පදවියේ ගෞරවය රකින්න දන්නේ නැති ජනාධිපතිවරු. ලැජ්ජයි බං.

1997 දී විභාගයකට ගිහින් ඇමරිකාවේ නෝත් කැරොලිනා ප්‍රාන්තයේ යුනිවර්සිටි එකේ ඉගෙන ගන්න කාලයේ මම දැකපු එකක් තමයි අපි කෑම ගන්න පෝලිමේ ඉන්න කොට එතන වැඩ කරන කම්කරුවා පෝලිමේ ඉස්සරහ ඉන්නවා, මහාචාර්ය වරයා පිටි පස්සේ ඉඳිද්දී. නිකංවත් තමන්ගේ තැන දෙන්නේ නෑ. ඊලඟට දැකපු තව එකක් තමයි මහාචාර්ය වරු වාඩි වෙලා ඉන්න මේසෙටම ඇවිත් අරුනුත් කෑම කනවා කිසි ගානක් නැතිව. කිසිම සැලකිල්ලක් නෑනේ බං. මට ගොඩක් වෙලාවලට හිතුනා අරුන්ව ඇදලා දාන්න කණටත් එකක් ගහලා. බැරි නිසා නිකම් හිටියා. මම හිතුවා අර මහාචාර්ය වරු අරුන්ව පස්සෙන්දාම ඈතකට මාරු කරලා දාවි කියලා. ඒත් මම හිටපු අවුරුද්ද පුරාවටම අර නොසන්ඩාල එවුන් හිටියා ඒකම කර කර.
මේ පෝස්ට් එක දැක්කාමයි මට තේරුනේ මේ වැරදි ආදර්ශය උන්ට දීලා තියෙන්නේ උන්ගේ ජනාධිපතිලමයි කියලා. නොදකිං මෙහෙම ජනාධිපති වරු. ඒකට අපේ උන් රත්තරං උන්නේ. උන් නිසානේ අපි උනත් ඉස්පිරිතාලේ ඉන්න කොට අනිත් එවුන් දෙකට නැමිලා ඉන්නේ. ඒ වගේම ඔය වීරවංසලා වගේ එවුන්ටත් දෙකට නැවිලා අපේ මහාචාර්ය වරු සලකන්නේ.කුඩු දුමියා වගේ උන්ට පොලිස් ඩීඅයිජී ලා සැලියුට් ගහන්නේ. අපිට නම් ඕන අන්න ඒ වගේ ජනාධිපති වරු ඉඩි අමීන් වගේ වැඩ කරන. මතකයිනේ ඉඩි අමීන් නඩු අහලා තේ බොන්න කාමරයට ගියපු නඩු කාරයා පිටි පස්සෙන්ම ඇද ගෙන ගිහින් මරලා දාලා ඒ අතරේ අලුත් එකෙක් උසාවියට එවුවා නඩුවේ තීන්දුව ඌට ඕන විදියට ලියා ගන්න. ඒ අතින් අපේ එකා හොඳ වැඩියි. ශිරානිව එලවලා නිකම් හිටියානේ. එහෙම ඕනවට වැඩිය හොඳ වෙන්න නරකයි. එතකොට තමයි නඩු කාරයෝ උනත් ගෝනි නැතුව කරේ නගින්න හදන්නේ. මම හිතන්නේ අපේ පොර ආයිත් ආවාම කලින් කරපු වැරදි හදා ගනියි.
බම්බුවේ නිහතමානී කම. ඕකට අපි නම් කියන්නේ කොන්ද පණ නැති කම. නැද්ද හා.
අන්න ඒකට අර ගම්පහ එඩ්වර්ඩ් ගුණසේකර කියන එකා. නියම කොන්ද කෙලින් තියන එකා. පොලිස් කාරයා අයිඩෙන්ටි කාඩ් එක ඉල්ලුවාම දුන්නා නියමෙට ඌට කලිසමේ චූ යන්න. ඇයි බං පොලිස් කාරයා දැන ගෙන ඉන්න ඕනනේ ගරු මන්ත්‍රියෙකුගෙන් ඕවා ඉල්ලන්න හොඳ නැති විත්තිය. නිකම්ම නිකම් මන්ත්‍රි වෙලා ඔච්චර කෙලින් වැඩ කරන එකා ජනාධිපති උනොත් කොහොම කරයිද. මෙන්න මේ වගේ අය තමයි රටේ නායකයා කරන්න ඕන. රටේ රෙස්පෙක්ට් එක තියා ගන්න නම්.



Pause
-1:50

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී