බදු සල්ලියි පහසුකමුයි

පෙරේදා මම ගියා මෙහේ ඉන්න මගේ නෑයෙක් බලන්න. එය 1979 දී මෙහාට ඇවිත් මේ වෙන කොට පුරවැසි භාවයත් ලබා ගෙන ඉන්න අවුරුදු 80ක් වෙන කෙනෙක්. ඉස්සර මැරතන් තරඟ වලට ගිහින් දිනපු ඇක්ටිවු පොරක්. එයාගේ වකු ගඩු දෙකම මේ වෙන කොට අක්‍රිය වෙලා. ඒ නිසා සෞඛ්‍ය සේවයෙන් එයාට දීලා තියනවා අර පෙරිටොනියල් ඩයලිසිස් කියන එක කරන්න ඕන කරන අඩු බඩු.

වකු ගඩු නරක් වුනාම වෙන්නේ ඇඟේ හැදෙන අනවශ්‍ය දේවල් අයින් කරගන්න බැරි වෙන එක. එතකොට ඒවා ඇඟට විෂ වෙනවා. හරියට ඇඳුම් කිලිටු වෙලා අපිරිසිදු වුනාම වගේ. එතකොට නම් විෂ වෙන්නෙ අහල පහල ඉන්න උන්ටයි වැඩියෙන්ම. මේ එකතු වෙන විෂ අයින් කරන්න ක්‍රම දෙකක් තියනවා. එකක් තමයි හීමෝඩයලිසිස් නැත්නම් දවස් කීපයකට සැරයක් ලෙඩාගේ ඇඟේ තියන ලේ  යන්ත්‍රයක් හරහා යවලා පිරිසිදු කරන එක. මෙතෙන්දී ලෙඩාගේ එක නහරයකින් ලේ යන්ත්‍රයට යවලා ඒකෙන් පිරිසිදු වෙලා එන ලේ වෙනත් නහරයකින් ආපහු ඇඟට ඇතුල් කරන එක. මම දන්නා තරමට ලංකාවේ කෙරෙන්නේ ඒකයි. ඒත් අවශ්‍ය ප්‍රමාණයට නොකෙරෙන නිසා හුඟාක් අය මැරෙනවා. ඒ වගේම ලේ වලින් බෝවෙන ඒඩ්ස්හෙපටයිටිස් වගේ ලෙඩ මේ යන්ත්‍රය හරහා බෝ වෙන්න පුලුවන්.

ඒත් මේ පෙරිටොනියල් ඩයලිසිස් කියන එක ඉතාම ආරක්ෂා කාරීයි. මේකෙදි කරන්නේ ලෙඩාගේ බඩට ස්ථිරවම හයි කරලා තියන බටයකින් - කැතීටරකින් - බඩ ඇතුලට ලීටර් දෙකක ප්‍රමාණයකින් දියර වර්ගයක් ඇතුල් කරලා පැය දොලහක් බඩ ඇතුලේ තියෙන්න ඇරලා එලියට ගන්නවා. ඊට පස්සේ ආයෙත් ලීටර් දෙකක් ඇතුල් කරනවා. අර කැතීටර් එකේ ඉංග්‍රීසි ටී අකුර වගේ බට තුනක් තියනවා. එකක් බඩ ඇතුලට යන්න හයි කරලා. අනික දියර ඇතුලට යවන්න. අනිත් එක ඒවා එලියට ගන්න. මේක හරිම පිරිසිදුවට කරන්න ඕන දෙයක්. විනාඩි දෙකක් අත් සොදන්න ඕන අර සුර්ජන්ලා ඔපරේශන් කරන්න ඉස්සෙලා කරනවා වගේ. ඊලඟට ඇතුලේ තියන දියර එලියට ගන්න හිස් බෑග් එකක්, අර එලියට යන්න තියන බටයට හයි කරලා ඔක්කොම එලියට ආවාට පස්සේ ඒක වහලා අලුත් ඒවා බඩට ඇතුල් කරන එක. මොකද බඩ ඇතුලට විෂ බීජ ගියොත් බඩුම තමයි. ඔය පිහියා ඇනුම් වලදී මිනිස්සු මැරෙන්නේ බඩ වැල් කැපිලා ඒවා ඇතුලේ තියන විෂබීජ බඩ ඇතුලට ගියාමයි. දවස් ගානක් ඉඳලා පොරවල් මැරෙන්නේ මේකෙනුයි. මේකට කියන්නේ පෙරිටොනයිටිස් කියලා. ඉතින් මුලු ජීවිතය පුරාවටම දවසට දෙපාරක් කරන නිසා බොහොම පරිස්සමට ඒක කරන්න ලෙඩාට පුහුණුවක් දෙනවා.
මේ සේරම දේවල්අර දියරය එලියට ගත්තාම ඔක්කොම ආවද කියලා බලන්න බර කිරන එකක්ඇඟේ උෂ්ණත්වයට දියරය රත් කර ගන්න එකක් වගේ සේරම ජාතික සෞඛ්‍ය සේවයෙන් නොමිලයේම ගෙදරටම ගෙනත් දෙනවා. ලෙඩාට කිසිම ප්‍රෂ්නයක් නෑ ලෙඩේට අමතරව. මම මේවායේ පින්ත්ගූර දාලා තියනවාපොඩි වීඩියෝ කෑල්ලකුත් එක්ක.

දියර පැය දොලහක් බඩ ඇතුලේ තියන කොට බඩවැල් වල පෘෂ්ටය හරහා ලේ වල තියන අපද්‍රව්‍ය නැත්නම් විෂ ද්‍රව්‍ය විසරනය Diffusion මගින් දියරයට යනවා. ඒ වගේම දියරයේ තියන යම් හොඳ දේවල් ලේ වලට යනවා. ඊට පස්සේ ඒ දියරය එලියට ගත්තාම හරි. මේ විදියට ලෙඩාගේ බඩ ඇතුලේ හැම වෙලාවෙම ලීටර් දෙකක් අර දියරය තියනවා. මුලින්ම ටිකක් අමුතු වුනත් පහු වෙන කොට ගානක් නැතිලු. හරියට අර බොරු දත් කුට්ටමක් දැම්මාම වගේ ඇති. කොහොම හරි අපේ පොර ඒකත් එක්ක වැඩට යනවා. දවසට කිමී දෙකක් විතර ඇවිදිනවා. උඩින් ජැකට් එක ඇන්දාම බඩ පේන්නෙත් නෑ.සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුලුවන්.
 මේක ඇහුවාම අපේ පොරවල් වලට හිතෙන්න පුලුවන් එහෙම නම් දැන් ඉතින් වකු ගඩු රෝග වලට බය වෙන්න දෙයක් නෑ නේ කියලා. ඒත් හරකුනේ මම මේ කියන්නේ ලංකාවේ දේවල් නෙවෙයි එංගලන්තයේ දේවල්. ලංකාවෙන් මෙහාට එන හුඟක් උන්ට පේන්නේ මෙහේ තියන විසිතුරු දේවල් විතරයි. සත්‍යය දකින්නේ බොහොම අඩු පිරිසක්. මෙහේ මිනිස්සු තමන්ගේ ආදායමෙන් 40% ක් වෙන තුරු බදු ගෙවනවා. තමන්ගේ ආදායම අනුව.  අඩු ආදායම් තියන අය ගෙවන්නේ නෑ. ඒත් හැමෝම ආනයන බදු වගේ දේවල් ගෙවනවා. ඉතින් මේ ගෙවන බදු වලින් තමයි මිනිස්සුන්ට අර වගේ පහසු කම් ලැබෙන්නේ. බ්‍රිතාන්‍යයේ ඕනම තැනක ඉන්න කෙනෙකුට එකම විදියේ සෞඛ්‍යඅධ්‍යාපනප්‍රවාහන පහසු කම් ලැබෙනවා. උන් දකින්නේ ඒවා උන්ගේ අයිතීන් හැරියට මිසක් එක එක දේශපාලකයා දෙන දේවල් හැටියට නෙවෙයි. ඒ නිසා උන්ට දේශපාලකයා පුද්ගලිකව කිසිම වටිනා කමක් ඇති කෙනෙක් නෙවෙයි. අපේ රටේ එහෙම නෙවෙයිනේ. අනේ අපේ .......යා දුන්නු වැසිකිලි පෝච්චියටනේ අපේ ගෙදර ඔක්කොම රෙ.. ......නේ වගේ වහල් චින්තනයක් උන්ට නෑ. ...... වැසිකිලි පෝච්චිය දීලා තියෙන්නේ දේශපාලකයාගේ අප්පගේ බූදලයෙන් නෙවෙයි මිනිසුන්ගෙන් ගන්න බදු වලින් කියන එක නොතේරෙන හරක් තමයි අපේ රටේ ඉන්නේ. හරකුන්ගේත් උන්ගේත් එකම වෙනස වැසිකිලි යන එක විතරයි

අපේ රටේ 1077 න් පස්සේ දේශපාලකයා කලේ මිනිසුන්ගේ බදු මුදල් හොරකම් කරපු එකයි. මුලින්ම තමන්ට ගෙවල් වාහන ගන්න වශයෙන්. ඒත් පහුවෙන කොට ඒක වැඩිවෙලා 2005 න් පස්සේ පරම්පරා ගානකට වස්තුව හදා ගත්තා. මහ එවුන් එහෙම කරන කොට වටේ ඉන්න උනුත් ඒකම කලා. අන්තිමට බදු මුදලුත් මදි වෙලා උපදින්න ඉන්න එකාත් ලක්ෂ 6 ක විතර ණය කාරයෙක් කරලා ණය ගන්න බැරි වුනාම රටින් කෑලි විකුණලා හොරා කෑවා. අන්තිමට  රටට කෙල වලා ගියාම හරිනියම විකල්ප බල වේගයක් බලයට පත් වුනොත් හරි වහලුන්ට පෙනෙයි උන්ගේ හාම්පුතාලා පැනලා යන හැටි. ඒත් උන් ඇත්ත දකින්නේ නෑ. උන් කියයි මේ හැත්තක් ඇවිත් අපේ නායක තුමන්ලා එලවා ගත්තානේ කියලා. එක තමයි වහල් මාණසිකත්වය. ඒකට උගත් කම් නෑ. මීට ටික කාලෙකට කලින් මාත් එක්ක එකම පන්තියේ හිටපු එකට වෛද්‍ය විද්‍යාලයේ හිටපු කෙනෙක් මාව අන්ෆ්‍රෙන්ඩ් කලා උගේ වහල් චින්තනය මට නොගැලපුණු නිසා. මම ඒකාව බ්ලොක් කරලාම දැම්මා. එහෙම තමයි උගත් කමත් වහල් කමත් කියන්නේ වෙනස් දෙකක්. ඒ වගේ උගත් වහලුන් වහලියන් මට පේනවා දැන් දැන් ඉස්සරහට එනවා. ඒ අයගේ ඒවාට මොනවා හරි කිවුවාම තද වෙන.

කුමාර වරු ලක්ෂ එක හමාරේ සපත්තුලක්ෂ තුන හතරේ අත් ඔරලෝසු ගත්තා. මම ඊයේ ලන්ඩන් වල ස්පෝර්ට්ස් ඩිරෙක්ට් කියන තැනින් පවුම් 60 ක් (රු. 13500ක්) දීලා සපත්තු දෙකක් ගත්තේ හුඟාක් වෙලා කල්පනා කරලායි. පවුම් 60 කියන්නේ එතන තිබුණු අඩුම ගණනක්. ලක්ෂ එකහමාරක එකක් ගන්න නම්  සාරා සංකෙයිය කල්ප දෙකක් වත් කල්පනා කරන්න වෙයි. ඇයි බං  වහලුන්ගේ උදවුවෙන් උනත් අමාරුවෙන් හොයන සල්ලි නේ. නිකම් හම්බ වෙන ඒවා නෙවෙයිනේ.

කොහොම හරි ලබන මාසේ තියන ජනාධිපතිවරණයේදී වත් රටට ජනතාවට ආදරේ කරනහොරකම් නොකරන කෙනෙක් පත් නොවන බව පත් නොවන නෙවෙයි පත් නොකර ගන්නා බව) නම් ස්ථිරයි.  විකල්පයට එකට එකතු වෙන්න බැරි වෙලා තියන එකත් ඒකට එක හේතුවක්. ඒ උනත් මේ ප්‍රවනතාවය දිගටම ගියොත් ඊලඟ ඊලඟ ජනාධිපතිවරණයේදී හරි වෙනසක් කරන්න පුලුවන් වෙයි. ඒත් එතකම් මේ විකල්ප එහෙමම තියෙයි කියලා හිතන්න බැහැ මෙතෙක් මේ රටේ වෙච්චි දේවල් බැලුවහම. එහෙම තියෙයි කියලා කියන්න පුලුවන් ජවිපෙ විතරයි. අපේ රටේ ඉන්න උන්ගේ තියන නොලැබීමට උන් ජවිපෙට කැමති නැහැ. ඒ නිසා වකු ගඩු රෝගීන් වගේම අනිත් රෝගීන්ටත් පෙර කරන ලද පින් පවු අනුව වෙන දෙයක් වෙයි. ලබන ආත්ම වල වැඩි වැඩියෙන් ගන්න මේ ආත්මේදී වැඩි වැඩියෙන් බදු ගෙවයිකඩේ යයිකහකඩයින්ට කන්න දෙයි. එංගලන්තේ වගේ රට වල උන් ඔය මුකුත්ම නැතුව උන්ගේ අයිතිවාසිකම් දිගටම බුක්ති විඳියි.

දෙගොල්ලන්ටම ජය වේවා.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී