ඔබාමාගෙන් අප්පච්චිට කණේ පාරක්

අප්‍රිකානු රටවල් 55 ක් එකතු වෙලා 2001 දී හැදුවා අප්‍රිකානු සංගමය කියලා එකක්. මේක පටන් ගත්තේ ඉතියෝපියාවේදී. ඉතියෝපියාව මේ වෙන කොට පීඩිත දුප්පත් රටක් නෙවෙයි. මේ සංගමයේ මුලින්ම අමෙරිකානු නායකයෙක් ලෙස කතාවක් කලේ අමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා මහතා විසින් 2015 දී. ඒ කතාවේ අඩංගු කාරණා ගෝත්‍රික අප්රිකානු රට වලට වඩා අද අපේ රටට හොඳින්ම ගැලපෙන නිසා මම ඒ ඉංග්‍රීසියෙන් කරපු කතාව ඒ විදියටම අද උදේ දැම්මා. මම මේ එක්ක එකේ සිංහල පරිවර්තනය දානවා. එහෙම කරන්නේ මට තියන අමුතු කැසීමක් නිසා නෙවෙයි. බොලාගේ දැන ගැනීමටත් පුලුවන් තරම් යාලුවන් අතරේ බෙදා අරින්නත්. මේ මගින් අප්‍රිකානු ගෝත්‍රික නායකයින්ට හැම අතින්ම ක්‍රියාවෙන් ගැලපෙන වර්තමාන ශ්රී ලංකාවේ ප්රධාන පක්ෂ දෙකේ නායකයින්ව තේරුම් ගෙන හඳුනා ගන්න මේ රටේ ඉන්න බහුතරයක් වූ මධ්යස්ථ මතධාරීන්ට පුලුවන් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම මැතිවරණයකදී සුදුසු අයුරින් ක්රියා කරයි කියලාත් මම ප්රාර්තනා කරනවා.
මේ කතාවේදී ඔබාමා කියලා තියන හැම කාරණයක්ම අපේ නායකයින් දෙන්නාට ගැලපෙනවා. බලයට තියන කෑදර කම නිසා මෙතෙක් කරපු වැඩ දිහා බැලුවහම වඩාත්ම හොඳින් ගැලපෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාටයි. ව්යවස්ථාව වෙනස් කරලා ධුර කාලය දික් කර ගැනීමට අමතරව ඉන් පස්සේ සාමාන්ය පාර්ලිමේන්තු මන්ත්රී කෙනෙක් හැටියට ඇවිත් කරපු වගේ වැඩක් මෙතෙක් ලෝකයේ වෙන කිසිම නායකයෙක් කලා කියලා මම අහලා නෑ. මේ මෑතකදී බොහෝ කලක් තමන් යටතේ හිටපු කෙනාට යටත්ව අගමැති කම බාර ගත්ත එකෙන් පේන්නේ ඔහුට බලය ලබා ගැනීම වෙනුවෙන් කල නොහැකි දෙයක් නොමැති බවයි. මාව කම්පනය කරන කාරණය තමයි අපේ රටේ ඉන්න බහුතරයක් වුනු මධ්යස්ථ ජනතාව "මේක අපිට ප්රශ්නයක් නෙවෙයි නැත්නම් අපිට මේක වෙනස් කරන්න බෑ. මෙහෙම තමයි මෙහේ හැටි" කියලා මේ තත්වය වෙනස් කරන්න කිසිම හඬක් නොනගන එකයි.
මෙහෙම වෙලා තියෙන්නේ 1977 දී ඉඳන් ක්රමයෙන් වර්ධනය වෙලා අද වෙන කොට උච්චස්ථානයට පත් වෙලා තියන හොරකම හා දූෂණයට ඔවුන් හුරු වී තිබීම නිසා මිසක් මේ තත්වය වෙනස් කරන්න බැරි කමක් නිසා නෙවෙයි. තමන් මිලදී ගන්නා හැම දේකින්ම ගෙවන බදු සල්ලි මේ නායකයිනුත් උන්ගේ පවුල් වල අයත් හෙංචයියනුත් බිලියන ගණනින් හොරකම් කරන බවත්, ඒක මදි වෙලා තමන් හැම එකෙක්වම ලක්ෂ පහකට වැඩි ගාණක් ණය කාරයින් කරලා තියන බව දැන දැනත් නොදන්න ගානට ඉන්නේ ඒකයි. පක්ෂ දෙකේ වහලුන්ට මේ ගැන පහදා දීමෙන් කිසිම වැඩක් නෑ. ඒ නිසා ඔවුන් යම් කමෙන්ට් එකක් කලත් ඒක ගණන් ගන්නේ නැතිව හිටපල්ලා. තදටම වහල් බව ඔලුවට වැදුනු උන් තමයි අසීලාචාර විදියට ඒවා දාන්නේ. මම කරන්නේ උන්ව බ්ලොක් කරන එකයි.
ඒ වගේම කිසිම පක්ෂයක සාමාජිකත්වයක් වත් ආරක්ෂාවක් වත් නැති මම මගේ ජීවිතය ගැන වත් නොසලකා මෙහෙම ලියන්නේ අපේ රට අඝාධයට වැටෙමින් පවතින මේ මොහොතේ ඒක වැලක්වීම මගේ, ඔබේ, අපේ කර උඩ පැටවිලා තියන වගකීම නිසායි. මේ රටින් ලබා ගෙන ඇති දේ වෙනුවෙන් අපි ඒක කල යුතුමයි.
මම වඩාත්ම කම්පනයට පත් වෙන්නේ සෞඛ්ය ක්ෂේත්රයේ ඉතා ජ්යේෂ්ඨ මහාචාර්ය වරුන් හා වෛද්යවරුන් පත්වී ඇති දේශපාලන වහල් භාවය දුටු විටයි. එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය වගේ රට වල නිවී සැනසිල්ලෙන් සිටින මගේ ලඟම ඥාතීන් පිලිබඳව වරෙක මට ඊර්ෂ්යා සිත් පහල වූවත් වරද ඔවුන් රට හැර යද්දී රටේ ජනතාවට සේවය කිරීමේ අරමුනින් මෙහි නැවතුණු මගේය.
දැන් බැරැක් ඔබාමාගේ කතාව.
උපුටා ගැනීම 
“අවංකවම පවසනවා නම් මට මේක තේරුම් ගන්න බෑ. මම මේ ගත කරන්නේ මගේ දෙවන ධුර කාලයයි. මම සලකන්නේ අමෙරිකාවේ ජනාධිපති වීම, මට ලැබුණු විශේෂ වරප්රසාදයක් හැටියටයි. මීට වැඩිය ගරුත්වයක් සැලකීමක් තියන වෙන රස්සාවක් ගැන මට හිතන්නවත් බැහැ. මම මේකට කොච්චර කැමති උනත් අපේ ව්යවස්ථාවට අනුව මට ආයිත් පාරක් තරඟ කරන්න බැහැ. මට බැහැ. මම හිතනවා මම ඉතාම හොඳ ජනාධිපති කෙනෙක් කියලා ඒ වගේම මම හිතනවා ආයිත් සැරයක් තරඟ කලොත් මම දිනාවි කියලත්. ඒත් මට ඒක කරන්න පුලුවන් කමක් නැහැ. අමෙරිකාව ඉදිරියට ගෙන යන්න තව ගොඩක් දේවල් කරන්න මම කැමති වුනත් නීතිය නීතියමයි. කාටවත්, ජනාධිපතිටවත් ඒකට උඩින් යන්න බැහැ”.

“මම ඔය ගොල්ලන්ට අවංකවම කියන්නේ මම ජනාධිපති පදවියෙන් අයින් වෙලා ගිහින් නිදහස් ජීවිතයක් ගත කරන්න කැමැත්තෙන් ඉන්නේ කියලා. මට එතකොට මේ වගේ විශාල ආරක්ෂාවක් නැතුව ඇවිදින්න පුලුවන් වගේම මගේ පවුලේ අයත් එක්ක වැඩි කාලයක් ඉන්න පුලුවන් වෙයි. ඒ වගේම රටට සේවයක් කරන්න පුලුවන් වෙන මාර්ගයක් හොයා ගන්නත් පුලුවන් වගේම වැඩි වාර ගණනක් අප්රිකාවට එන්නත් පුලුවන්. ඒත් මට තේරුම් ගන්නට බෑ ඇයි සමහරු දිගටම බලයේ ඉන්න හදන්නේ කියලා විශේෂයෙන්ම ඔවුන් විශාල ධනයක් හම්බ කර ගෙන තියෙද්දීත්. ඔවුන් නීති වෙනස් කරලා මේ විදියට දිගටම බලයේ ඉන්න හදන එකෙන් වෙන්නේ රට අස්ථාවර වෙලා රට ඇතුලේ කැරලි ගැසීම් ඇතිවෙන්න පුලුවන් වෙන එකයි. මේක බුරුන්දි වල වුනා අපි දැක්කා. ඒ වගේම බොහෝ විට මේක භයානක ගමනක ආරම්භයක්. මම දැකලා තියනවා සමහර නායකයින් කියනවා "රට ජාතිය රැක ගත හැක්කේ මට පමණයි" කියලා. මේකෙන් තේරුම් ගන්න ඕන ඔහු තවමත් රට ගොඩ නැගීමට අසමත් වෙලා කියන එකයි. බලන්න නෙල්සන් මැන්ඩෙලා (මැඩීබා), ජෝර්ජ් වොෂින්ටන් වගේම වූ ස්ථිර නමක් දිනා ගත්තා. ඒ ඔවුන් තනතුරේ සිටිමින් කල වැඩ පමණක් නිසා නෙවෙයි කැමැත්තෙන්ම තනතුරෙන් අයින් වෙලා සාමකාමී විදියට තව කෙනෙකුට ඒක දුන්න නිසා”.
“අප්රිකානු සංගමය කුමන්ත්රණත් නීති විරෝධී ලෙස බලය මාරු කිරීමත් පිලිකුල් කරනවා වගේම තමන්ගේ රටවල් වල නායකයින් ධූර කාලයටත් ව්යවස්ථාවටත් ගරු කරන තත්වයට පත් කරවන්න රට වැසියන් බල ගන්වන්නත් කටයුතු කරන්න ඕන. කිසිවෙක් ජීවිත කාලයටම ජනාධිපති විය යුතු නැහැ. ඔබේ රට දියුණු වෙන්න අලුත් අදහස් ඇති අලුත් නායකයින් අවශ්ය වෙනවා”.
“මම තමත් බොහොම තරුණ කෙනෙක්. ඒත් මම දන්නවා මගේ රටට අලුත් දර්ශනයක් සහ අලුත් ජවයක් ඇති කෙනෙක් වඩා යෝග්යයි කියලා. ඔවුන් ඔබලාටත් හොඳ වේවි”.
උපුටා ගැනීම අවසන්
දැන් මට අවසරයි මගේ පයින් යන ගමන පටන් ගන්න.



Image may contain: 2 people, people standing

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී