වට්ට ගාමිණී අභය හෙවත් වලගම්බා රජතුමා

ඉස්සර වලගම්බා (වට්ට ගාමිණී අභය) රජ්ජුරුවෝ සොලීන් එක්ක අවුරුදු 14 ක් සටන් කරලා තියනවා. මේ සටන් වලින් පැරදිලා රටේ එක එක තැන් වල හැංගිලා සේනා සංවිධානය කරලා නැවත නැවත සටන් කලත් සොලීන්ව යටත් කර ගන්න බැරි වෙලා  තියනවා. එතුමා ඒ විදියට හැංගිලා හිටපු තැන් වල පසු කාලේක වෙහෙර විහාර කරවලා තියනවා. ඒවාට තමයි අද ඔය රජ මහා විහාර කියලා කියන්නේ. අපේ ගමේත් තියනවා පරගොඩ රජමහා විහාරය කියලා එතුමා කරවපු එකක්.  ඉස්සර අපි පොඩි කාලේ ඔය විහාරේ ඉස්සරහා තියන  ගහෙන් රඹුටන් කඩා ගෙන කනවා. ඒ කාලේ හිටපු හාමුදුරුවෝ ඒවාට අරක් ගෙන ඒවායින් හම්බ කෙරුවේ නෑ. ඕන කෙනෙකුට කඩා ගෙන කන්න ඉඩ දීලා තිබුනා. ඒක කියන කොට මට මතක් වුනේ තව ඒ වගේ පන්සලක් තිබුනා අටානිකිත පන්සල කියලා. ඒකේ හිටිය හාමුදුරුවෝ අද ඉන්න කහකඩයෝ වගේ. අටානිකිත  හාමුදුරුවෝ කියපු එයාට අපේ තාත්තා කිවුවේ අටානිකිත ගැටයා කියලා. ඒ පන්සලේත් තිබුනා රඹුටන් ගහක්. ඒකේ ගෙඩි හැදෙන කාලේට අටානිකිත ගැටයා එතනමයි. දවසක් ගැටයා ටිකක් එහාට මෙහාට වෙන කම් ඉඳලා ඉස්කෝලේ ගිහින් ආපු බූරින්ද කියලා කොල්ලෙක් අර ගහට නැගලා ගෙඩි කඩන කොට ගැටයා ඇවිත් තෝ බැහැපිය ගහෙන් අද මම තෝව මස් කරනවා කියලා ගහ මුලටම වෙලා ඉන්නවාලු. පස්සේ බැරිම තැන බූරින්දයා ගැටයාගේ ඔලුවට ගහ උඩ ඉඳන් චූ කරලා තියනවා. එතකොට ගැටයා අරූට කුණුහරුපෙන් බැනලා තට්ටය හොදන්න ගිය අතරේ බූරින්දයා පැනලා ඇවිත්. පස්සෙන්දා ගැටයා අර කොල්ලා ඉගෙන ගත්තු මාවැල්ල ඉස්කෝලෙට ඇවිත් පැමිණිලි කරලා. බූරින්දයා ඉඳලා තියෙන්නේ අපේ අම්මා උගන්නපු පංතියේ. අම්මා ඉතින් අරූට කියලා ගැටයාට වන්දලා වැඩේ ශේප් කරලා තියනවා. කොහොම හරි එදා ඉඳලා බූරින්දයා ගමේ පොරක් වුනා.
ඔන්න බලපල්ලා අදත් ගිය දුර. ඕකට තමයි පොල් ගහ ගැන රචනාවක් ලියන්න කිවුවාම පොල් ගහ ගැන ලියන්න නොදන්න උන් බයිසිකලයෙන් ගිහින් ඒක පොල් ගහට හේත්තු කරලා එතන ඉඳන් බයිසිකලය ගැන ලියනවා කියන්නේ.
කොහොම හරි එක දවසක් යුද්දෙන් පැරදිලා වෙස් වලා ගෙන පලා ආපු වලගම්බා  රජතුමා මහ රෑ හොඳටම බඩගින්නේ දුප්පත් ආත්තම්මා කෙනෙක් හිටපු පොඩි ගේකට ගිහින් කිවුවාලු අනේ අම්මේ මම ගොඩක් දුර ඉඳන් එන්නේ. හරිම බඩගිනියි. මට මොනවා හරි කන්න දුන්නොත් පින් සිද්ද වෙයි කියලා. ඉතින් අර ආත්තම්මා ලොකු කුරක්කන් තලපයක් හදලා දුන්නාලු. රජ තුමා බඩගින්න වැඩි කමට අරක අතට අරගෙන එක තැනකින් ටිකක් ගන්නවාලු අත පිච්චිලා ඒක දාලා වෙන තැනකින් ගන්නවාලු ආයිත් අත පිච්චිලා තවත් තැනකින් ගන්නවාලු. පොඩ්ඩක් වත් කන්න බැරුව  මේක දිගටම කරනවා දැකපු අර ආත්තම්මා කිවුවාලු උඹ තලප කන්න හදන්නේ හරියටම අපේ රජ්ජුරුවෝ යුද්ධ කරනවා වගෙයි කියලා. එහෙම කියලා කියලා දුන්නාලු එක තැනකින් පටන් අරගෙන පොඩි පොඩි ගුලි හද හද යන්න කියලා. එතකොට අන්තිම එක හදලා ඉවර වෙන කොට මුල් හරිය නිවිලා. රජ තුමාත් ඔය විදියට කරලා බඩ පිරෙන්න තලප කාල රෑ නිදාගෙන ඉඳලා රුහුණට ගිහින් සේනා සංවිධානය කරලා ඒ සේනාවත් අරගෙන අනුරාධපුරයට ගිහින් යුද්ධ කරලා සොලීන් පරාජය කරලා දැම්මා. වලගම්බාහු රජ තුමා ඒ පාර කරලා තියෙන්නේ කලින් පාරවල් වල වගේ සොලීන්ව වට කරලා නෙවෙයි. එක තැනකට මුලු හමුදාවම යොදවලා එතන අල්ලගෙන ඊලඟ තැනට ගිහින් එතන අල්ලගෙන තමයි. හරියට අපේ හමුදාව කොටි සටන දිනා ගත්තා වගේ. සරත් ෆොන්සේකාගේ ක්‍රමය වෙලා තියෙන්නේ ඕකමයි. ඒ කාලේත් මට වලගම්බා රජතුමාට අර ආත්තම්ම කියපු එක මතක් වුනා. මේ විදියට සොලීන් පන්නලා රජ වෙච්ච රජ තුමා ඉස්සෙල්ලාම කරලා තියෙන්නේ අර ආත්තම්මා හම්බ වෙන්න ගිහින් එදා තලප කන්න දීලා දීපු උපදෙසට ස්තුති කරන එක. ආත්තම්මා අනේ රජතුමනි කවුද කියලා නොදැන එදා ඔබ වහන්සේට කියපු දේ වලට මට සමා වෙන්න කියලා කියපුවාම රජතුමා කිවුවාලු නෑ අම්මේ ඔබ එදා තලප කන්න කියපු විදියටම තමයි මම මේ පාර යුද්ධය කලේ. ඉස්සර දිනන්න තියන හදිසිය වැඩි කමට හැම තැනටම ගහන්න ගිහින් මම පැරදුනා. ඒ නිසා මට මේ ක්‍රමය කියා දීලා ඔබ අප රැක්කා කියලා ඒ ගම් වරය අර ආත්තම්මාට තෑගි කරාලු. ඒ ගම එදා ඉඳන් අපරැක්ක වුනාලු. අපරැක්ක තියෙන්න මාතර කිට්ටුව. කැමති කෙනෙකුට ගිහින් බලන්න පුලුවන්.

මම මේ ටික කියන්න හිතුවේ අද මේ රටේ මේ පාලන ක්‍රමය වෙනස් කරන්න ඕන කියලා බෙරිහන් දෙන උන් වැඩ කරන හැටි දැකලායි. එකට එක් වෙලා එක නායකත්වයක් එක්ක ගහනවා වෙනුවට වෙන වෙනම ගහන්න ගිහින් කිච වෙනවා. වෙනස් කරන්න උවමනාවක් තියන උන්ගේ මොරාලේ එක බස්සලා උන්ව එංගලන්තයට යවනවා. උන් එහේ ඉඳගෙන පල් හෑලි ලියනවා. සත පහක වැඩක් නෑ කියලා දැන දැනත්. වලගම්බා රජ තුමා අවුරුදු 14 ක්ම පැරදුනේ ඔය ක්‍රමයට ගහපු නිසා. ඒත් දැන් ඉන්න වලගම්බාහුලා නම් තව අවුරුදු 40ක් ගියත් පරදිනවා. නෑ නෑ 40 ක් ඉන්න වෙන්නේ නෑ. ඒ වෙන කොට ස්වෛරී රටක් ඉතුරු වෙන්නේ නැති න
මේ වගේම තමයි ස්ට්‍රයික් කරන එවුනුත්. අද එක කට්ටියක්තව දවසක තව කට්ටියක්. රේල්වේ උන් ස්ට්‍රයික් කරන කොට ඒවායේ යන ලිපිකරුවෝඉස්පිරිතාල වල වැඩ කරන උන්බැංකු වල වැඩ කරන උන් වගේ අය රේල්වේ උන්ට බණිනවා උන්ගේ අම්මලාටත් එක්ක. උන් ගන්න පඩි ගැන කියනවා. අසාධාරණයි කියනවා. මේවා නවත්තන්න නම් ගෝටා ගේන්න ඕන කියනවා.ප්‍රයිවට් බස් කාරයෝ ස්ට්‍රයික් කරන කොට රේල්වේ උනුත් අනිත් එවුනුත් උන්ට බනිනවා. ගහන්න ඕන කියනවා. ගෝටා ගේන්න ඕන කියනවා. ඊලඟට ඉස්පිරිතාල වල උන් වෙන දවසක ස්ට්‍රයික් කරන කොට අර රේල්වේ උන් වගේම අනිත් උන් ඉස්පිරිතාල වල උන්ට බනිනවා. සෞඛ්‍යයේ ඉන්න උන් ගන්න පඩි ගැන කියනවාඅතිකාල ගැන කියනවාඩියුටි ෆ්‍රී වාහන ගැන කියනවා. මේවා නවත්තන්න නම් ගෝටා ගේන්න ඕන කියනවා. හැබැයි මෙතන නම් එක ඇත්තක් තියනවා. ගෝටා ආවොත් නම් දොස්තර යූනියන් එක ස්ට්‍රයික් කරන්නේ නෑ. ඒක සුවර්. මම දන්නේ නෑ මොකද කියන්න. සයිටම් එකට වුනත් ස්ට්‍රයික් කලේ මහින්ද පැරදුනාට පස්සෙයි. ඒක පටන් ගත්ත කාලේම ස්ට්‍රයික් කලා නම් දුර දිග යන්නේ නැතිව නවත්ත ගන්න තිබුනා.  ඒකෙන් වුනේ රජයේ ඉගෙන ගන්න මෙඩ්ඩන්ගේ වයස නිකම් ගිය එක විතරයි. මම දොස්තරෙක් වෙන කොට මගේ වයස 24 යි . ඒත් අද ඉන්න උන්ට අඩුම ගණනේ 27ක් වෙනවා අවුට් වෙන කොට. අපි අවුට් වෙලා මාස දෙකෙන් ඉන්ටර්න් කරලා 25 වෙන කොට මෙඩිකල් කවුන්සිලේ රෙජිස්ටර් වුනා. දැන් ඉන්න උන්ට පාස් වෙලා අවුරුද්දකට වඩා ඉන්න වෙනවා ඉන්ටර්න් කරන්න. රෙජිස්ටර් වෙන කොට 29 යි. මොන අපරාධයක්ද.

ඒ නිසා තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න නම් සේරම වෘත්තීය සමිති එක එකාට කඩේ යන එක වහල් කම් කරන එක නවත්තලා එක පෙරමුණකට ඇවිත් එකා වගේ ඉන්න වෙනවා එක ධජයක් යටතේ.
මතු සම්බන්ධයි

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී