මාටින් නීමොලර්

ඉස්සර ජර්මනියේ හිටියා මාටින් නීමොලර් කියලා කෙනෙක්. මෑන් පලවෙනි ලෝක යුද්දේ කාලේ ජර්මන් නාවික හමුදාවට බැඳිලා පස්සේ කමාන්ඩර් කෙනෙක් වෙන කම් ගියා. ඊට පස්සේ හමුදාවෙන් අයින් වෙලා ආගමික පර්යේෂකයෙක් වගේම පත්‍ර කලාවේදියෙක් වුනා. ඔහු ජර්මනියට තදින්ම ආදරේ කල කෙනෙක් වුනත් පසු කාලීනව හිට්ලර්ගේ නාසි ක්‍රමයට විරුද්ධ වුනා. ඔහු ගැන නිරතුරුවම විපරමෙන් හිටපු හිට්ලර්ගේ ගෙස්ටපෝ කියන ඔත්තු සේවය 1937 දී ඔහු සිර භාරයට අරගෙන කන්සෙන්ට්‍රේශන් කෑම්ප් කියලා හැඳින්වෙන හිර කඳවුරු වලට දැම්මා. මේවා හිර කඳවුරු කිවුවාට ඒවා අර මස් වලට කෙනියන කුකුල්ලු ඉන්න තැන් වගෙයි. මම ඒවා දැකලා තියනවා ලන්ඩන්වොශින්ටන් ඒ වගේම පෝලන්තයේ තියන කෞතුකාගාර වල. ඒවාට ගිය හිතක් පපුවක් තියන ඕනම කෙනෙකුට හිට්ලර් කියන වචනය අබිං වගේ වෙනවා. ඒ නම ඇහෙන කොට මහ ජුගුප්සාජනක හැඟීමක් එනවා.

මේ හිර කඳවුරු වලට ගෙනිච්ච අයගෙන් ඉතා වැඩි පිරිසක් වද දීලා මරලා දාලා තියනවා. සමහර අය පර්යේෂණ වලට අරගෙන තියනවා දොස්තරලා. ඔය දැන් මීයන් වගේ සතුන් අර ගෙන කරන පරීක්ෂණ කෙලින්ම මිනිස්සු දාලා කරලා තියනවා. කොහොම හරි නීමොලර් අවුරුදු 8 ක් ඒවායේ ඉඳලා හිට්ලර් පැරදුනාට පස්සේ එලියට ආවා. එහෙම ඇවිත් එයා ආගමික සහ පුවත්පත් කලාවේදියෙකු හැටියට තමා විසින් කලයුතුව තිබුණු යුතුකම් නොකිරීම ගැන හරියට දුක් වෙලා තියනවා. එයා පශ්තාත්තාපයෙන් කරපු "දෙන් දේ කේම් ෆොර් මී ...Then they came for me.කියන ප්‍රකාශය හරිම ප්‍රසිද්ධ වුනා.

ඒකේ එයා කියන්නේ නාසීන් Nazis මුලින්ම කොමියුනිස්ට් කාරයන්ව අල්ලගෙන යද්දී මම නිහඬව හිටියා මම  කොමියුනිස්ට් කාරයෙක් නොවන නිසා. ඊලඟට ඔවුන් වෘත්තීය සමිති කාරයින් අල්ලගෙන යද්දී මම නිහඬව හිටියා මම එයින් එකෙක් නොවන නිසා. ඊ ලඟට උන් යුදෙවුවන්ව අල්ලගෙන යද්දීත් නිහඬව හිටියා මම යුදෙවුවෙක් නොවන නිසා. ඊලඟට උන් කතෝලිකයන් අල්ලගෙන යද්දිත් මම කතෝලිකයෙක් නොවන නිසා නිහඬව හිටියා. අන්තිමට නාසින් මාව අල්ලගෙන යන්න එන කොට කවුරුවත් ඉතුරු වෙලා හිටියේ නෑ මා වෙනුවෙන් කතා කරන්න කියලා.
මට මේක මතක් වුනේ මම කලින් දාපු පෝස්ට් එකේ අර එක එක අය වැඩ වර්ජන කරන කොට මේවා නවත්වන්න නම් ගෝටා එන්න ඕන කියලා කියන එවුන් මතක් වෙලා. මම හිතන්නේ ඒ ගොල්ල එහෙම කියනවා ඇත්තේ අර කටුනායකරතුපස්වල තිබුණු විරෝධතා නවත්තපු හැටිකොලඹ හිඟන්නන් අයින් කරපු හැටි එහෙම දැකලා වෙන්න ඇති. මට මැවිලා පේනවා ඒ ගොල්ලා කියන විදියට ගෝටා ඇවිල්ලා ලිපිකරුවන් වර්ජනය කරන කොට අර එදා ක්‍රමයට ඒක නවත්තන කොට අනිත් අය සතුටු වෙලා නිශ්ශ්බදව ඉන්න හැටි. ඊලඟට දුම්රිය සේවක වර්ජනය්කදී අර බේතම දෙන කොට අනිත් උන් නිශ්ශබ්දව ඉන්න හැටිවිශ්ව විද්‍යාල ශිෂ්‍යයෝරැකියා නැති අය පාරවල් වල පිකටින් කරද්දී උන්ටත් අර බේතම දෙනකොට හොඳ වැඩේ ඕකුන්ට අපට පාරක යන්නවත් බෑ කියලා කියන වාහන වල යන අය සතුටු වෙන හැටිත් ඔහොම ගිහින් අන්තිමට ඉන්ජිනේරුවන් දොස්තරලා නර්සස්ලා වගේ වරප්‍රසාද තියන අය ස්ට්‍රයික් කරන කොට ඒකම වෙන හැටිත් මැවිලා පේනවා. ඒ තරම් කේවල් කිරීමේ ශක්තියක් නැති අය වෙනුවෙන් අර මම අන්තිමට කියපු කේවල් කිරීමේ ශක්තිය හුඟාක් තියන අය උදවු නොකිරීම නිසා අන්තිමට උන්ටත් වෙන්නේ ඒකමයි. ඔය අපේ දොස්තරලා දැන් කඩේ ගියාට උන්ගෙන් හොඳටම ගොට්ට අල්ලන කෙනාට සමහර විට සෞඛ්‍ය  ඇමති කමත් තව කීප දෙනෙකුට තව මොනවා හරිත් ලැබෙයි. පිට පලාත් වල ඉස්පිරිතාල වල වැඩ කරන දොස්තරලාට ඒ පලාත් වල ඉන්න පාදඩ දේශපාලකයින් කියන දේවල් නොකරපු දවසට තමයි උන්ට තේරෙන්නේ කරපු ගොන් කම. එක්කෝ උන් කියන හැම දෙයක්ම කරගෙන ඉන්න වෙනවා. නැත්නම් කන්න වෙනවා. කාපු දවසට කියන්න කෙනෙක් නැති වෙනවා. අන්න එදාට නීමොලර්ට වෙච්ච දේ වෙයි. මම සබරගමු පලාතේ පලාත් අධ්‍යක්ෂ වෙලා හිටපු කාලේ ඒ කාලේ හිටපු මොහාන් එල්ලාවල මහත්තයා ඇරෙන්න හැම මහ ඇමති කෙනෙක්ම මාව එලව ගන්න ෆුල් ට්‍රයි කලා. එහෙම කලේ මම උන් කියපු වැරදි දේවල් නොකල නිසා. අන්තිමට හිටපු මහීපාල හේරත් මට තර්ජනය කලා බලාගෙන අතර මගදී මොනවා හරි වෙන්න පුලුවන් කියලා. මම අතර මගදී මොකුත් නොවී බේරුණේ ඒ කාලේ අගමැති වෙලා හිටපු මහින්දට කියලායි. පලාත් සභාවට යෝජනාවක් දාලා මාව එලවන්න හදපු වෙලාවේ මාව බේර ගත්තේ ජේවීපී එකෙනුයි. මොකද පලාත් සභාව ගෙනිච්චේ උන්ගේ සපෝර්ට් එකෙන්. ඒ නිසා මම එලවන යෝජනාව සම්මත වුනේ නෑ. කොහොම වුනත් මම කොලඹට ආවාට පස්සේ මහීපාල මාත් එක්ක තිබුණු තරහ මරහ අයින් කර ගත්තා. මම හිතන්නේ මිනිහා ඇතුලේ හිර කාරයෙක් හැටියට ඉන්න හොඳ මිනිහා තමයි එක කරන්න ඇත්තේ. ඒත් මට පස්සේ වැඩ බලන්න ආපු දොස්තර දැන් අවුරුදු 14ක් එතන ඉන්නවා. නීතිය අනුව වැඩ බලන පත් වීමක් දෙන්න පුලුවන් මාස හයකට විතරක් වුනත් තාම වැඩ බලනවා. ස්ථිර කෙනෙක් පත් කරලා යවපු වෙලාවේ මාව එලවන්න ෆුල් ට්‍රයි කරපු මහීපාල එයාව එලව ගත්තා. මොකද දැන් ඉන්න හාදයා අර ගොල්ලා කියන ඕනම ජඩ වැඩක් කරනවා. මෑනුත් හොඳට හොයනවා. මම කියන්නේ බොරු නම් එයාට පුලුවන් මාව උසාවි ගෙනියන්න. ඉතින් මේ ක්‍රමය පවතින කම් ආයිත් කිසිම දවසක කොන්ද පන තියන දොස්තර කෙනෙකුට සබරගමුවේ පලාත් අධ්‍යක්ෂ වෙන්න බෑමම දන්නේ සබරගමුව ගැන විතරයි. ඒත් මම හිතන්නේ අනිත් තැන් වලත් ඔහොමම වෙන්න ඇති. ඉස්සරහට මේ තත්වය තවත් නරක් වෙනවා.

ඉතින් මාටින් නීමොලර්ගේ ඔය කතාව මම මුලින්ම ඇහුවේ 1987 දී අපි ඒ කාලේ ජේආර් ගෙනාපු රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධව වැඩ වර්ජන කරන කාලයේ එවකට දන්ත වෛද්‍ය සංගමයේ සභාපති වෙච්ච රාජිත සේනාරත්න මහත්තයා කරපු කතාවේදී. මම ඒ කාලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ලේ ශාඛාවේ ලේකම්. අපි දිස්ත්‍රික්ක මට්ටමින් රැස්වීම් තියලා ජනතාව දැනුවත් කලා ඇයි අපි වැඩ වර්ජනය කරන්නේ කියලා. අපි ගාල්ලේ පිට්ටනියේ පවත්වපු එක රැස්වීමකට ඒ කාලයේ පතාක වෘත්තීය සමිති නායකයකු වෙච්චි රාජිතව ගෙන්න ගත්තා කථිකයෙක් හැටියට. ඒ කාලේ අපේ සංගමයේ හිටපු නායකයින් කවුරුවත් කිසිම කෙනෙකුට කඩේ ගියේ නෑ අද වගේ. කොහොම හරි එදා නීමොලර් ගැන  කියලා දීලා බෙරිහන් දීපු රාජිත අද කියන දේවල් ඇහුවාම මට තූ කියලා හිතෙනවා. එදා ගලිවර් කෙනෙක් විදියට පෙනුණු රාජිතව මට අද පේන්නේ ලිලිපුට්ටෙක් වගේ. අනේ දේශපාලනය උගත් මිනිසුන් පවා නොමිනිසුන් කරන හැටි

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී