මේක අපි මෙඩ්ඩෝ කාලේ දවසක් ෆැකල්ටි එකේ දානේ දවසේ එකෙක් කියපු කවියක්. මේක මට පාඩම් හිටියට මම තාමත් සමහර වචන වල තේරුම දන්නේ නෑ. ඒ කාලේ අපිට ඕනම දෙයක් මතක හිට්නවා අගේට. මමත් තව එකෙකුත් ඕක කියන වෙලාවේ හිටියේ බුද්ධ පූජාව එලියට ගේන්න සූදානම් වෙලා. අපි ඒක බොහොම ශ්‍රද්ධාවෙන් එලියට ගෙනත් මුල්ලකට ගෙනිහින් භුක්ති විඳනවා. ඒ නිසා අරකේ තේරුම කියපු එකාගෙන් අහ ගන්න බැරි උනා. පිටිසර ගමක තියන අට්ටාපිටිය කියන ගඟේ අයිනේ තියන පාරක් දිගේ බයිසිකල් එකකින් ගියපු කොල්ලෙක්ලු මේක කියලා තියෙන්නේ. මිනිහා යන කොට දැක්කාලු ගඟේ නාමින් හිටි කෙල්ලක්. ඉතින් මිනිහා යන ගමන් මේ කවිය කිවුවාලු.
අට්ටාපිටිය ගඟ දෙපසේ බුරුත නැවී.
පැංචාවියක් දිය කෙලිනා හැටි දුටිමී
පිපුණු මලක් නම් තලලා මිස නොයමී
කැකුලු මල නිසා නොතලා යන්ට යමී.
කියලා. ඉතින් මේක ඇහිලා අර නනා හිටපු කෙල්ල වට පිට බලලා මේ කවිය කිවුවාලු.
වනන්තරේ වැහි නැත ගස් මුල් වලට
නිරන්තරේ හිමි උනෙ දුකමය අපට
පිපුණු මලක් නම් නොම දෙමි තලන්නට
කැකුලු මල නිසා තලපන් පිපෙන්නට.
කියලා. අනේ හේමා මල්ලියේ උඹ හොඳට කවි සීපද දන්න එකා වෙච්චි. දන්නවා නම් මට මේකේ තේරුම කියලා දීහන්කෝ හොඳ එකා වගේ. ඕක ඒ කාලේ කියපු එකා දැන් ඉන්නේ කැනඩාවේ. මට මේ හදිස්සියේ කැනඩාවට යන්න බෑනේ ඕක අහ ගන්න. අනික එහෙම යන එක නොට් වර්ත් නේ බං..

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී