ඉස්සර අපි පොඩි කාලේ අපේ ගම් වල තිබුනා ග්‍රාම සංවර්ධන සමිතිය කියලා එකක්. ඒකෙන් තමයි ගමේ සංවර්ධන වැඩ ගොඩක් කෙරුනේ. පොදු ලිං , බෝක්කු , කුඹුරු වලට වතුර ගෙනියන ඇනිකට් වගේ දේවල් හැදුවේ ඒකෙන්. මේකෙදි ජනතාවගේ ශ්‍රමයත් ඒ අය ගම වෙනුවෙන් වැය කලා. ඒ විදියට රු 500 කින් රු 750 ක විතර වැඩ කලා. ඒ කාලේ සිමෙන්ති කොට්ටයක් රු 8.50 යි. කෙනෙකුගේ දවසක පඩිය 2.50 යි මේසන් කෙනෙකුට රු 5.00 යි. ඉතින් රු 500 කින් පුලුවන් ලොකු දෙයක් කරන්න. රජයෙන් 500 ක් ලැබෙන කොට 750 ක වැඩ කරනවා. ඊට අමතරව අවශ්‍ය කරන ගල් වැලි සපයලා දීලා ගමේ අයට ගානකුත් හොයා ගන්න පුලුවන්. මේ නිසා අර රු. 500 ම ගමේම රැඳෙනවා. මට මතකයි 1965 චන්දෙට කලින් අපේ ගම මැදින් තිබුණු ගුරු පාරට තාර දානවා. එතකොට මම අවුරුදු දහයක පොරක්. ඒ කාලේ අපි අවුරුදු 9යි මාස හය පැන්න ගමන්ම කියන්නේ අවුරුදු දහයයි කියලා. තාමත් පොඩි එවුන් එහෙමයි. මගෙන් බෙහෙත් ගන්න එක්ක එන පොඩි එවුන්ගේ වයස ඇහුවාම අම්ම කිවුවොත් අටයි කියලා පොඩි එකා පැනලා කියනවා නෑ නවයයි කියලා. එතකොට මම පොඩි එකාගේ ඔලුව අතගාලා ඔන්න මම පුතා කියපු එක ලියා ගන්නවා කියලා කියනවා. එතකොට පොරට හරි සතුටුයි. හැබැයි වයස...
Comments
Post a Comment