බුද්ධදාස විතානාච්චි කියන්නේ මම හරියට අගය කරන ප්‍රතිභාසම්පන්න නළුවෙක්. දඬුබස්නාමානය කියන මම දැකපු ටෙලිඩ්‍රමා වලින් හොඳම එකක ගමේ ඉස්කෝලේ ගුරුවරයා වගේම රහසිගතව සාධාරණය ඉෂ්ඨ කරන අංගම් ශූරයෙක් හැටියට ඔහු දැක්වූ රංගනය මගේ සිත් ගත්ත එකක්. දඬුබස්නාමානය අපේ රටට ආක්‍රමනිකයින් එන්නට කලින් මෙහේ ප්‍රචලිත වෙලා තිබුණු අංගම් සටන් පෙලපත් දෙකක් වෙන සුදලියත් සහ මරුවල්ලිය අතර සිදුවෙන දේවල් ගැන කියන ටෙලියක්. මේකේ ප්‍රධාන නළුවන් අතර කමල් අද්දර ආරච්චි ..........
ඕං බලහල්ලාකෝ අදත් යන්නේ කොහෙද මල්ලේ පොල්. මේක මාර ලෙඩක් බං මට ඉස්සර ඉඳන්ම තියන. ඉස්සර මට මතකයි යාලුවෙකුගේ ගෙදර යන්න පාර අහපු වෙලේ ඌ කිව්වා බස් එකෙන් බැහැලා පාර දිගේ එන කොට මඩපාතල කියලා පාරක නමක් ගහලා තියන හන්දියක් හම්බ වෙයි. අන්න ඒ හන්දිය පහු කරලා හැතැප්ම බාගයක් විතර ගියාම තමයි උගේ ගේ තියෙන්නේ කියලා. ඒ කාලේ දුර කිවුවේ හැතැප්ම වලින්. අද වගේ මෙට්‍රික් ක්‍රමය කවුරුවත් දැන ගෙන හිටියේ නෑ. එංගලන්තයේ අදටත් පාවිච්චි වෙන්නේ ඒ පරණ ක්‍රමයමයි. බර රාත්තල්, දුර හැතැප්ම, උස අඩි. ඔන්න බලහන් ආයිත් පිට යන්න හදනවානේ. ඉතින් මම අරූ කිවුවා වගේ බස් එකෙන් බැහැලා අර හන්දියෙන් මඩපාතලට යන කන්ම ගියා. පස්සේ තමයි තේරුණේ එතනින් හැරුනු එක වැරදියි යන්න ඕන පාරේ නෙවෙයි ගිහින් තියෙන්නේ කියලා.
ඒ වගේ මම මේ කතාව කියන්න ගත්තේ අර ටෙලිය ගැන කියන්න නෙවෙයි. ඕන නම් ඒක වෙන දවසක කියන්නම්. මට ඕන වුනේ බුද්ධදාස මහත්තයා මේ ලඟදී කරපු කතාවක මම අහපු දෙයක් ගැන කියන්නත් ඒකට ඌන පූරණයක් එකතු කරන්නත්. එයා කිවුවා අද ඉන්න මිනිස්සු තමන්ම බලයට පත් කරපු දේශපාලකයින්ට තමන්ගේ සල්ලි වලින්ම, පඩි, දීමනා, වාහන වගේ දේවල් අරගෙන දීලා අන්තිමට උන්ට දණ ගහලා වඳිනවා, දෙකට නැවෙනවා, පාච්චල් වෙනවා කියලා. එයාට කියන්න අමතක උනා මයෙ හිතේ අරවාට අමතරව උන් අපේ සල්ලි මහා පරිමානයෙන් හොරකම් කරන එක. අන්තිම දුප්පතා, හිඟන මනුස්සයා වගේ උන්ගෙනුත් වක්‍රව ගන්න බදු මුදල් තමයි මුන් හොරකම් කරන්නේ. කලින් එවුන් කෝටි සිය ගණන් නෙවෙයි කෝටි ලක්ෂ ගණන් වලින් කරපු හොර කම් අල්ලනවා කියලා කෑ මොර දීලා ආපු රනිල් කලේ ආපු ගමන්ම මහ බැංකුවට වැඩේ දීලා තවත් බිලියන ගණනින් හොර කම් කරපු එක. ඒක සැලසුම් කරලාම බොලාගේ අපේ සල්ලි වලට ගහන්න කරපු දෙයක්. කොහේවත් හිටපු එකෙක්ව ගෙනත් මහ බැංකුවේ අධිපති කරලා හොර කම කලා. පහුගිය අවුරුදු පහටම අපට ඇඟට දැනෙන කියලා දේකට රනිල් කලේ එච්චරයි. මිනිහා දන්නවා ඊලඟට එන රාජපක්ෂලාත් මේ හොර කමට කිසිම දෙයක් කරන්නේ නෑ කියලා. ඉතින් එහෙම හොරුන්ට අපේ උන් ගිහින් දන ගහලා වඳිනවා.
ඒ වගේම බුද්ධදාස කිවුවා මුන් ඔක්කොමලා වගේ සමාජයේ පහත්ම තැන් වලින් ඇවිත් කුඩු බිස්නස්, කසිප්පු බිස්නස්. හොරකම් වගේ පහත්ම දේ කරලා ඒ සල්ලි වලින් දේශපාලනය කරලා ආපු උන් තමන්ට කවදාවත්ම ගන්න බැරි සැලකුම් ගන්නවා, ඒ වගේම අපේ උන් උන්ට වඳින්නේ තියන වැඩවසම් මානසිකත්වය නිසා කියලා. මේක මට හිතෙන විදියට වැරදියි. ඒකට කියන්නේ වහල් මානසිකත්වය. ඉස්සර වහල්ලුන්ට වහල් හිමියා පයින් ගැහුවාම වහලා අරූගේ කකුල අතගානවාලු ඌට රිදෙන්න ඇති කියලා. තමන්ට ගහලා අරූගේ කකුල රිදෙන එකටත් ඌට දුකයි. මෙන්න මේකයි අපේ උන්ට වෙලා තියෙන්නේ.තමන්ගේ එකා මොනවා කලත් ඒක හරි. තමන්ගේ සල්ලි හොරකම් කලත් වඳිනවා. තමන්ගේ එවුන් මැරුවත් වඳිනවා. ඒත් අර එක උත්සවයකදී අපේ කලා කරුවෝ දෙන්නෙකුට කොන්ද පන තිබුනා ගම්මන්පිලටයි, දුමින්දටයි ප්‍රසිද්ධ වේදිකාවේ කණට ගැහුවා වගේ වැඩක් කරන්න. දුමින්දයා අත දික් කරගෙන හිටියා සෑහෙන වෙලාවක්. ඌට වැදුනු පාරට අත ආපහු ගන්නත් අමතක උනා. මම දැක්ක සමහර වහල්ලු ඒකට අරුන් දෙන්නාට දොස් කියලා තිබුනා. මේක තමයි දේශපාලන වහල් කම.
මේ වගේම තවත් එකක් තමයි ආගමික වහල් කම. අර දේශපාලකයින්ව තමන්ම හදලා තමන්ම වඳිනවා වගේ තමන්ම මැටි වලින් හරි සිමෙන්ති වලින් හදාපු පිළිම වලට තමන්ම වඳිනවා. බාර හාර වෙනවා. එක එක ඉල්ලීම් කරලා පඬුරු එල්ලනවා, රෙදි කෑලි එල්ලනවා. මේක හැම ආගමකටම පොදුයි. ඒත් මුස්ලිම් ආගමේ ඔය පිළිම වන්දනාව නෑ. ඒත් ඒකට හරි යන්න වෙන පිස්සු වැඩ ඕන තරම් තියනවා. මේක තමයි ආගමික වහල් භාවය.
ඒ වගේම තමයි මේ වහලුන් දෙගොල්ලාගෙම වහල් හිමියෝ හරිම එකමුතුයි. උන් එකෙකුගෙන් අනිකා යැපෙනවා. දෙගොල්ලාට දෙගොල්ල නැතුව පවතින්න බෑ. මේක විශේෂයෙන්ම බුද්දාගම් කාරයන්ට විශේෂයි.කහකඩයෝයි දේශපාලකයෝයි එකට එකතු වෙලා වහලුන්ව ෆෝම් කරනවා නැත්නම් අන්දනවා. මේ ලඟදී එකෙක් කියලා තිබුනා ගෝඨාබය මහත්තයා බුදු වෙන්න පෙරුම් පුරන බෝධි සත්වයෙක් කියලා. මොකද ඌට අර බෝධිසත්ව වරු සංඝ නායක කමක් දීලා. තමන්ගේ ආගමික ශාස්තෲ වරයාට මිනීමරු, චෞර, බියගුලු මිනිහෙක්ව සමාන කලාම අර වහල්ලු හුරේ දාන විත්තිය කහකඩයා දන්නවා. හරි නම් කරන්න තිබුනේ උගේ කහකඩය ගලවලා බෝධිසත්වයාට පොරවන්නයි හඩු ගඳත් එක්කම.
මෙන්න මේ දෙකෙන් ගැලවෙන කම් මේ රට දියුණු කරන එක නම් බොරු.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී