Dream
ඊයේ මම ටිකක් වේලපහින් ගෙදර යන්න කියලා හිටියත් ඔෆිස් එකෙන් එලියට බහින කොට 5 ත් පහුවෙලා. මම ගිය සුමානේ ගමේ ගිහිල්ලා එනකොට ගෙනාපු වේලිච්ච බෙලිමල් වලින් මමම හදා ගත්ත ඩ්රින්ක් එකකුත් ගහපු නිසා වෙනදාට වඩා ගතියක් ඇඟට ආවා. ඒ නිසා මම එලියට බැස්සේ අර එක දවසක් කලා වගේ ප්රයිවට් බස් වල කොන්දලාගෙන් ආතල් එකක් ගන්න ඕන කියලා හිතා ගෙන. ඒත් ඩුප්ලිකේශන් පාරෙන් ඇවිත් බුලර්ස් පාරට ආවා විතරයි මට වඩා ටිකක් වයසයි කියන්න පුලුවන් පොරක් පනාව දාගෙන ඇවිත් මගෙන් ඇහුවා "ඔයා නිතරම පාරේ ඇවිදිනවා මම දැකලා තියනවා" කියලා. මම කිවුවා ඔවු මම දවසක් ඇර දවසක් කිමී හතහමාරක් ඇවිදගෙන කෝට්ටෙට යනවා කියලා. මම හිතුවා ඒක අහලා ඌ පුදුම වෙයි කියලා. මොකද මගේ ලඟට එන අවුරුදු 30/35 ඈයෝත් ඇස් උඩ තියා ගන්නවා මම එහෙම කිවුවාම. ඒත් අරූ ඒක ගානකට ගන්නේ නැතුව වම් අතේ පොඩි ඇඟිල්ල දකුණු නාස් පුඩුවට දාලා ඇහැකුත් වහගෙන රවුමට කරකව කව පොඩි ආතල් එකක් ගත්තා. පස්සේ ඇඟිල්ල එලියට අරගෙන බලලා කලිසමේ පිටි පස්සේ අතුල්ලන ගමන් "ආ කෝට්ටේ, මම හැමදාම කඩුවෙලට පයින් යන්නේ ඒ හරහා තමයි" කිවුවාම මගේ ඇස් උඩ ගියා බං. ඒ කියන්නේ මම යනවා වගේ දෙගුණයක් හැමදා...
Comments
Post a Comment