේරාව මුදල් ඇමැති කමින් අයින් කරලා ඒක ෆීලික්ස් බණ්ඩාරනායකට දීලා 1977 වෙන කොට ඩොලර් එක ඒ අවුරුදු දෙකට 2.30 න් වැඩි වෙලා 8.50 ක් වුනු හැටිත් මම බොලාට කියලා තියෙනවා. ඊට පස්සේ ඩොලර් එකට උන දේ කවුරුත් දන්නවානේ. අද වෙන කොට 162 යි. වාර්තාගත වැඩිම අගයට ඇවිත් තියනවා. 1994 දී 50 යි. 2005 දී 80 ක් වෙච්චි ඩොලර් එක 2015 වෙන කොට 124 ට නැග්ගා. රනිල්ගේ බැංකු මංකොල්ලයත් එක්ක මේ වෙන කොට 162 ත් පැනලා. ජේ ආර්, ප්‍රේමදාසගේ අවුරුදු 17 ට 42 යි, චන්ද්‍රිකාගේ අවුරුදු 11 ට 30 යි අප්පච්චිගේ අවුරුදු දහයට 44 යි රනිලාගේ අවුරුදු තුනට 38 යි. රනිලා බැංකුවට වැඩේ දුන්නාට අමතරව වැඩකට කියලා කෙරුවේ හැමෝටම ෆ්‍රී වයි ෆයි දීපු එකයි, වෝක්ස්වැගන් ෆැක්ටරිය දාපු එකයි, අඩුවට හැමෝටම, පොඩි කාරුයි, ලැප් ටොපුයි දීපු එක විතරයි නේ. තව ලක්ෂ දහයකට රස්සා දුන්නා. ඔච්චරයිනේ. අප්පච්චි එහෙමද.

ජේ ආර් ගේ කාලේ රුපියලේ අගය අඩු වෙනවා කියලා කෑ ගහන කොට ගාමිණී දිසාණායකගේ මස්සිනා වෙච්ච වික්‍රම වීරසූරිය කියලා පොරක් කිවුවා නෑ නෑ එහෙම වෙලා නෑ. එදත් රුපියලට සත සීයයි අදත් සීයයි කියලා. මිනිහා මට මතක හැටියට ඒ කාලේ සැලසුම් හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ මොකක්ද එකක ලේකම්. ඒක තිබුනු බිල්ඩිමේ තට්ටු දෙකක් මිනිහා තියාගෙන හිටියා මිනිහාගේ නිවස හැටියට.


1970 දී සමගි පෙරමුණ බලයට ඇවිල්ලා 2/3 බලය පාවිච්චි කරලා අලුතින් ව්‍යවස්ථාවක් හදන්න පටන් ගත්තා. ඒ ගොල්ලා කිවුවා 1948 දී ලැබුනේ නියම නිදහසක් නෙවෙයි නමට නිදහසක් විතරයි ඒ නිසා නියම නිදහස ගන්න මේක තමයි වෙලාව කියලා. සිරිමාගේම නෑයෙක් වුනු ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක හැදුවා ඒකාධිපති ව්‍යවස්ථාවක්. නමුත් ඒ වෙලාවේ වමේ පක්ෂ ඒකට විරුද්ධ වුනා. ඒ ගොල්ලන්ගේ සපෝට් එක නැති උනොත් 2/3 බලය ඉවරයි. ඒ නිසා උන්ට ලොකු කේවල් කිරීමේ බලයක් තිබුනා. ඒක එහෙම නොවෙන්න ඒකාධිපති ආණ්ඩුවක් එන්නේ 1970 දීයි. ඊ ලඟට සම සමාජ පක්ෂයේ කොල්වින් ආර් ද සිල්වා හැදුවා ජන රජ ව්‍යවස්ථාව. ඒකේ ජනතා පරමාධිපත්‍යයට හානි වෙන දේවල් මොකුත් තිබුනේ නෑ. හැබැයි නව ව්‍යවස්ථාව අනුව රජය වසර පහකින් චන්දයක් පැවැත් විය යුතුයි කියලා තිබුනා. අන්න ඒක තමයි ඒකේ පරහකට තිබුනේ. ඒකෙන් පාලන කාලය අවුරුදු දෙකකින් දික් වුනා.ඒකත් නොතිබුනා නම් 72 ව්‍යවස්ථාවේ වරදක් තිබුනේ නෑ. පාර්ලිමේන්තුව කියන වචනය වෙනුවට ජාතික රාජ්‍ය සභාව කියන කුනුහබ්බ වචනයක් ආවා. ජනතා කමිටු කියලා එකක් හදලා තමන්ගේ පක්ෂේ එවුන්ට විතරක් රස්සා දෙන ක්‍රමයක් පටන් ගත්තේත් මේ කාලේදී තමයි. රස්සාවල් ගන්න, මාරුවක් ගන්න දේශපාලකයෝත් උන්ගේ හෙංචයිලාත් පස්සේ යන සංස්කෘතියක් ඇති වුනේ 1970 දි තමයි. ඉස්සර එහෙම එකක් ලොකුවට තිබුනේ නෑ. හැබැයි බ්‍රිතාන්‍ය කිරීටයෙන් අයින් වුන නිසා අපට පාඩු සිද්ධ වුනා. විශේෂයෙන්ම ඊලාම් සටනේදී අපට ලැබිය යුතුව තිබුනු උදවු ලැබුනේ නෑ කියන එකයි මගේ හැඟීම. ඒ වගේම සිලෝන් කියන නම නැති වීමෙනුත් යම් පාඩු සිදු වුනා. ඉස්සර ලංකාවේ වෛද්‍ය උපාධිය තියන අයට බ්‍රිතාන්‍ය වෛද්‍ය කවුන්සිලයේ ලියා පදිංචිය නිකන්ම ලැබෙනවා. ඒ කියන්නේ අද එංගලන්තයට ගියා නම් හෙට ඉඳලා දොස්තර රස්සාව ලැබෙනවා. 72 න් පස්සේ ඒක නැති උනා. මෙහේ පාස් වෙච්ච වෛද්‍ය වරු එහේ ගිහිං වෙනම විභාගයකට වාඩි වෙලා ඒකෙන් පාස් උනොත් විතරයි ලියා පදිංචිය ලැබෙන්නේ. ඒකත් අවුරුදු 5 කට විතරයි. ෆුල් ලියා පදිංචිය ගන්න ඒ අවුරුදු 5 ඇතුලත තවත් විභාගයක් පාස් වෙන්න ඕන.

හෙට දිහාට ආයිත් හම්බ වෙමු.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී