Acquired Freethinking Deficiency Syndrome

AIDS සහ AFDS (Acquired Freethinking Deficiency Syndrome)
මම මීට කලින් අර ඒඩ්ස් ගැන දාපු පෝස්ට් එකේදී කිවුවා මේ මාරාන්තික රෝගය ඇති වෙන්නේ මිනිසුන් උපතේ ඉඳන්ම අරගෙන ප්‍රතිශක්තිය එහෙම නැත්නම් රෝග වලින් අපිව ගලවා ගන්නා ශක්තිය නැති වී යාම නිසා කියලා.ඇත්තටම නැති වී යාම නෙවෙයි නැති කර ගැනීම. අන්න ඒකයි ඒකට නතු කරගත් ප්‍රතිශක්ති ඌනතා සහ ලක්ෂණය කියන්නේ. මේක ඕනම තරාතිරමක කෙනෙකුට හැදෙන්න පුලුවන්. දුප්පත් පෝසත්, උගත් නූගත් ඕනම කෙනෙකුට. මේක හැදුනු කෙනෙක් හරියට බෙහෙත් ගත්තේ නැත්නම් ඉතා ඉක්මනින් මිය යනවා. ඒ වගේම මුලු ජීවිතය පුරාවටම බෙහෙත් ගන්නත් වෙනවා.
මම මේ ලඟදී කිවුවා වගේ දේශපාලන වහල් බවත් මේ ඒඩ්ස් රෝගය වගේ එකක්. මේකෙදි වෙන්නේ තමන්ට හිතට එකඟව කතා කරන්න වැඩ කරන්න තියන ශක්තිය තමා විසින්ම නැති කර ගැනීමක්.මෙතෙන්දි මුලින්ම නැති වෙන්නේ ලැජ්ජාව. ඊට පස්සේ ආත්ම අභිමානය. එහෙම නැති කර ගත්ත එකෙකුට කරන්න බැරි නොහොබිනා කමක් නෑ, කියන්න බැරි දෙයක් නෑ. ඕනම සභාවක් මැද කුණුහරුප, ගල් පැලෙන බොරු එහෙම උන්ට කියන්න පුලුවන්. වහල් කමත් තමාම හදා ගන්න එකක් නිසා තමයි මම ඒක හැඳින්නුවේ නතු කර ගත් නිදහස් චින්තන ශක්ති ඌනතා සහලක්ෂණය කියලා. ඒ කියන්නේ තමාගේ නිදහසේ හිතන්න පුලුවන් ශක්තිය නැති කර ගැනීමේ ලක්ෂණ කියන එකයි. මෙහෙම එවුන්ට තමන්ට හොඳයි කියලා හිතන එකා කියන, කරන ඕනම දෙයක් වටිනවා, ඒවා තමයි හරි. ඊට විරුද්ධවන අයව පේන්නේ තමන්ගේ සතුරන් වගේ. උන්ව මරන්න වුනත් ලෑස්තියි. ලොක්කා අසූචි ගොඩක් මැදින් කැවුමක් තියලා මේ කැවුම කාපන් කිවුවාම ඌට පේන්නේ අර කැවුම විතරයි. ඌ ඒක ඇරලා දාලා ඒකේ රස ගැන වර්ණනා කරනවා. වටේ තියෙන්නේ අසූචි කියලා කවුරු හරි කිවුවොත් ඌත් එක්ක මරා ගන්න යනවා. ඒ වගේම ලොක්ක අද යමක් හොඳයි කියලා හෙට ආයිමත් ඒකම පෙන්නලා නරකයි කිවුවොත් ඒක ඉස් මුදුනින් පිලි ගන්නවා. ඇයි උතුමාණනි ඊයේ කිවුවේ ඔහොම නෙවෙයිනේ කියන්න තරම් හයියක් නෑ වගේම එහෙම හිතෙන්නෙත් නෑ මේ වහල් රෝගය හැදුනාම. ඒ විතරක් නෙවෙයි බඩේ බෝම්බයක් බැඳ ගෙන ගිහින් කවුරු හරි මරන්න කිවුවොත් ඒකත් කරනවා. මේ රෝගය ඒ තරම්ම භයානකයි. ඇත්තටම උන්ව දකින කොට හරිම දුක හිතෙනවා බං.
ඒඩ්ස් හැදෙන්නේ ඇඟට ඇතුල් වෙන එච් අයි වී කියන විෂබීජයකින්. ඒක ඇතුල් වුනාම ටිකෙන් ටික අර ප්‍රතිශක්තිය විනාශ වෙනවා. බෙහෙත් ගත්තේ නැත්නම් ඒඩ්ස් තත්වයටම ගිහින් විනාශ වෙනවා. ඒ නිසා අපි කරන්න පුලුවන් හැම දෙයක්ම කරනවා අනිත් අයට මේක බෝවෙන එක නවත්ත ගන්න. එහෙම නැති වුනොත් ඒකෙන් යම් දවසක මුලු රටම නැති වෙන්න පුලුවන් නිසා.
වහල් කම ඇති වෙන්නෙත් අර වගේම විෂබීජ වලින්. හැබැයි ඒවා ඇතුල් වෙන්නේ ඔලුවට. ඒවා තමයි ආගම, ජාතිය, කුලය කියන දේවල්. සමහරුන්ට මේ සේරම ඇතුල් වෙන්න පුලුවන්. සමහරුන්ට එකක් හරි දෙකක් හරි ඇතුල් වෙන්න පුලුවන්. මේවා ඇතුල් වෙලා වැඩි දියුණු වුනාම අර නිදහසේ හිතන්න, කතා කරන්න, වැඩ කරන්න තිබුන ශක්තිය නැතුව යනවා. ඊට පස්සේ තමන් විනාශ වෙනවා විතරක් නෙවෙයි වෙනත් අයටත් බෝ කරලා උනුත් විනාශ කරනවා. අන්තිමට රටම විනාශ වෙනවා. රටේ වැඩි දෙනෙකුට මේ ලෙඩේ හැදුනාම නොහැදිච්ච එවුන්ටත් ඉන්න වෙන්නේ අරුන්ට ඕන විදියටයි. ඒ නිසා දැනට ලෙඩේ හැදිලා නැති අයට ලොකු වග කීමක් තියනවා අනිත් එවුන්ට මේ ලෙඩේ හැදෙන එක නවත්ත ගන්න. ඒ වගේම පුලුවන් ට්‍රයි එකක් දාන්න හැදිච්ච එවුන්ගේ රෝග තත්වය වැඩි වෙන්න නොවී තියා ගන්න බෙහෙත් දෙන්න. මොලේට. ඒත් මේ වෙන කොට ලෙඩේ පැතිරෙන තරම් වේගයකින් බෙහෙත් කිරීමක් වෙන්නේ නෑ.
මේ රටේ ඒඩ්ස් පැතිරීම වලක්වන්න අපි අවුරුදු විස්සකට වැඩි කාලයක් සෑහෙන වෙහෙසක් ගත්තා. මුල් කාලයේ ඒකට නොබියව නායකත්වය දුන් අය අදට ජීවතුන් අතර නෑ. නමුත් අද වෙන කොට ඒඩ්ස් පැතිරීම පාලනය කර ගෙන තියෙන්නේ ඒ අය මූලිකත්වය ගත්ත නිසායි. නමුත් ඔවුන් ඒ ජයග්‍රහණය දකින්න ජීවත් උනේ නෑ. ඉතින් පසුව ඒකට නායකත්වය දුන්න මම හරි මට පස්සේ හිටපු කෙනෙක් හරි කියනවා නම් මම තමයි ඒක කරේ කියලා ඒ තරම් ජඩයෙක් තවත් නෑ. හැබැයි වහලුන් ඒ කියන දේවල් විශ්වාස කරණවා. ඒක තනි මිනිහෙකුට කරන්න බැරි බවත් අවුරුදු හතරකින් පහකින් කරන්න බැරි බවත් ඒක සාමූහික වෑයමක ප්‍රතිපලයක් බවත් තේරුම් ගන්න උන්ට බෑ අර වහල් බව නිසා.
ඒඩ්ස් පාලනය කිරීම ජයග්‍රහණය කලා වගේ වහල් බව පාලනය කර ගන්නත් වර්තමානයේ ඉන්න වහල්ලු නොවන අය දායක වීම අත්‍යවශ්‍ය වෙනවා. ඒක කරන්න නම් අර ආගම්, ජාති, කුල කියන විෂබීජ මිනිසුන්ගේ ඔලු වලට ඇතුල් වෙන එක වලක්වන්න වෙනවා. ඒ නිසා හැමෝගේම වගකීමක් වෙනවා තමන්ගේ දරුවන්ගේ ඔලු වලට මේවා ඇතුල් වෙන එක වලක්වන්න. ඒක ඔවුන්ගේ වයස 15 දී විතර ඉඳලාවත් පටන් ගත්තොත් 18 වෙන කොට දැනුමෙන් සන්නද්ධ කරන්න පුලුවන්. ඒක එහෙම කලොත් මොනම වහල් හිමියෙකුටවත් උන්ගේ වහලෙකුට වත් දරුවන්ව ගොනාට අන්දන්න බෑ. එතකොට මේ රටේ වහලුන් බෝවීම අවම කර ගෙන රට දියුණු කර ගන්න පුලුවන්. හැබැයි සමහර විට ඒ වෙන කොට අපි සමහරක් ජීවත් නොවෙන්නත් පුලුවන්. කාලයක් යන කොට අපි කරපු දේවල් අමතක වෙලා යන්නත් පුලුවන්. හරියට අද වෙන කොට මහත්මා ගාන්ධිව ඉන්දියාවේ වර්තමාන පරම්පරාවට අමතක වේගන යනවා වගේ.
මොකද කියන්නේ ගාන්ධි කෙනෙක් වෙන්න ට්‍රයි එකක් දෙමුද.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී