මේක ඒ කාලේ නැගලා ගියපු පිචැර් එකක් වෙච්චි - ජලා හුටා - එකේ අම් රිශ් පූරි වෛජ්‍යන්තිමාලා සමග රඟපාන දර්ශණයක්. තට්ටයක් තියන අම් රිශ් මේකේ තලප්පාවකින් ඒක වහගෙන ඉන්නවා. මේක රූගත කරලා තියෙන්නේ ඉන්දියාවේ රාජස්ථාන් වල තියන චෝකිධාණි කියන තැන. ඒකේ සිංහල තේරුම රට කන හොරුන්ගේ තිප්පොල කියන එකයි. මේක ඒ කාලේ මරදානේ සංඝරාජ මාවතේ තිබුනු ක්‍රවුන් හෝල් එකේ එක දිගට අවුරුදු හතරක් දිවුවා. මම මේක මුලින්ම බැලුවේ පලවෙනි අවුරුද්දේ මෙඩ්ඩා කාලේ. අන්තිමට බැලුවේ හතරවෙනි අවුරුද්දේ මෙඩ්ඩා කාලේ. ඒ අතරතුරේදී දහ පාරක් විතර බැලුවා මට මතකයි. ඇත්තටම බැලුවා නෙවෙයි, බලන්න ගියා. එක එක සැරේට වෙන වෙන කෑලි එක්ක තමයි බලන්න ගියේ. අන්තිමට බැලුවේ මගේ හොඳම යාලුවා එක්කයි. එදා නම් පිචර් එක හොඳට බැලුවා.
ඕකේ පිටිපස්සේ පේලියේ මැදින් ඉන්නේ පස්සේ කාලේක ඉන්දියාවේ බොහොම ජනප්‍රිය ප්‍රථිභාසම්පන්න නලුවෙක් වුනු නානා පතේකාර්. බොලා දන්නවානේ නානා. මෑන් 1996 දී අග්නි ශක්ෂි කියන ෆිල්ම් එකේ රඟපාලා හොඳම නළුවා සම්මානය ගත්තා. අර දෙන්නාට මැදින් පිටි පස්සේ ඉන්නේ රතනයා නෙවෙයි. ඒ වගේ වෙන එකෙක්. රතනයා ඒ කාලේ හබරල කොලයක් හිල් කරගෙන යන්න චූ කරන්නවත් බැරි මොන්ටිසෝරි යන පොඩි එකා.
ඒත් මේ වෙන කොට ක්‍රවුන් හෝල් එක එතන නෑ. දැන් තියෙන්නේ වාහන හදන තැනක්. අර කෑලි ටිකත් ඉන්නවාද නැද්ද කියලාවත් දන්නේ නෑ. ඒත් මමයි යාලුවයි අපූරුවට ඉන්නවා. නානාත් ඉන්නවා.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී