වහලුනේ බලාපියව්. තොපේ ඇස් දැන්වත් ඇරේද කියා

මම හිතනවා මේ විඩියෝ ක්ලිප් එක අපි හැමෝටම වැදගත් වෙයි කියලා. විශේෂයෙන්ම දේශපාලන වහලුන්ට. වහල්ලු වහල්ලු කෙහෙවලු පටලවා ගත්තට වහල් හිමියන් එකට ඉන්න බවත් උන් වෙන වෙනම කෑවාට බොක්ක එක බවත් තේරුම් ගන්නට මේක ඉවහල් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මගේ හිත පහු ගියදා හරිම සසල වුනා උගත් බුද්ධිමත් ජීවිතයේ ප්‍රඥා දශකයත් පහු කරලා තවත් දශකයක් ගෙවලා තියන මහාචාර්ය වරුත් දේශපාලන වහල් භාවයෙන් මිදිලා නැති බව දැන ගත්තාම. විශේෂයෙන්ම 1960 දශකයේ උපන් එකිනෙකට පරස්පර වූ ආර්ථික ක්‍රම දෙකක් තුල ජීවත් වෙච්ච අයගෙන් මම එහෙම දෙයක් කවදාවත් බලාපොරොත්තු වුනේ නෑ.ඉදිරියට එන ආණ්ඩුවක ලොකු තනතුරක් ලබා ගත්තත් තව කොච්චර කාලෙකටද.
කොහොම වුනත් එකට සමාන්තර පාරවල් දෙකක එකම වේගයෙන් යන කෝච්චි දෙකක් වගේ තියන මේ පක්ෂ දෙකෙන් මොකක් බලයට ගෙනාවත් යන්න වෙන්නේ මෙතෙක් 1977 න් පස්සේ ගිය පාරේම බවත් ඒ පාරේ ඉදිරිය ඉතාම භයානක බවත් මේ කෝච්චි දෙකෙන්ම බහින්න කාලය දැන් පැමිණ තියෙන බවත් වහලුන් කවුරුත් තේරුම් ගත යුතුව තියනවා. මොකද කෝච්චි අඝාධයට යන බව මුලින් පේන්නේ ඒකේ ඉස්සරහා ඉන්න රියැදුරන්ටයි. එතකොට උන් බහිනවා. ඇතුලේ ඉන්න වහල්ලු ඇන කොටා ගනිමින්ම විනාශ වෙනවා. ඉස්සර නැවු වල ගැලියේ වැඩ කලේ වහල්ලු. ගැලිය කියන්නේ වහල්ලු දෙතුන් සීයක් එකට ඉඳගෙන හබල් ගහන නැවේ පතුලේ තියන තැන. වර්තමාන ඇන්ජිම වගේ තැන. උන්ගේ කකුල් වලට දම්වැල් දාලායි තියෙන්නේ. ඉතින් නැවු ගිලෙන කොට වහල් හිමියෝ බෝට්ටු වලින් පැන ගන්නවා. අරුන් මැරෙනවා.
ඊශ්‍රායලය රෝමන්ලාට යටත් වෙලා තුබුන කාලේ අවුරුදු සිය ගනනක් වහල් භාවයේ හිටපු හීබෲ ජාතිකයින් උන්ව බේර ගන්න වෙනත් හීබෲවරුන් ආපු වෙලාවේ උන්ට උදවු නොකර රෝමන්ලාගේ පැත්ත ගත්ත හැටිත් අන්තිමට වහල්ලුත් උන් බේර ගන්න ආපු උනුත් මැරුණු හැටිත් අර මසාඩා කන්දේ කතාව කියද්දී මම විස්තර ඇතුව කිවුවා.
ඉතින් ඉතිහාසයේ සිදු වෙලා තියන දේ වලිනුත් වර්තමානයේ ඇස් ඉදිරිපිටම සිද්ද වන දේ වලිනුත් අපේ අය පාඩම් ඉගෙන ගන්නේ නැත්නම් ඒක මගේම අවාසනාව. මොකද උන්ගේ චන්දයෙන් තමයි මාවත් පාලනය වන්නේ, මගේ අනාගතය තීරණය වන්නේ, මම තව දුරත් ජීවත් වනවාද යන්නත් තීරණය වෙන්නේ

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී