පිරජාතන්තර වාදය


මම මීට කලින් ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලියපු පෝස්ට් වලදී කිවුවා 1931 දී ඩොනමෝර් ව්‍යවස්ථාව  යටතේ අපේ රටේ අයට පලමු වතාවට චන්ද අයිතිය ලැබුනා කියලා. ඒ අනුව පත් වුනු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නායකයා වුනේ ඩී බී ජයතිලක එයා 1931 ඉඳන් 1942 වෙන කම් හිටියා. ඊට පස්සේ ඩී එස් සේනානායක මහත්තයා 1947 වෙනකම් ඉඳලා  1947 දී සෝල්බරි ව්‍යවස්ථාව යටතේ පැවැති තිබිච්චි මැතිවරණයෙන් පස්සේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නම වෙනස් වුනා පාර්ලිමේන්තුව හැටියට. ඒ අනුව ඒකේ නායකයා අගමැති හැටියට වෙනස් වුනා. ඊට පස්සේ 1948 දී නිදහස ලැබුනාට පස්සේ නිදහස්  ලංකාවේ පලවෙනි අගමැති විදියට හැඳින්වුනා. ඒත් ලංකාවේ නිදහස් චන්දයෙන් පත් වෙච්චි පලවෙනි රාජ්‍ය නායකයා ඩී. බී. ජයතිලක මහත්තයා වගේම ඊලඟ නායකයා ඩී එස් සේනානායක මහත්තයා. 1946 දී එතුමා  හදපු එක්සත් ජාතික පක්ෂය හදපු හැටිත් බණ්ඩාරනායක මහත්තයා 1951 දී කෑල්ලක් කඩා ගෙන ගිහින් එතෙක් එයා නායකයා වෙලා හිටපු සිංහල මහා සභාව වෙනුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදලා මේ රටේ ජාතිවාදයටත් ඒ වගේම අද තියෙන සේරම ප්‍රශ්න වලටත් අඩිතාලම දාපු හැටිත් ඊට පස්සේ 1956 දී බලයට පත් වෙලා රාජ්‍ය භාෂාව සිංහල පමණයි  කියන නීතිය ගෙනැල්ලා ඒ මගින් පලවෙනි දෙමළ නැගිටීම ඇති කරපු හැටිත් 1958 දී ඔහු ඒ ජාතිවාදය නිසාම භික්ෂුවක් යයි කියා ගත් අයකුගෙන් මැරුම් කාපු හැටිත් මම ඒ පෝස්ට් වල කිවුවා.

මම භික්ෂුවක් යයි කියලා කිවුවේ ඒ වෙඩි තැබීම කෙරුවේ සෝමාරාම කියන භික්ෂුවද එහෙම නැත්නම් තට්ටය ගාගෙන හිටපු ඔසී කොරෙයා කියන කෙනා භික්ෂු වේශයෙන් ඇවිද්ද කියන එක ගැන ඒ කාලේ ලොකු සැකයක් තිබුන නිසයි. බණ්ඩාරනායක මහත්තයාත් වෙඩි කාලා වැටිලා කියා තියෙන්නේ සිවුරක් ඇඳ ගත් කෙනෙක් මට වෙඩි තිබ්බා කියලා මිසක් තමන් හොඳින් දැන ගෙන හිටි සෝමාරාම වෙඩි තිබා කියලා නෙවෙයි. මම මේවා දැන ගත්තේ පසු කාලීනවයි මොකද මම ඔය කාලේ අවුරුදු තුන හමාරක විතර ගැටයෙක් නිසා. ඒත් මට යන්තම් මතකයි අපේ ගෙදර ලඟින් ගියපු කෙනෙක් අපේ අම්මාට කිවුවා අගමැති තුමා මැරිලා කියලා. පස්සේ කාලේක මම මෙඩ්ඩා වෙලා හතරවෙනි අවුරුද්දෙදි දොස්තර ඇන්තනීස් මහත්තයා හම්බ වුන වෙලාවේ මුලින්ම අහපු ප්‍රශ්නය වුනේ ඕකයි. මොකද එතුමා තමයි බණ්ඩාරනායක මහත්තයාගේ ඔපරේෂන් එක කරලා තිබුනේ. එයා පස්සේ බණ්ඩාරනායකට කිවුවාම දිව දාන්න එලියට කියලා බණ්ඩා දිව පෙන්නලා ඇහුවාලු එහෙනම් දොස්තර මහත්තයා මගේ දිවත් බලා ගත්තා නේද කියලා. මොකද ඒ කාලේ එතුමා ප්‍රසිද්ධ වෙලා තිබුනේ ආසියාවේ රිදී සීනුව කියලා.  මම ඇහුවාම අර වෙඩි තැබීම ගැන  ඇන්තනීස් මහත්තයා කිවුවා එයාට කිවුවෙත් සිවුරක් ඇඳපු මෝඩ මිනිහෙක් මට වෙඩි තිබ්බා කියලා.

පස්සේ ඒ වෙන කොට බණ්ඩාරාරනායක මහත්තයාම නවත්තලා තිබුන මරණීය දණ්ඩනය ආයිත් බල සහිත කලා සෝමාරමව එල්ලන්න. නඩුවේ ප්‍රධාන විත්ති කාරයා වුනු ඒ කාලයේ කැළනිය විහාරයේ අධිපති වුනු බුද්ධරක්කිත හාමුදුරුවෝ ජීවිතාන්තය දක්වා හිරගෙට නියම වෙලා ඉන්න අතරේ 1967 දී දවසක් කියලා තියනවා මම ලබන සතියේ බණ්ඩාරනායක මහත්තයාගේ මරණය ගැන රහසක් එලි කරනවා කියලා. ඒත් ඊට දින කීපයකට පස්සේ ඔහු හිර කූඩුව ඇතුලෙම මැරුනා. රජයෙන් කිවුවේ පපුවේ අමාරුවකින් මැරුණා කියලයි. ඒත් ඒ ගැන ඒ කාලේ නොයකුත් කට කතා තිබුනා මට මතකයි.

කොහොම හරි 1948 දී නිදහස් ලංකාවේ මුල්ම අගමැති වුනු ඩී එස් සේනානායක මහත්තයාට බුද්ධිය තිබුනා මේ රට දියුණු කරන්න ඕන කෘෂිකර්මය මගින් කියන එක තෙරුම් ගන්න. මොකද පණ්ඩුකාභය රජ තුමා බසවක්කුලම වැව හදලා අඩිතාලම දාපු කෘෂිකර්මාන්තය සුද්දා රට අල්ලා ගන්නා තුරුම තිබුනා. අපේ හොඳම කෘෂිකර්මය තිබුනේ ඉතාම සරු පසක් තිබුණු ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ. වෙල් ලක්ෂයක් තිබුන නිසා තමයි වෙල්ලස්ස කියන නම ඒ ප්‍රදේශයට ලැබුනේ. 1818 දී පටන් ගත්ත කැරැල්ලට ලොකුම දායකත්වය ලැබුනේ ඌව වෙල්ලස්සෙන් නිසා ඒක තේරුම් ගත්ත සුද්දා ඒක ආයිත් ඇතිනොවෙන්න එහේ තිබුණු ගොවි බ්ම් සේරම විනාශ කරලා අවුරුදු 18 වැඩි සියලු දෙනා මරලා දැම්මා. අපට පාන් කන්න පුරුදු කලා උන්ගේ රටින් ගෙනාපු තිරිඟු පිටි වලින් හදපු.

1948 දී අපේ රට තමයි ආසියාවේම දියුණු රට වුනේ. අපේ ඒක පුද්ගල ආදායම  ඩොලර් 89 ක් ව තියෙද්දී පලවෙනි තැන තිබුනේ ඩොලර් 90 ක් වුනු ජපානයට. ඒකයි සිංගප්පූරුවේ ලී ක්වාන් යූ කිවුවේ එයාට සිංගප්පූරුව ලංකාවක් කරන්න ඕන කියලා. ජේ ආර් 1977 දී කිවුවා එයාට ලංකාව සිංගප්පූරුවක් කරන්න ඕන කියලා. අද ජපානයේ ඒක පුද්ගල ආදායම අවුරුද්දකට ඩොලර් 40000 අපිට 4000 ඉන්දියාව 6500.

1948දී නිවැරදි දැක්ම තිබුණු දීඩී එස් සේනානායක මහත්තයා මේ රට කෘෂි කර්මාන්තයෙන් දියුණු කරන්න හැම දෙයක්ම කලා. උතුරු මැද ප්‍රදේශ වල ජලාශ හදලා එතුමා කරපු සේවය අති විශිෂ්ඨයි. එතුමාගේ පුත් ඩඩ්ලි සේනානයකත් ඒ අඩි පාරේම ගිහින් මහවැලි ව්‍යාපාරය පටන් ගත්තා. 1070දී ආපු සිරිමාගේ රජය ඒක පස්සට ඇරියා දේශපාලන හේතු මත. ඒ වුනත් ඩබල් ඩොක්ටර් කියලා හැඳින්වුනු එන් එම් පෙරේරා මහත්තයා නොයෙක් තහංචි දාලා වියදම අවම කරලා රට දියුණු කරන්න ලොකු වැඩ පිලිවෙලක් කලත් අපේ උන්ගේ බඩජාරි කම ඊට වැඩි වුන නිසාත්, 1973 දී ඩඩ්ලි සේනානායක මහත්තයා මිය යාමත් එක්ක ආපු ජේ ආර් ඇට අටක් නිකම් දෙනවා කියලා අර බඩජාරීන්ව උසි ගන්නපු නිසාත්ඒ කාලේ මිනිස්සු  මෝඩ පුතා කියලා ආදරේට හඳුන්වපු අනුර ජේ ආර්ගේ ලණු කාපු නිසාත් සිරිමා 1975 දී එන් එම් මුදල් ඇමති කමින් අයින් කලා. ඒ එක්කම සියලුම වාමාංශික දේශපාලකයන් සමගි පෙරමුණෙන් අයින් වුන නිසා ජේ ආර්ට පුලුවන් වුනා 1977 දී 5/6 බලයක් අරගෙන මේ රට විනාස කරපු විවෘත ආර්ථික ක්‍රමය ඇති කරන්න. විවෘත ආර්ථික ක්‍රමය නිසා දිවුණු වුනු රටවල් තියනවා. ඒ  රටවල් ආර්ථිකය විවෘත කලේ යම් යම් නීති වලට යටත්ව සීමාවල් තුල. ඒත් ජේ ආර්  සේරම විවෘත කලා හරියට ගණිකාවක් වගේ. මෑන් අපේ බඩජාරීන්ට පොරොන්දු වෙච්ච හැටියට ණය වෙලා හරි ආතල් ගන්නයි ඒක කලේ. 70-77 කාලේත් 77 ට පස්සේ කාලේත් අහසට පොලොව වගේ පෙන්නන්න තමයි මෑන්ට ඕන උනේ. ඒකනේ අර මගේ දොස්තර යාලුවෙක් ඇහුවේ සිරිමාගේ කාලේ කොහේද බං මේ සල්ලි තිබුනේ කියලා.
1973 දී ඩඩ්ලි සේනානායක මහත්තයා මිය නොගියා නම් අපේ රටට මේ විපත්තිය නොවෙන්න ඉඩ තිබුනා. මොකද එයා 1970 චන්දෙදි කවදාවත් ජේ ආර් වගේ මිනිසුන් මුලා කරන බොරු නොකියන නිසා එයාට කවදාවත් 5/6 ක් තියා 2/3 ක් වත් ගන්න බැරි වන නිසා. එහෙම වුනා නම් විවෘත ආර්ථිකයක් එන්නෙත් නෑ. ඒ වගේම කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝශිත වෙනවා. ඒ වගේම මට හිතෙනවා 1977 දී ජේ ආර් වෙනුවට ප්‍රේමදාස මහත්තයා අගමැති වුනා නම් සමහර විට දුප්පත් මිනිහාට ලොකු සේවයක් කරාවි කියලා ඇඟලුම් කර්මාන්ත ජනසවිය වගේ. ප්‍රේමදාස කිච වුනේ අවුරුදු දොලහක් ජේ ආර් විනාස කරපු දෙකොනම පත්තු වෙච්චි විලක්කුවක් වගේ තිබුණු මේ රට බාර ගත්ත නිසයි.
මම දවස් දෙක තුනකට ලන්ඩන් වලට යනවා එහේ ඉන්න නෑදෑ හිතවතුන් බලන්න. ඒ නිසා දවස් තුනක් හතරක් එෆ් බී එකෙන් අයින් වෙන නිසා බොලාට කරදරයක් නැති වෙයි.

මේකේ ඉතුරු ටික ගිහින් ඇවිත් දාන්නම්.

Comments

Popular posts from this blog

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී