මම අද උදේ කපලා එකක් නිදා ගෙන ඉන්න කොට මගේ හොඳම යාලුවා ඇවිත් කිවුවා "අන්න අර ඔයාගේ යාලුවා කතා කරලා කිවුවා එයා දැන් එනවා ඔයාව හම්බ වෙන්න කියලා. මම ඔයාට කතා කලේ ඔයාගේ පරණම යාලුවෙක් නිසා. නැත්නම් කූද්දන්නේ නෑ" කියලා. ඉතින් මේ කියන එකා අවුරුදු හතලිහකටත් එහා ඉඳලා දන්න එකෙක් වෙච්චි පස්සේ කාලේක නෑයෙකුත් වෙච්චි එකෙක්. මම සතියේ හොඳට නිදා ගන්න එකම දවස සෙනසුරාදා. අනිත් හැමදාම දවසකට පැය හතරකට වඩා නිදා ගන්නේ නෑ. ඇඳට ගියත් ටික වෙලාවක් යන කම් මනෝ පාර ගහ ගෙන ඉන්නවා මේ රටට වෙලා තියන දේ ගැනත් ඉස්සරහට වෙන්න යන දේ ගැනත්. අපි පොඩි කාලේ මේ රට කොච්චර හොඳ එකක්ද ඊට පස්සේ 1977 ට පස්සේ ටික ටික විනාස වෙලා ගිය හැටිත් කල්පනා කර කර ඉන්න කොට තමයි නින්ද යන්නේ. ඉතින් සෙනසුරාදාට පැය 15ක් විතර නිදා ගන්නවා ෆෝන් එකත් ඒරොප්ලේන් මෝඩ් එකට දාලා. එක දිගටම තේ එකක්වත් නැතුව. ඒත් ඉතින් අරූ ආවාම නැගිටලා බලන කොට ඌ පරණ පලාත් සභා මොඩල් පැජරෝ ජීප් එකක් අරගෙන ජොලියට. ඌට හොඳ වාහන ඕන තරම් තියන එකෙක්. ඒත් දැන් පරණ වාහන වල යන එක මොඩ් ගතියක්නේ. අර ඉරිච්ච ඩෙනිම් හෙන ගණන් දීලා අරගන්නවා වගේ. දුප්පත් එකා ඒවා අඳින්නේ නැති කමට. ඒත පොහොසත් එකා මොඩ් වෙන්න. ඉතින් මම අර නැති බැරි කමට පාවිච්චි කරන්නේ අවුරුදු 31 ක් පරණ ජීප් එකක් බව දන්න නිසා මූ ඇවිත් තියෙන්නේ ඒකට රේඩියටර් එකක් ගන්න මාත් එක්ක යන්න. ඔය පරණ වාහන වලට කෑලි හොයන එක හැමෝටම කරන්න බෑ. ඉතින් මම හැමදාම ගහන ප්ලේන් ටී එකත් ඉක්මනට ගහලා අරුත් එක්ක ගියා. ඌ කිවුවා "නිමල් අපි යමු දෙල් කඳට. එතන තියනවාලු හොඳ රේඩියේටර් තියන තැනක් රේඩියේටර් ගෙදර කියලා. මාතර ඉන්න මගේ යාලුවෝ ගොඩක් දෙනෙක් කිවුවා එතන තමයි එකම තැන ඒකට. වෙන කොතනකවත් නෑ ඒ වගේ රේඩියේටර් ගන්න තැනක්" කියලා. මට හිතුනා එහෙනම් මොන රෙද්දකටද මාව කූද්දගෙන ආවේ දැනටමත් ගන්න තැන තීරණය කරලා නම් කියලා. ඒත් මගේ ඉන්න ඉතාම සීමිත යාලුවන්ගෙන් පරණම එකෙක් නිසා මොනවත් නොකියා හිටියා.
ඉතින් ඔහොම යනකොට පිට කෝට්ටේ සිරිකොත ලඟින් යන කොට මිනිහා කිවුවා "නිමල් මොකද හිතන්නේ ගෝඨාබය මහත්තයා පොහොට්ටුවෙන් දාන එකට. මම නම් කියන්නේ එයා නේද මේ වෙලාවේ රටේ ජනාධිපති වෙන්න ඉන්න එකම සුදුස්සා" කියලා. මම කිවුවා" මේ රටේ පවතින ජඩ දේශපාලන ක්‍රමය ඉදිරියට ගෙනියන්න නම් එයා හොඳයි. ඒත් ඒ ක්‍රමය ගෙනියන්න නම් කවුරු ආවත් පුලුවන්. මතකද ඒ කාලේ කිවුවා චන්ද්‍රිකා තමයි එකම එක්කෙනා කියලා. ඒ වගේ එක එක කාලෙට එක එකා ෆෝම් කරලා ගන්නවා. මේ ජඩ පාලන ක්‍රමය ඕනම කෙනෙකුට ගෙනියන්න පුලුවන් ඒකට ගෝඨාබයම ඕන නෑ" කියලා. මෑන් ඇහුවා මොකක්ද ජඩ දේශපාලනය කියලා. මම කිවුවා "සියලු අපරාධ, හොරකම්, දූෂන, වංචා, මත් ද්‍රව්ය ජාවරම්, මිනීමැරුම් වගේ දේවල් කරන පාලන කරමය, ඒ වගේම සල්ලි ඕන වුනාම රටේ කෑලි පිට රට වලට විකුනලා ඒවායින් කොටසක් තමන් තියා ගෙන අනිත් ඒවායින් මොනවා හරි කරලා ඔන්න අපි කලා කියන එක, පාදඩ දේශපාලන කහකඩයින්ව ඉහලින් පිලි අරගෙන උන්ව මුදුනින්ම තියන එක. ඔන්න ඕවා තමයි ජඩ දේශපාලන ක්‍රමයේ ලක්ෂණ. තව ඕන තරම් තියනවා කියනවා නම්" කියලා. ඉතින් මේ ක්‍රමය පවත්වා ගෙන යන්න උවමනා කරන යාන්ත්‍රණය මේ රටේ තියනවා. ඒක නායකයෙක් හිටියත් නොහිටියත් අපූරුවට කෙරෙනවා. නායකයෙක්ට තියෙන්නේ ඇවිත් ඒවා පවත්වා ගෙන යන්න විතරයි. ඒවා නවත්වලා රට යහපත් අතට හරවන්න නායකයා හැදුවොත් අන්න එදාට අර බල වේග සේරම එයා නැති කරන්න හදනවා කියලා. ඒ නිසයි මම කිවුවේ මේ ක්‍රමය පවත්වා ගෙන යන්න නම් ගෝටා හොඳයි. ඒත් අපට ඕන කරන්නේ මේ ක්‍රමය වෙනස් කරලා, ටික ටික මේ ජරා ක්‍රමය වෙනස් කරන්න පුලුවන් විකල්ප ක්‍රමයකුත් ඒකට නායකත්වය දෙන්න පුලුවන් නිර්භීත නායකයෙකුත් ඒ නිසා අපි හැමෝගෙම අද දවසේ යුතු කමත් වගකීමත් වෙන්නේ අන්න ඒක කරන්න මහන්සි වෙන එකයි කියලා.
එතකොට මෑන් කිවුවා නිමල් එහෙම නම් ඒකටත් සුදුස්සා ගොඨාම තමයි මොකද මිනිහා කෙලින් වැඩ කරන නිර්භීත කාටවත් බය නැති කෙනෙක් කියලා. එවෙලේ මම ඉක්මනටම මගේ අත පිටිපස්සට කරලා තද කර ගත්තා.මොකද ......න් හිනා යන එක වලක්ව ගන්න. ඒ සී කරලා තියන වාහනයනේ. මම කිවුවා "එහෙම කියනවා නම් මට උඹේ දේශපාලන දැනුම ගැන දුකයි. මම දන්න විදියට ගෝටා කියන්නේ බය ගුල්ලෙක්. මුලින්ම වඩමාරච්චි යුද්ධය තීරණාත්මකව යන කාලේ ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න වගේ අය ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරද්දී මෙයා බයේ රටිනුත් පැනලා ගියා. ඊට පස්සේ තමන් කරපු හොර කම් වලට දාපු නඩු වලට ඉදිරිපත් වෙන්න තියන බයට ඒවා විභාග කරන එක වරින් වර කල් දා ගත්තා. සමහර ඒවා තියන දවස් වලට මාස ගනන් රටින් පැනලා හිටියා. මම දන්න තරමට මේ රටේ නිර්භීත නායකයෙක් හිටියේ සරත් ෆොන්සේකා විතරයි. මිනිහා බය නැතුව චෝදනා වලට මූන දුන්නා. මොකද මෑන් දන්නවා තමන් කිසිම හොර කමක් කරලා නෑ කියලා. ඒ වගේම අසාධාරණ විදියට හිරේට දැම්ම වෙලාවෙත් කෙලින්ම ගියා ගානක් නැතුව. මීට කලින් හිර ගෙදරට දාපු හමුදා පති කෙනෙක් එතෙන්දී මහ සද්දෙන් ඇඬුවා කියලා මගේ හිතවත් බන්ධනාගාර නිලධාරියෙක් කිවුවා. ඒ හමුදාපති වරයා මම හොඳින් දන්නවා ඒ කාලේ ගාල්ලේ හිටියා. හරිම ගරු සරු ඇතිව ෆුල් ගැම්මෙන් හිටි කෙනෙක්. ඒත් මචන් තමන්ගේ පිටි පස්සෙන් හමුදාවක් තියේ නම් ඕනම සොකඩයෙක් වීරයෙක් වෙනවා. ඔය ගමවල් වලත් ඕන තරම් ඉන්නේ ඒ වගේ උන් නමුත් නියම බය නැති කම කියන්නේ නිර්භීත කම කියන්නේ තමන් තනි උනාම කෙලින් ඉන්න මිනිහාටයි. ජනාධිපතිගෙන් සමාව ගන්නවා නම් හිරෙන් එලියට දානවා කිවුවත් සරත් ෆොන්සේකා ඒ පහත් මට්ටමට වැටුනේ නෑ. හැබැයි යුද්දේ වෙලාවේ ගොඨාභය මහත්තයා ලොකු කාර්යයක් කලා යුධ ජයග්‍රහනය වෙනුවෙන්. නාවුක සහ යුද හමුදා පති වරු දෙන්නා අතර තිබුණු බරපතල විරසකය යුද්ධයට බලපාන එක වලක්වලා ඒක කලමනාකරණය කරපු එක හරිම දක්ෂ වැඩක්. ඒක ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි. මොකද මේ දෙක උඩ තමයි යුද්ධයේ වැඩි බරක් ඇඳිලා තිබුනේ. හැබැයි ඒකට එයා ජනාධිපතිගේ සහෝදරයා වෙලා තිබුන එක ලොකු පහසුවක් වුනා. ඒ වගේම යුද ජයග්‍රහනය සමරන වෙලාවේ ලෝකයේ ඉන්න හොඳම යුද හමුදා පති තමයි සරත් ෆොන්සේකා කියලා පිහිය එයා අතට දුන්න සමරු කේක් ගෙඩිය කපන්න. ඒවා නියම මහත්මා ගති. ඒත් ඊට පස්සේ කලේ සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ දේවල්, ඒ නිසා අද අපට ඕන කරන්නේ විකල්ප දේශපාලන ක්‍රමයකුත් ඒකට නායකත්වය දෙන්න පුලුවන් කෙනෙකුත්. ඒත් ඒ වැඩේට නම් ගෝටාභය මහත්තයා කොහෙත්ම ගැලපෙන්නේ නෑ කියලා මම කිවුවා.අපේ මෑන් කිසිම සද්දයක් නැති නිසා මම බලන කොට අනේ මචං අබ අහුරක් නෙවෙයි කෝපි ඇට ගෝනියක් දැම්මත් පුපුරන ගානට උගේ මූණ රත් වෙලා. මම වහාම කතාව නැවැත්තුවා. මොකද අවුරුදු හතලිස් ගානක් පරණ යාලු කම මට නැති කර ගන්න බෑ. ඒ නිසා මම ඇහුවා අර කියපු රේඩියර් ගෙදර තව දුරද, උඹට මතකද ඒක තියෙන්නේ කොයි පැත්තේද කියලා අහන කොටම දෙල්කඳ හරියේ මම ඒ ප්ලේස් දැකලා කිවුවා අන්න තැන නවත්තපන් කියලා.
අපි යන කොටත් එතන වාහන හතරක් පහක්ම තියනවා රේඩියේටර් ගලවලා. පොරවල් කීප දෙනෙක් ඒවා හදනවා. අපි ඇතුලට ගියාම මොඩ් රිසිප්ශනිස්ට් කෙල්ලෙක් ඇවිත් පනාව දාලා වාඩි වෙන්න කියලා ඇහුවා මොකක්ද කෙරෙන්න ඕන කියලා. මම මොඩ් කියලා කිවුවේ එයා ඇඳගෙන හිටපු මොඩ් ඇඳුම නිසා. අර ඇඟේ සේරම නැමි නේරා යාම් පේන්න අඳින ඇඳුම්. මට ඒවා දැක්කාම මතක් උනේ අපි මෙඩ්ඩෝ හැටියට ඇනටමි කරපු කාලේ. අපි හැමෝගෙම ඇඟේ තියනවා සමහර තැන් ඒවා කොච්චර මහත් වුනත් කෙට්ටු වුනත් පැහැදිලිව පේන. ඒවාට කියන්නේ ඇනටමිකල් ලෑන්ඩ් මාක්ස් Anatomical land marks කියලා. අපි ලෙඩ්ඩුන්ගේ යමක් විස්තර කරන්නේ ඒ තැන් වලට සාපේක්ෂවයි. අපේ කොලර් බෝන් එකට උඩිනුයි යටිනුයි තියන ප්‍රදේශ, පපුවේ මැද තියන ඇටයත් ඊට යටිනුත් තියන තැන. පපුවේ අමාරු කාරයකුගේ වේදනාව කියන්නේ ඒවාට අනුරූපවයි. ඔය වගේ තවත් තැන් තියනවා. ඒ වගේ එකක් තමයි තට්ටම් වලට යටින් තියන නැමි. කියනවා ග්ලූටියල් ෆෝල්ඩ්ස් Gluteal folds කියලා. ඒවා කොච්චර කෙට්ටු උනත් මහත උනත් පේනවා. තව එකක් තියනවා ග්ලූටියල් ක්ලෙෆ්ට් gluteal cleft කියලා. ඒ කියන්නේ තට්ටම් දෙක අතර තියන නැම්ම. අපි ඇනටමි ඉගෙන ගන්නේ මුලින්ම මළ මිනියකින්. ඊට පස්සේ ඔපරේශන් තියටර් එකේදී. ඒකට කියනවා ලිවින් ඇනටමි Living anatomy ඉගෙන ගන්නවා කියලා. ඒත් ඔය එක තැනකදීවත් අර ග්ලූටියල් ෆෝල්ඩ් කියන එක හරියට දැකලා තිබුනේ නෑ. ක්ලෙෆ්ට් එක නම් දැකලා තියනවා. ඉතින් අර රිසිප්ශන් කෙල්ලගේ ඒ ඇනටමිකල් ලෑන්ඩ් මාර්ක් එක හොඳට පෙනුනා. ඇවිදින කොට ඒක අඩු වැඩි වෙනවා පේනවා. මම හිතන්නේ ඒක තමයි මූවින් ඇනටමි Moving anatomy. මට හිතුනා ඇත්තටම මෙඩ්ඩන්ට මෙන්න මේ වගේ අයගෙන් ඇනටමි උගන්වනවා නම් උන්ට හොඳට මතක තියා ගන්නත් පුලුවන් වෙයි කියලා. මම ඉතින් මෙඩිකල් මෑන් කෙනෙක් වෙච්චි එකේ අර මූවින් ලෑන්ඩ් මාක්ස් ස්ටඩි කර කර ඉන්න අතරේ මට ඇහුනා අර යාලුවා රේඩියේටර් එක ගැන අහන කොට අර මෝඩි කියනවා " සර් දැන් සර්ගේ රේඩියේටර් එකේ උඩ යට ටැංකි දෙක හොඳ නිසා කෝර් එකක් විතරක් දැම්මම ඇති. අපි පරණ එක අයින් කරලා අලුත් එකක් දාලා දෙන්නම් තිස් හය දාහකට. අර හයි කරන එක්කෙනාට කැමති නම් පොඩි සන්තෝසමක් දෙන්න. පැය දෙක හමාරක් විතර යයි වැඩේට " කියලා.
එතකොට අපේ මෑන් ඒකට කැමති වෙලා හොඳට හරි බරි ගැහිලා වාඩි වෙලා මට කිවුවා "නිමල් එහෙනම් අපි මෙහෙන් වැඩේ කර ගනිමු. කවුරුත් කිවුවා වගේ මෙතන තමයි හොඳම තැන හොඳම බඩු තියෙන්නේත් කියලා උබට දැන් තේරෙනවානේ" කියලා. ඉතින් මටත් හිතුනා හොඳ බඩු තියන එකේ තව පැය දෙක හමාරක් ඉඳලා තව ටිකක ඇනටමි දැනුම රිෆ්‍රෙශ් කර ගන්නත්. ඒත් ඉතින් මිනිහා මම ගැන විශ්වාසය තියලා ආපු එකේ මූට හොඳ දෙයක් කරලා දෙන එකනේ යුතු කම කියලා මම කිවුවා "එහෙම නෙවෙයි අද වෙන වැඩකුත් නෑනේ අපි යමු පංචිකාවත්තටත්. එහේ තියෙන්න පුලුවන් මීට වඩා හොඳ තැන්. එක එකා කිවුව පලියට මෙතනම විශ්වාස කරන්න එපා.උඹ කොහොමද දන්නේ උන් හරියටම දැන ගෙනද කියන්නේ, එහෙම නැත්නම් හැමෝම කියන නිසා කියනවාද කියලා. ඒ නිසා අපි තව බලමු. හොඳ නැත්නම් මෙතෙන්ට එමු.මේක නැති වෙන්නේ නෑනේ. ඒත් මීට වඩා හොඳ එකක් තිබුනොත් අපරාදේ ඒක අපිට නැති වෙනවානේ" කියලා. ඌ කියනවා "නෑ නිමල් මීට වඩා හොඳ තැනක් නෑ. මේක තමයි එකම තැන. නිකම් කදර වෙන්නේ නැතුව හිටපන්. අන්න අර නෙස්කැෆේ මෙශින් එකෙන් එකක් අර ගෙන බීලා හිටප්න්. මට ඉතින් ඕවා අගුණයිනේ" කියලා. මට යකා නැග්ගා බන්. මූ මේ තරම්ම ගොනෙක්ද කියලා. ඇයි බං ටිකක් ගිහින් තව හොඳ ඒවා තියනවාද කියලා බලන එකේ වැරැද්දක් නෑනේ. අනික මූ ගෙදර ඉඳන් හන්දියට යන්නෙත් කාර් එකේ. කාර් එකට නැගලා, ගේට්ටුව ඇරලා එලියට අරගෙන බැහැලා ඇවිත් ගේට්ටුව වහලා යන වෙලාවේ පයින් යන්න පුලුවන් ලේසියෙන්ම. ආපහු එන කොටත් එහෙමයි. ඉතින් පංචිකාවත්තට ගිහින් එන එක මොකක්ද. ඔන්න මම නම් රුපියල් විසිපහක් බේර ගන්න බම්බා වල ඉඳන් කෝට්ටෙට පයින් එන එකා එහෙම කලත් කමක් නෑ. මම කිවුවා "එහෙනම් මේ හොඳට නිදාගෙන හිටපු මාව ඇහැරවා ගෙන ආවේ මොන ........ටද. මම මේ උදේට බොගත් දාන්නේ නැතුවයි ආවේ උඹ කතා කරපු නිසා. උඹ මෙතනින්ම ගන්න හිතා ගෙන හිටියා නම් තනියම ඇවිත් කර ගන්න තිබුනානේ මට කරදර නොකර" කියලා.
//මම ඊයේ දාපු පෝස්ට් බාගෙට හොඳ කමෙන්ට්ස් තිබුනා. මම මුලින්ම කියන්න ඕන ඒ කතාව සම්පූර්ණ සත්තක්. මම ඒක දාන්න හිතුවේ ඒකෙන් ඉගෙන ගන්න පාඩමක් තියන නිසයි. සමහර පෝස්ට් වලින් අහලා තිබුනා මම දාපු පින්තූරය රේඩියේටර් එකකද කියලා. නෑ ඒක මම දැම්මේ අර මම කියපු Anatomical land marks පෙන්නන්නයි. මම තව එයින් දෙකකුත් රේඩියේටර් එකක පින්තූරයකුත් දානවා. අර මම ඊයේ දාපු එක ඇඳුම් නැති රූපයක් උනත් බොලා කවුරුත් දැකලා ඇති ඇඳුම් ඇඳපු එවුන්ගෙත් ඔය දේවල් ඔය විදියටම පේනවා කියලා. මීට අවුරුදු 30/40 කට කලින් ඔහොම ඇඳලා පාරේ ගියා නම් ගල් ගහලායි එලවන්නේ. මම කිවුවේ අර ගල් කැට වලින් ගහන එක. වෙන මොනවත් හිතන්න එපා. අද ඒක කවුරුත් පිලි ගන්න ස්ටයිල් එකක් වෙලා. මම හිතන්නේ අර සීගිරි ගලේ තියන රූප වල ඉන්න ගෑනුත් ටොප්ලස් ඉන්නේ ඒක ඒ කාලේ ඒක ඇක්සෙප්ටඩ් නෝම් එකක් වෙන්න ඇති//.

ඉතින් මම අරූට අර විදියට දොස් කිවුවාම ඌ කිවුවා නිමල් කියන නිසා මම එන්නම්. ඒත් ඒකෙන් වෙන්නේ මේක හදා ගන්න තව කල් යන එක විතරයි කියලා නැගිටලා එන්න ආවා. අපි එනවා දැකලා අර තට්ටම් කෙල්ල කිවුවා "ඇයි සර් යන්නේ මම අපේ බොස්ට කියලා තව ඩිස්කවුන්ට් එකක් අරගෙන දෙන්න බලන්නම්" කියලා. මම කිවුවා බැංකුවට ගිහින් සල්ලි අරගෙන එන්නම් කියලා. පංචිකාවත්තේ ඉන්නවා ඔය පරන ජපන් වාහන කෑලි විකුනන එවුන්. පැජරෝ ......න්ද, ඉලෙක්ට්‍රික් .......න්ත, රේඩියේටර් .......න්ත, සයිලන්සර් .......පාල, ඔය වගේ අය. ඔයින් පැජරෝ ...න්ද මම හොඳටම දන්න පොරක්. වාහනේ යන ගමන් මම ඌට කෝල් කරලා කිවුවාම අපිට ඕන දේ ඌ කිවුවා බ්‍රෑන්ඩ් නිව් ඒවා එන්නේ තායිවානයෙන් ඒත් ඒවායේ කොලිටි එක හොඳ නෑ. අවුරුද්දක් යන්න කලින් ලීක් වෙනවා මොකද හදලා තියෙන්නේ ඇලුමිනිඅම් වලින්. ජපන් ඒවා හදලා තියෙන්නේ තනි පිත්තලෙන් ඒ නිසා ඒවා හිල් වෙන්නේ නෑ, ඒ වගේම බරයි කියලා. ඒක ඇත්ත. මගේ ජීප් එකේ මම අරගෙන දැන් අවුරුදු 18 ක් වෙනවා තාම රේඩියේටර් එක දාලා නෑ. ඌ කිවුවා රීකන්ඩිශන් එකක් දාමු. මම දන්න එකෙක් ඉන්නවා අහවල් තැන. මම ඌට කතා කරලා ඩිස්කවුන්ට් එකකුත් අරන් දෙන්නම් කියලා ටික වෙලාවකට පස්සේ කතා කරලා කිවුවා 24 දාහකට හයි කරලාම දෙන්නම් කියලා එතනට යන්න කිවුවා. මගේ යාලුවා කිවුවා "එහෙනම් අපි කෙලින්ම එතෙන්ට ගිහින් බලමු ඔයාගේ යාලුවෙක්නේ" කියලා. මම කිවුවා "මම ඔය එකෙක්වත් සම්පූර්ණයෙන් විශ්වාස කරන්නේ නෑ" කියලා පංචිකාවත්තට ගියා. ඒ පාරේ මැද හරියේ තිබුනා රේඩියේටර් රෙපයාර් කියලා බෝඩ් එකක්. මම කිවුවා ඔන්න ඔතන පොඩ්ඩක් නවත්තපන් කියලා. මූ බොහොම අකමැත්තෙන් නැවැත්තුවා. මොකද මූට ඕන වුනේම අර තට්ටම් ප්ලේස් එකෙන් ගන්නමයි. මම කිවුවා උඹ වාහනේම හිටපන්. නැත්තම් අර කාක්කෝ වගේ ඉන්න උන් ඇවිල්ලා පාකින් ටිකට් එකක් ගහලා යනවා ඒ නිසා උන් ආවොත් කියපන් මේ යන්න හදන්නේ කියලා.
මම අර රේඩියේටර් හදන තැනට ගියාම එතන හිටියා ටිකක් සොමිබර පෙනුමක් තියන එකෙක් නම ප්‍රියන්ත. ඌ තමයි එතන වැඩ කාරයා. ඌත් කිවුවා මහත්තයා අලුත් ඒවා දාලා වැඩක් නෑ. ඒ හින්දා ජපන් රීකන්ඩිශන් එකක් බලමු මේ ලඟ ඉන්න එකෙක් ගාව බඩු තියනවා කියලා මාත් එක්ක ගෙන ගියා අර ඉස්සර ක්‍රවුන් හෝල් එක තිබුන තැනට කිට්ටුව තැනකට. බලන කොට අර මගේ දන්න පැජරෝ ...න්ද කියපු තැන. ප්‍රියන්තයා ඇහුවා රීකන්ඩිශන් එකක් කීයද කියලා. ඌ කිවුවා පාලොස් දාහකට දෙන්නම් කියලා. ප්‍රියන්ත කිවුවා හාරදාහකට ඔක්කොම කරලා හයි කරලා දෙන්නම් කියලා. එතකොට ඔක්කොම දහනව දාහයි. මගේ එකා 24 ක් කිවුවේ ඌටත් පහක් තියාගෙන. ඔන්න බලපන් මිනිස්සු කියන උන් සල්ලි වලට විශ්වාස කරන්න බැරි හැටි. කොයි තරම් බොක්කෙන් හිටියත් සල්ලි වලට යටයි. හරියට අර මුස්ලිම් එවුන්ට ආගම වගේ තමයි. උන්ට ආගම එක්ක බැලුවාම අනිත් සේරම යටයිනේ. පස්සේ රේඩියේටර් එක ප්‍රෙශර් කරලා වතුරේ දාලා බලන කොට ඒක ලීක්. මම කිවුවා ඒක එපා කියලා. ඌ කියනවා අපේ ජීප් එකේ තියන එක ලීක් වෙන්නේ දිරලා ඒත් මේක ලීක් වෙන්නේ ගේන කොට එහෙ මෙහෙ වැදිලා හිල් වෙලා ඒක වහලා ගත්තාම හරි කියලා. ඒ උනත් උගේ ළුනු ගොරකා මදි උනා මාව තම්බන්න. පස්සේ තව දෙදාහක් අඩු කරන්නම් කිවුවාම මම කිවුවා අර පැජරෝ .....න්ද කිවුවේ 24 දාහක් කියලා. ඒක අහපු මූ මුක පූට්ටු වෙලා වගේ සද්ද නැතුව හිටියා.මේක ඇවිත් මගේ යාලුවාට කිවුවාම පොරට මාර හැපි. ඌ කිවුවා මම ඒකනේ නිමල් කිවුවේ අර අතන තමයි එකම තැන අපි එතෙන්ට යමු කියලා. මම කිවුවා හදිසි වෙන්න එපා අපි තාම බලන්න පටන් ගත්තා විතරනේ කියලා. ඔහොම ඇවිදගෙන යන කොට හම්බ උනා අලුතින් දාපු රේඩියේටර් කඩයක් පංචිකාවත්ත මේන් රෝඩ් එකේ. ටිකක් ලොකු තැනක්. උන් ගණන් බලලා කිවුවා 24 දාහක් දෙන්න කියලා කෝර් එකට. එකක් අරගෙන බලන කොට හොඳට බරයි. ඒ කියන්නේ තනිකර පිත්තල බට. හොයලා බලන කොට මේවා අපේ රටේ හදන්නේ. ලඟදී පටන් අරන් තියෙන්නේ. නම ලෙන්කෝ එන්ටර්ප්‍රයිසස්. මම නම දැම්මේ මේක කතාව ඇත්ත බව පෙන්නන්නයි. මොකද එක කමෙන්ට් එකක කියලා තිබුනා මේක ගොතපු කතාවක්, රයිටින් ස්ටයිල් එකක් කියලා. පොරගේ හිතේ මම රේඩියේටර් එක ජනාධිපතිට සමාන කලා කියලා. තව එකක තිබුනා පොහොට්ටු මූලස්ථානය තියෙන්නේ දෙල්කඳ, පංචිකාවත්ත කිවුවේ අද තියන ගෝල්ෆේස් එකේ රැලියට කියලා. මට යමක් කියන්න ඕන නම් මම ඒක කෙලින්ම කියනවා. හැංගි හොරා නැතිව. මොකද මම බොරු කියන්නේ නෑ. ඒ නිසා කාටවත් බය නෑ ඇත්ත කියන්න. සමහර විට මේ නිසා අද බය ගුල්ලෝ වෙලා ඉන්න කෙනෙක් ජනාධිපති වෙලා හමුදා බලයෙන් වීරයෙක් වෙලා අපි වගේ උන්ව මරන්න පුලුවන්. එතකොට මැරෙනවා. ඒත් ඌට බය වෙන්නේ නෑ.
අර රේඩියේටර් එක තට්ටම් රේඩියේටර් එකටත් වඩා බර බව තේරුණම මගේ යාලුවාටත් ටිකක් මොලේ පෑදුනා. ටිහින් ඒක අරගෙන ගිහින් අර ප්‍රියන්තයාට කියලා හයි කරවා ගත්තා. මම ඌත් එක්ක හෙට්ටු කරලා තුන් දාහකට අඩුකර ගත්තා ගාස්තුව මේක අලුත්ම එකක්. ඒ නිසා අර පරණ ලඩිය හයි කරන්න හාර දාහ නම් මේකට තුන් දාහ හොඳටම ඇති කියලා. කොහොම හරි පරණ එක ගලවලා සුද්ද කරලා අලුත් එක හයි කරන්න පැය දෙක හමාරක් විතර ගියා. ඌ නියමෙට වැඩේ කරා. නියම වැඩ කාරයෙක්. මම යාලුවාට කිවුවා හාර දාහම දීපන් උගේ දක්ෂ කම අපි අගේ කරන්න ඕන කියලා. පස්සේ ප්‍රියන්තයා කිවුවා මහත්තයලා අර රීකන්ඩිශන් එක ගන්නේ නැතුව මේක ගත්ත එක හොඳයි. තනිකර පිත්තල. අවුරුදු පහක් ශුවර් කියලා. හැබැයි ඌත් අතෙන්දි බැලුවේ රීකන්ඩිශන් එක අපේ කරේ ගහන්නයි. මොකද අඩුම ගණනේ ඌට දාහක් වත් කොමිශන් හම්බ වෙන නිසා. ඒ නිසා මම කලිනුත් කිවුවා වගේ මිනිස්සු විශ්වාස කරන්න එපා සල්ලි වලට. එහෙම නොකරන එවුනුත් ඉන්නවා. ඒත් අපි දන්නේ නෑනේ. ඒ නිසා හැම එකෙක්ම දිහා සැකයෙන් හිටියොත් අපි බේරිලා. අධික විශ්වාසය නිසා තමයි කෙල වෙන්නේ. අපි දන්නේම නැතුව අපේ ඔලුව ගලෝ ගෙන. උන් අපේ ඔලුව ගලෝ ගෙන කියලා දැන ගන්නේ ලඟ පාත කඩයකට ගිහින් ප්ලේන්ටී එකක් ගහන්න හදන කොටයි. මම මේ කියන්නේ බොරුද කියලා නිදහස්ව හිතලා බලපල්ලා. අහු වුන තරමක් අහු වුනේ අධික විශ්වාසය නිසා නෙවෙයිද කියලා.
කොහොම හරි මගේ යාලුවාගේ වැඩේ ඊයේ රුපියල් විසි අට දාහකට කර ගත්තා. ආ, තව තුන්දාහක් ගියා කූලන්ට් වලට. සාමාන්‍යයෙන් වතුර දාන්නේ වුනත් මම කිවුවා අලුතින් දාපු එකේ මුල ඉඳන්ම කූලන්ට් දාමු කියලා. කොහොම හරි අපේ එකා තද විශ්වාසය තියාගෙන ආපු තට්ටම් ප්ලේස් එකට වඩා හුඟාක් හොඳ රේඩියේටර් එකක් ඊට රුපියල් අට දාහකට අඩුවෙන් හයි කර ගත්තා. ඒ කියන්නේ සීයට විසි පහක ලාබයක්. මූ මගෙන් ඇහුවා මම කොහොමද මේ තැන් දන්නේ කියලා. මම කිවුවා දැන් උඹ කොහොමද මාතර ඉන්න දොස්තරලා ප්‍රයිවෙට් ඉස්පිරිතාල දන්නේ. බොට සේරම ලෙඩ තියන නිසා. එහෙම ලෙඩ වෙන්නේ උඹ කෑමෙන් බීමෙන් පරිස්සම් නොවෙන නිසා. පොඩ්ඩක් වත් පයින් නොයන නිසා. බොට අඩු ගණනේ අතනින් නෙස්කැෆේ එකක්වත් බොන්න බැරි උනේ ඒකනේ කියලා. අන්න ඒ වගේ මගේ වාහනය පරණ නිසා ඒකට කෑලි ගන්න, හදන්න එන නිසා මම මේ දේවල් දන්නවා කියලා. මීට පස්සේ මේ ජීප් එක ටිකක් කල් තියා ගත්තොත් උඹටත් ඕවා දැන ගන්න පුලුවන් කියලා.
පොර මාවත් ගෙදර බස්සලා ආපහු මාතර ගියා. මම අර කැඩුනු නින්දට සෙට් වෙලා කෑම කාලා රැ පටන් අරගෙන අද උදේ 1.30 වෙන කම් පෝස්ට් එකේ මුල් කෑල්ල ලියලා උදේ මගේ හොඳම යාලුවාගේ ඩිස්පෙන්සරියේ ලෙඩ්ඩු ටිකත් බලලා ප්ලේන්ටියක් එහෙම ගහන කොට අරූ මට කෝල් කරලා කිවුවා වැඩේ නම් නියමයි. අධිවේගේ 110 ට ස්පීඩ් කරලා ගියා පොඩ්ඩක් වත් එන්ජිම රත් උනේ නෑ. අද උදේ බලන කොට රේඩියේටර් එකේ වතුර දාපු ගානටම තිබුනා කියලා. පස්සේ පොර වාහනය සර්විස් කරන්න ගියාම එතන උන් කිවුවාලු නියම රේඩියේටර් එකක් සර්ට හම්බ වෙලා තියෙන්නේ, අපිවත් දැනගෙන හිටියේ නෑනේ මෙච්චර හොඳ ඒවා අපේ රටේ හදනවා කියලා. එතකොට මම ඇහුවාම අර දෙල්කඳ ප්ලේස් එකේ බඩු ගැන මොකද දැන් කියන්නේ කියලා පොර කිවුවා අපරදේ ඒක ගත්තා නම් මට මේක මිස් වෙනවානේ කියලා. අන්තිමට කිවුවා නිමල් ඔයා කියපු එක හරියටම හරි කියලා. එතකොටම ලෙඩෙක් ආපු නිසා මම ටෙලිෆෝන් එක තිබ්බා.
ඇත්තටම "ඔයා කියපු එක හරියටම හරි" කියලා ඌ කිවුවේ මොකක් ගැනයි කියලාද බොලාට හිතෙන්නේ.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී