මම පහු ගිය පෝස්ට් දෙකකින් කිවුවා අපේ රටේ මිනිස්සුන්ට තමන්ගේ වැරදි ජීවන රටාව හා ආහාර රටාව නිසා පසු කාලීනව ලෙඩුන් බවට පත් වෙලා නිරෝගී බව යදින බව. මේ රෝගී බවට පත්වීම පටන් ගන්නේ හුඟාක් තරුණ වයසේදී පටන් ගන්න බව මම අර සීමන්ලාට කරන ලේ සහ අනිකුත් පරීක්ෂණ වලින් දැකලා තියන බවත් ඒ කාලයේදී රෝග ලක්ෂණ නැති නිසා උන් තමන් නිරෝගී කියලා හිතා ගෙන ඉන්න බවත් කිවුවා. ඒ වගේම හුඟ දෙනෙකුට අනුන්ට වෙන දේ දැකලාවත් පාඩමක් ඉගෙන ගන්න තරම් ප්‍රඥාවක් නැති බවත් කිවුවා. උන්ට රෝග හැදෙන එක වලක්වන්න අපිට තියන රුදාවෙන් 50% ක් වත් තියනවා නම් කොච්චර හොඳද. මේ නිසා තමයි බෝ වන රෝග වැලැක්වීම අතින් අපි ලෝකයේ ඉදිරියෙන්ම හිටියත් බෝ නොවන දිය වැඩියාව, හෘද රෝග, අක්මා රෝග, මානසික රෝග,අධි රුධිර පීඩනය වගේ ඒවා වැලැක්වීම අතින් පිටි පස්සෙන් ඉන්නේ. ඒ නිසා තමයි පුද්ගලික අංශය මේකට අත ගහන්නේ නැත්තේ. උන් අත ගහන්නේ ලෙඩ වලින් සල්ලි හම්බ කරන්නයි. බොලාගෙන් එකෙකුට පපුවේ අමාරුවක් හැදුනාම කවුරුවත් කියන්න ඕන නෑ ගිහිං ප්‍රථිකාර ගනින් කියලා. මරණ බයට චූත් හලාගෙන තමයි ඉස්පිරිතාලේට දුවන්නේ. හැබැයි ඌට ඒක හැදෙන එක වලක්ව ගන්න අපි කොච්චර කිවුවත් ඌ අහන්නේ නෑ. ඒ නිසා තමයි පුද්ගලික රෝහල් හිටු කියලා අයිසීයූ හදන්නේ, හෘද සැත් කම් කරන්න ඔපරේෂන් කාමර හදන්නේ. ඒ පුද්ගලික රෝහල් හෘද රෝග වලක්වන්න කිසිම දෙයක් කරන්නේ නෑ. හුඟාක් හෘද රෝග වෛද්‍ය වරුත් එහෙමයි. අතරින් පතර ඉන්නවා ගාමිණී රණසිංහ,නාමල් ගමගේ වගේ එහෙම නොවෙන අයත්.
මේ බීමත් කම සිගරට් වලට, අහිතකර ආහාර වලට පුරුදු වුනු කෙනෙකුට ඒකෙන් ගැලවෙන්න අමාරුයි. හොඳට හිතේ ගැම්ම තියන අයට තමයි පුලුවන්. මම කියන්නේ ලෙඩ හැදෙන්න කලින්. හැදුනා පස්සේ හුඟ දෙනෙක් ඒවා සේරම නතර කරනවා මරණ බය නිසා. අනිත් වෙලාවල ඉන්නේ මැරෙන්නේ නෑ කියලා හිතා ගෙන නේ. මැරෙන්න පටන් ගන්නේ උපන්දා ඉඳලා කියන එක හිතේ නෑ. ඉතින් මුලින්ම හිත තද කරගෙන ඕවා නතර කෙරුවත් ඒවාට යටි හිතේ ආසාව තියන. බොන්න පුරුදු වෙලා නවත්තපු එකෙකුත් කවදාවත් බීලා නැති එකෙකුත් අතර තියන වෙනස් කමක් තමයි ඒක. කවදාවත් බීලා නැති එකා ඇරලා තියන බෝතල් සීයක් මැද උනත් ඉඳියි කිසිම ගානක් නැතුව. හැබැයි පුරුදු වෙලා නවත්තපු එකාට තැබෑරුමක් ලඟින් යන කොටත් හිත මෙවුවා වෙනවා. මෙහෙම වෙන්නේ අර හිත ඇතුලේ හැංගිලා තිබුණු ආසාව නිසා. මර කලින් වතාවේ අර වේලිච්ච රෙද්දකුත් වේලිච්ච ඉටි රෙද්දකුත් අරගෙන කිවුවා බොලාට මතක ඇති වතුර නැති වෙලාවට දෙකම වේලිලා තිබුනත් රෙද්දේ තෙමුනොත් වතුර උරා ගන්න ගතිය තියනවා කියලා. මම කිවුවා ධර්මයේ මේකට කියන්නේ ආසාවල් අනුසය වශයෙන් තියනවා කියලා. තැබෑරුම ලඟින් යන කොට හරි බොන එවුන් ඉන්න තැනක ගියාම හරි අර ආසාව මතු වෙලා බොන්න හිතෙන එකට ධර්මයේ කියන්නේ පරිඋට්ඨානය වෙනවා කියලායි. සමහරුන්ට එහෙම වෙලාත් ඒ වගේ තැන් වලින් මග ඇරලා යන්න පුලුවන් හොඳ චිත්ත ශක්තියක් තියනවා නම්. නැති එකා අර හැඟීමට ගොදුරු වෙලා බොනවා. මේකට ධර්මයේ කියන්නේ වියතික්‍රමණය වුනා කියලා. ඒ කියන්නේ ශාරීරිකව ඒ දේ සිද්ධ වුනා. ශරීරයට හානියක් වුනා. පරිඋට්ඨාන අවස්ථාවේදී වරද උනේ හිතින් විතරයි. ඒත් වියතික්‍රමණ මට්ටමේදී වැරැද්ද හරි පව හරි ශාරීරිකව සිද්ධ වුනා. පව සම්පූර්ණ වුනා.
ඒ නිසා මම මගේ ලඟට එන වුන්ට කියන්නේ හිති බිවුවාට කමක් නෑ, කටින් බොන්න එපා කියලා. බොලාට කියන්න එහෙම කිවුවා දවසක් එකෙක් කියනවා ඌ දැන් සම්පූර්නයෙන්ම බීම අත ඇරලාලු කටේ වත් තියන්නේ නැතිලු. හැබැයි උගේ හුස්ම වල හොඳට ගඳ එනවා. මම JMO ඔෆිස් එකේදී බීපු එවුන් හොඳට බලලා තියන නිසා උගේ ලුණු ගොරකා මදි මාව තම්බන්න. මම ඇහුවා එහෙනම් ඊයේ බීලා තියෙන්නේ කටින් නෙවෙයි බුරියෙන් වෙන්න ඇති නේද කියලා. ඌ අර බොරුව කිවුවේ මම ඌව මෙඩිකල් එකෙන් ෆේල් කරයි කියලා. ඔන්න බං පොරවල් වල හැටි. මෙඩිකල් එක කරගන්න ආවෙත් වියතික්‍රමණය වෙලා.ශක්තියක් නෑ පරිඋට්ඨාන මට්ටමෙන් නවතින්න.
ඕක හොඳට පැහැදිලි වෙනවා අපේ අමරදේව මහත්තයාගේ කුමරියක පා සලඹ සැලුනා කියන සිංදුවෙන්. ඒකේ කියන්නේ සිල් රකිමින් හිටි පිරිමියෙකුට අනුසය වශයෙන් තිබුණු කාමාශාව පරිඋට්ඨානය වුනු හැටිත් // කුමර බඹසර අසපුවේ මා සම වැඩී උන් දැහැන් මිදුනා// පොර කොහොම හරි ඒක එතනින් එහාට නොගිහින් නවත්ත ගත්ත හැටිත්. අර ගෑනි එනවා දැක්කම හිතේ කුපාඩි කම ඇතිවෙලා හිතෙන් ඒකිගේ ඇඳුම් ගැලෙව්වාම //විවර කෙරුවා මනස් සලෙලුන් උමතු වූ දෙනුවන් රැහැන් ඇද//උගේ ඉස්සරහා යාමයයි තුසිතයයි කියන දිව්‍ය ලෝක මැවිච්චි හැටි //මා අභියස මැවුණු තුසිතය සුරන් නැලැවූ සු යාමය//. නමුත් ඌ එයින් එහාට යන්නේ නැතුව කොයි තරම් හිත ඇතුලෙන් කලබල කරත් //හැඟුම් ගජසෙන් යදම් බිඳ හැර තලා සිඳ කම්පනය කරවයි ලපලු තුරු වැල් කැකුලු මල් පෙති// වියතික්‍රමණ මට්ටමට නොගියපු හැටි. ඒකෙන් ප්‍රශ්නයක් නෑනේ බොලල්ලා. කාටවත් වැරැද්දක් වුනේ නෑනේ. හැබැයි ඌට පොඩි දුකකුත් තියෙනවා මොකුත් කර නොගත්තාට // මා හඬවයි බිඳුණු තුසිතය සුරන් නැලැවූ සු යාමය//
එහෙම බලනවා නම් අපේ පොරවල් ඉස්සරහා දවසකට කීපාරක් යාමය තුසිතය මැවෙනවා ඇද්ද. පාරෙදි බස් එකේදි එහෙම. මනස් සලෙලුන් කී දෙනෙකුගේ සලු පිලි ගලවනවා ඇද්ද. ඒත් කාටවත් පුද්ගල හානියක් නෑ නේ. අන්න එහෙම ඉන්න පුරුදු වෙයල්ලා ඔය හැම පුරුද්දකදීම. පුලුවන් නම් මෙල් ගිබ්සන් ඉන්න What women want කියන පිචැර් එකත් හොයා ගෙන බලපල්ලා පරිඋට්ඨාන වෙන හැටි.
මම කියාගෙන ආවේ තන්තු එහෙම නැත්නම් කෙඳි තියන ආහාර ගත්තාම අපට තියන වාසි. මම කිවුවා ඒ කෙඳි දිරවන්නේ නැති නිසා ඒවා මළ හැටියට පිට වෙනවා කියලා. ඒ වගේම ඒවාට වතුර උරාගෙන පිම්බිලා ලොකු බල්ක් එකක් හැදිලා බඩ වැල් වල බිත්ති පිහ දාගෙන වගේ යනකොට ඒ බිත්ති වල රැඳිලා තියන විෂ ද්‍රව්‍ය, පිලිකා කාරක වගේ දේවලුත් ගහ ගෙන යනවා කියලා. ඒ වගේම මුලු බඩවැල් බිත්ති වලට එක සමාන පීඩනයක් එහෙම නැත්තම් ප්රෙශර් එකක් යෙදවෙන නිසා අර නෙරා යාම් ඇති වෙලා ලෙඩ හැදෙන්නේ නෑ කියලා. වාහන වල උනත් දුම එක්ක තෙල් ටිකක් එන ඒවායේ සයිලන්සර් එක දිරන්නේ නෑනේ ලෙසියෙන්. ඒත් දුම විතරක් එන ඒවායේ ඒක ඉක්මනට දිරනවා. ඒ කාලේ මගේ තිබුනු හැම නිසාන් කාර් එකකම ඔය සයිලන්සර් ප්රශ්නේ තිබුනා. ඒත් මිට්සුබිෂි කාර් තිබිච්ච එවුන්ට ඒ ප්රශ්නේ තිබුනේ නෑ. උන්ට තිබුනේ ඇන්ජිමට තෙල් ටිකක් දාන්න එකයි අඩු වෙන කොට. නිසාන් එකට තෙල් දාන්න ඕන නෑ හැබැයි සයිලන්සරේ දාන්න ඕන . ඒක පාඩුයි.
කෙඳි තියන ආහාර ගැන්න එකේ තව ලොකු වාසියක් තමයි ඒවා ගොඩක් වෙලා හපන්න ඕන නිසා වෙලාව ගත වෙනවා කන්න. මේ නිසා ටිකක් කැවෙන කොටම ආහාර තෘප්තිය එන නිසා අඩුවෙන් කැවෙන්නේ. හුඟාක් එවුන්ගේ තඩි බඩවල් තියෙන්නේ ඔය හේතුව නිසායි. උන් ෆ්රයිඩ් රයිස් වගේ ඒවා කනවා නෙවෙයි බොනවා. මොකද ඒ හාල් වල නිවුඩ්ඩ නැතිසා බොන ගානට කන්න පුලුවන්. ඒ නිසා තමයි විශේෂයෙන්ම දියවැඩියා රෝගීන්ට දොස්තරලා උපදෙස් දෙන්නේ කෙඳි තියන ආහාර ගන්න, නිවුඩු හාල් කන්න කියලා. ඒකෙන් කන ප්රමානය අඩු වෙනවා වගේම කෑම වල තියන පිෂ්ටය සීනි බවට හැරිලා ඇඟට උරා ගන්න එකත් ස්ලෝ වෙනවා. එතකොට ලේ වල සීනි ඉක්මනට නගින්නේ නෑ. ඒ වගේම ඇඟට කොලෙස්ටෙරොල් උරා ගන්න එකත් මේ කෙඳි තියන ආහාර නිසා අඩු වෙනවා. නමුත් දියවැඩියාව හැදෙන කම් ඉන්න ඕන නෑ ඊට කලින්ම මේවාට පුරුදු උනාම ඔය ලෙඩ හැදෙන්නේ නෑ. අද අපි වගේ රට වලට ලොකු ප්රශ්නයක් වෙලා තියන තරබාරු කමට මේක හොඳ විසඳුමක්. ඒත් කරුමේ කියන්නේ අපේ සල්ලි තියන එවුන්ට කනවා ඇරෙන්න වෙන දෙයක් නෑනේ. හොඳට අහගෙන හිටියොත් උන් කතා කරන්නේ අහවල් හෝටලේ කෑම වල රස ගැන. අපේ එකෙක් ඉන්නවා මගේ වයසේ හම්බ උනොත් කතා කරන්නේ ගිය සතියේ ගිහින් කාපු තැන විස්තර. "මචං එතන අපි තුන් දෙනෙකුට කන්න ගියේ දහාට දාහයි. බ්ලඩි චීප් කියලා. බලපල්ලා එකාට හයදාහ ගානේ අරගෙනත් ඌට බ්ලඩි චීප්. මට නම් තිස් පහට තිබිච්ච ඤානකතා එක හතලිහක් කරාම මුදලාලියාව කන්න හිතෙනවා. කන කෑම බ්ලඩි චීප් උනාට උගේ බඩ නම් බ්ලඩි බිග්. මම හිතන්නේ ඌ අවුරුදු විසි පහකින්වත් උගේ ජුන්ඩාව දැකලා නැතුව ඇති කණ්නාඩියකින් මිසක්. දියවැඩියාව, පපුවේ අමාරු, කොලෙස්ටෙරෝල් සේරටම බෙහෙත් බොනවා. මම මේ බොලාට කියන කිසිම දෙයක් ඌට කියන්න යන්නේ නෑ. ඌට කියනවාට වඩා හොඳයි මගේ කට කකුස්සි කටක අතුල්ල ගන්න එක. අම්මපා. නැද්ද හා.
ගමේ අවුරුදු දහ අටක් විතර ජීවත් වුනු මම පුරුදු වෙලා තිබුනේම අපේම කුඹුරු වලින් ලැබුනු තනි රතු කැකුලු හාල් බත් වලටයි. ඒ වගේම දකුණු පලාතේ කිරි බතුත් දුඹුරු පාටයි. මම මුලින්ම කොලඹ ඇවිත් තමයි සුදු කිරබත් දැක්කේ. ඒ වෙලාවේ ඇතිවුනු අප්රිඅය් කම තාම තියනවා. ඒ කාලේ අපේ ආත්තම්මලා කවදාවත් එලවලු සල්ලි ව්ලට ගත්තේ නෑ. උදේ දහයට විතර මල්ලකුත් අරන් වත්ත වටේ ගිහින් පැය බාගයක් යන කොට පලා, ගහල හරි ඉන්නල හරි අල, අලු කෙසෙල්, දෙහි, අමු මිරිස්, පොලොස් වගේ ඒවා අරගෙන ඇවිත් උයනවා. ඒවා කන මිනිස්සු ගෑනු මහත් උනේ නෑ. අපේ ආත්තම්මාට දරුවන් හය දෙනෙක් ඉඳලාත් බඩ නෙරලා තිබුනේ නෑ. අවුරුදු අනූඅටක් ජීවත් උනා කිසිම ලෙඩක් තිබුනේ නෑ. කෑමත් ඒ වගේම ගෙදර වැඩ කරන කොට ලැබෙන ව්යායාම නිසා ඒ අය මහත් උනේ නෑ.හාල්, පිටි කොටන කොට, ඒවා කුල්ලේ දාලා පොලන කොට, මිරිස් ගලේ අඹරන කොට, බිම වාඩි වෙලා පොල් ගාන කොට ඒවා මිරිකන කොට, කුරක්කන් ගලේ අඹරන කොට, රෙදි හෝදන කොට, ඒවා ගලේ ගහන කොට මිරිකන කොට, කොටින්ම ඇන තියාගෙන ඩවුන්ලෝඩ් කරනකොට පවා ව්යායාම. මම හිතන්නේ ඒ නිසා වෙන්න ඕන ඒ කාලේ ගෑනුන්ට දරුවෝ ගොඩක් හිටියේ. මොකද කොච්චර දරුවෝ ලැබුනත් ඇඟ ලස්සනයිනේ. ඉතින් මහත්තයාට උනත් ...... එක්කෝ ඒවා ඕන නෑ. මම අර දවසක් කිවුවේ ඒ කාලේ දොස්තර ඇන්තනීස් මහත්තයා ඇඟේ තෙල් පොඩ්ඩක් වත් නැති ගෑනු කෙනෙක්ව ඔපරේෂන් කරන කොට කියපු කතාවක්. අර කොලඹ නෝනලා ලුංජිය අඳින එකට හේතුව. 1977 න් පස්සේ ආපු රට විනාස කරපු ආර්ථික ක්රමය නිසා අද වෙන කොට ගමවල් වල ගෑනුත් පීප්ප වගේ. බර ඔරොත්තු දෙන්නේ නැති නිසා යන්නේ අර ශොකැබ්සෝබර් ගියපු ලොරි වගේ දෙපැත්තට පැද්දි පද්දී. ගම් වලට ලයිට් ආපු නිසා අර ඉස්සර අතින් කරපු වැඩ සේරටම දැන් මැෂින්. තාම ගම් වල ගිම් නැති නිසා උන් බතල වගේ ඉන්නවා. මිනිහා පැත්ත පලාත බලන්නේ නෑ. ඌ අඩියක් ගහලා නැත්තම් මලක් ඇදලා බුදියනවා. ටවුමේ අයට නම් ජිම් තියන නිසා සමහරු ඒවාට යනවා. සමහරු සුම්බා වලට යනවා. ඒවාට නොයන උන්ට සුම්මා. උන් ආරනවා. ඉතින් අඩුම ගනනේ තම්න් ගන්න ආහාර වලින් වත් පරිස්සම් වෙනවා නම් ඔය ආරන ගතිය අඩු කර ගන්න පුලුවන්. ඇත්තටම අපි කෑම කන්න ඕන ජීවත් වෙන්නයි. ඒත් සමහරු ජීවත් වෙන්නේ කන්නයි. අර මම කලින් කියපු ජුන්ඩා දකලා නැති එකා වගේ. අපි කියනවා
අපි කියාගෙන ආවේ අපේ හුඟාක් මිනිස්සු මේ මාධ්යවලින් කියන දේවල් ඉස් මුදුනින් පිලි අරගෙන ගොනාට අඳින එක ගැනයි. මීට අවුරුදු හතලිහකට පනහකට විතර ඉස්සර නම් ඒවා ප්රශ්නයක් වුනේ නෑ. ඒ කාලේ තිබුන ප්රධානම මාධ්යය තමයි දිනපතා ලැබෙන පත්තරේ. ඒකෙනුත් ප්රධාන වුනේ ලේක් හවුස් පත්තර. ඒකෙනුත් දිනමිණයි සිලුමිණයි. ඒ කාලේ මේ පත්තර අදට වඩා හරිම ස්වාධීනයි වගේම වගකිවයුතු විදියට ප්රවෘත්ති වාර්තා කලා. නියම මාධ්යවේදීන් හිටියා. අපට ඉස්කෝලෙදි කිවුවේ නිවැරදි ඉංග්රීසි සිංහල ව්යාකරන ඉගෙන ගන්න නම් පත්තර වල කතෘවාක්යය කියවන්න කියලා. අන්න ඒ කාලේ තමයි යමක් පත්තරේ තිබුනා නම් ඒක සීයට සීයක් හරි කියලා මිනිසුන් අතර විශ්වාසයක් තිබුනේ. මොකක් හරි ගැන කිවුවාම 'උඹ කොහොමද හරියටම දන්නේ" කියලා ඇහුවාම ඇයි පත්තරේ තිබුනේ කිවුවාම ආයිත් ඒ ගැන වාදයක් නෑ. ඒ තරමටම විශ්වාසයි. මම හිතන්නේ අන්න ඒ විශ්වාසය තමයි තවම මාධ්‍ය ගැන මිනිසුන් තුල තියෙන්නේ කියලයි මම හිතන්නේ. ඔය අද ඉන්න චීවර ධාරීන් කියන දේවලුත් තාම ඒ විදියටම බොහෝ දෙනෙක් පිලිගන්නේ ඉස්සර කාලයේ හිටපු සිල්වත් භික්ෂූන් වහන්සේලා කිවුවේ ඇත්ත නිසායි. නමුත් අද වෙන කොට මේ දෙගොල්ලාම දූෂිත වෙලා මිත්යාව වපුරනවා තමන්ගේ පැවැත්ම වෙනුවෙන්. මේ ගොල්ලා කියන දේ පිලිගන්න අය අමාරුවේ වැටෙනවා. මම මේ කණ්ඩායම් දෙක ගැන කිවුවේ මිනිසුන් තුල මේ දෙගොල්ලා ගැන තවමත් විශ්වාසයක් තියන නිසායි. එහෙම නැතුව සමාජයේ අනිත් කණ්ඩායම් හොඳ නිසා නෙවෙයි. නමුත් අදටත් මේ රටේ ඉතාම සුපේෂල ශික්ෂාසම්පන්න භික්ෂූන් වහන්සේලා අප්රකටව වැඩ ඉන්නවා. මිත්‍යා දෘෂ්ටික බෞද්ධයින් අතරේ උන්වහන්සේලා ඉන්නේ කොන් වෙලා.
අදත් මාතෘකාවෙන් පිට ගියානේ. මේක මහ කරුමයක් බං. ඉතින් මේ ආහාර රටාව වෙනස් වීම නිසා අපේ අයගේ සෞඛ්‍ය තත්වය පිරිහෙනවා විතරක් නෙවෙයි ඒක රටේ ආර්ථිකයටත් බලපානවා. විශේෂයෙන්ම මම දැනට කරන රස්සාවෙදි මට පෙනී ගියපු එකක් තමයි අපෙ රටින් යන මුහුදු නාවිකයින් සිංහලෙන් කියනවා නම් සී ෆෙයරර්ස්ලා අනිත් රටවල් වලින් එන අයට වඩා නැවු වලදී ලෙඩ වෙලා ආපහු එවන්න වෙන එක.එහෙම උනාම අරූ වෙනුවට වෙන එකෙක්ව ලඟ තියන රටකින් ගෙන්න ගන්න වෙනවා. ලෙඩ පොරට අමාරු නම් බෙහෙත් අරන් දෙන්න ලඟ තියන රටකට නැව ගෙනියන්න වෙනවා. කචල්ම ලෙඩක් නම් හෙලිකොප්ටරයක් නැවට ගෙන්න ගෙන අරූව ගෙනියන්න වෙනවා. උන්ට හෙන වියදමක්. මේ නිසා මේ ලඟකදීත් නැවු සමාගම් ඒ ගැන ඒ ගොල්ලන්ගේ කනස්සල්ල පල කරලා තිබුනා. දිගටම මේ දේ වුනොත් උන් කනස්සල්ල පැත්තකට දාලා කියන්න ඉඩ තියෙනවා අපි උඹලාගේ මිනිස්සු වැඩට ගන්නේ නෑ කියලා. එහෙම වුනොත් ඒක මහ ලෙඩක් වෙනවා. ලංකාවේ ඉන්නේ ලෙඩ්ඩු කියලා ප්රචාරයක් ජාත්යාන්තර නැවු කොම්පැනි අතර පැතිරිනොත් ආපහු ඒකෙන් ගොඩ එන්න ලේසි නෑ. හරියට අර මානව අයිතීන් උල්ලංඝනය ගැන පැතිරුනා වගේ. එහෙම වුනොත් ඒක විදේශ විනිමය ගේන එකටත් බලපානවා මාධ්යවලින් කියන දේවල් ඉස් මුදුනින් පිලි අරගෙන ගොනාට අඳින එක ගැනයි. මීට අවුරුදු හතලිහකට පනහකට විතර ඉස්සර නම් ඒවා ප්රශ්නයක් වුනේ නෑ. ඒ කාලේ තිබුන ප්රධානම මාධ්යය තමයි දිනපතා ලැබෙන පත්තරේ. ඒකෙනුත් ප්රධාන වුනේ ලේක් හවුස් පත්තර. ඒකෙනුත් දිනමිණයි සිලුමිණයි. ඒ කාලේ මේ පත්තර අදට වඩා හරිම ස්වාධීනයි වගේම වගකිවයුතු විදියට ප්රවෘත්ති වාර්තා කලා. නියම මාධ්යවේදීන් හිටියා. අපට ඉස්කෝලෙදි කිවුවේ නිවැරදි ඉංග්රීසි සිංහල ව්යාකරන ඉගෙන ගන්න නම් පත්තර වල කතෘවාක්යය කියවන්න කියලා. අන්න ඒ කාලේ තමයි යමක් පත්තරේ තිබුනා නම් ඒක සීයට සීයක් හරි කියලා මිනිසුන් අතර විශ්වාසයක් තිබුනේ. මොකක් හරි ගැන කිවුවාම 'උඹ කොහොමද හරියටම දන්නේ" කියලා ඇහුවාම ඇයි පත්තරේ තිබුනේ කිවුවාම ආයිත් ඒ ගැන වාදයක් නෑ. ඒ තරමටම විශ්වාසයි. මම හිතන්නේ අන්න ඒ විශ්වාසය තමයි තවම මාධ්‍ය ගැන මිනිසුන් තුල තියෙන්නේ කියලයි මම හිතන්නේ. ඔය අද ඉන්න චීවර ධාරීන් කියන දේවලුත් තාම ඒ විදියටම බොහෝ දෙනෙක් පිලිගන්නේ ඉස්සර කාලයේ හිටපු සිල්වත් භික්ෂූන් වහන්සේලා කිවුවේ ඇත්ත නිසායි. නමුත් අද වෙන කොට මේ දෙගොල්ලාම දූෂිත වෙලා මිත්යාව වපුරනවා තමන්ගේ පැවැත්ම වෙනුවෙන්. මේ ගොල්ලා කියන දේ පිලිගන්න අය අමාරුවේ වැටෙනවා. මම මේ කණ්ඩායම් දෙක ගැන කිවුවේ මිනිසුන් තුල මේ දෙගොල්ලා ගැන තවමත් විශ්වාසයක් තියන නිසායි. එහෙම නැතුව සමාජයේ අනිත් කණ්ඩායම් හොඳ නිසා නෙවෙයි. නමුත් අදටත් මේ රටේ ඉතාම සුපේෂල ශික්ෂාසම්පන්න භික්ෂූන් වහන්සේලා අප්රකටව වැඩ ඉන්නවා. මිත්‍යා දෘෂ්ටික බෞද්ධයින් අතරේ උන්වහන්සේලා ඉන්නේ කොන් වෙලා.
අදත් මාතෘකාවෙන් පිට ගියානේ. මේක මහ කරුමයක් බං. ඉතින් මේ ආහාර රටාව වෙනස් වීම නිසා අපේ අයගේ සෞඛ්‍ය තත්වය පිරිහෙනවා විතරක් නෙවෙයි ඒක රටේ ආර්ථිකයටත් බලපානවා. විශේෂයෙන්ම මම දැනට කරන රස්සාවෙදි මට පෙනී ගියපු එකක් තමයි අපෙ රටින් යන මුහුදු නාවිකයින් සිංහලෙන් කියනවා නම් සී ෆෙයරර්ස්ලා අනිත් රටවල් වලින් එන අයට වඩා නැවු වලදී ලෙඩ වෙලා ආපහු එවන්න වෙන එක.එහෙම උනාම අරූ වෙනුවට වෙන එකෙක්ව ලඟ තියන රටකින් ගෙන්න ගන්න වෙනවා. ලෙඩ පොරට අමාරු නම් බෙහෙත් අරන් දෙන්න ලඟ තියන රටකට නැව ගෙනියන්න වෙනවා. කචල්ම ලෙඩක් නම් හෙලිකොප්ටරයක් නැවට ගෙන්න ගෙන අරූව ගෙනියන්න වෙනවා. උන්ට හෙන වියදමක්. මේ නිසා මේ ලඟකදීත් නැවු සමාගම් ඒ ගැන ඒ ගොල්ලන්ගේ කනස්සල්ල පල කරලා තිබුනා. දිගටම මේ දේ වුනොත් උන් කනස්සල්ල පැත්තකට දාලා කියන්න ඉඩ තියෙනවා අපි උඹලාගේ මිනිස්සු වැඩට ගන්නේ නෑ කියලා. එහෙම වුනොත් ඒක මහ ලෙඩක් වෙනවා. ලංකාවේ ඉන්නේ ලෙඩ්ඩු කියලා ප්රචාරයක් ජාත්යාන්තර නැවු කොම්පැනි අතර පැතිරිනොත් ආපහු ඒකෙන් ගොඩ එන්න ලේසි නෑ. හරියට අර මානව අයිතීන් උල්ලංඝනය ගැන පැතිරුනා වගේ. එහෙම වුනොත් ඒක විදේශ විනිමය ගේන එකටත් බලපානවා.
*****************************************************************
Comments
Post a Comment