මෙන්න බලාපල්ලා මගේ හොඳ බොක්කක් වෙච්චි හසිතයා මගේ පෝස්ට් බලලා උන්ගේ පත්තරෙන් මට දීපු සපෝර්ට් එක. ඔන්න ඔහොමනේ බං වෙන්න ඕන. බොලා සේරමලාත් මට මේ වගේ බොක්කෙන් සපෝර්ට් එක දෙනවා නම් අම්මපා මම මේ රට කේතුමතියක් කරනවා. මට නෙවෙයි බොලාට ඉන්න.

පහුගියදා අපේ හසිතයා අරුණ පත්තරේට දාපු මගේ කතාවට පොඩි ඌණ පූරණයක් කරන්න තියනවා. ඒකේ දෙතුන් පලක් නිවැරදි වෙන්න ඕන. එකක් තමයි මම පරිපාලක වෛද්‍ය වරයෙක් වෙන තුරු කිසිම දේශපාලකයෙක් එක්ක සම්බන්ධ කමක් තිබුනේ නෑ. ඒ හමුවීම් සියල්ලක්ම අහඹු සිදුවීම්. ඒ වගේම ඩඩ්ලි සේනානායක මහත්තයා එදා මට ඔරේන්ජ් ජූස් එකක් දීලා යන්න කිවුවේ අර මීටිමට කලිනුයි. මට මීටිමට සහභාගී වෙන්න එතුමා ඉඩ දුන්නේ නෑ. ඒත් අද ඉන්න එවුන් කොහොමද. උන් කියන්නේ තව තව අය එක්ක එන්න. ඔය ගොල්ලා තමයි මේවායේ මුල් තැන ගන්න ඕන කියලා තරුණ දරුවන් බිල්ලට දීලා උන් බලයට එන්න බලනවා. ඒත් ඩඩ්ලිලා වගේ ඒ කාලේ හිටපු බොහෝ අය එහෙම කලේ නෑ. ඒ උතුම් මිනිහා ඊට පස්සේ දෙවෙනි වතාවට මම දැක්කේ 1973 අලුත් අවුරුදු දවසේ මළ මිනියක් හැටියටයි.
ඒ වගේම එදා ඇන් ඇම් පෙරේරා මහත්තයා හම්බ වෙන්න ගිය වෙලාවේ එතුමා රටේ සීනි වල තත්වයත්, අය වැයට මුලින්ම වෙන් කල ප්‍රතිපාදන වලට වැඩියෙන් මුදල් වියදම් කරන්න බැරි බව කියලා අපි එන කොට අපේ පිටට අතින් තට්ටු කරලා කිවුවා "දරුවනේ අපි මේ සේරම කරන්නේ ඔය ගොල්ලන්ගේ අනාගතය වෙනුවෙනුයි" කියලා. ඒ කාලේ අපිට ඒක ඒ තරම් තේරුණේ නැති උනත් අද තේරෙනවා එතුමා අනුගමනය කල ආර්ථික ක්‍රමය තව අවුරුදු පහක් ගෙනිච්චා නම් අද අපි කොයි තරම් දියුණු රටක්ද කියලා. ඒ වගේම අද කොයි තරම් මුදලක් පරිපූරක ඇස්තමේන්තු කියලා දාලා අය වැයට පිටින් වියදම් කරනවාද. අද අය වැය කියන්නේ නිකම් ලියවිල්ලක් විතරයි අවුරුදු පතා කියන . අවුරුද්ද දුවන්නේ පරිපූරක ඇස්තමේන්තු වලින් ගන්න සල්ලි වලිනුයි. ඒකයි හැම දේකම මිල දිනපතා වැඩි වෙන්නේ. ඉස්සර බඩු මිල ස්ථාවරව තිබුනා. ඒත් යම් යම් කාලවල බඩු හිඟ ඇතිවුනා. ඒ ඇන් ඇම් කියපු විදියට අය වැයට පිටින් කිසිම වියදමක් නොකරපු නිසයි. ඇත්තටම හරි අයවැයවල් හැදුවේ එතුමලාගේ කාල වලයි. අද කරන්නේ ආදායම බලනවා, වියදම බලනවා, අඩු ටික ණයට ගන්නවා රට උගස් තියලා. ඒ කාලේ ඇන් ඇම් ලා කලේ කොහොම හරි ලැබුනු ආදායමෙන් වියදම පියවපු එකයි. පෙට්‍රල් මිල වැඩි උනාම ඉරිදා සෙනසුරාදා පුද්ගලික වාහන දුවන එක තහනම් කලා. දිවුවේ ටැක්සි විතරයි.
ඒ වටිනා මනුස්සයාත් මම දෙවෙනි පාරට දැක්කේ 1978 දී මළ මිනියක් හැටියට පරණ පාර්ලිමේන්තුවේ තැන්පත් කරලා තියෙද්දියි. මැරෙණ කොට මන්ත්‍රී කෙනෙක් වත් නොවුනු එතුමාට රාජ්‍ය ගෞරවය නොදී ඉන්න ඒ කාලේ අගමැති වුනු ජේ ආර්ගේ හෘද සාක්ෂිය ඉඩ දුන්නේ නෑ. මොකද සමකාලීනයින් හැටියට ඇන් ඇම් කොයි තරම් අවංක මනුස්සයෙක්ද කියන එක විරුද්ධ මතධාරියෙක් වුනු ජේ ආර් පවා දැන සිටියා.
ඒ වගේම 1974 දී අපට ජේ ආරුත් අහම්බෙන් හම්බ උනා. ඒ කාලේ අපි හවසට කේරි කොලේජ් එක ලඟ තියන බ්ලොම්ෆොන්ටීන් කියන මෙඩිකල් හොස්ටල් එකේ ඉඳලා වොර්ඩ් ප්ලේස් එක දිගේ කින්සි පාර දිගේ රවුම් දෙකක් තුනක් දුවනවා. ඒ කාලේ අපිට අද වගේ ජොගින් ශූස් තිබුනේ නෑ. නිකම්ම තමයි දුවන්නේ. ඉතින් ඔහොම දුවන අතරේ වතුර බොන්න ඕන උනාම වෝර්ඩ් ප්ලේස් එකේ තිබුන ගෙදරක තිබුනු ටැප් එකකින් වතුර බොනවා. ඒ ගෙදර ගේට්ටුව ඇරලායි තිබුනේ. දවසක් ඔහොම බොන කොට අපිට ඇහුනා කවුද ඔය කියලා හයියෙන් කෑ ගහන සද්දයක් ගේ ඇතුලෙන්. ඒ එක්කම කලිසම ඇඳපු උස මිනිහෙක් ඇවිත් ඇහුවා අපි කවුද කියලා. අපි කිවුවා අපි වෛද්‍ය ශිෂ්‍යයෝ වතුර ටිකක් බොන්නයි ආවේ කියලා. පස්සේ මිනිහා අපිව ඇතුලට එක්ක ගිහින් අපිට අලියා බීම බෝතල් දෙක තුනක් කඩලා දුන්න බොන්න කියලා. ඒ වගේම ඕන වෙලාවක ඇවිත් බොන්න කියලාත් කිවුවා. අපි ස්තුති කරලා ආවා. හොස්ටල් ඇවිත් වෙච්ච දේ කියන කොට සීනියර් එවුන් තමයි කිවුවේ ඒ ජේ ආර් කියලා. අපි ඒ කාලේ ජේ ආර් ගේ නම අහලා තිබුනා ඩඩ්ලි සේනානායක මහත්තයාගෙන් පස්සේ නායකයා වුනා කියලා. ඊට පස්සේ එකම එක දවස්ක් අපිට මිනිහා හම්බ උනා. 1975 දී විතර දවසක් ආරන්චි උනා ජේ ආර්ගේ ගෙදර ඕන තරම් කන්න දෙනවා කියලා. ඉතින් අපිත් ගියා.ඒ කාලේ අපේ සෙට් එකක් හිටියා 3/4ක් විතර ඔය වගේ තැන් වලට යන, දානේ දවසට බුද්ධ පූජාව අරගෙන කන. ඉතින් ගිහින් බලන කොට එදා සිරිමලාගේ ආණ්ඩුව ජේ ආර්ව අත් අඩංගුවට ගන්න යනවා කියලා පොරවල් ඇවිත් වෝර්ඩ් ප්ලේස් එක බ්ලොක් කරලා බස් නවත්තලා හෙන සීන් එකක්. මුලු පාරම පිරිලා. හැමෝටම කන්න බොන්න දෙනවා. අපිත් ගිහින් කාලා බීලා ඉන්න කොට ජේ ආර් එලියට ඇවිත් සේරටම කිවුවා "මේ දැන් අගමැති තුමිය මට කතා කරලා කිවුවා ඒ ගොල්ලා එයාව අත් අඩංගුවට ගන්නේ නෑ කියලා. ඒ නිසා ඔඅය ගොල්ලා දැන් යන්න"කියලා. එතකොට මිනිස්සු කෑ ගැහුවා නායක තුමාට හොඳට විශ්වාසද ඒ කතාව කියලා. පස්සේ තමයි දැන ගත්තේ ඒ සීන් එක ජේ ආර් උවමනාවෙන් බොරුවට ඇති කරපු එකක් කියලා.
ඉතින් මචංලා ඔන්න ඔය ටික තමයි මට කියන්න ඕන වුනේ. ඉතින් මචං මම කල්පනා කලේ දවස් දෙක තුනකදි හසිතයාට මම කියපු ඔය ටික හැලුනා නම් මීට අවුරුදු 2600 කට ඉස්සර බුදු හාමුදුරුවෝ කියපු ධර්ම කරුණු කොච්චරක් අවුරුදු සිය ගානක් මුක පරම්පරාවෙන් එන කොට වෙනස් වෙලා හැලිලා ඇත්ද කියලා. මම අද මේ ඌන පූරණය දානවා වගේ අනේ බුදු හාමුදුරුවෝත් ඇවිත් උන් වහන්සේ කරපු දේවල් වෙනස් කරලා කියන උන්ට කියනවා නම් 'බොලා ඔය කියන්නේ මම කියපු දේවල් නෙවෙයි ඊට වඩා විරුද්ධ දේවල්" කියලා මොන තරම් දෙයක්ද නියම බෞද්ධයින්ට. ඒත බුද්ධාගම් කාරයින්ට නම් ඒක අල්ලලා යන එකක් නෑ. උන් ඔක්කොම එකතු වෙලා තමුසේ කොහොමද බුදු හාමුදුරුවෝ වෙන්නේ. මේ ඉන්නේ අපේ බුදු පියාණන් කියලා පිළිමයක් පෙන්නලා උන් වහන්සේ එලවා ගන්නවා නියතයි. මොකද උන් වහන්සේගේ දේශනා අද ඉන්න බුද්ධාගම් කාරයන්ගේ පැවැත්මට අහිතකර නිසා.
හා බොරුද මං කියන්නේ.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී