මම කිවුවානේ අර මගේ යාලුවෙක් ඉන්නවා කියලා ඉස්ලාම් ආගම අදහන. මෑන් ඕලෙවල් ලියලා තියෙන්නේ සිංහලෙන්. ඒ වගේම සිංහල වලටයි, බුද්ධාගමටයි ඩී පාස් තියනවාලු. මම මෑන්ගෙන් ඇහුවා මට ඉස්ලාම් ගැන ටිකක් කියලා දෙන්න කියලා. මගේ ලිස්ට් එකේ ඉන්න ඉස්ලාම් ෆ්‍රෙන්ඩ්ස් ලාගෙන් මම ඉල්ලනවා මේකේ වැරදි එහෙම නැත්නම් එකතු වෙන්න තියන දේ තියනවා නම් කමෙන්ට් කරන්න කියලා. පහලින් ලියන්නේ මම දැන ගත් දේ. ඒ ගොල්ලා විශවාස කරන විදියට සදාකල් පැවැත්මක් තියෙන්නේ දිව්‍ය ලෝකයේ පමණයි. මනුස්ස ලෝකේ ගෙවන්නේ තාවකාලික ජීවිතයක්. ඒ වගේම මරණයෙන් පස්සේ එකම එක් වරක් උපදිනවා.ඒ ස්වර්ගයේ හරි අපායේ හරි. ඒ වගේම ඉන්නේ එකම එක මැවුම් කරුවෙක් creator පමණයි. කාලයක් යනකම් පැවතිලා තියෙන්නේ දිව්‍යලෝකය පමණයි. ඒත් මේ ලෝකය, ගහ කොල, සතුන් මැවුම් කරු විසින් මවා තියෙනවා. දවසක් දිව්‍ය ලෝකයේ සිට ආදම් සහ ඒව මේ ලෝකයට යම් කටයුත්තකට මැවුම් කරු විසින් එවා තියනවා. ඒ එවන කොට උපදෙස් ඒ ගොල්ලා කියන විදියට කමාන්ඩ්ස් commands වගයක් දීලා තියනවා. නමුත් ආදම් සහ ඒව ඒ කමාන්ඩ්ස් පිලිපැදලා නෑ. තහනම් ගහේ ගෙඩි කාලා තියනවා. ඒකට දඬුවමක් ලෙස ඔවුන් නැවත්තත් දිව්‍යලෝකයට බාර ගෙන නෑ. මෙ...
Comments
Post a Comment